මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

මේ සටහන අපගේ ෆේස්බුක් මිතුරකු විසින් තබන ලද එකකි. ඔහු මෙය පළ කරනවාට අකැමැති වන්නට පුළුවන් නිසා එහි වගකීම භාර ගනිමින් නිර්නාමිකව නැවත පළ කරමි. මෙමගින් ලංකාවේ කම්කරු පංතිය ගැන යම් අදහසක් ලබා ගත හැකි ය.
මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි.

මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැතිනම් රස්සාවක් සොයාගත යුතුය. රස්සාවල් සොයාගන්නට නැතිනම් රස්සාවක් හදාගත යුතුය. උද්ඝෝෂණ කළාට අසාධාරණය සාධාරණය වන්නේ නැත.

අපේ රටේ ඕනෑම මගුලකට කරන්නේ උද්ඝෝෂණය කිරීමයි. උද්ඝෝෂණය හෙවත් ඝෝෂාවක් නැගීම කළ පමණින් රජය වත් මිනිස්සු වත් මේ ලපයි සිපයින්ට බය වෙන්නේ නැත; බය කරගන්නට ද බැරි ය. උද්ඝෝෂණ එකක් නොව දාහක් කළත් වැරැද්ද හරි වන්නේ ද නැත. කොන්ත්‍රාත් පදනමට ආවා නම් ආපු කාලය ඉවර වූ පසුව තවදුරටත් සේවය දීර්ඝ නොකරන්නේ නම්, පුරප්පාඩු ද නැත්නම්, කළයුත්තේ රස්සාවක් හොයාගැනීම මිස උද්ඝෝෂණ කිරීම නොවේ. තමන්ට ඉල්ලන්නට අයිතියක් නැති බව හොඳටම දන්නා තනතුරක් බලෙන් ලබාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ කරමින්, රේල්පාරට සිල්පර කොටන් දමමින්, දුම්රිය ගමන් කරන්නට ඉඩ නොදෙමින් මහජනයා අසරණ කරන්නට යමෙක් සැරසෙන්නේ නම් ඒ පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

පලි: මෙහිදී උද්ඝෝෂණය මැඩපැවැත්වීමට රජය හෝ පොලිසිය ක්‍රියාකළ ආකාරය කිසිසේත් අනුමත කිරීමක් මේ ලිපියෙන් නොකෙරෙන බව කරුණාවෙන් සළකන්න.

මෙහි අඩු කොටසක්ද තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ වෙනත් රජයේ ආයතනයකට අනියම් හා ආදේශක කම්කරුවන් බඳවා ගන්නා බවට ප්‍රසිද්ධ දැන්වීමක් ඔබ කවදා හෝ දැක තිබේ ද? මේ කම්කරුවන් මේ රැකියා ලබා ගන්නේ ඡන්දවලදී වෙල්ගම, වෙල්ගමගේ පුතා වැනි අයට වැඩ කරලා ය. ඔවුන්ට රට සූරා කන්නට ඉල්ලම පෑදෙන්නේ එතැනිනි. මේ කම්කරුවන් ඉල්ලා සිටින්නේ රටේ සාරයෙන් ඔවුන්ගේ පංගුවයි. ඒ කියන්නේ නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර, වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි රස්සාවකි. එසේ දෙන බව වෙල්ගමලා මොවුන්ට පොරොන්දු ද වී ඇත. එය ගන්න නම් මේ අන්දමින් උද්ඝෝෂණ කරන්නට සිදු වන බව කියන්නට ඇත්තේ ද ඔවුන් ම විය හැකි ය. රස්සාව ස්ථිර කර දුන් පසුව මොවුන් පරම්පරා පිටින් වෙල්ගමලාට සේවය කරති. 

මැයි පළමුවෙනිදා ඔවුහු ලංගම බස්වලින් නොමිළේ කොළඹ පැමිණ, අරක්කු බී, බත් පැකට් කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙළපාලියේ යනු දැක ගත හැකි වනු ඇත. 

‍මේ 'කම්කරුවන්ගේ' ශ්‍රමයෙන් ධනපති පංතිය කරන සූරාකෑමක් නැත. ඒ වෙනුවට කම්කරුවෝ ලංකාවේ ධනේශ්වර රජය සූරා කති. රජය මේ රටේ ජනතාව සූරා කයි. ජනතාව කියන්නේ මෙවැනි කම්කරුවෝ හා තවත් අයයි. ඇත්තෙන් ම සූරාකන්නේ කවුරුද, සූරාකෑමට ලක් වන්නේ කවුරුද යන්න ප්‍රහේලිකාවකි. 

