මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි
මේ සටහන අපගේ ෆේස්බුක් මිතුරකු විසින් තබන ලද එකකි. ඔහු මෙය පළ කරනවාට අකැමැති වන්නට පුළුවන් නිසා එහි වගකීම භාර ගනිමින් නිර්නාමිකව නැවත පළ කරමි. මෙමගින් ලංකාවේ කම්කරු පංතිය ගැන යම් අදහසක් ලබා ගත හැකි ය. මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි. මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැ...