ඥානසාර හාමුදුරුවන්ට ලැබුණු මුත්තගෙ තුට්ටුව

වටරැක විජිත නාටකය අවසන් බව එහි අධ්‍යක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිවේදනය කරයි. 

එහෙත්, ඊයේ එහි උද්වේගකර ජවනිකාවක් ඊයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන චරිතය රඟපෑ බෞද්ධ භික්ෂුවගෙන් ඥානාසාර හාමුදුරුවෝ පරිස්සම් විය යුතු ය. මන්ද, ඔහුට බ්‍රේක් ඇත්තේ ම නැත. මේ දවස්වල ලංකාවේ බෞද්ධ නායකයකු වෙන්නට තිබෙන හොඳ ම සුදුසුකම එයයි.

වටරැක විජිත හිමි ඔහුට අහු වුණා නම් සම්බෝල හදන හැටි ද ලෝකයට පෙන්වන්නට ඉඩ තිබිණි.  

හැබැයි, මුදා හරින ලද සුනඛ සේනාව ගැන ඥානසාර හාමුදුරුවන්ට ම දැන් දැන් බිය ඇති වී තිබේ. අර චීවරධාරියා පොලිස් ලොක්කකුට ගහන්න පනින හැටියට සිවුර නැතිනම් අනිවාර්යයෙන් ම ආයුධ පෙන්නන්නට යන්නට ලැබෙනවා නිසැක ය. 

හැබැයි සාදු, මේකත් මතක තියා ගන්න. අපි, ඔහෙලා වගේ මිනිස්සු රාශියක් අසූනමයේදී ටයර් උඩ යවපු කට්ටියක් මේගොල්ලෝ. සිවුරට තිබෙන ගෞරවයේ තරම ඒ දවස්වල දැකගන්න ඇතිනේ. 

සිවුරට මුවා වෙලා නටන නැටිලි දැන් නම් ඕවර් යන්න ඔන්න මෙන්න බව කරුණාවෙන් සලකන්න. තමුන්නැහෙලා කනකොට ඒකෙත් මානව හිමිකම් පාර්ශ්වය කතා කරන්න වෙන්නේ අපට ම ය. හැබැයි සාදු, ඔය වාසුලා වගේ නෙමෙයි, අපි ඔබව වුණත් මර්දනය කළ යුතු යයි කියන්නේ නැත. අප කියන්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතු ය කියා පමණි. 

මුත්තගේ තුට්ටුවේ කතාව අහලා ඇති නේද? නැතිනම් මෙන්න අහගන්න. එක දවසක් මුත්තා බිම ඇණගහගෙන විටක් කොටනකොට එතනින් ගිය මුණුබුරා මුත්තගෙ දිලිහෙන තට්ටෙ දැකලා ඇනපි ටොක්කක් මුත්තගේ පොළවෙ පස් කකා හිටි මීයගෙන් මුත්තරා බිංදුවක් වෑස්සෙන්න. මුත්තටත් පැනපි මළ. ඒත්, උන්දැ දන්නවා මුණුබ‍ුරාව හැරමිටියෙන් මට්ටු කරන්න කිට්ටු කරන්නවත් බැරි බව. ඒ නිසා මුත්ත කළේ මොකක්ද දන්නව ද? ඉණ අතගාලා, හැඹිලිය අරගෙන දුන්නා කොල්ලට තුට්ටුවක් "ඉඳා පුතේ ගනින්" කියලා. කොල්ලා කල්පනා කළා 'යකෝ මේක මාර සෙල්ලමක් නේ. ටොකු ඇන්නා නම් බැරියැ සල්ලි හම්බ කරන්න' කියලා හිතලා දවසක් තාත්තා බිම ඇන ගහගෙන පැට්‍රොමැක්ස් ලාම්පුවට හුළං ගහ ගහා ඉඳිද්දී ඇනපි තාත්තගේ තට්ටෙටත් අර වගේ ම එකක්. හැබැයි එදා චූ පැන්නෙ කොල්ලගෙ ම මීයගෙන්.

