Posts

Showing posts from September, 2012

ජනාධිපතිවරයා: (සිනාසෙමින්)

Image
අධිකරණයට බලපෑම් එල්ල වන බවට අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශක් නිකුත් කළේය. දිවි නැගුම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර පළාත්සභාවල සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවටද ආණ්ඩුව ඉන්නේ නැගලාය. ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ජනාධිපතිට කලින් සැලසුම් කළ ෆුල්ටොස් පන්දුවක් යැව්වේ මෙසේය. දිවයින පුවත්පතේ පළවූ පරිදි මෙහිදී කතුවරයකු විසින් ප්‍රශ්නයක්‌ නගමින් විමසා සිටියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අපචාර චෝදනා තිබේද යන්නයි. ජනාධිපතිවරයා: (සිනාසෙමින්) ඔබ සඳහන් කරන චෝදනාව කුමක්‌ද? ලේකම්වරයා ඇතැම් කාන්තා විනිසුරුවරියන්ට අයථා යෝජනා කළ බවට චෝදනා තිබෙනවා. ජනාධිපති: ඔව්. මම ඒවා මෙහිදී විස්‌තර කිරීම උචිත නෑ. එහෙත් ඔබ කියන ආකාරයේ චෝදනා මා වෙත ලිඛිතව ලැබී තිබෙන බව පමණක්‌ මා කියන්නම්. (සිනාසෙයි) අධිකරණය ා ආණ්ඩුව අතර ඇති වී තිබෙන ඝර්ෂණය ගැන රාජපක්ෂ පවුල කලබලයට පත් වී තිබෙන බවට මේ නිදසුනකි. මේ නාට්‍යය දැන් ඇරඹුණා පමණි. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙටය.  බයවේවා! මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්න

දොස්තරලාට රෝහල් වෙලාවේත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න ඉල්ලීමක්

Image
ලංකාවේ වෛද්‍යවරු වනාහි විස්මිත වෘත්තිකයෝ පිරිසකි.ඔවුන්ට ඇත්තේ අරුම පුදුම වෘතිතීය ඉල්ලීම්ය. නිදසුනක් ලෙස ඔවුන්ට වැටුප් වැඩි කරගන්නට පමණක් නොව සෙසු වෘත්තීන්හි යෙදී සිටින මිනිසුන්ගේ වැටුප් හා ඔවුන්ගේ වැටුප් අතර පරතරයක් තබාගන්නටද උවමනාය. තමන්ට ගෙවන සන්නිවේදන දීමනාව සෙසු තමන් වැනි රාජකාරිවල යෙදෙන අයට ගෙවනවාට ඔවුහු විරුද්ධය.  මේ අලුත්ම ඉල්ලීමයි. ලංකාවේ මිනිස්සු ලෝකයේ බොහෝ රටවල වැඩකරති. එහෙත්, ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඉන්දීය වෛද්‍යවරු වැඩකිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් යෝජනා කරන විසඳුම කුමක්ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් (?????????) ඉල්ලා ඇත්තේ රජයෙන් වැටුප් ලබමින් දවස පුරාම පෞද්ගලික රෝහල්වලද මුදලට වැඩ කිරීමට අවස්ථාව දෙන ලෙසයි. (දැනට සවස හතරෙන් පසු කරන දේට අමතරව) මේ ඉල්ලීම හරියට ගුරුවරුන් පාසලේ පොතේ අත්සන් කර ටියුෂන් පංතිවල ඉගැන්වීමට ඉල්ලාසිටිනවා වැනිය. කොහොමද දේශප්‍රේමයේ තරම? විලිලජ්ජාවක් නැතිව මෙවැනි ඉල්ලීමක් කරන්නට පුළුවන්කමක් තිබීමම සම්මාන දියයුතු තත්වයකි. Release govt. docs to replace Indians in pvt. sector – G

අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ

හොල්ලාගෙන හිටියත් මුළු උතුරුමැද මැරයා හොරා කොයි ලෙස කට අරින්නද අයියෝ මාලිනී බර්ටිට දුන්නාද ලොක්කා දුන් ගේම දුං දානව නේද නුවර කලාවියෙ වැලි කැටයක් ගානේ කළ සොරකම් කොයි කවුරුත් දන්නවනේ මහින්දසෝමගෙන් අරගෙන කෑ දානේ අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ  පණ ඇතිතාක් රජවෙන්නට පුරාගෙන ඉන්නා හැම එකාටම අවවාදයයි දෙන මැරෙන්න ඕනැ නම් දාගෙන හිස ඔටුන්න ගැලවෙන්නට කලින් සිය පණ නහගන්න -W3Lanka ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමති වනහැටි

Image
අනාගත අධ්‍යාපන ඇමති මැරවර මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුතාවන, මේ වනවිට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන බව කියන කලහකාරී මාලක සිල්වා ලංකාවේ මීළඟ අධ්‍යාපන ඇමති විය හැකි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ඊයේ අධිකරණයේදී පැවසූ බව මාධ්‍යවල වාර්තා විය. එය සත්තකින්ම විය හැකි දෙයකි. මේ වනවිට ලංකාවේ මහජන සම්බන්ධතා ඇමති වන්නේ ඔහුගේ තාත්තාය.  ඇමති මර්වින් සිල්වා මහජන සම්බන්ධකම් පාලනය කළහොත් ඉතා කෙටි කලකින් ලංකාවේ මහජනතාව අතර සම්බන්ධකම් සතුන් අතර සම්බන්ධකම් වැනි තත්වයක‍‍ට පත් වනු ඇත. ඒ කියන්නේ ඉක්මණින්ම මහජනයා තිරිසනුන්ගේ තත්වයට පත් වනු ඇත. එවිට ඕනෑම සතකු‍ට මේ රටේ අධ්‍යාපන ඇමතිකම කළ හැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

වෘත්තීය සමිති නැට්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යාපන අරගලය

Image
විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනයත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් අද නුවරින් හා ගාල්ලෙන් පාගමන් තුනක් අරඹති.  මෙම පාගමන් සඳහා පැමිණෙන්නැයි සංවිධාන කීපයකින්ම කෙටි පණිවුඩ ලැබී තිබිණි. ඒවා වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලන පක්ෂ ආදියයි.  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් අරගලයක මට්ටමින් ඉහළට ඔසවා තබන්නට එහි නායකත්වය සමත් වූ බව පැවසිය යුතුය. මේ වනාහි එහි නායකත්වයේ විශිෂ්ටත්වයයි. මෙවැනි මධ්‍යම පංතික අරමුණු සහිත වෘත්තීය සංවිධානයක් මෙසේ ක්‍රම විරෝධී අරගලයක් වෙත යොමු කරන්නට හැකිවීම ලංකාවේ හැටි අනුව ගත්කල විස්මිතය.  එයට හේතුව නායකත්වය අවංක හා අව්‍යාජ වීමයි. යටත් නොවන, නොරැවටෙන, පාවා නොදෙන නායකත්වයක පදනම මේ අවංකකම හා අව්‍යාජකමයි. මෙය මේ වනවිට ලංකාවේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අතිශය විරල දෙයකි.  විශ්වවිද්‍යාල ආචාර්ය සටනට හොරිකඩකම් කළ වෛද්‍යවිද්‍යාල ආචාර්යවරුන්ට පවා එයට එක්වන්නට බලකෙරෙන තත්වයක් අද වනවිට නිර්මානය වී තිබේ.  ඒ තනිකරම වර්ජකයන්ගේ කැපවීම, අධිෂ්ටානය හා නොසැලෙන ගුණය නිසාය.  සුපුරුදු පරිදි ‍රාජ්‍ය නොවන සංවිධාන හා ජනමාධ්‍ය පසුපස ගාටමින් කොළඹ රස්තියාදුවන වෘත්ත

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩුකීම

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු පවරා ඇති බව දිනමිණේ පළවූ පහත සඳහන් වාර්තාවෙන් කියැවේ. ඒ අසත්‍ය ප්‍රවෘත්තියක්, ද්වේශසහගතව, අගතියක් කිරීමේ චේතනාවෙන් පඝ කිරීම නිසාලු. හත්ඉලව්වේ එතකොට දිනමිණ කරන්නේ ඒක නොවේද? ලංකා ඊ නිව්ස්හි පළවන වාර්තාවලට සමාන හා ප්‍රතිවිරුද්ධ වාර්තා නොවේද දිනමිණේ පළවන්නේ? ඉතින් මේ වාර්තාකරණය නිව්ටන්ගේ තුන්වන නියමය අනුව තුලනය වන්නේ නැද්ද? මේ ජනමාධ්‍ය දෙකම ප්‍රබන්ධ සාහිත්‍යය පැත්තෙන් ගත් කල එකකට එකක් නොපරදින අන්දමින් තරගකාරීය. ද්වේෂය පැත්තෙන්ද එසේමය. එකම කාසියේ දෙපැත්ත වැනිය.  වෙනසකට ඇත්තේ දිනමිණ බලවත් පාර්ශ්වයත්, ලංකා ඊ නිව්ස් ජනප්‍රිය පාර්ශ්වයත් නියෝජනය කිරීමයි. කෙතරම් මුදල් තිබුණත්, කෙතරම් සම්පත් තිබුණත්, රාජ්‍ය බලය තිබුණත් ලංකා ඊ නිව්ස් අභිභවායන්නට නොහැකිවීම ගැන දිනමිණ කණගාටු වනබව පෙනේ.  අහෝ දුකකි! ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිටියේ ය.

