Posts

Showing posts from April, 2011

ලංකා ඊ නිව්ස් තහනම

Image
(2011 අප්‍රේල් 29,   W3Lanka )  ලංකා ඊ නිව්ස් මතවාදය වූයේ සරළ, ජනප්‍රියවාදී ආණ්ඩු විරෝධයයි. අප සිතන අන්දමින් නම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් බිය වැද්දීමට තරම් බලයක් එහි තිබුණේ නැත. දැනට රිමාන්ඩ් භාරයේ සිටින අප දන්නා ශාන්ත විජේසූරිය නම් එඩිතර වාම ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ එඩිතරකම එම වෙබ් අඩවියේ ශක්තියක් විය. ඔහු අද නීතියේ දැලේ පැටලී ඇත්තේ මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලුවක් හේතුවෙනි. අධිකරණයට අපහාසයක් වූ බව කියන පුවත නිවැරදි කරමින් ඒ පිළිබඳ සමා ආයාචනයක් වෙබ් අඩවියේ පළ කර ඇති බව ශාන්ත විජේසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන් හ. එහෙත්, දිනමිණ පුවත්පතේ සඳහන් වන අන්දමට නඩුවේ පාර්ශ්වයක් ද යන්න මාධ්‍ය වාර්තාවේ සඳහන් කර නැති පූගොඩ නීතිඥ සංගමය නම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ පීටර් මෙන්ඩිස් කියා ඇත්තේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් එය නිවැරැදි කර විකාශනය කිරීමෙන් හා වරද පිළිගැනීමෙන් පමණක් ම එම චෝදනාවෙන් නිදහස් නො වන බවයි. අපට දැන ගැනීමට ලැබී ඇති අන්දමට එදින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලු නීතිඥයන් ශාන්ත විජේසූරියට එරෙහිව පෙනී සිටීමට නැගී සිට තිබේ. විදුලි සංද

සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ඔන්න ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට මැරෙනකල් විශ්‍රාම වැටුප් ගෙවන්න රු. 200ක් ම දෙනවලු

Image
(2011 අප්‍රේල් 28,   W3Lanka )   පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නට ය කියා අරමුදල් පිහිටුවීම පිණිස රජය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිටි පනත් දෙක සේවක විරෝධය නිසා ඉවත් කර ගැනිණි. මහජන මුදලින් ව්‍යාපාර කරන හා ඒවායේ ලාභ විවිධාකාරයෙන් ගරා ගන්නා, පාඩු මහජනතාව පිට ම පටවන ලංකාවේ පාලක පැළැන්තියට ඇත්තෙන් ම උවමනා වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරි කර ඇති විශ්‍රාම පාරිතෝෂික මුදල් හා මාසිකව තපා ගන්නා තවත් මුදල් යොදවා තමන්ට පාලනය කළ හැකි තවත් දැවැන්ත ප්‍රාග්ධන අරමුදල් දෙකක් ගොඩනඟා ගැනීමයි. පෞද්ගලික අංශයේ හා විදේශ ශ්‍රමික සේවකයන්ට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් තහවුරු කර දීමේ හැකියාවක් මෙම විශ්‍රාම වැටුප් යෝජනාවල නැත. රජය ඔය කියන තරම් ම වැඩිහිටියන්ට ආදරය කරන්නේ නම් මුලින් ම කළ හැකි හොඳ ම දෙයක් වන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ යළි ඇගයීමක් කර ජීවත් වීමට නො සරිලන විශ්‍රාම වැටුප් ලබන වයස්ගත දිළින්දන් වෙනුවෙන් යමක් කිරීමයි. නිදසුනක් ලෙස, වයස 70 පසු කළ විශ්‍රාමිකයන්ට ඔවුන් විශ්‍රාම යන විට ලැබූ වැටුපෙන් 100%ක් ම විශ්‍රාම වැ

සෞඛ්‍ය ඇමතිගේ ගමේ රෝහලේ කාමරේ පොරේ

Image
(2011 අප්‍රේල් 27,   W3Lanka )  සෞඛ්‍ය ඇමතිතුමාගේ ගම වන පොළොන්නරුවේ මහ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක ය. වෛද්‍යවරුන්ගේ විවේක කාමරය හෙද පාලිකාවට දුන්නාට දොස්තරලා රණ්ඩු කරති. කාමරය ආපසු දොස්තරලාට දුන්නොත් හෙදියන් රණ්ඩු කරනු ඇත. හෙදියන් වර්ජනය කළත් පාඩුව රෝගීන්ට ම ය. ‍මෙතැන අභිමානය පිළිබද ප්‍රශ්නයක් ද ඇත. ඇමති මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමතිකමට පත් වූ හැටියේ මුලින් ම කළේ පොළොන්නරුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමයි. ඒත්, වෛද්‍යවරුන්ට විවේක කාමරයක් ලබා දීම හා හෙද පාලිකාවට නිල කාමරයක් ලබා දීම වැනි සරළ ප්‍රශ්නයක් විසඳීම‍ට හෝ ඇමතිවරයා සමත් වී නැති බවා පෙනේ. මේ කාමරේ පොරේ ඒ නිසා ය. (ජේ. එම්. මෝර්ටන් නම් ඉංගී‍්‍රසි නාට්‍ය රචකයා ගේ ‘බොක්ස් ඇන්ඩ් කොක්ස්’(Box and Cox) නමැති විකට නාටකයේ අනුවර්තනයක් ලෙස 1960 දී දයානන්ද ගුණවර්ධනයෝ ‘කාමරේ පොරේ’ නමින් නාට්‍යයක් කළේ ය.) ඇත්තෙන් ම, ලංකාවේ ප්‍රධාන රෝහල්වල දැඩි ඉඩකඩ හිඟයක් ඇත. බොහෝ ප්‍රධාන රෝහල්වල සායන පැවැත්වෙන කුඩා කුටි ඇඟිල්ලක් ගහන්නට තරම් හෝ ඉඩ නැති ඉරිදා පොළවල් වැනි ය. වාතාශ්‍රය පවා නැති මෙම සායන ඇත්තෙන් ම රෝග පතුරුවා හරින මධ්‍යස්ථාන ය. රෝහල් මෝචරියේ පවා ඉඩ

මයි කාර් මයි පෙට්‍රල්! හැබැයි බදු ආණ්ඩුවට

Image
(2011 අප්‍රේල් 26,   W3Lanka )  ධනවත් ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් පාවිච්චි කරන එන්ජින් ධාරිතාව වැඩි මෝටර් රථවලින් අය කරන ආනයන බදු වැඩි නො කරමින් මධ්‍යම පංතිකයන් පාවිච්චි කරන මෝටර් රථවලින් අය කරන ආනයනික බදු පමණක් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. ස්වයං රැකියා කරන්නන් හා පහළ ම මධ්‍යම පංතික කොටස් විසින් පාවිච්චි කරනු ලබන ත්‍රිරෝද රියවල ද ආනයන බදු වැඩි කර තිබේ. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු කුඩා පෙට්‍රල් මෝටර් රථ සඳහා දැනට අය කරන සියයට 95ක මුළු බදු ප්‍රතිශතය සියයට 120 දක්වාද සිලින්ඩර ධාරිතාව 1001 - 1600 වාහන සඳහා වූ සියයට 119 ක් වූ බදු ප්‍රතිශතය 128 දක්වා ද වැඩි කර තිබේ. පෙට්‍රල් හා ඩීසල් ත්‍රීරෝද රථ ආනයනයේ දී අය කරන ලද සියයට 38 ක් වූ බදු ප්‍රතිශතය ඩීසල් ත්‍රීරෝද රථ සඳහා සියයට 60 ක් පෙට්‍රල් ත්‍රීරෝද රථ සඳහා සියයට 50 ක් වශයෙන් ඉහළ දමා ඇත. මේ අනුව, දැනට රු. 1,020,000කට විකිණෙන මරුති 800 කාරයක මිළ රු. 125,000කින් පමණ ද, ඇල්ටෝ කාරයක් රු. 150,000කින් පමණ ද වැඩි වනු ඇති බව ආරංචි මාර්ග පවසයි. එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර් 1000-1600 අතර වන මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය කාර්වල

හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?

Image
(2011 අප්‍රේල් 25,   W3Lanka )   හම්බන්තොට වරායේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක් නිසා එයට නැව් ඇතුල් කළ නො හැකි බව විපක්ෂය පවසයි. ගල ගැන වාද කරන්නට තමන් සූදානම් බව විවාදයක් යනු කටින් හෝ අතින් පයින් ගසා අනෙකා මෙල්ල කිරීම යයි සිතා සිටින ශික්ෂණයේ ගැටලු ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයකු වන රෝහිත අබේගුණවර්ධන පවසයි. පවත්වන්නට නියමිත මේ වාදය පානදුරා වාදය වැනි එකක් වනු ඇද්දැයි අපි නො දනිමු. එයට ඇතැම් විට හම්බන්තොට වාදය හෝ ගලේ වාදය යයි කියා ඉතිහාසයේ සඳහන් වන්නට පුළුවන. ගලේ පැහැරූ බළලාට ඇති ප්‍රශ්නය වන්නේ ඒ අසූචි ගොඩ වසා ගැනීමට වැලි නැති වීමයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ වාර්තාවකට අනුව, වරාය බේසම හා පිවිසුම් මාර්ගය හෑරීමේ අමතර කටයුතු සඳහා චීන කොන්ත්‍රාත්කරු කජු ඇට කොස් ඇට නො වන රු. බිලියන 4.8ක් ඉල්ලා ඇති බව වරාය අධිකාරියේ සභාපති හා මේ වරාය හැදූ විශ්වකර්මයා වන ප්‍රියත් බන්දු වික්‍රම පවසා ඇත. මේ වනාහි මහජන මුදල් ගෙඩි රුපියල් 4,800,000,000කි. නැතිනම් කෝටි 480කි. ගම් 480කට කෝටිය, කෝටිය දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත  නංවන්නට වැය කරන්නට තිබූ මුදලකි. ‍දුප්පතුන්ට ‍රු. ලක්ෂ දහය බැගින් වටිනා ගෙවල් 4800ක්

අඩි හතරක් උඩ සිට පදවන රේසිං කාර් හෙවත් ලංකාවේ බර වාහන

Image
(2011 අප්‍රේල් 24,   W3Lanka )   වයඹ පළාත් පරිසර අධිකාරිය පැය 24ක් පුරා පවත්වන ලද ‍සෝදිසියකින් සොයාගෙන ඇති කරුණක් වන්නේ වැලි ප්‍රවාහනය කරන බර වාහනවලින් 70%ක් ම අයෝග්‍ය තත්වයේ ඇති බවයි. සෝදිසි සිදු වී නැතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිකිරීම් ව්‍යාපෘතිවලට ගල්, වැලි ආදිය සපයන බර වාහන බොහොමයක තත්වය මෙයයි. මෙම වාහන විසින් මහා මාර්ගවල ගමන් කරන සෙසු වාහන හා පදිකයන්ට ද, මාර්ගය දෙපස නිවෙස්වලට ද ඇති කරන අනතුරුදාක තත්වය හා භීතිය බලධාරීන් කිසිවකුගේ අවධානයට ලක් වී නැත. ගල්, වැලි, පස් ආදිය මග දිගට හලමින් අධි වේගයෙන් ධාවනය වන අබලන් ට්‍රක් රථ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුලබ දර්ශනයකි. දකුණු කොළඹ වරායේ ජැටිය ඉදි කරන්නට දැවැන්ත කළු ගල් ප්‍රවාහනය කිරීම පිණිස  ගාලු පාරේ පොතුපිටියේ පිහිටුවා ඇති  ජැටිය කරා ගල් ගෙන යන ට්‍රක් රථ නිසා කලුතර දිස්ත්‍රික්කයේ මහා මාර්ග මේ වන විට දැඩි ලෙස අනතුරුදායක ස්ථාන බවට පත් වී තිබේ. අයෝග්‍ය තත්වයේ පවතින මෙම බර වාහන බොහොමයක් ධාවනය වන්නේ අධි වේගයෙනි. මෙම රියවල රියදුරන්ට ඔවුන් ප්‍රවාහනයේ යෙදෙන වාර ගණන අනුව ප්‍රතිලාභ හිමි වන ක්‍රමයක් ක්‍රියාත්මක වීම නිසා ඔවුන් අධි වේගයෙන් ධ

එස්.බී.ට අවහ්‍ය සරසවිවල අවුලක් ඇති තරන්න ද?

Image
(2011 අප්‍රේල් 22,   W3Lanka )  මැයි මාසයේ සිට සරසවියට අලුකින් ඇතූළත් වන සිසුන්ට හමුදාව ලවා නායකත්ව පුහුණුවක් දීමට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සැලසුම් කර තිබේ. සරසවි සිසුන්ට හමුදාව විසින් සපයන නායකත්ව පුහුණුවක් අවශ්‍ය ද යන්න මතභේදයට තුඩු දී ඇත. නායකත්ව පුහුණුවක් සරසවි සිසුන්ට සපයන්නට විශ්ව විද්‍යාල අාචාර්යවරුන්ට බැරි ඇයි? තමන්ට වන අවමානය පවා නො තකමින් බත් කෑමට හා තමන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන කතා කිරීමට පමණක් කට අරින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නම් ඊනියා බුද්ධි මණ්ඩලයක් සිටින රටක මෙවැනි විකාර සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත.   අපට වැටහෙන අන්දමට නම්, මේ වනාහි මෙතෙක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් විසින් කරන ලද නවක වධය ද ආණ්ඩුව සියතට ගැනීම සඳහා යොදන උපායකි. සිසුන්ගේ මොළ සෝදා අන්තරේට සහාය දිනා ගැනීම පිණිස සිසුන් නවක වධය යොදා ගන්නා නිසා එය අනෙක් පැත්තට පාවිච්චි කර තමන්ට සිසු සහයෝගය දිනා ගැනීම සඳහා මෙම නව නවක වධය හෙවත් නායකත්ව පුහුණුව යොදා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පෙනේ. අයිතිවාසිකම් දිනා ගන්නට තමන් යටතේ සටන් කළ යුතු බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක වධය යොදා ගනිමි

සය වසරක් ඇමතිවරයකු ළඟ සැඟවී සිටි අපරාධකරුවෙක්‍: තවත් කී‍ දෙනෙක් ඇද්ද?

Image
(2011 අප්‍රේල් 22,   W3Lanka )   ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇරැයුමෙන් කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ විදේශිකයකු 2005 වසරේ ජුනි මාසයේ සිය මවුබිමට ගිය අවස්‌ථාවක දී ඔහුට අයත් ගිණුමකින් ‍හොර අත්සන් යොදා අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගත් ජේ. එම්. බුද්ධික ජයසිංහ නම් සැකකරුවකු මෙතෙක් කල් අධිතරණයෙන් හා රහස් පොලිසියෙන් සැඟවී සිට පසුගියදා අත්අඩංගුවට පත් වී තිබේ. මේ පුද්ගලයා සැඟවී සිට ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ය. අන්තිමට ආචාර්ය, බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු මර්වින් සිල්වා ඇමතිගේ මහජන සම්බන්ධීකරණ අමාත්‍යංශයේ ය. ඒ නිකම් නො වේ. ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරක් ද දරමින් මහජන මුදලින් වැටුප් ද ලබමිනි. ඒ සම්බන්ධීකරණ ලේකම්කම ද සුළුපටු එකක් නො ව, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධුරයකි.  වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟවි සිටි සැකකරු අප්‍රේල් මුල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සමග ගොස් ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පරණ යකඩ ව්‍යාපාරිකයකු මරාදමන බවට තර්ජනය කර රුපියල් ලක්‍ෂ පහක කප්පමක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙ

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

Image
(2011 අප්‍රේල් 21,   W3Lanka )   එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ලංකාව සම්බන්ධයෙන් ,උපදෙස් දීම පිණිස පත් කරන ලද විද්වත් කමිටුව ලංකාවේ රජය විසින් මුල සිට ම ප්‍රතික්ෂේප කරන ලද එකකි.  එහෙත් රජය මෙම කමිටුව පිළිබඳ අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. එළිපිට ප්‍රතික්ෂේප කළ කමිටුව හොර රහසේ හමු වීමට රජය විදේශ ඇමති ජී.එල්. පීරිස් යැවුවේ ය.  කමිටු වාර්තාව නිකුත් වූ පසු නැවතත් ආණ්ඩුවට කමිටුව එපා වී ඇත.  ආණ්ඩුවේ ප්‍රතිපත්ති බොහොමයක් මෙවැනි ය. නිශ්චිත එක් ජාතික ස්ථාවරයක ඉඳිමින් කටයුතු කරනවා වෙනුවට රට කරවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත රජයේ ප්‍රතිපත්ති පමණත් නො ව රටේ නීතිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරන ආකාරය නිතර දක්නට ලැබේ.  ආණ්ඩුවට සහාය දක්වන දේශපාලකයන් වන චන්දන කත්‍රිආරච්චිට එරෙහිව දස වසක් තිස්සේ විභාග වෙමින් තිබුණ නඩුවක මිනීමැරුම් චෝදනා නීතිපතිවරයා හිටි හැටියේ ඉවත් කර ගත්තේ ය. මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව තිබූ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව ද ඉල්ලා අස් කර ගත්තේ ය. මෙම තත්වය කෙතරම් නරක එකක් වී ද යත් අග්‍ර විනිශ්චයකාරතුමාට පවා නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය නො කර සි

ආශ්චර්යවත් ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධතා යනු මොනවාද?

(2011 අප්‍රේල් 20   W3Lanka )   ග්‍රෑන්ඩ්පාස්‌හි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂ 98 කට අධික මුදලක්‌ වංචා කිරීමේ සිද්ධියකට අවශ්‍ය සැකකරුවෙක්‌ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය. (අද දිවයින) කියවන්න:  මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය මේ වාර්තාව එන්නේ පෑලියගොඩ දී රඟ දැක්වුණු මාළු කඩේ නාඩගමෙන් පසු ය. එහිදී කප්පම් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇමති මර්වින්ගේ ගෝලයන් රැසක් තවමත් රිමාන්ඩ් භාරයේ ය. ධීවර ඇමති රාජිත සේනාරත්න කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වාට ඍජුව ම චෝදනා කළේ ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කප්පම් කල්ලි අත්අඩංගුවට ගැනීමට දැඩිව ක්‍රියා කළේ ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා ඇමති මර්වින් සිල්වාට එරෙහිව ක්‍රියාමාර්ග නැත. රාජිත සේනාරත්න යනු තවත් ආශ්චර්යයකි. ඔහු කප්පම් ගන්නේ නැත.

මහින්දගේ පසුපස එක්සත් ජාතීන්ගේ දඩ බල්ලන් හඹා ඒමට හේතු

Image
(2011 අප්‍රේල් 19,   W3Lanka )   ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම පිණිස පත් කර ඇති විද්වත් කමිටුවේ වාර්තාවෙන් ලංකාවේ පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබද බරපතල කරුණු මතු කර තිබේ. මෙම චෝදනා එල්ල කර තිබෙන්නේ රජයට පමණක් නො වේ. කොටි සංවිධානයට ද චෝදනා එල්ල වී ඇත. කොටි සංවිධානයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වග කියන්නට ඉතිරි වී සිටින ප්‍රබල ම පුද්ගලයා වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. ද දැන් ඉන්නේ ආණ්ඩුවේ ය. ඒ නිසා දැන් යුද අපරාධ චෝදනාවලින් කොටි සංවිධානය බේරා ගන්නත් ආණ්ඩුවට සිදු වී ඇති බව පෙනේ. අනෙක් පැත්තෙන්, ආණ්ඩුව මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වී නැති බවයි. ඇත්තෙන් ම, ආණ්ඩුව පසුගිය කාලයේ ගෝලීය ධනවාදය සමග පැමිණි සම්මුතියේ ස්වභාවය අනුව, තමන්ට කිසියම් සමාවක් ලැබේ යයි බලාපොරොත්තු වීම සාධාරණ ය. ආණ්ඩුව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග එක්ව පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කරන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් නව ලිබරල් වැඩසටහන අපූරුවට ක්‍රියාත්මක කරමින

අපේ 'කොල්ලෙකු' දිනවන්න - ඔබත් මනාපයක් දෙන්න

Image
(2011 අප්‍රේල් 18,   W3Lanka )   ටයිම් සඟරාවට සිටින පාඨක පිරිස අතරින් වැඩි දෙනා ලාංකිකයන් බව ඔප්පු වෙමින් තිබේ. මේ පිටුව බලන්න . මෙහි ඇති කමෙන්ටු අතරින් වැඩි හරියක් ලංකාවේ ජනාධිපති ගැනයි. 'ටයිම් 100' ලෙස නම් කර ඇති මෙම තරගයේ තෝරන්නේ ලොව වඩා ම influential පුද්ගලයන් 100යි. influential people නම් යෙදුමෙහි අරුත දිනමිණේ කියන අන්දමට නම් 'ආකර්ෂණීය පුද්ගලයා' ය. දිවයිනේ සඳහන් වන අන්දමට නම් 'බලගතුම පුද්ගලයා' ය. ඒ වදන් තෝරා ගන්නට ඇත්තේ ඒ ඒ පුවත්පතේ කර්තෘවරුන්ගේ රාජ පක්ෂපාතිත්වයට සරිලන අන්දමින් වන්නට ඇත.  අප ශබ්ද කෝෂ පරිශීලනය කර සොයා ගත් දේ අනුව influential යනු influence එකක් ඇති කිරීමේ හැකියාව තිබෙන යන අරුත දෙයි.  ඒ අනුව, influential යන වදන ලේඛකයාට පරිවර්තනය කළ හැකි හොඳ ම ආකාරය වන්නේ 'බලපෑමක් ඇති කළ හැකි' යනුවෙනි. මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොව වැඩි ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් අතරින් පාඨක ඡන්දයෙන් සිව්වන ස්ථානයට තේරී පත් වී තිබේ. ඔහුට පළමු ස්ථානයට පත් වන්නට ඔබට ද උදව් කළ හැකි ය. ඔබේ මනාපය හෝ මනාප ලබා දීමට මෙතැනින් පුළුවන.  බිය විය යු

සුනාමි අනතුරු ඇඟවීම් හා භීතිය විකුණන සරසවි මන්ත්‍රාචාර්යවරු

Image
(2011 අප්‍රේල් 17,   W3Lanka )   සුනාමි පිළිබඳ කටකතා පැතිර යාම නිසා මේ දිනවල වෙරළබඩ ප්‍රදේශවල ජනයා නිතර කලබල වෙති. සුනාමි අවදානමක් ඇතැයි පැතිරෙන කටකථා වලට නොරැවටෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒවා පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, අවදානම් කලාපවල සිටින ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තොතරම් කීවත් මිනිස්සු කට කා අසා බිය වෙති. විද්‍යාවට වඩා අවිද්‍යාව, මිථ්‍යාව හා අද්භූත බලවේග විශ්වාස කරන්නට ලංකාවේ මිනිස්සු කොහොමත් ප්‍රිය කරති. එවැනි විශ්වාසයන්ට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. ජාතීන් අතර ගැටුමේදී සිංහල පාර්ශ්වයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස ජාතිවාදී බලවේග විසින් ප්‍රවර්ධනය කරන ලද ස්වෝත්තමවාදී ආකල්ප මෙම මිථ්‍යාවන්ට සරු පසක් විය. අද වන විට, ලංකාවේ පඳුරක්, පඳුරක් ගානේ විශ්ව ශක්තියෙන් හා වෙනත් අද්භූත බලවේගවලින් වැඩ ගන්නා වැඩකාරයෝ සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් සායනික ප්‍රතිතාර අවශ්‍ය මානසික රෝගීන් වන අතර, තවත් ඇතැමෙක් කූට ජාවාරම්කරුවෝ ය. ලංකාවේ මහජන මුදලින් ජාවාරම් කරන පාලක පැළැන්තිය මොවුන්ගේ ප්‍රධාන ගනුද

අවුරුදු ආසිරි

සු බ අ ලු ත් අ වු රු ද් ද ක් වේ වා ! අප්‍රේල් 17 සිට නැවත දිනපතා අලුත් වෙමු.

ඉන්දියාවේ බලයට එරෙහිව මොළය පාවිච්චි කිරීම හා ජවිපෙ

Image
(2011 අප්‍රේල් 12,   W3Lanka )   "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතීන් හා සමාන තත්ත්වයන් සහතික කරමින්" ශ්‍රී ලංකාව සිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතු බවට ඉන්දියාව බලකරන බව ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි කළ ප්‍රකාශයෙන් ලංකාවේ ඉන්දීය විරෝධය සඳහා පේටන්ට් බලපත්‍රය ඇත්තේ තමන්ට යයි සිතන ජනතා විමුක්ති පෙරමුණ උදහස් වී තිබේ. ජවිපෙ නැවතත් කියන පරිදි "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණපාන ගැටලු විසඳමින් සැබෑ ජාතික සමගිය ඇති කිරීමට වත්මන් පාලනයට හෝ වත්මන් ධනපති ක්‍රමයට නොහැකි බවත් එය සිදුකළ හැක්‌කේ වංචාකාරී ව්‍යවස්‌ථා වෙනසකින් නොව සියලු ජනතාවන්ට සම අයිතීන් හා සම අවස්‌ථා ලබාදෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන, සියලු වර්ගයේ ජාතිවාදයන් හා පීඩනයන් පිටුදකින සමාජවාදී සමාජයකදී" ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නැත. මන්ද, ඔය කියන අන්දමේ සමාජවාදය හුදු පරමදර්ශයක් පමණක් වන බැවිනි. 'ඉන්දීය ආධිපත්‍යවාදීන්ගේ' අරමුණ හඳුනා ගන්නා ලෙස ජනතාවට අවධාරණය කරන ජවිපෙ අරමුණ හඳුනා ගැනීම ජනතාවට වැදගත් වේ යයි අපි සිතමු. 1971ට පෙර ජවිපෙ පංති පහෙන් එ

පෑලියගොඩ මාළු, ෆෙඩරල් මර්වින් හා අලකේශ්වර

Image
(2011 අප්‍රේල් 11,   W3Lanka )   පෑලියගොඩ මාළු වෙළඳපොළේ ජංජාලය වැදගත් දේශපාලන සිද්ධියකි. මන්ද, එය හුදු මර්වින් සිල්වා හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් දෙපළ අතර ගැටුමක් නො ව, ධනවාදය හා පසුගාමිත්වය අතර ගැටුමක් වන බැවිනි. ධීවර ඇමති රාජිත සේනාරත්න ම පවසන පරිදි පෑලිගොඩ කප්පම් කල්ලි පිටුපස ඇමති මර්වින් සිල්වා සිටියි. පෑලිගොඩ නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මර්වින් සිල්වාගේ මැරයන් බව කියන පුද්ගලයන් 14ක් මේ වන විට කප්පම් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු තවත් හයදෙනෙක් නීතියෙන් බේරීමට සැඏවී සිටිති. මර්වින් සිල්වා ද මරු විකාරෙන් මෙන් ඩී.ඒ. රාජපක්ෂ මහින්ද පියාණන් ගැන නන් දොඩවමින් සිටියි. ඔහුට අන්තිම ගැලවිල්ල ඇත්තේ ඒ සම්බන්ධයෙහි ය. පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය මේ වන විට ප්‍රදේශයේ පොලිසියේ ආරක්ෂාවෙන් ඉවත් කර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානයත යටතට පත් කර තිබේ. මර්වින් සිල්වාගේ තර්කය වන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පාලනය පෑලියගොඩ නගර සභාවට හිමි විය යුතු බවයි. මෙය ෆෙඩර්ල්වාදී තර්කනයකි. ගමේ දේ පාලනය කිරීමේ බලය ගමට හිමි විය ය

අවුරුද්දට තෑග්ගට පොතක්! සයිබර් අවකාශයෙන් බැහැර මහ පොළවේ අත්දැකීමක්

Image
(2011 අප්‍රේල් 10, W3Lanka ) සයිබර් අවකාශයෙන් මහ පොළවට එන්නැයි ඇතැම් පණ්ඩිතයෝ අපට උපදෙස් දුන් හ. තවත් සමහරු අපට අභියෝග කළේ කොළඹින් ගමට එන්නැයි කියා ය. ඒත්, අපි හැමදාමත් ජීවත් වුණේ ගමේ ය. සයිබර් අවකායට පිවිසුණේ ද ගමෙන් ම ය. සයිබර් අවකාශයට වඩා වැඩි කාලයක් අපි මහ පොළවේ කරක් ගැසුවෙමු. මහ පොළව කටුක වුණත්, ෆේස්බුක්, ට්විටර්, බ්ලොගර් හා ජීමේල්වලට වඩා සජීවී ය. ඒ නිසා අපි මහ පොළවට ආදරය කරමු. අපි අලුතෙන් වැඩකට අත ගැසුවෙමු. මහ ලොකු දෙයක් නො ව සංස්කෘතික කේන්ද්‍රයක් ඇරඹීමේ උත්සාහයකි. මතුගම, අගලවත්ත පාරේ, අංක 220 යන ස්ථානයේ අපි සංස්කෘති නමින් මධ්‍යස්ථානයක්, ආයතනයක් වැනි දෙයකට මුල පිරුවෙමු. අලුත් අවුරුද්දට පොතක් තෑගි දෙන්න යන තේමාවෙන් අපි පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නෙමු. ‍අගහස් ප්‍රකාශන ආයතනයේ රංජිත් දිසානායක සහෝදරයා අපට ‍පොත් රැසක් ණයට දුන්නේ ය. අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ප්‍රචාරයයි. මේ පිළිබඳවා පාසල් සිසුන් හා ‍ජනතාව දැනුවත් කරන ලෙස අප ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගෙන් හා සෙසු ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ සුළු පිරිසකි. කොළඹ පත්තරවලින් ද ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා ගැනීම