ඕකයි කතාව. ඊයේ මල්වත්තේ මහනායක හිමියන් බැහැ දැකලා දර්ශනයක් දාන්න ගිය ඥානසාර සාදුටත් මහනායක හාමුදුරුවෝ දුන්නා නේද තුට්ටුවක්. උන්නාන්සෙ කීවෙ දැන් ඔය ඥානසාර හාමුදුරුවෝ කියන‍ දේවල් වෙන්නේ ආණ්ඩුව අදාළ ක්‍රියාමාර්ග නො ගන්නා නිසා, "දැන් ඔබ වහන්සේලා කියනවානේ ආණ්ඩු හදන්නත්, පෙරළන්නත් පුළුවන් කියලා. ඉතින් මොකක්හරි කරන්න." කියායි. ඒක අහපු ඥානසාර හාමුදුරුවෝ ‍ලොල ලොල ගානවාත් රූපවාහිනියෙන් පෙන්නුවා. සාදු! ඇද්ද අහගත්තා.

(බොදු බල සේනාවේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේ නාඩගම දෙරණින් අපූරුවට පෙන්වනවා දුටිමි. එහෙත්, එය අන්තර්ජාල‍යේ පළ කර ගැනීම වළක්වා ගැනීමට බොදු බල සේනාව සමත් වී ඇති බව පෙනේ. මෙම වීඩියෝව ඔබ ළඟ තිබේ නම් එහි සබැඳියාව දෙන්න. මේවා‍ට උපරිම ප්‍රචාරය දීම අපගේ වගකීමකි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. http://www.dailymirror.lk/caption-story/46226-bbs-at-rishads-office.html

    menna para

    indika

    ReplyDelete
    Replies
    1. අයියෝ, ඒ වීඩියෝව වැඩි ජොලියක් නෑ!

      Delete
    2. මේ‍ සිද්ධියේ හොඳම වීඩියෝ එක තිබුණේ දෙර‍ණේ. ඒකෙ තමයි අර සාදුලාගේ හැසිරීම හොඳටම තිබුණේ. මේක බොදු බල සේනා එකෙන් සංස්කරණය කරපු එකක්.

      Delete
    3. 'එක දවසක් මුත්තා බිම ඇණගහගෙන විටක් කොටනකොට එතනින් ගිය මුණුබුරා මුත්තගෙ දිලිහෙන තට්ටෙ දැකලා ඇනපි ටොක්කක් මුත්තගේ පොළවෙ පස් කකා හිටි මීයගෙන් මුත්තරා බිංදුවක් වෑස්සෙන්න'

      මේ කියන තට්ට මුත්තා අපේ කකා නේද? කවුද අපේ කකාගේ චුවාගෙන් මුත්‍රා වැක්කෙරෙන්න ටොකු ඇන්නේ?
      අනික කකාගේ මියා පොළොවේ පස් කකා හිටියයි කියන්නේ, ඒ වෙලේ කකා ජොකා ගහලා ගොනා හරි පාරට දාගෙන නෙමෙයිද ඉදලා තියෙන්නේ? ටවුමේ කඩෙන් ගත්තු ජොකා දාගෙන හිටියා නං කකාට ඔහොම වෙන්නේ නෑනේ.

      ඒක නෙම අජිත්, ඒ කාලේ (භීෂණ සමයේ එහෙම) ස්මාර්ට් දුරකථන එහෙම තිබුනා නං අපිට බලාගන්න තිබුනා සමහරු මිනිමරපු හැටි, මංකොල්ල කාපු හැටි, ස්ත්‍රී දුෂණය කරපු හැටි එහෙම නේද?

      Delete
    4. අර කිව්වත් වාගෙ ඒ කාලෙ ස්මාට් පෝන් දුරකතන එහෙම තිබුනනම් ජේවීපී එකයි ආන්ඩුවයි මිනීමරපු හැටි බලාගන්න තිබුන. චැනල් 4 වගෙ වැඩසටහන් එන්න ඉඩ තිබුන.සමහර ජේවීපී කාරයො මිනී මරන අතර වීඩියෝ කරල යූ ටියුබ් අප්ලෝඩ් කරන්න ඉඩ තිබුන.හමුදාවත් එහෙමයි.එහෙම වුනා නම් මරු එකට තියෙයි.හමුදාකාරයන්ටත් එහෙම වීඩියෝ ක්ලිප් ලොකු ගනන්වලට විකුනගන්න තිබුන .අපරාදෙ කියල පාර්ශ්ව දෙකටම දැන් හිතෙනව ඇති.

      Delete
    5. පැරා මුත්තගෙ කතාව ඉස්සුවෙ කොහෙන්ද කියල ලින්ක් එක දාන්න තිබුන නේද ඔහෙට?? නැත්නම් මෙතන බක් ෆියට් ගෝතලන් කාරය කක්ක කරල ඒක උඩ කොමෙන්ට් එකකුත් කොටලයයි.

      Delete
  2. පැරා ලිපියේ භාෂාව ගලා යාමේ ලොකු අවුලක් තියන හැඩයි. ලිපියේ අග හරිය නවත සංස්කරණය කරනවානම් හොදයියයි සිතේ.

    ReplyDelete
  3. Unedited video is here..
    https://www.youtube.com/watch?v=i5CSu8VslHM

    ReplyDelete
  4. සාමාන්‍ය මිනිස්සුන්ට නම් කන ඒවා බහින්න විවිද ක්‍රියාකාරම් තියෙනවා, එත් සිව්රක් යට ඉන්න හික්මීමකුත්නැති, මොළෙත් නැති හාදයන්ට, පෝෂ්‍යදායී ආහාර තුන්වේලටම ලැබෙනකොට ලැබෙන අමතර ශක්තියෙන් වෙන මොනවා කරන්නද ? මමනම් මේවගේ උන්ට දානේ දෙන්නේ නෑ, අපේ පන්සලේ මේවගේ එකෙක් ඉඳල මම නායක හාමුදුරුවන්ට ඒ ගැන කියල පොඩි හුටපටයකුත් ගියා, අන්තිමට, සිද්දවුනේ අපේගෙදර ඉන්න උන්ගෙ විරෝදය මැද්දේ දානේ දෙනේක නවත්තන්නය් ( පොඩි කාලෙදිම ගෙදර කන්න නෙති නිසා පන්සල් වලට බාර දෙන අගම ගැන භක්තියක් නැති, කොටින්ම මේවගේ ගතිලක්ෂණ තියෙන සිව්රුකාරයෝ හවසට ළඟ තියෙන කඩයකින් මස් කරියකුය් පාන්රාත්තලකුය් ගෙන්නගන කනවා, භාවනා නොකරන උන් රැට කෑවට කමක් නෑ, හැබය් උන්ගෙන් වෙන්නේ සාසනේටය් සමාජයටය් දෙකටම අයහපතක් )

    සරලව කියනවනම් හොර දෙසපලුවන්ට චන්දෙ දෙන්නේ නෑ
    හොර සන්ගයන්ට දානේ දෙන්නේ නෑ

    මෙන්න පැරා ලින්කුව
    https://www.youtube.com/watch?v=eSSPDJ3a70A&list=UUC3ItIoT-4EyFXYS6d3nC8g

    ReplyDelete
  5. ෂෙක්.... මේ එකෙකුටවත් ලින්ක් එකක් දාන්න තේරෙන්නෙ නෑනෙ... ලින්ක් දාන්න කකාගෙන් අහගන්න...

    ReplyDelete
  6. ඇත්තට කොහොමද කොමෙන්ට් එකක ලින්ක් එකක් දාන්නෙ.කකා නම් ලස්සනට දානව. නොදන්න හැමෝටම දැනගන්න එක්ක දන්න කෙනෙක් කියල දෙන්නකෝ

    ReplyDelete
  7. <a href="http://www.col3negoriginal.cc/watch.php?id=53328>බොදුබල නාඩගම</a>

    ReplyDelete
    Replies
    1. <a href="http://www.col3negoriginal.cc/watch.php?id=53328>බොදුබල නාඩගම</a>

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා