Posts

Showing posts from February, 2017

කලුතර, පෑලියගොඩ, සයිටම් හා බැඳුම්කර කොමිෂම

Image
අතිශය වැදගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් කීපයක් ඔස්සේ රටේ පවත්නා තත්වය ගැන අදහසක් ඇති කර ගත හැකි ය. 1. කලුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් රැගෙන පිටත් වූ බසයට එල්ල කරන ලද ප්‍රහාරය හා එයින් සිරකරුවන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීම 2. පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු අත්අඩංගුවේදී මිය යාම 3. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ඔහු විසින් ම රඟ දක්වා ගන්නා ලද ජවනිකාවක් බවට තොරතුරු හෙළිදරව් වීමත් සමග ඔහු අත්අඩංගුවට පත් වීම 4. කුප්‍රකට බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති කොමිෂමේ විමර්ශනයෙන් හෙළි වන තොරතුරු කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය හැර අනෙක් සිද්ධි තුන දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු වූ ඒවා ලෙස සැලකිය නො හැකි ය. ඒවා වනාහි ඉතා පැහැදිලිව ම සමාජයේ තිබෙන අනාරක්ෂිතභාවයේ හා ගොඩනැගෙමින් තිබෙන අරාජිකත්වයේ ප්‍රකාශන වේ. දේශපාලන බලාධිකාරය එක් පැත්තකින් දුර්වල වෙමින් තිබෙන අතර අනෙක් පැත්තෙන් බලය බෙදී යාමක් ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පෙරට ගන්නා ලද බැලයකු වන බස්නාහිර මහ ඇමති ඉසුර

කුමාර් ගුනරත්නම්ට ලැබුණු සෙසු දේශපාලන සිරකරුවන්ට නො ලැබෙන දෙය

Image
යමෙකු දේශපාලන සිරකරුවකු වන්නේ රටක පවත්නා රජයට එරෙහිව කරනු ලබන කටයුතු හේතුවෙනි. එහෙත්, එම පුද්ගලයාට එරෙහිව වෙනත් නීතිමය චෝදනා එල්ල විය හැකි ය. නිදසුනක් ලෙස, විමල් වීරවංශ දේශපාලන සිරකරුවෙකු යයි අපි සිතමු. හේතුව, ඔහු සිරගත කර තිබෙන්නේ ඔහු පවත්නා රජයට එරෙහිව කටයුතු කිරීම නිසා ය. එසේ නො වේ නම්, වර්තමාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හොබවන ආශු මාරසිාහ හා නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ද විමල් වීරවංශට එල්ල කරන චෝදනාවේ ම විත්තිකරුවකු විය හැකි ය. එහෙත්, විමල් වීරවංශට එරෙහිව නැගෙන චෝදනා ඉතා පැහැදිලිව ම පදනමක් සහිත දූෂණ චෝදනා වේ. විමල් වීරවංශ හොරෙකු යයි චෝදනා කළ හැකි ය. එහෙත්, තවත් බොහෝ බලවත් හොරුන්ට ක්‍රියාත්මක නො වන නීතිය විමල් වීරවංශට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඔහු හොරෙකු පමණක් නොව දේශපාලකයකු ද වන හෙයිනි. කුමාර් ගුනරත්නම් ද දේශපාලන සිරකරුවෙකු වී සිටියේ ය. එහෙත්, ඔහු ඉතා පැහැදිලිව ම ආගමන විගමන නීති උල්ලංඝනය කළ අයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුට තවත් චෝදනා එල්ල කළ හැකි මුත්, ආණ්ඩුව දේශපාලන උද්ඝෝෂණවලට සවන් දෙමින්, නීතියට උඩින් කටයුතු කරමින් ඔහුට පුරවැසිභාවය ද ලබා දුන්නේ ය. කුමාර් ගුනරත්නම් දෙමළ ජ

පාසල් ස්පෝට්මීට් අධ්‍යක්ෂ වලිය

Image
ජාත්‍යන්තර පාසලක ක්‍රීඩාවල ග්‍රාමීය තත්වය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ලෙස යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව ලබන මාර්තු 1දා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර ඇත. අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සේවයට නො පැමිණ සිටියා ය කියා ලොකු දෙයක් වේ යයි සිතිය නො හැකි ය. මන්ද, ඔවුන් සේවය කළා ය කියා ද එතරම් දෙයක් වන්නේ නැත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක් වන පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයට අධ්‍යාපන ඇමතිවරයා විසින් පත් කරන ලද කර්නල් මංජුල කාරියවසම් ඉවත් කිරීමයි. මෙම පත්කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා කලාප, පළාත් සහ සමස්‌ත ලංකා යන සියලු පාසල් ක්‍රීඩා තරග සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට ද අධ්‍යාපන පරිපාලන සංගමය තීරණය කර තිබේ. මෙය පාසල් ක්‍රීඩා පිළිබඳ කතා කිරීමට කදිම නිමිත්තකි. ඇත්තෙන් ම ලංකාවේ පාසල් ක්‍රීඩා හරියට කෙරෙනවා ද? පාසල් මට්ටමින් ක්‍රීඩා හරි හැටි සිදු වන්නේ ප්‍රධාන පාසල්වල හා ක්‍රීඩා පාසල්වල පමණි. අනෙක් පාසල් මට්ටමින් සිදු වන්නේ වාර්ෂිකව ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමයි

කවුරුවත් ඉවත් නො කරන කසල හා දේශපාලනය

Image
පහත නිල් පැහැ අකුරින් දැක්වෙන සටහන පළ වුණේ මීපුර වෙබ් අඩවියේ යි. තලාහේන මුහුදු වෙරල තිරය තව ටිකදිනකින් කුණු කදු වලින් පිරෙනු ඇත. එවිට අපිට මුහුදු වෙරළේ සුන්දරත්වය වෙනුවට දැකිය හැකි වන්නේ කුණුගොඩවල් ය. වෙරල තිරයේ ජීවත්වන මිනිසුන්ට නම් මේ ගැන කිසිම අවබෝධයක් හෝ උවමනාවක් ඇති බව නොපෙනේ. දිනපතා තමන්ගේ ගෙවල් වල එකතුවන කුණු මුහුදු වෙරළට විසිකරන්නේ එනිසාය. එහෙත් මුහුදු වෙරල , එහි පිරිසිදුකම සහ සංරක්ෂණය ගැන වගකිවයුතු රාජ්‍ය ආයතනනම් ගණනාවක්ම ඇත. සේවය කරන නිලධාරිඳ බොහෝ ඇත. මෙම ආයතනවල නිලධාරින් කිසිම දවසක මුහුදු වෙරල පැත්ත පලාතකවත් එනබවක් නම් පෙනෙන්නට නැත. මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍ය තාවය අපිදකිමු. මෙය ආරම්භ විය යුත්තේ ජනතාව දැනුවත් කිරීමෙන්ය. එසේ දනුවත් කිරීමෙන් පසුවත් ජනතාව තවදුරටත් එම වරදම කරන්නේ නම් ඔවුන්ට දඩුවම් කිරීමේ ක්‍රියාදාමයකට යා යුතුය. මෙම දර්ශනය කොළඹ සිට දුම්රිය මාර්ගයේ මාතර දෙසට යන විට ඉතා පැහැදිලිව දක්නට ලැබේ. යම් පවිත්‍රත්වයක් දක්නට ලැබෙන්නේ සංචාරක හෝටල් අසල පමණි. එහෙත්, මේ වන විට මුහුදු ජලය පවා පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන අපද්‍රව්‍ය නිසා ඉතා අපිරිසිදු තත්ව

බුදු අම්මෝ රජයෙ ලොකු!

Image
පිංතූරෙ ගැන විස්තර මෙතැනින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව ලංකාවේ රාජ්‍ය සේවය 2006 සිට 2016 අතර කාලය තුළ 30%කින් වැඩි වී තිබෙනවා. එම වාර්තා අනුව හමුදා හා පොලිසිය හැර රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 11ක් වෙනවා. ඒ අතරට මධ්‍යම රජයේ, පළාත් සභාවල, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියේ සිටින සේවකයන් ද අයත් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, හමුදාවේ 272,000ක් සිටින අතර පොලිසියේ 84,000ක් ඉන්නවා. මේ අනුව හා මහ බැංකුවේ දත්ත ද අනුව, රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්නයි. රටේ සමස්ත ජනගහණය ලක්ෂ 210කට අඩුයි. ඒ අනුව රටේ ජනගහණයෙන් සෑම සියදෙනෙකුගෙන් අටදෙනෙකු විතර ම රජයේ සේවකයන් බව පැහැදිලියි. මීට අමතරව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ලක්ෂ පහමාරකට වැඩි රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිසකුත් ඉන්නවා. (සෑම අවුරුද්දක ම රජයේ සේවකයන් 30,000ක් පමණ විශ්‍රාම යනවා. විශ්‍රාමිකයන්ගෙන් කොටසක් මිය යනවා. ඒත්, විශ්‍රාමිකයන් සංඛ්‍යාවත් වැඩි වෙමින් තමයි තිබෙන්නේ) ඒ අනුව, රජය කියන්නේ මිනිසුන් ලක්ෂ 20ක්. රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම එක්කෙනෙකු කෙළින් ම රජයේ. ඔවුන්ගේ ප්‍ර‍ධාන ජීවන

සරසවි ළමයින් වධකාගාර පවත්වාගෙන යන්නෙ, ඉස්කෝලෙ ළමයින් මහපාරෙ ගහගන්නෙ ඇයි?

Image
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක ළමයින් අතර ගුටිකෙළි ගැන පසුගිය සතියේ වාර්තා වුණා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලියට ගත් නිවසක් වධකාගාරයක් ලෙස භාවිතා කරමින් කණිෂ්ඨ සිසුන්ට නවක වධය දීම සඳහා යොදා ගැනීම පිළිබඳ පුවතක් ඊයේ වාර්තා වුණා. එම සිසුන් 1998 අංක 20 දරන නවක වධ පනතේ අංක 2, 2-II, 3 සහ 6 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙන බව වාර්තා වෙනවා. ඇතැමෙක් මේවා කොලු වැඩ ය කියලා බැහැර කරන්නට හදනවා. හැබැයි, අපේ ළමයින්, තරුණයන් මෙසේ ප්‍රචණ්ඩ වෙන්නේ ඇයි ද කියන එක ගැන අප ඊට වඩා ගැඹුරින් සිතන්නට ඕනැ. එක පැත්තකින් ළමයින් තුළින් නිරූපණය වන්නේ සමස්තයක් ලෙස සමාජයේ තිබෙන ප්‍රචණ්ඩත්වය ම මිස අනෙකක් නොවෙයි කියලා තර්ක කරන්නටත් පුළුවන්. ඒ වුණාට අපේ අනාගත පරම්පරාව අපටත් වඩා නරක නම් ඒක ඉතින් ඇත්තෙන් ම කණගාටුදායක තත්වයක්. හේතුව, දැන් රටේ යුද්ධයකුත් නැහැ. මං ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු නැති සාමාන්‍ය මෝඩයෙකු නිසා මට ඔය රැග් ගැන අත්දැකීම් තියෙන්නෙ වධකාගාරවලයි. හමුදාවේ තියෙන රැගිං මං දැකලා තියෙනවා. කවුරුහරි උසස්වීමක් ගත්තාම එහෙම දෙනවා නියම අමානුෂික රැගක්. ඒ නවක වධයයි, අත්අඩංගුවේ සි

වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු

Image
ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි. ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර සිය රට බලා ගිය හ. ඒ වන විට සිංගප්පූරුවේ බ්‍රිතාන්‍ය හමුදා ජපානයට යටත් වී තිබුණු අතර බ්‍රිතාන්‍යයන්ගේ ඊළඟ බලකොටුව වන ලංකාවට දැවැන්ත ජපන් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ බිය සාධාරණ විය. ඉන්දියන් ජාතික වෙළඳුන්ගේ පළා යාමත් සමග ආහාර ද්‍රව්‍ය ආනයනය හා තොග වෙළඳ කටයුතු අඩාල වීම නිසා රට පුරා ආහාර හිඟයක් ඇති විය. එවකට මහජන ආරක්ෂක කොමසාරිස් ධුරය දැරූ ඔලිවර් ගුණතිලක විසින් තත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දරන ලදී. ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මෙම අර්බුදය තුළ ය. එහෙත්, ඒ සමුපකාර සමිති යනු වර්තමාන ව්‍යාජ විවිධ සේවා සමුපකාර සමිති මෙන් රජයේ ව්‍යාපාරයක් නො වූ අතර සැබැවින් ම මහජන ව්‍යවසායන් විය. විවිධ අරමුණු වෙනුවෙන් මහජනතාව විසින් පිහිටුවන ලද සමුපකාර සමිති ක්‍

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ ලයනල් රණසිංහ නම් අවංක විප්ලවවාදියා

Image
මෙහි පහත දැක්වෙන වීඩියෝවේ එක් තැනක විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහට ජවිපෙ සමග සම්බන්ධකම් තිබුණ ද ඒවා කෙබඳුදැයි හෙළි වී නැතැයි කියවේ. මට මේ දෙදෙනා ම හමු වී තිබේ. ලයනල් රණසිංහ මට හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දී ය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියා ය. එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට එකතු වී හොරණ ආසනයේ ශිෂ්‍ය අංශය භාරව වැඩ කළෙමි. එකල මට ලයනල් නැවත හමු විය. එවකට ඔහු හොරණ නගරයේ බස් නැවතුම්පළ අසල මත්පැන්හල ඉදිරිපිට රටකජු ලෑල්ලක් තබාගෙන විකුණමින් සිටියේ ය. පක්ෂයේ බොහෝ දෙනෙකු සම්බන්ධීකරණය සඳහා පණිවුඩ තබා ගියේ මේ රටකජු ලෑල්ලේ ය. ජවිපෙ තහනම් කර තිබුණු එම දුෂ්කර සමයේ අප බඩගින්නට රටකජු අහුරක් කෑවේ ද එතැනිනි. ලයනල් ජීවත් වුණේ හොරණ, මුණගම පැත්තේ උදාගමක කුඩා නිවසකයි. යකෙකු වුණත් ඒ මගේ පුතා යි ලයනල් වෙනුවෙන් අධිකරණයේ නො බියව පැවසූ ඒ නැසී ගිය උදාර මාතාව මෙන් ම ලයනල්ගේ සොයුරු සොයුරියෝ ද ජනතා විමුක්ති පෙරමුණේ අවංක හිතවත්තු හා ක්‍රියාධරයෝ වූ හ.

මිහිකත සොලවාලා - මග ගල් පෙරළාලා - පාසල වෙතැ යන මේ

Image
“අපේ දූ ඇවිත් කියනවා ගේට්ටුව ළඟ අක්කලා (ශිෂ්‍ය නායිකාවො වෙන්න ඇති) දෙන්නෙක් ඉඳගෙන මේස් දෙක කොටට නවා ගන්න ය කියනවා ය කියලා. ඇත්තට ම ඔය මේස් කියන ජාතිය දිගට හදලා තියෙන්නෙ ඇයි?" මා ෆේස්බුක්හි දාපු මේ පෝස්ටුව පදනම් කරගෙන සංවාදයකුත් වැදගත් අදහස් රැසකුත් එළියට ආවා. මේ අව් අස්සෙ ලංකාවෙ ප්‍රධාන බෞද්ධ පාසල් දෙකේ ශිෂ්‍යයෝ ‘පිස්සො වගේ, පිස්සො වගේ' පාරෙ ගහගන්නවා; ලංගම බස් කුඩු කරනවා. ඇයි මෙහෙම වෙන්නෙ?  අවුරුදු 23ක ගුරු සේවාවකින් පසුව මට නම් කියන්නට තිබෙන්නේ ලංකාවෙ පාසල් කියන්නේ නියම හිරගෙවල් ජාතියක් බවයි. පාසලට යන ළමයාට මුහුණ දෙන්නට සිදු වන්නේ කොතන ඉඳන් කොයි වෙලාවෙ විදුහල්පති, ගුරුවරයෙකු, ශිෂ්‍ය නායකයෙකු බල්ලෙකු වගේ බුරාගෙන ඇඟට කඩා පනිනවාද කියලා බය හිතෙන තත්වයකටයි. එහෙම අධ්‍යාපනයකින් නිර්මානශීලී අනාගත පරම්පරාවක් හැදෙයි ද? ලංකාවේ පාසල්වල සීසීටීවී කැමරා දක්වා බොහෝ මර්දන උපකරණ තිබෙනවා. හැබැයි ආදරය හා ගෞරවය නැහැ. නිර්මානශීලී මිනිසුන් හැදෙන්නේ පාසල් විනයට අනුගත නො වූවන්ගෙන් වෙන්නත් පුළුවන්. උදාහරණ ඕනැ තරම් තිබෙනවා. මගේ පාසල් ශිෂ්‍ය කාලයේ අවසාන අවුරුදු කීපය ගැන මතක් කරන්නට මට තරමක්

කුණු නම් ඉතින් පාරට තමයි

Image
පීටර් ජෙරම් තිසරණ පෙරේරා ගත් ඉහත ඡායාරූපයට පොඩි වචන ටිකක් එකතු කර මුහුණු පොතේ පළ කළා. එයට රසික සූරියආරච්චි පහත දැක්වෙන අදහස පළ කළා. ඔහු දකින විධියට මේ තත්වයට හේතු දෙකයි: එකක් අධ්‍යාපනයේ වැරැද්ද, අනික කුණු බැහැර කිරීමට නිසි ක්‍රමයක් නොතිබීම. ලංකාවේ කසල කළමනාකරණයේ මහා ගැටලුව රසිකගේ වචන කීපය තුළ ගැබ් වී තිබෙනවා. හැබැයි, ගැබ් නො වන ඉතා වැදගත් කරුණක් තියෙනවා. අපි හැමෝ ම මේ ගැන කණගාටු වෙනවා. ඒ වුණාට කිසිවක් කරනවා ද? අපේ උද්ඝෝෂණ ප්‍ර‍මුඛතා ලැයිස්තුවේ කවදද කසල කළමනාකරණය තිබුණෙ? තිබුණා නම් තිබුණෙ අපේ ගෙවල් පැත්තට කුණු දාන එක නවත්වා ගැනීම විතරයි. අපේ ගෙවල් පැත්තට නො දා වෙන කොහෙට කුණු ගිහින් දැම්මත් අපට මොක ද? ලංකාවේ පාසල්වල අනෙක් හැම දේම උගන්නනවා, ශිෂ්ට මිනිසෙකු ලෙස ජීවත් වන ආකාරය හැර. ඒවා පෙළ පොත්වලට, විෂයමාලාවලට ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. ඒවා ගුරුවරුන්ට උගන්වන්නට පුළුවන් දේ. එහෙත්, විභාගවලට ළමයින් හුරු කිරීම මූලික වූ අධ්‍යාපන ක්‍ර‍මයක් තුළ ජීවිතයට ළමයින් හුරු කිරීමට කාලයක් ගුරුවරුන්ට නැහැ. මුදල් ඉපැයීම පරම අරමුණ වූ ලෝකයක ජීවිතය ගැන නැවතී හිතා බලන්නටවත් මිනිසුන්ට වෙලාවක් නැති ලෝකයකයි,

රනිල් හා නවලිබරල් කෝකටත් තෛලය

Image
නවලිබරල් ජාතිකවාදය  අද ෆේස්බුක්හි නදී වාසලමුදලිආරච්චි නව ලිබරල්වාදය පිළිබඳ ඉතා වැදගත්, හරවත් සංවාදයක් ආරම්භ කර තිබුණා. එය ආරම්භ කර තිබුණේ විජය දිසානායකගේ සරළ පැහැදිලි කර දීමකින්. පහත දැක්වෙන්නේ එයයි. නවලිබරල්වාදය යනු කුමක්ද? නව ලිබරල්වාදය කියන්නේ පහුගිය අවුරුදු 30 ක විතර කාලේ ලෝකේ පුරාවට ව්‍යාප්ත වුනු ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්. ඉංග්‍රීසියෙන් ලිබරල් කියන වචනෙ ගත්තහම දේශපාලන, ආර්ථික එහෙමත් නැත්නම් ආගමික අදහසක් අපේ හිතට එන්නේ. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, “නියෝ" කියල කියන්නේ “නව" කියන අදහස. එතකොට “නියෝලිබරලිසම්" කීවම ඒකෙන් අදහස් කරන්නේ නව ආකාරයක ලිබරල්වාදයක්. එතකොට අපේ හිතට නැගෙන ප්‍රශ්නය තමයි, “එහෙමනම් පරණ ලිබරල්වාදය මොකක්ද?" කියන එක. ආර්ථික විද්‍යාව සම්බන්ධ ලිබරල් මතවාද යුරෝපය පුරා වඩාත් ජනප්‍රිය වුනේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් නිසයි. ඔහු 1776 පොතක් ලීවා, “ද වෙල්ත් ඔෆ් නේෂන්ස්" කියල. එයා නියෝජනය කරපු ගුරුකුලය පෙනී සිටියේ ආර්ථිකය හා සම්බන්ධ කාරණාවලදී රජය බලපෑම් නොකළ යුතුයි කියලයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී, ආණ්ඩුවක් ඇයි මැදිහත් වෙ

සයිටම් එකට කඩේ යනවා ය කියන අය එහෙම කරන්නෙ ඇයි?

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඉතා පටු අරමුණු සහිත ප්‍රතිගාමී වෘත්තීය සමිතියක් බව කියා මම මෙය ආරම්භ කරමි. එය එම සංගමයේ අතීත ක්‍රියාකලාපය මත පදනම්ව එළඹෙන ඉතා පැහැදිලි නිගමනයකි. එසේ නො වේ නම් ඔබට කරුණු දැක්විය හැකි ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ගැන මට කීමට තිබෙන්නේ එය වනාහි තවත් එක් සුළු ධනේශ්වර අරමුණු සහිත පූර්ව වෘත්තීය සමිතියක් බවයි. එහි මූලික අරමුණ බදු ගෙවන ජනතාවගෙන් වරප්‍රසාද ලබා ගැනීමයි. මේ දවස්වල සයිටම් විරෝධයක එල්ලී සිටින මෙම සංවිධානවලට තිබෙන අරමුණු කිසි සේත් ම සමාජවාදී යයි අපි නො සිතමු. එහෙත්, මෙම සංවිධානවල නැට්ටේ එල්ලී කම්කරු පංතිය වෙනුවෙන් සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කටයුතු කරන බව කියන වාමාංශික පක්ෂ සම්බන්ධයෙන් මතු කළ යුතු පැහැදිලි ගැටලු කීපයක් තිබේ. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පටන් ගත්තේ සයිටම් එකෙන් නො වේ. එසේම, ලංකාවේ තිබෙන එකම මුදල් අය කරන විශ්වවිද්‍යාලය ද සයිටම් නො වේ. සයිටම්ට එරෙහිව පමණක් මෙතරම් උනන්දුවක් ඇත්තේ ඇයි? අප නම් දකින්නේ මෙතැන තිබෙන්නේ ඉතා පැහැදිලි මධ්‍යම පංතික ගැටලුවක් බවයි. දොස්තරකම යනු හුදු රැකියාවක් නොව ලංකාවේ සුවි