අප ඉහත ඡායාරූපය උපුටා ගත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි. ඔවුන් මෙම 'අරගලය' වාර්තා කරන ආකාරය මෙතැනින් බලා ගත හැකි ය. 

මේ වනාහි වාමාංශිකයන්ගේ ගැටලුව පෙන්වන කදිම උදාහරණයකි. සමාජවාදී සමානතා පක්ෂයට පෙනෙන්නේ වෘත්තීය සමිති නායකත්වයේ ගැටලුවක් පමණි. ඔවුන්ගේ අදහස අනුව කම්කරුවන් කරන්නේ සාධාරණ අරගලයකි. කම්කරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට බැඳී ඇත්තේ නොමග ගිහිල්ලා ය. දැන්, දැන් ඔවුන්ට යථාර්ථය අවබෝධ වෙමින් තිබේ. ඇත්ත තේරුණ දාට ඔවුන් සමාජවාදී සමානතා පක්ෂය වටා රොද බැඳ ගනු ඇත. 

මේ වනාහි යථාර්ථය ආඛ්‍යානගත කිරීමකි. ඒ වෙනුවට යථාර්ථය අමුවෙන් අරගෙන එයට මුහුණ දෙන ආකාරය සොයා ගැනීම මැයි පළමුවෙනිදා මේ ඊනියා කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යනවාට වඩා ප්‍රයෝජනවත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ සිදුවන්නේ තමන් වීසි කළ බූමරංග තමා හොයා ඒමයි හෙවත් මගේ අරක්කු මටම ගැසීමයි.

    ReplyDelete
  2. ලංකාවේ පුද්ගලික ආයතන බොහොමයක (ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, කළමනාකරණ සහ වෙනත් තාක්ෂණික සේවා ආයතන) සේවකයන් ගන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ. ඔවුන් කවදාවත් උද්ඝෝෂණය කරනවාද? නෑ.

    දේශපාලකයන් පස්සේ ගිහින් නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර, වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි රස්සා හොයන උන්ට තලන්න ඕන පොල් පිත්තෙන්. රට කන්නේ ඔන්න ඔය කියන කම්කරුවෝ. රජයේ ආයතන වල නිලධාරින්ගෙන් අහන්න හම්බන්තොටින් එවපු ලිපිකරුවො දාන රැස්පොට් ගැන වැඩක් කරන්න කිව්වාම.

    ReplyDelete
  3. අනුන්ගෙ එකක් හරි මෙහෙම දැම්මට හැට්ස් ඕෆ් පැරා! ප්‍රශ්නෙ වලිගෙන් නැතුව ඔලුවෙන් අල්ලගෙන තියනව.

    මට මේ ප්‍රශ්නෙම තියනව ඒ ලෙවල් කරන්නත් කලින්ම ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල දැන දැනමත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල කැම්පස්නුත් ගිහින් ඩිග්‍රී එක අරන් එක පාරට නින්දෙන් ඇහැරුනා වගේ ආණ්ඩුවෙ රස්සා දියව් කියල හන්දි ගානෙ මඩු ගහ ගෙන උපවාස කරන උන් එක්ක.

    ReplyDelete
    Replies
    1. //ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල දැන දැනමත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල කැම්පස්නුත් ගිහින් ඩිග්‍රී එක අරන් එක පාරට...//

      පරණ වර්ෂන් එක - තම කට වසාගෙන සිටින තාක් මෝඩයා ද බුද්ධිමතෙකි

      අලුත් වර්ෂන් එක - බ්ලොග් පොස්ට් වල කොමෙන්ට් නොකරන තාක් මෝඩයා ද බුද්ධිමතෙකි

      Delete
    2. AnonymousApril 25, 2014 at 7:22 PM කියන්නෙ අයිස් ගහල පින් පඩි ගන්න බලන් ඉන්න හොර ආටෙක් ද කොහේ... හොදට රිදිල තියනවා හැබැයි කියන්න කිසි දෙයක් නෑ ........

      Delete
    3. @AnonymousApril 26, 2014 at 2:53 AM
      ඔබ මොන තරම් ගෝත්‍රිකයෙක්ද ? පරිගණකයක් ඉදිරිපිට හිටියත් ඔබ ගල් යුගයෙනුත් එපිට සිටින්නෙක් නේද?

      //විද්‍යා‍ විෂයද කලාවද
      කලාව කිව්වොත් මලා වගේ
      චී චී චී ලැජ්ජ නැද්ද
      අපේ එකෙක් කලාව කරන්න
      කව්ද උඹ දිහා බලන්නෙ ?
      වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
      අඩු ගනනේ වාණිජවත්
      'ඉතින් පුතේ නම්බුවක්නෙ
      පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල'//

      නා‍ට්‍ය‍ය‍ -විකෘති (සෝමලතා සුබසිංහ)

      කොමෙන්ට් කොටලා ඇති උනාම නාට්‍යක් බලන්න යන්න

      Delete
    4. [Anonymous April 25, 2014 at 7:22 PM] සහ [Anonymous April 26, 2014 at 1:14 PM]:

      මෙතන ඇති මෝඩ කතාව මොකක්ද කියා කියන්න පුලුවන් ද? නැත්නම් ඔය උඩ ඇනෝත් කියා තිබෙනවා වගේ කියන්නෙ දෙයක් නැති කමට අපහාස කරනවාද? මා කී දේ නැවත කියවන්න.

      "කලින්ම ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල දැන දැනමත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල ... ===> එක පාරට නින්දෙන් ඇහැරුනා වගේ ආණ්ඩුවෙ රස්සා දියව් කියල ... උපවාස කරන උන් <==="

      මේක ආට්ස් කිරීමට විරුද්ධව නොව ආට්‍ස් කරා නම් ආණ්ඩුවේ රස්සා දිය යුතු යයි සිතීමට එරෙහිව ලියූවක් බව නොතේරෙන්නේ ඔබත් ආට්ස් කිරීම / ආණ්ඩුවේ රස්සා වලට අයිතිය දෙකම එකක් කියා සිතන කෙනෙක් නිසා ද?

      අසරන සෝමලතා සුබසිංහ අල්ලා ගන්න එපා. එයා කිව්වෙ නෑ ආට්ස් කරන ඔක්කොම ආණ්ඩුවෙ ජොබ් බලන් උන්න ඕනෙ කියල.

      Delete
    5. මුලින්ම ....ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල ගොඩක් මැන්ටල් ඩයල් කියද්දිත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල කැම්පස්නුත් ගිහින් ඩිග්‍රීගත්තු උන්නට මෙන් අපේ හැට්සුත් ඕෆ්.

      බැට් මෑන් අන්කල්ගේ ගොන් කතා නොම්මර එක,

      විශ්වවිද්‍යාල උපාදියක් ජොබ් කට්ටකට ඌනණය කිරීම ( දැන් ඔයා කියයි මං එහෙම කිවේවේ නැනේ කියල, අපහු ඔයාගෙම කොමෙන්ට් එක කියවන්න )

      බැට් මෑන් අන්කල්ගේ ගොන් කතා නොම්මර දෙක,

      ආණ්ඩුවෙන් රැකියා ඉල්ලන රැකියා විරහිත උපාධිදාරීන් සියල්ලක්ම කළා උපාධි දාරීන් යැයි කීම

      බැට් මෑන් අන්කල්ගේ ගොන් කතා නොම්මර තුන,

      කළා උපාධිදාරින්ට රිකියා නැතැයි කීම

      බැට් මෑන් අන්කල්ගේ ගොන් කතා නොම්මර හතර,

      විශ්වවිද්‍යාල උපාදි කළා, විද්‍යා, වාණිජ ලෙස වෙන්කරන් ගල් යුගයේ තවමත් සිටීම ( ප්‍රමුඛ විශ්වවිද්‍යාල කීපයක පාඨමාලා සංයෝජනයන් කියවා බලන්න)

      බැට් මෑන් අන්කල්ගේ ගොන් කතා නොම්මර පහ,

      උපාධිදාරි විරැකියාව පුද්ගල කේන්ද්‍රීය ගැටලුවක් බව ඉමතු කිරීම, පුරවැසියන් ගේ විරැකියාවට පිළියම් සෙවීමේ ආණ්ඩුවේ වගකීමෙන් ආණ්ඩුව ඉවත් කිරීම

      //මේක ආට්ස් කිරීමට විරුද්ධව නොව ආට්‍ස් කරා නම් ආණ්ඩුවේ රස්සා දිය යුතු යයි සිතීමට...//
      //සරන සෝමලතා සුබසිංහ අල්ලා ගන්න එපා//

      ඔයානේ අන්කල් නැට්ට පාගන් තියෙනේ. කොමෙන්ට් දෙකක් කියල ඔයා දැක්කේ නැද්ද .ඔයා මොකද තව කාටවත් කියපුවට උත්තර දෙන්නේ. එහෙම නැත්නම් කොමෙන්ට් දෙකම දැම්මේ ඔයද ?

      මෙන් අන්කල් ඔයාට අපි ගානේ පොඩි සින්දුවක්, දැන්වත් ඔයා ඉන්න පෙට්ටියෙන් එලියට එන්න.

      "Little Boxes"

      Little boxes on the hillside
      Little boxes made of ticky tacky
      Little boxes on the hillside
      Little boxes all the same

      There’s a pink one and a green one
      And a blue one and a yellow one
      And they’re all made out of ticky tacky
      And they all look just the same

      And the people in the houses
      All went to the university
      Where they were put in boxes
      And they came out all the same

      And there’s doctors and lawyers
      And business executives
      And they’re all made out of ticky tacky
      And they all look just the same

      And they all play on the golf course
      And drink their martinis dry
      And they all have pretty children
      And the children go to school

      And the children go to summer camp
      And then to the university
      Where they are put in boxes
      And they come out all the same

      And the boys go into business
      And marry and raise a family
      In boxes made of ticky tacky
      And they all look just the same

      There’s a pink one and a green one
      And a blue one and a yellow one
      And they’re all made out of ticky tacky
      And they all look just the same

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. /// විශ්වවිද්‍යාල උපාදියක් ජොබ් කට්ටකට ඌනණය කිරීම ( දැන් ඔයා කියයි මං එහෙම කිවේවේ නැනේ කියල, අපහු ඔයාගෙම කොමෙන්ට් එක කියවන්න )///


      මම එහෙම කියලා නෑ තමයි. සිංහල තේරීම අඩු නම් මේ ටික තව පාරක් කියවන්න:

      // මේක ආට්ස් කිරීමට විරුද්ධව නොව ආට්‍ස් කරා නම් ආණ්ඩුවේ රස්සා දිය යුතු යයි සිතීමට එරෙහිව ලියූවක් බව //

      // ඒ ලෙවල් කරන්නත් කලින්ම ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල දැන දැනමත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල කැම්පස්නුත් ගිහින් ඩිග්‍රී එක අරන් එක පාරට නින්දෙන් ඇහැරුනා වගේ ආණ්ඩුවෙ රස්සා දියව් කියල//

      අනෙක් ක්ලේම්ස් වලට උත්තර දීමට අනවශ්‍ය, ඒවා මා කී කතාවට අදාල වත් නැති මා නොකී කතා හෙයිනි. මා කතා කළේ ඩිග්‍රියක් ගත්තා නම් රස්සා දියව් කියා උපවාස කරන උන් ගැන මිසක් ආට්ස් කර රස්සා තියන උන් ගැන නොවේ. ආට්‍ස් උන්ට පොදුවේ රස්සා කිසිවක් නැතැයි කියා මම කියාත් නැත. කියූ වාක්‍යයේ මා අදහස් කළේ "ආට්ස් ඩිග්‍රිය පාස් නම් ජොබ් එකක් ඇත" කියන විදියට ජොබ් නැති බව **දැන දැනමත්** ඒ අංශය තෝරා ගෙන ඩිග්‍රිය ගත් පසු ජොබ් ඉල්ලා උද්ගෝෂනය කිරීම ගැනයි - එය වාක්‍යය කියවන ඕනෑ කෙනෙකුට තේරේ.

      Delete
    8. රයිට්.....අපි එහෙනම් ඔයාගේ කොමෙන්ට් එක කියවන අයට ''ඒකෙන් කියවෙන්නේ ''මොකද්ද කියල තීරණ කරන්න දෙමු

      //මට මේ ප්‍රශ්නෙම තියනව ඒ ලෙවල් කරන්නත් කලින්ම ආර්ට්ස් ඩිග්‍රී වලට ජොබ් නෑ කියල දැන දැනමත් ඒ ලෙවල් වලට ආර්ට්ස් කරල කැම්පස්නුත් ගිහින් ඩිග්‍රී එක අරන් එක පාරට නින්දෙන් ඇහැරුනා වගේ ආණ්ඩුවෙ රස්සා දියව් කියල හන්දි ගානෙ මඩු ගහ ගෙන උපවාස කරන උන් එක්ක.//

      Delete
    9. මේ එක නෙමෙයි බැට් මෑන් අයියා රොබින් දැක්කේ නැද්ද?

      Delete
  4. අපි මේ තියන රස්සාව පරිස්සම් කරගෙන ජීවිතේ ගැට ගහගන්න දගලනවා.. මුන්ට ස්ට්‍රයික්.. ඔය පඩයක් ගියත් ස්ට්‍රයික් කරන යක්කුන්ව ගහලා පන්නන්න ඕනා.. බොහෝ වෙලාවට ස්ට්‍රයික් කරන්නේ අයිස් ගහන උන්ගේ අයිස් දිය වේගන යනකොට.. එහෙම නැත්නම් නිකන් ඉඳලා හෝ භාගෙට වැඩ කරලා හෝ ගන්න පඩියට වඩා මහන්සි වෙලා වැඩකරන එකෙක් උන්ට වැඩිය පඩියක් ගත්තොත් ආන්න ස්ට්‍රයික්.. එහෙම නැත්නම් වෙන කාට හරි වරප්‍රසාදයක් දුන්නොත් ආන්න ස්ටර්යික්...මේ රටම ආණ්ඩුවත් එක්කම ප්‍රයිවටයිස් ( පුද්ගලික බස් ජාතියේ ප්‍රයිවටයිස්නම් නෙමේ ) කරන්න ඕනා. එතකන් හැදෙනවා බොරු..

    ReplyDelete
    Replies
    1. මොකද්ද සුදා ඔයා කරන රස්සාව

      Delete
  5. ලංකාවෙ කම්කරු නීතිය තද වීම ආයෝජකයින් ආකර්ශනය නොවීමට එක හේතුවක්. ඇත්තම කතා කලොත් මිනිහෙක් දිගින් දිගටම එකම තැන ඉන්න එක ඒ මනුස්සයටත් රටටත් වෙන අවාසියක්. සේවකයාට ආරක්ෂාවක් තිබෙන්න ට ඕනි. නමුත් සේවකයා නිතර සිය කුසලතා වැඩිදියුනු කරගෙන තරගකාරී ලෝකය එක්ක හැප්පෙන්න පුලුවන් මට්ටමට ඉන්නවා නම් තමයි රටක් විිදයට අපට ගොඩයන්න ලැබෙන්නෙ.

    ReplyDelete
  6. We should appreciate Ranils' policy about recruitment to Government Service in 2001~2004 government

    ReplyDelete
  7. ඔබේ ෆේස්බුක් මිත්‍රයාගේ ලිපියෙන් කියවෙන්නේ නම් කම්කරුවා දැනගන්න ඕනෙ ජොබ් එකක් හොයාගන්න වගේ අති සරලකරනය කරපු දෙයක්නෙ. මම හිතුවේ ඔබ මේ ලිපිය උපුටා තිබෙන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් කම්කරු අරගල ගැන දක්වන නොකැමැත්ත, විරෝධය ගැන යමක් ලියන්න යන බවයි. පුදුමයකට මෙන් ඔබ ලියන්නේ එය අනුමත කිරීමටයි!

    අප කම්කරු ඉල්ලීම් වලට සහයෝගය දිය යුත්තේ කිසියම් කම්කුරුවන් කොටසක් ඔවුන් තම රැකියා ලබා ගෙන ඇත්තේ දේශපාලකයන් මාර්ගයෙන්ද නැද්ද යන්න අනුවද? ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීමෙන් පසු චන්දය දෙන්නේ කාටද යන්න අනුවද? ආයතනයේ කාඩර් එකේ නැති රැකියා අවස්ථා ගැන ඉල්ලීම් කරන එක අසාධාරනද? වෘත්තීය සමිති නායකත්වයේ ගැටලුවක් පමණි යන්න මමද පිලිනොගනිමි.

    රාමචන්ද්‍ර මේ ගැන දරන අදහස දැන ගැනීමට කැමතියි.

    //......මේ 'කම්කරුවන්ගේ' ශ්‍රමයෙන් ධනපති පංතිය කරන සූරාකෑමක් නැත. ඒ වෙනුවට කම්කරුවෝ ලංකාවේ ධනේශ්වර රජය සූරා කති.//

    අජිත්, දීප්ති කුමාර ගුනරත්න පසුගියදා කරපු කතාවක මේ කොටසත් ඔබේ ලිපිය සමග පෑහෙන බවයි මට හිතෙන්නෙ.

    '.....2006 2007 කාලයේ මට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා. එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇදල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එළියෙ නතර කරලා තියෙනවා. ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරණි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හදුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා.’

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඉහත කොටස උපුටාගත්තේ

      http://sinhala.lankaherald.com/2014/04/25/

      - Dimithri

      Delete
    2. කෙනෙක්ට කියන්න පුලුවන් දිමිත්‍රි නම් කියන්නෙ "කම්කරුවෙක් නම් ජොබ් එකක් සඳහා ඕනෙ දෙයක් කිරීම සාධාරණයි" කියන්න වගේ අති සරළ කරපු දෙයක් කියලා.

      පැරකුම් (මට පේන විදියට) කියන්නෙ මේ උද්ගෝෂනය එහෙම පිරිසිදු කම්කරුවන් ගෙ ක්‍රියාවක් නෙවෙයි, ස්ටේජ් කරපු දේශපාලන හෙන්චය්යන්ගෙ ක්‍රියාවක් කියල.

      1. හෙන්චය්යො චන්දෙකට දේශපාලකයට කඩේ යනවා.
      2. දේශපාලකයා (සමහර විට පුරප්පාඩු නැති තැනක) මහජන මුදලින් පඩි කන්න ***සාධාරණ විවෘත ක්‍රියා පටිපාටිය බයිපාස් කරල***, තුන්ඩුවෙන් තාවකාලික පදනමින් හෙන්චය්යො ටිකක් රිංගවනවා
      3. ඇතුලට ආවට පස්සෙ මුන් ටික තාවකාලික පදනම ඉවත් කරන්න කියලා උද්ගෝෂනේ කරනවා. අන්තිමට සිස්ටම් එක අප්සෙට් වෙලා, මුන්ට පඩි දෙන මිනිස්සුම රස්තියාදු වෙලා, උන් ටික ඇතුලේ.

      මේක (වුනේ මෙහෙම නම්) වෘත්තීය අරගලයක් නෙවෙයි මහජන මුදල් ගසා කන ලුම්පන් හොර කමක්. මේක වුනේ මෙහෙම *නෙවෙයි* කියලා ඔබත් තර්ක කරලා නෑ, මේක මෙහෙම වුනත් ඒකට විරුද්ද වෙන එක එතිකල් ද නැද්ද කියන එක මිස. මට අනුව නම් එතිකල්, හොරු නැති ලෝකයක් එනකම් ගෙදරට ආපු හොරාට යන්න දෙන්න බෑ.

      Delete
    3. ඒ අනුව, කාඩර් එකේ නැති දේශපාලන පත්වීම් විතරක් නොවෙයි, ඉහත කෙනෙක් කිවූ පරිදි අයිස් ගහල පින් පඩි ගන්න බලන් ඉන්න හොර ආටොයි, සාමාන්‍ය පෞද්ගලික අංශයේ අය කියන ආකාරයට නිකම් ඉඳලා පඩි ගන්න රජයේ සේවකයොයි, ප්‍රාලේ කාර්යාල වල ගස් යට වාඩිවෙලා ඉන්න උපාධිධාරීනුයි කරන්නෙ මහජන මුදල් ගසා කන හොර කමක්.

      මම හිතන්නෙ අජිත් කියන්නෙ ඒ ගැන නෙවෙයි. මොවුන් කම්කරු සටන් යැයි කියමින් අසාධාරන අයිතීන් දිනාගනිමින් ඉන්පසුවත් පාලකයන්ට කඩේ යාම ගැන සහ ඊට අප සහයෝගය දීම නැවතිය යුතුය කියලයි.

      -Dimithri

      Delete
    4. දිමිත්‍රි, ඔබ කියපු දේම නෙවෙයි ද මම 1,2,3 පොයින්ට් වල කියලා තියෙන්නෙ? එහෙම නෙවෙයි නම් ඔබේ paraphrasing එක ගනිමු. ඔබ පැරා ගේ ඒ පොයින්ට් එකට විරුද්ද මොන පදනමින් ද?

      Delete
  8. Balapallako oya pura vidya department ehema kawadawath strike koranawada kiyala. Un dannawa korala wedak nehe kiyala.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා