කවුද මාගේ අමුඩෙ රීලා


අද්යාපනේ කන්නට
මැදගෙන සිටින දත කට 
මෙරට මෙන් පිටරට
ඇත කුමන්ත්‍රණකරුවො සැක පිට

බන්දුල ඇමති හට 
සිස්සත්වය කරන්නට
සුමනසිරි බංඩට
ළමයි කැම්පස් ගන්නට

විභාග මල් කුමරුට 
විභාගය කොර ගන්නට 
නොදෙති උන් කිසිවිට
ගසාගෙන හැම විටම පිටපොට

මේ කුමන්ත්‍රණකරුවෝ
ප්‍රශ්නපත්තර වැරදුවෝ
සංශෝධනත් කෙරුවෝ
මදිවාට පිට කෙරුවෝ 

ගඳක් ආයෙන් නැවිලා
බලන කල විය අපුලා
බලන විට ඉඹලා
කවුද මාගේ අමුඩෙ රීලා
-
W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. Wow! Double like !

    ReplyDelete
  2. මරු කවි ටික. ඒත් ඉතිං වැඩේ කියන්නෙ මුංගෙ මේ “කුමන්ත්‍රණ ලණු“ ජහමනයත් කැරළි පිටින්ම ගිලිනවනේ.

    ReplyDelete
  3. මහ කැත මිනිස්සු, ඔයාලා කවි ලියන්න ලියුම් ලියන්න මොකක්ද අධ්‍යාපනයට වෙලා තියෙන හෙනේ. 2500 න් කාලා බීලා මලක් ගහන් ඉන්නේ නැතුව..

    ReplyDelete
  4. ජාතියේ බේබි හාමුල සැපෙන් සනීපයෙන් ඉන්නවනම් මට ඒ ඇති.

    ReplyDelete
  5. Ela kiri kawitika. Warewa

    ReplyDelete
  6. දිමරා තසානයක සමග බන්ද්‍රිකා චණ්ඩාරනයකAugust 28, 2012 at 2:22 PM

    බානට රටේ පෙළ පොත් ටික තණකොළය
    තලු මර මරා කන විට සෙම එයි, රසය
    සුසීට සෙම හැලුව, ගොං බණ්ඩා වල්ය
    ටියුෂන් ගුණයා, පික්චර් පිස්සෙකි, ගඳය(සිගරට්)

    වල් බඞඩාගෙ ගොං පුත්තුන් රටෙත් නැතේ
    උන් පෙළ පොත් කෙරුවෙ කැන්ගරු රුන්නු පතේ
    හැදු මාලිගාවට සමුර්දි සතෙන් සතේ
    කෙලියා, බැංකුවක් එතනම ඤොඃ ය පුතේ

    සුසී දුවන කල මීටර් සීය සැරෙන්
    සුසී අල්ලන්න දෙසීය දුවපි වැරෙන්
    ඇනුනා හොම්බ බැරිවිය අල්ලන්න ඉතිං
    වල් අඟ අකුලගෙන මූ ගියෙ හතර පයින්

    වල් අඟ වගේමයි මුගෙ වාචාල කට
    ඇරියොත් මෝඩ තකතිරු කම් පෙරෙන කට
    ඇරියා දවසක්ද බැරිවිය වහනු කට
    ලැග්ගා උළු ගෙදර අවුරුදු දෙකක් කට

    ගෙඹි කට අපූරුයි ටියුෂන් පාරකට
    සිගරට් කටින් ගඳ දෙනවා යායකට
    එහෙව් එකා පොඩි උන් ළඟ දාර කට
    අරිනව අපෝ ශිෂ්‍යත්වෙත් එපාකොට

    පරික්ෂා කරයි දවසක් ටිකිරි මොලේ
    අදිමින් චෙස් අතක් ගොං තඩි ගෙම්ඹ බොලේ
    මෙහෙව් ඇමැතියෙක් ඉන්නා රටක බොලේ
    ශිෂ්‍යත්වෙටත් චෙස් පිහිටම තමයි බොලේ

    මේවට ගොන් දෙබානට බැන බැන සිටිමූ
    තියෙන මොළ කලඳ කතිරෙට දිය කරමූ
    තව අවුරුදු කෙලක් මේ විදියට වඳිමූ
    වැඳ වැඳ ගොං රජුන් සිහසුන වෙත ගෙනෙමූ

    වල් පවුලකට රට දී හෙන හත කැන්ඳා
    බත් කන හරකුනේ තොපි හැම නිදි වැද්දා
    හපයක් ඉතුරු විය දැන් රට නැති හින්ඳා
    කාපිය ඉතිං රජ ගොං පස් මරු කැන්ඳා

    දුව මරා පුතුන් තිදෙනෙක් හැදු පියෙකි
    බය ගොතා මල්ලි වෙයි මූසල පකෙකි
    දෙවිඳු කතරගමටත් ගල් කැපු රජෙකි
    මෙතුන් පදේ තෝරාලා කියන් සකි

    දිමරා තසානයක සමග බන්ද්‍රිකා චණ්ඩාරනයක

    ReplyDelete
    Replies
    1. එකෙක් කලේ ටියුෂන් කඩ හැදීමය,
      අනිකා කලේ සමුර්ධියෙන් ගැහීමය,
      මුන් හට චන්දෙ දුන්නේ අපේ හරකුන්ය
      අයෙත් ගහමු උඩ දාගෙන මනාපය

      Delete
    2. පෝස්ටි ඵක වගේම මෙිකත් පට්ට

      Delete
    3. මා වැනි නිරින්දා
      කෙරුවත් වැරදි නින්දා
      මනාපය දෙන හින්දා
      මෙන්න මා ඔබ සැමට වැන්දා!

      Delete
  7. කාට කියන්නද? දැන් බටහිර රටවල වෙන වෙනම දෙපාර්තමේන්තු හදලා තියන්නේ ලංකාවේ වැඩ අවුල් කරන්න. සුමනසිරියයි බන්ධුලයයි නැත්නම් අපි මේවා කොහොම දැන ගන්නද?

    ReplyDelete
  8. චැ,... මේකේ නිර්මලයා ඉන්නවනේ නැත්නම් පෙරටුගාමියෝ (සමාජවාදී වර්ෂන් එක) , ජ. වී. පෙ. වගේ හේගල්ගේ දයාලික්තික පාරක් දාලහරි අපිටත් ගොඩයන්න තිබුනා (අපි අනෙක් ගොබ්බයන්ගෙන් වෙනස් හොදේ )- දීප්ති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා