තැඹිලි පාට සාරි ඇඳීමට වඩා බොහෝ දේ අවශ්‍යව තිබේ
Praja.lk (Follow our Whatsapp channel: https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p ) තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ. එහෙත්, බිම් මට්ටමේ සමාජභාවය මත පදනම්ව ප්‍රචණ්ඩත්වයට ලක්වන පිරිස් අඩු තරමේ එය කුමක්දැයි කියාවත් දන්නේ නැත. අඩු තරමේ 2005 අංක 24 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්ව පනත කියා එකක් මේ රටේ අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක බව දන්නේ නැත. ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම 12වන වගන්තියට පටහැනි බවයි. එමගින් සම ලිංගික විවාහ සිදු විය හැකි බවක් ද කියැවිණි. ඒ පිළිබඳව කාදිනල් හිමියන්ගේ අදහස වූයේ ලිංගිකත්වය තෝරාගැනීමට නොහැකි බව හා උපතින් ලැබෙන ලිංගිකත්වය භාරගත යුතු බවයි. ත්‍රෛනිකායික මහනායක හිමිවරු එය ආගමට හා සංස්කෘතියට පටහැනි බව ප්‍රකාශ කළහ. කාන්තාවන් 23ක් පාර්...