කොළඹ පොත් සල්පිල ආයුධ වෙළඳපොලකි

Image
මුන්ට පිස්සු නැද්ද? 'ගියාද පොත් ප්‍රදර්ශනේ බලන්න?' සමහරු අසති. 'අපි පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා.' තවත් සමහරු කියති. පොත් ප්‍රදර්ශනේ බලන්න ගිය අය අනෙක් අයට වඩා උජාරුවෙන් හැසිරෙති. 'අපි නම් හැම අවුරුද්දෙම බලන්න යනවා'යි කියති. 'නොගියොත් අවුරුද්දම ඩල්' යි කියති. 'අපේ පඩියෙන් වැඩිගානක් යන්නෙ පොත්වලට' යි කියති.  පොත් ප්‍රදර්ශනය පවත්වන දින නමයේදී ලැබෙන වට්ටමටම ඒ පොත් අවුරුද්දේ සෙසු කාලවලදීද ඒ පොත් ප්‍රකාශනය කරන අයගේ සාප්පුවලින් නිදහසේ තෝරා මිළදී ගත හැකිය. ඒ පොත් සාප්පු වැඩිහරියක් ඇත්තේද පිටකොටුවේ සිට බොරැල්ල දක්වා මරදාන පාරේය. පොත් ප්‍රදර්ශනයේදී සෙනග පොදිකන්නේද මේ පොත් කඩවලමය. බොහෝදෙනෙක් කැමති  හැත්තෑව දශකයේ පාන් පෝලිම්වල සේ  දාඩිය පෙරාගෙන, පොරකකා පොත් ගන්නටය. පොත් කියන්නේද මාර පොතකි. ඒවායේ හොඳ හොඳ දේ ඇත. පොත් ලියන නිර්මානකරුවෝ හා උගත්තු අප සමග ඔවුන්ගේ ජීවිතය බෙදාගනිති. පොත් කියවීම හොඳ දෙයකැයි සමාජය පිළිගනියි. රූපවාහිනී බැලීම නරක යයිද සමාජය කියයි. මම වැඩිපුර කියවන්නේ අන්තර්ජාලයයි. මම එතරම් පොත් කියවන අයෙක් නොවෙමි. ඒත් මම කියවමි. පොත් කියවන

මෙන්න අඩෝ ගඩ්ඩෙක්! (මාලක සිල්වා හා සංජීව බංඩාර)

Image
ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා ගාමිනී චන්ද්‍රදාස කියලා. මිනිහා දැන් ගුරුවරයෙක්. පොල්ගොල්ල ගුරු විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ එක දවසක් හොස්ටල් එකේදි එක ගුරු සිසුවෙක් කොරිඩෝවේ සිට කෑගැහුවාලු 'මෙන්න අඩෝ ගඩ්ඩෙක්' කියලා. ඉතින් අනෙක් ගුරු සිසුවෝ කට්ටිය දඩ-බඩ ගාලා ඇඳ පොලු, කොහු එහෙම අරගෙන එළියට පැනලා හොයනවලු ගඩ්ඩාව. කෝ මොකෙක්වත් නැහැ. මේ අය සෙව්වේ සර්පයෙකුව. ඒත් බළලෙකුනම් ඉඳලා තියෙනවා, කකුල්වල එහෙමත් හැපි හැපී. කවුරුවත් ගණන්ගත්තෙ නැහැලු. බලනකොට අර කෑගහපු ගුරු සිසුවාගේ ගම් පැත්තේ බළලාට කියන්නේ ගඩ්ඩා කියලලු.  පොලිසිය මාලක සිල්වාව, දුමින්ද සිල්වාව, රදලියගොඩ යකඩ හොරාව එහෙම හොයන්නෙත් අර ගඩ්ඩා හෙව්වා වගේ. වෙනසකට තියෙන්නේ උන් දන්නවා ගඩ්ඩා කියන්නේ බළලාට බව. ඒ වුණාට නොදන්නවා වගේ පඳුරු පල්ලේ අහරකුක්කන්ව හොයනවා.  දැන් අපි හිතමුකෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ කැඳවුම්කාර සංජීව බංඩාර ළමයා මාලක සිල්වා වගේ කෙනෙකු වුණානම් කොහොමද? එහෙනම් මිනිහා ඩැමේජ් කරපු ජීප් එක හෙට උසාවිය‍ට ඇවිත් කියනවා, මට මෙයා ගැහුවෙ නැහැ, තාප්පයක් මගේ ඇ‍ඟේ හැපුණා කියලා. බිඳුනයි කියපු වින්ඩ්ස්ක්‍රීන් එක ගෙදර තිබිලා හම්බවුණා ක

ජනාධිපති ලටපට මඩුවේ උපදේශක තනතුරු

Image
ලංකාවෙ මිනිස්සු කැමති නැහැ, පාවිච්චි කළ පරණ බඩු කුණු ලොරියට දෙන්න. ඒකට හේතු කීපයක් තියෙනවා.  මට හිතෙන්නේ පළමු කාරණය තමයි කුණු ලොරියේ එකා ඒවා වැඩි ගානට විකුණාගනියි කියා හිතා ඇතිකරගන්නා ඉරිසියාව. කවුරුහරි අපි වීසි කරන ඒවා අරන් හදාගෙන පාවිච්චි කරනවා දකින්නත් අපි කැමති නැහැ.  සමහරවිට ඒ භාණ්ඩය කවදාහරි නැවත උවමනාවෙන්න ඉඩ තියෙනවාය කියලා හිතන එකත් තවත් හේතුවත්. ඒ වුණාට උවමනාවෙන්නේ බොහොම කලාතුරකින්.  සමහරවිට මේ පරණ බඩු කලක් තිබුණාම ඒවාට එකතු වෙන පෞරාණික වටිනාකම නිසා පරම්පරාවෙ වෙන කෙනෙකුට හරි ඒක ගානකට විකුණාගන්න පුළුවන් නිසාත් තියාගන්නවා. හරියට අර ගෙම්බා මහන මැෂින් වගේ.  ඉතින් මේ වගේ බඩු පුරවාපු මඩුවක්, කාමරයක් වැනි මොකක් හෝ තැනක් හුඟක් ගෙවල්වල තියෙනවා.  ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ පවුල් පාලනයට තිබෙන මෙවැනි තැනක් තමයි, ජනාධිපති උපදේශක අංශය. මේකේ බැසිලුත් ඉන්නවා. එයා උපදෙසුත් දෙනවා. වාසුත් ඉන්නවා. එයත් හිතන් ඉන්නවා එයා ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියා.  ඒත්, හුඟදෙනෙක් දන්නවා මේක ලොක්කා තමන්ට දුන්නේ මහජන මුදලින් කාලා ඇඳලා, මහජනතාවට ලොකුව පෙන්නගෙන ජීවත්වෙන්න මිසක් වෙන මොහොකටවත් නොවන බව. මේගො

නොට්ටිගෙ පුතාලා කියන්නේ කාගෙ පුතාලාටද?

වේසිගෙ පුතුන් යයි කියන්නේ අර්ථයෙන් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනුන්ගේ පුතුන්ට වුවත්, භාවිතාවේදී එය ඕනෑම අධම පුද්ගලයකු වෙනුවෙන් යෙදේ.  නොට්ටිගෙ පුතා යන යෙදුමෙහි අරුත කුමක්ද?  මෙය යෙදෙන්නේ 'අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා' ය කියන ප්‍රස්ථාව පිරුළ අනුවයි.  මේ නොට්ටි කවුරුද යයි ඔබ දන්නවාද?  මේ ගැන සෙවීමක් කළාම අපේ කතන්දරගේ කතාවත් හමුවුණා. ඒකෙ හොඳ අදහස් තියෙනවා. හැබැයි මේ නොට්ටි කවුරුද කියන එකනම් නැහැ.  නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට ඩෝසන් කියන හැටියට ඔවුන්ගේ පළාතේ කියන්නේ රොට්ටිගෙ පුතා කියලලු.  මට හිතෙන හැටියට නම් නොට්ටි කියන්නෙත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනියට වෙන්න පුළුවන්. අප්පගෙ පුතා නොවන පුතෙක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ එතකොටනේ.  මේ ටික මතක් වුණේ මේ දිනවල මාධ්‍යවලින් කතාවෙන පුතුන් ගැන අහනකොට. උන්නම් ඇත්තෙන්ම නොට්ටිගෙ පුතාලා නෙමෙයි. මොකද, උන් කරන්නේ අප්පලා කළ‍ දේම තමයි.  එක අතකට බලනවිට මුන්ගේ අප්පලා එළිබැස්සේ හිටගෙනය. මුන් දුවදුවය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා න

ළිංපඩියේ දන ඇනගෙන නානකොට

ඔන්න කලකට ඉහතදී අගලවත්ත පැත්තේ එක්තරා පාසලකට කොළඹින් ආවා ගුරු මෙනෙවියක් අලුතින් පත්වීමක් අරගෙන.  කොළඹ නෝනා ගමේ ඉස්කෝලෙට කැමති වුණේ නැහැ. වැඩ බාරගත්තේම මාරු වී යනවායි කියාගෙන. තරහටම හරියට ඉගැන්නුවෙත් නැහැ.  විදුහල්පතිතුමා ඇයට නතරවෙන්න අසල ගෙයක් සොයාදුන්නා. ඒ ගෙදර අය නාන ළිඳ තිබුණේ ගෙදර සිට මඳක් දුරින්. නිවස අසලම තිබුණා ගමේ බොහෝදෙනෙක් වතුර බොන ළිඳ. අර ඉස්කෝලෙ නෝනා දුර යන්න බැහැ කියලා නෑවේ අර වතුර බොන ළි‍ඳෙන්.  මේක ගමේ වැඩිදෙනෙකුට ඇල්ලුවේ නැතිවුණාට කවුරුවත් කිසිවක් කීවෙ නැහැ. ඒත්, එක්තරා ගැමි කවියෙක් මෙහෙම දෙයක් කළා. ඔහු ළිං බැම්මේ අඟුරු කැටයකින් ලියූ කවිය තමයි පහත පළවෙන්නේ. ඒ කවි‍ය ප්‍රසිද්ධ වුණාට පසුව අර නෑම නැවතුනාලු. හිටිඅඩියේ ඇවිල්ලා ඇය අපෙ  ගමට පිංපඩියේ අනුහස පෙන්වා       සැමට ළිංපඩියේ දන ඇනගෙන  නානකොට සිම්පිඩියේ කුණු සේදී යයි         ළිඳට මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

සම්බන්ධන් ජනාධිපති හමුවීම තුළින් හෙළිවන ලංකාවේ දෙමළ දේශපාලනයේ නව ප්‍රවණතාව

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවෙයි.  ඔවුන් සාකච්ඡා කරන්නට නියමිතව ඇත්තේ නැගෙනහිර පළාත් සභා ආණ්ඩුවේ පාලනයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වන ආකාරයයි.  අද පවතින තත්වය තුළ, ආණ්ඩුවට සම්බන්ධයක් නැති මහජන නියෝජිතයන්ගෙන් මහජනතාවට පලක් ප්‍රයෝජනයක් නැත. ඔවුන්ට ඈත ගමක පාරක් කොංක්‍රීට් කරදෙන්නටවත් බැරිය. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව සමග කේවෙල් කර තමන්ට වාසි ලබාගනිද්දී දෙමළ ජාතික සන්ධානය එසේ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්නකිරීම ඇති විය. කරුණා අම්මාන්ලා, පිල්ලෙයන්ලා, දේවානන්දාලා වැනි දෙමළ ප්‍රතිගාමීන්ට සමාජ පිළිගැනීමක් ඇතිවන්නේද මෙම සංදර්භය තුළයි. ඉතින් මෙතෙක් පිටතින් සිට කළ නිරීක්ෂක භූමිකාවට තිත තබන්නට දැන් දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. ඔව්හිද ආණ්ඩුව සමග සම්මුතිගත වනු ඇත. මේ වනාහි දෙමළ ඊලාම්වාදයේ තීරණාත්මක පරාජයක් බව පිළිගන්නට සිදුවනු ඇත.  ලංකාවේ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඩයස්පෝරාවේ පාලනයෙන් මුළුමනින්ම ගිලිහී යමින් තිබේ. එය සිදු වන්නේ ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන පොළවේ යථාර්ථයන් අනුවය.  උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනයාට අවශ්‍යව ඇත්තේ තම ජී

රබර් කැලේ ඉස්මත්තෙන් උලලේනෙක් ඇඬුවයි

ඊයේ රෑ එළිවෙනකල් උලලේනෙක් ඇඬුවා දුකකුත් නැති සැපකුත් නැති හීනෙක මං හිටියා ඒ හීනේ අතරමැදින් උලලේනත් ඇඬුවා රෑ පුරාම කඳුළු වගේ පොද වැස්සක් වැටුණා රබර් කැලේ උඹෙ කූඩුව උලලේනෝ තෙමෙනවාද උඹේ පුංචි පැටවුන් ගැන  අපි වාගෙම උඹත් බයද බත් බඳින්න ලයිට් දාන උදෙන්ම උඹ කොහි ගියාද සීතල සිරිපොද මැඩගෙන  මාත් වැඩට ගොස් එන්නද සපත්තුවේ මැහුම් ලිහී කුණු වතුරක් ගැලුවා මේස් සිදුර තුළින් ඇවිත්  ඇඟිලි කොනිත්තනවා පුංචි එවුන් ඉස්කෝලෙට  වෑන් එකෙන් යනවා මාරක අනතුරු හැමතැන ඒත් හිනාවෙනවා උලලේනෝ උඹටත් දැන්  යන එන මං තියෙනවාද ලයිට් වැටුණු හොල්මන් නැති ලෝකෙට උඹ හඬා කුමට? අපේ දුකත් අලුත් වෙලා උඹේ දුකත් අලුත් වෙලා සංසාරේ දුකට කියන  කවි නම් නැහැ පරණ වෙලා W3Lanka නිමිත්ත: ඊයේ රෑ පුරාම උලලේනෙකු හැඬූ අතර උදේ අප අවදිවෙද්දීත් ඌ අඬනු ඇසිණි. උලලේනාට මා තුළ පාළුව හෝ දුක ඇති කළ හැකි වූයේ නැත. උලලේනාගේ හඬ මහා දුක්ඛිත එකකැයි මට නොසිතේ. එයද හරියට නිර්මානයක් වැනිය. සංවේදනා ඇති වන්නේ එය විඳින්නාගේ මනෝභාවය අනුවය. උලලේනා සමග සහෘද වන්නට බැරි තරමට අපි පුද්ගලයින් ලෙසද, ස

මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඡන්දයකින් පරාජය කළ හැකිද? මෙය සාකච්ඡා කළයුතු ප්‍රශ්නයකි. ඡන්දයකින් ආණ්ඩුව පැරදවිය නොහැකි බව කියන්නන්ගේ යෝජනාව විය යුත්තේ මහජන නැගිටීමකින් හෙවත් විප්ලවයකින් ආණ්ඩුව පෙරළා දැමීම විය යුතුය. කළ යුත්තේ ආණ්ඩුව වෙනස්කිරීම නොව ක්‍රමය වෙනස් කිරීම යයි නැගෙන තර්කයද මෙහි පාර්ශ්වයකි. මෙම තර්කය කිසිත් නොකර සිටින්නට කැමති හා කිසිත් කරගන්නට හැකියාවක් නැති අයට මුවාවීමටද කදිම තර්කයකි. මහජන නැගිටීම් යනු ඇති කළයුතු දේ මිස ඉබේ ඇතිවන දේ නොවේ. ඉබේ ඇතිවුවත්, ඒවා මෙහෙයවන්නන් විසින් ඒවායේ අරමුණ තීරණය කරනු ඇත. මහජන නැගිටීම් ඇති කිරීම හෝ ඇතිවීම හෝ පැත්තකින් තිබියදී අප මෙහිදී සාකච්ඡා කරන්නට යන්නේ වෙනත් කරුණකි. එනම් ඡන්දයකින් ආණ්ඩුව පැරදවීම සඳහා අත්හදා බැලිය හැකි උපායකි.  ආණ්ඩුව ඡන්ද දිනන රහස කුමක්ද යන්න බොහෝ අය තේරුම් ගෙන නැත. සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ඡන්ද දිනන්නේ සිය දූෂණයෙහි හවුල්කාර ජනතාවක් නිර්මානය කරගැනීම ඔස්සේය. ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙන්ම මේ ජනතාවටද තමන්ගේ දූෂණය පවත්වාගෙන යාම අවශ්‍යය. දූෂිත ජනතාව කියන්නේ හොරෙන් වගා වන්දි ගන්නා අය, හොරට සමෘද්ධි ගන්න අය, ආණ්ඩුවට කත් ඇද ටකරං තහඩු,

කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?

Image
කතාව හැදුවෙ මේ කාටුන් එකෙන් ඔන්න ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වුණා ආහාර පිළිබඳව. එහි එක් සැසියක තේමාව තමයි, 'ලෝකයේ සෙසු රටවල්වල ආහාර අර්බුදය පිළිබඳ බුද්ධිමත් ජනතාවගේ මතය' හැබැයි සාකච්ඡාවට කලින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඕනැවුණාලු මේ මාතෘකාව පිළිබඳ කරුණු පැහැදිලි කරගන්න. ඉතින් ඒගොල්ලො තමන්ට නොතේරෙන දේ අහලා.  අප්‍රිකානු කලාපය නියෝජනය කළ රාජ්‍ය තාන්ත්‍රිකයා ඇහුවලු "හැබෑට මොනවද ඔය ආහාර කියන්නේ?" කියලා.  යුරෝපා රටවල් නියෝජනය කළ පුද්ගලයාට තිබුණු ප්‍රශ්නය "මොකක්ද හිඟය කියන්නේ?" කියන එක. ඇමරිකන්කාරයා ඇහුවලු "ලෝකයේ සෙසු රටවල් කියන්නේ මොනවද?" කියලා.  අරාබිකාරයන්ට තුබුණු ප්‍රශ්නය තමයි " මතය කියන්නේ මොකක්ද?" කියන එක.  දකුණු ආසියානු කලාපය නියෝජනය කරලා තියෙන්නේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. එයා අහනවලු, "කවුද බුද්ධිමත් ජනතාව කියන්නෙ?"  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

සැබෑ නිර්මානකරුවන්ගේ ඛෙදවාචකය හා තිලක් ජයරත්න

Image
තිලක් ජයරත්න අපෙන් වෙන්ව ගියේය. ඔහු පිළිබඳ දුටු අල්පයක් සටහන් අතර සුභාෂ් ජයවර්ධන තැබූ මේ සටහන කියවූ මගේ කට කොණට සිනාවක් මතු විය. "දුරකතනයකින් වුව කවර හෝ පුද්ගලයකු හා අදහස් හුවමාරු කර ගැනීමේදී අනියත බියකික් නොවෙලුනු ජනමාධ්‍යවේදියකු මේ ක්ෂෙත්‍රයේ සිටිතැයි මම නොසිතමි. එම තත්ත්වය ලබන අත්දැකීම් සමඟ පසුකාලීනව අත් හැරුණත් වසර විස්සකට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයෙහි සිටින මා හට එවැනි බියක් මේ ඊයෙ පෙරේදා වනතුරුත් තිබිණි. ඒ එක් පුද්ගලයකු සම්බන්ධයෙනි. ඔහුට දුරකතනයෙන් වුව අමතන්නට මම නිතරම බිය වීමි. අවශ්‍යතාවයක් වුව හොත් අනෙකෙකුට වැඩය පැවැරීමට මම උපක්‍රමශීලී වූ අවස්ථා එමට තිබිණි. එහෙත් ඒ කපටිකම නිසා අවසන අනෙකාගේ දෝස්මුරයට මම ලක්වීමි. මන්ද මා කතා කිරීමට බිය වූ පුද්ගලයා තිලක් ජයරත්න වූ බැවිනි." තිලක් ජයරත්න ගැන මට තිබුණු අදහස සරළව කීවොත්, ඔහු දක්ෂ ගිනිපුක්කාරයෙකි. තිලක්ගේ වියොව ගැන සුනිලා අබේසේකර තැබූ සටහනක මෙසේ සඳහන් වේ. "තිලක් ජයරත්න ප‍්‍රතිපත්ති ගරුක අවංක මිනිසෙක් විය. ඔහු ප‍්‍රචාරය හෝ පිළිගැනීම පසුපස හඹා ගියේ නැත. ධනය සහ බලය රජයන ක්ෂේත‍්‍ර තුල ඔහුගේ මරණය නොදැනෙන්නට පුලූවන. එ

ජපන් ජබර, නෙළුම් මල් හා සරසවි ඇදුරු අරගලය

Image
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දැන් දෙවන මාසයේය. මාස දෙකකින් වැටුප් නොලැබූ වර්ජකයන්ට ඇති ආර්ථික අපහසුතා වෙනුවෙන් උපකාර කිරීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව වාර්තා විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් ප්‍රකාශයක් කර ඇත. රටේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය පරාජය විය හැකිමුත් තමන් යටත් වන්නේ නැත. මිනිසකු විනාශ කළ හැකිමුත් පරාජය කළ නොහැකි බව අර්නස්ට් හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' කෘතියෙහි සාකච්ඡාවට භාජනය කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය නිද්‍රාශීලී ලාංකීය සමාජයට සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීමේ උත්තේජනය සපයා තිබේ. එය දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන්නක් යයි ජනාධිපතිතුමා පවසයි. ඉතින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන් කරන එක වැරදිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ක්‍රීඩා කරන මේ ආණ්ඩුව පරාජය වන යම් ක්‍රීඩාවක් තිබේනම් එහි සියලු ක්‍රීඩකයෝ ෆවුල්ය කියාය. Mr. President, please stick to the rules of the game without throwing false appeals to the umpire's face. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොටසක් වර්ජනය කරමින් සිටිය

දොස්තරවරුනි, සැරසෙන්! එල්ලවෙන්! එන්න!

දොස්තරලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දක්වන්නට කැමති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ පාදෙනිය පවසයි.  හොඳයි. මේ දෙගොල්ලන් බොහෝදුරට සමානය. මන්ද ආචාර්යවරු PHD කර Dr. අහවලා ලෙස පෙනී සිටින අතර වෛද්‍යවරු MBBS කර Dr.අහවලා ලෙස පෙනී සිටිති.  සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිදහස් අධ්‍යාපනය රැක ගන්නට යයි කියනු ලැබේ. අධ්‍යාපනයට රාජ්‍ය වියදමින් 6%ක් වෙන් කරවාගන්නට ඔවුන්ට උවමනාය.  වෛද්‍යවරුන්ටද නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ උවමනාව ඇත. පෞද්ගලික වෛද්‍ය කඩ බිහි වී දොස්තරලා සුලබ වී, රෝගීන්අඩු වුණොත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් අඩු වීම පිළිබඳ ප්‍රශ්නයකුත් තිබේ.  දොස්තරලා වනු වෘත්තිකයෝ පමණක් නොව පංතියකි. ඒ නිසා පහළම මට්ටමේ රාජ්‍ය ‍සේවකයාගේ ආරම්භක වැටුප මෙන් දොළොස්ගුණයක ආරම්භක වැටුපක් ඔවුන්ට උවමනාය. වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොවේ. වැටුප් පරතරය වැඩිකිරීමද අත්‍යවශ්‍යය.  ඒ කියන්නේ රෝගීන් ලෙස තමන් ළඟට එන රජයේ සේවකයන් සිඟන්නන් වීමද අත්‍යවශ්‍යය.  හැබැයි දොස්තරලාට කොහොම පඩි වැඩි කළත් අනෙකුත් රජයේ සේවකයෝ විරුද්ධ නැත. මන්ද, රජයේ සේවකයන්ගේ සිහිනය තම දරුවන් දොස්තරලා කිරීමයි. කව

මීගමු දෙමළ මිනිස්සු හා වේලක්කන්නි පල්ලිය ගැන කතා

ලේඛකයා වරක් ජීවිත බිය නිසා ටික කලකට ඉන්දියාවට ගියේය. ඒ ගියේ වේලක්කන්නි පල්ලි යන්නටය කියා වීසා අරගෙනය. ඔහුගේ පැරණි වාමාංශික 'සහෝදරයෝ' දක්ෂ ලෙස ඔහු රැවටූහ. ඔහු ඉන්දියාවේ නන්නත්තාර කර දැමීමෙන් අනතුරුව මේ සහෝදරවරු 'උගේ ප්‍රශ්නය අවසන්' යයි උදම් අනන්නට ඇත. එහෙත්, මේ වාමාංශික බියගුළු තුච්ඡබව ලේඛනගත කරමින්, වාමාංශික සහෝදරයින්ගේ ප්‍රියතම උපහැරණයක් අනුව 'ඔවුන්ගේ කකුලේ පැටලෙන ෂොපිං බෑගයක්' වන්නට ලේඛකයා තවම නොනැසී සිටියි. මේ වම්මුන් අතේ ආයුධ නැතිවීම හා තමන්ම මරන්නට ඉදිරිපත් වන්නට තරම් හිතේ හයියක් නැතිවීමටද ස්තුති විය යුතුය. මනුෂ්‍යත්වය හා වම අතර දුර සුවිසල් බව නැවතත් අවධාරණය කරමි.  අනාගමිකයකු වූ ලේඛකයා කිසිදිනෙක වේලක්කන්නි පල්ලි ගියේ නැත. සිංහලයකු ලෙස ලංකාවේ තිබුණු ප්‍රශ්න ප්‍රමාණවත් වූ නිසා නැති ප්‍රශ්න ඉල්ලා ගැනීමට තමිල්නාඩු ගියේද නැත. පසු කලෙක ඔහුට අහිමි වූ රැකියාව නැවත ලබාගැනීමට ලේඛකයා අභියාචනා කළේ තමන්ට මාරක ග්‍රහ අපලයක් තිබූ නිසා හාම්පුතුන්ට නොදන්වා ක්ෂණිකව රටින් පිටවන්නට තමන්ට සිදුවූ බව කියාය. පරීක්ෂණයේදී එය නොපිළිගත්තානම් ඔහු අසන්නට සිටියේ එතකොට ජ්‍යෝතිෂය බොරුද කි

ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි - ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්

Image
චීනෙන් ආපු බහිරවයෙක් කොළඹ රටේ මැණිකක් ගිල්ලාලු දහඅටලක්ෂයක ඒ මිනිහා අරන් යනවිට හිරගෙදර කවියක් ලියන්නට හිතුණා මට මෙහෙම ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන් පරම්පරා ගණනාවක් අඳුරෙ ඉඳන්  ඒණය ගෙවමු ජනතාවනි සන්තෝසෙන් චීනයෙ වීර ජනතාවට ජය වේවා චීනේ කොමියුනිස්ට්වාදෙට ජයවේවා ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා දුප්පත් ලංකාව නිවනින් සැ‍නසේවා W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

පළමුව කපමුද එළු හිස - දෙවනුව බිඳිමුද මුට්ටිය

එළුවො මරනවලු ආපසු ධාතු රැගෙන ගියාට පසු ගෝල බාලයෝ කාලිගෙ  එහෙම කියනවා එහෙනම් දැන් කුමක් කරමු ධාතු මෙහේ තියාගනිමු හැමදාමත් පොලිමෙ යමු වඳිමු පුදමු එළුවො රකිමු එළුවගෙ අපෙ හිස් හිරවුණු මුට්ටිය වාගෙයි ආගම පළමුව කපමුද එළු හිස  දෙවනුව බිඳිමුද මුට්ටිය W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න