Posts

ආනුෂාංගික පහසුකම්වලට මඩගැසීම

Image
ගිය සතියේ අප සාකච්ඡා කළ, සිංහල දේශපාලන ශබ්දකෝෂයේ පවතින ඉංග්‍රීසි වචන අතරින් මග හැරුණු වැදගත්ම වචනයක් තමයි පාර්ලිමේන්තුව. එය කෙළින්ම ඉංග්‍රීසි parliament නම් වදනින් හදා ගත්ත සිංහල වචනයක්. එහි මුල් උච්චරණය පාලමන්ට් වුණත් ලාංකික ඉංග්‍රීසි උච්චාරණ විධිය අනුව එය පාලිමන්ට්. සිංහල වචනය පාර්ලිමේන්තුව. ඉන්දියාවේ නම් මේ වෙනුවෙන් ලෝක් සභා කියා වචනයක් තිබෙනවා. පසුගිය දිනවල නිතර භවිතා වුණ අපභ්‍රංස වචනයක් තමයි ආනුෂාංගික පහසුකම් කියන එක. මෙය ප්‍රචලිත වුණේ කැසිනෝ සම්බන්ධ පනතත් එක්ක. අදාළ හෝටල් ව්‍යාපෘති සමග ආනුෂාංගික පහසුකම් කියා වචනයක් යෙදී තිබුණා. එහි තේරුම 'ඒ සමග යන' කියන එකයි. එයට සුදුසු පරිවර්තනයක් ලෙස මා හඳුනා ගත්තේ incidental කියන වචනයයි. ඒත‍්, අපේ පාඨකයෙක් පෙන්වා දුන්නා, පනතේ සිංහල පිටපතට අනුව අනුශාංගික පහසුකම් කියන්නේ associated facilities කියන එක බව.  හුඟක් සිංහල පාරිභාෂික වචනවලට වඩා ඒවාට මුල් වුණ ඉංග්‍රීසි වචන තේරුම් ගන්න පහසුයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ වචන සම්පාදකයන් ව්‍යවහාරික භාෂාවට වඩා ආචීර්ණ කල්පික පාලි, සංස්කෘත වැනි භාෂාවන්ට වහල් වීම. වචන හැදීම ගැන කතා කරනකොට සිහිපත් වෙන...

වෙසක් දවසේ විජය හා ලයනල් සිහිපත්ව

Image
හෙට වෙසක් ය. මේ ගීය ‍පද මාලාවත් සමග ෂෙයා කර තිබුණේ අපගේ ෆේස්බුක් මිතුරකු වූ දමිත් කේතක ය. කලක් අප ද සම්බන්ධ වී සිටි ජවිපෙ විසින් විජය කුමාරතුංග මරා දමන ලදී. ජවිපෙ වෙනුවෙන් විජය මැරූ බව කියන ලයනල් ද රජය විසින් නො නිල අන්දමින් මරා දමන ලදී. ලයනල් ජවිපෙට සම්බන්ධ වුණේ විජය මරන්නට නොවේ. සමාජවාදය ‍ගොඩනගන්නට ය.  ලයනල්ගේ නම ඉතිහාසයේ සටහන් වන්නේ මිනීමරුවකු ලෙස පමණි.  එහෙත්, ඔහු අනම්‍ය විප්ලවවාදියකු විය.  විජය මිය ‍ගියේ ද සමාජ ප්‍රජාතාන්ත්‍රික දේශපාලකයකු, සමාජවාදියකු, එඩිතර මිනිසකු, සංවේදී කලාකරුවකු මෙන් ම ආදරණීය සහෝදරයකු ද ලෙසයි.   විජයට එදිරිව ලයනල්ගේ නම ලියවුණත්, විජයත්, ලයනලුත් එක ම කුලකයක මිනිස්සු ය.  මේ මරා ගැනීමෙන් අපට හිමි වුණේ මිතුරන් අහිමි වීම පමණි.  මම ආගමිකයකු නො වෙමි. එහෙත්, උතුම් දාර්ශනිකයකු වූ බුදු හිමියන් ගැන මගේ ගරුත්වයත්, විජය හා ලයනල් යන දෙදෙනා ගැනම ඇති සෙනෙහසත් මම මේ ගීයෙන් මේ වෙසක් දිනයේ බෙදා ගනිමි. මහ ශාක්‍ය කුලේ…. මහ ශාක්‍යකුලේ ක්‍රීටය - සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්බේ.. මහ ශාක්‍ය කුලේ…. මහ ශ...

රටට අවශ්‍ය වෙනස කුමක්ද?

Image
ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට දියත් වෙමින් තිබේ. අප මෙය මාධ්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වන්නේ අන් කිසි හේතුවක් නිසා නොව එය මෙහෙයවනු ලබන්නේ තනිකර ම අධිපති ධාරාවේ මාධ්‍ය විසින් වන බැවිනි. දේශපාලන පක්ෂ වනාහි මාධ්‍ය විසින් නැටවෙන නූල් රූකඩ විශේෂයකි.  නිදසුනක් ලෙස, සිදු විය යුතු හමුවීම් පිළිබඳ ඉඟි මුලින් ම දෙන්නේ මාධ්‍ය විසිනි.  සෝභිත හිමි හමු වන්නට අනුර ගියා, ඉන්දියන් තානාපති ගියා වැනි පුවත් දැන් පළ වෙමින් තිබේ. ඊළඟට ඇමරිකන් තානාපති, රනිල්, රතන හිමි, ෆොන්සේකා විමල් වීරවංශ, නිමල් සි‍රිපාල හා මර්වින් සිල්වා (නැවතත්) වැනි නම් කියවෙනු ඇත. මේ වන විට මහින්දට එරෙහිව ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෙසේ ඉදිරියට ගනිමින් තිබෙන්නේ සෝභිත හිමිගේ නාමේ ය. එම යෝජනාව විසින් මහින්ද ද තැති ගන්වා තිබේ. මන්ද, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වැනි අධම බලවේග යොදවා ජාතිවාදය අවුස්සා දිනා ගන්නට ඉලක්ක කරගෙන සිටි සිංහල බෞද්ධ ඡන්ද පදනමට සෝභිත හිමියන් යහපත් අන්දමින් තට්ටු කරන්නට ඉඩ තිබෙන හෙයිනි. මහින්දගේ අතින් කන මේ මාධ්‍ය මුදලාලිලාට හා මාධ්‍ය තරැව්කාරයන්ට ද මහින...

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා සෝභිත හිමි නම්.......

Image
පසුගිය දිනෙක අපි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක් ඉදිරිපත් කළෙමු. එම යෝජනාව මත පදනම්ව මෙතැනත්, වෙනත් තැන්වලත් සංවාදයක් අවදි කරන්නට අපට හැකි විය.  අපගේ යෝජනාව හා සම්බන්ධව මතු කෙරුණු මූලික අදහස් මෙවැනි විය. පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතු ය.   ඔහු / ඇය සමාජය හොඳින් දන්නා අයෙක් විය යුතු ය.  ඔහු / ඇය ජනතාව අතර හොඳින් අලෙවි කළ හැකි පුද්ගලයෙක් විය යුතු ය. කොටින් ම කියනවා නම්, ඔහු / ඇය සම්බන්ධයෙන් ජනතාව අතර හොඳ ඉල්ලුමක් ඇති විය යුතු ය.  මෙම කාරණාවලට අදාළව ගත් විට, දැනට සිටින නිර්මාල් රංජිත් දේවසිරි යනු එතරම් ශක්තිමත් තරගකරුවෙක් නො විය හැකි බව මම පිළි ගනිමි. එහෙත්, මා යෝජනා කරන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ගොඩනැගීම පිළිබඳවයි. එය වනාහි සියලු දේශපාලන බලවේගවල මැදිහත් වීමෙන් බිම් මට්ටමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතු බව ද මම අවධාරණය කරමි. ජනාධිපතිවරණය ජය ගැනීම තරමට ම හෝ ඇතැම් විට එයටත් වඩා, මෙම ජනාධිපතිවරණ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වැදගත් ය. එපමණක් නොව, ඇතැම...

ඊ සිගරට්ටුවෙන් ජීවිතය අලුතෙන් උරා බීමේ ධනවාදය

Image
Photo: Yamu.lk ධනවාදය තුළ ලාභය අතිශය වැදගත් සාධකයක්. එහිදී මිනිස් නිර්මානශීලිත්වය ‍යොමු වන්නේත් ලාභ ලැබීමේ අලුත් මාර්ග පාදා ගැනීමටයි. ධනේශ්වර ආර්ථික වර්ධනය මනින්නේ පර‍ිභෝජනය මත පදනම් වෙලා ය කියා තර්ක කරන්නට පුළුවන්. ධනේශ්වර ආර්ථික වර්ධන වේගය ගණනය කිරීමේදී උපයෝගී කර ගන්නේ දළ දේශීය නිෂ්පාදිතය හෝ දළ ජාතික නිෂ්පාදිතයයි. මෙහිදී නිෂ්පාදනය කරන්නේ කුමන ආකාරයක භාණ්ඩ හා සේවාවන් ද කියන එක සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස් සමාජයට විනාශකාරී ප්‍රතිඵල අත් කර දෙන අවි ආයුධ නිෂ්පාදනය හා භාවිතය වුණත් ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඉවහල් වෙනවා. ලාභ ලැබී‍මේ අරමුණ මත මිනිස් සමාජය ධාවනය වීම හේතු කරගෙන මතු වන ගැටලු රාශියක් තිබෙනවා. අපි අද කතා කරන්නට යන කාරණය මේ සඳහා උදාහරණයක්. පසුගිය දිනෙක ස්කැන්ඩිනේවියානු රටක ජීවත් වන මගේ මිතුරෙක් මට කී ආකාරයට දැන් ඊ සිගරට් ඒ රටේ ඉතා ජනප්‍රියයි. ඊ සිගරට් කියන්නේ මොනවාද? තවම ලංකාවේ වෙළඳ‍පොළ ගැඹුරින් විනිවිද නැති ඊ සිගරට් ගැන හඳුන්වා දෙන්න නෙමෙයි මෙම ලිපිය ලියන්නේ. ධනවාදී නිෂ්පාදන රටාවේ ලාභ ලැබීමේ ආන්තික අරමුණ තේරුම් ගැනීම හා එළඹෙන අනතුරක් ගැන කතා කිරීම තමයි අපේ අරමුණ. එහෙ...

අපරාධකරුවන් අතින් පොලිසිය ටයර් උඩ යන ආශ්චර්යවත් යුගය

Image
සාමාන්‍යයෙන් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී ම‍රා දැමීම සම්බන්ධයෙන් 'කීර්තියක්' ඇත්තේ පොලිසියටයි.  මෑතක් වනතුරු ම පොලිසියට අත තබන්නට සමත් අපරාධකරුවෝ නො සිටිය හ. එහෙත්, වත්මන් ආණ්ඩුව විසින් උදා කර දී තිබෙන ආශ්චර්යවත් තත්වය තුළ දැන් පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් වධ දී මරා දමන්නට සමත් අපරාධකරුවෝ ද බිහි වී සිටිති.  ඕනෑම අපරාධයක කෙළවරේ හමුදා පුහුණුව ලද පුද්ගලයෝ සිටිති. ත්‍රස්තවාදය නැති කරන්නට ය කියා කරන ලද යුද්ධය වෙනුවෙන් පුහුණු කරන ලද සොල්දාදුවන් අතරින් අලුත් ත්‍රස්තවාදීන් පිරිසක් බිහි වී තිබේ.  ඔවුහු රිසි සේ සොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත්‍රී දූෂණ ආදියේ යෙදෙති. මෙම පුද්ගලයෝ දේශපාලකයන් සමග ද සමීපව කටයුතු කරති.  දේශපාලකයෝ මංකොල්ල කති. ජනතාව එවැනි මංකොල්ලකරුවන් සිය නියෝජිතයන් ලෙස තෝරා පත් කර ද ගනිති.  වැදගත් වන්නේ සල්ලිවලින් ගෙවන ජීවිතය මිස සල්ලි හම්බ කළ ආකාරය නො වේ. කුමන ආකාරයකින් හෝ ධනවතකු වුවහොත් බලය ඔහු සොයා එයි. සමාජය ඒ ධනවතුන්, බලවතුන් වන්දනා කරයි.  රටේ නායකයන් වී සිටින්නේ මහා පරිමාණ මහජන මුදල් මංකොල්ලකරුවෝ ය. මානව වර්ගයාට එරෙහි ආර්ථික අ...

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක්

Image
අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව ෆෙස්බුක් ඔස්සේ ආචාර්ය සුමනසිරි ලියනගේ කදිම යෝජනාවක් කර තිබිණි. පොදු අපේක්ෂකයකු ඉහළින් වැටෙනකල් බලා ‍නො සිට පොදු අපේක්ෂකයකු ගොඩනැගීම සඳහා අප මැදිහත් විය යුතු බව මම ද සිතා සිටියෙමි. ඒ සමග ම මෙම යෝජනාව ද කරමු. පොදු ජනතා ජනාධිපතිවරයකු අතින් සිදු විය යුතු කාර්යභාරය කුමක් ද යන්න ගැන ද සංවාදයක් ආරම්භ කළ යුතු ය. අපි පහත සඳහන් යෝජනාව කරමු. පොදු ජනතා ජනාධිපතිවරයා විසින් නිශ්චිත කාල රාමුවක් තුළ, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මහජන අදහස් ලබා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ සමස්ත ලාංකිකයන්ට ම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කර සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු ය.    ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යෝජනා කරමුදැයි ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි.  ඇත්තෙන් ම, ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වන්නට අවශ්‍ය දේශපාලනික සුදුසුකම් ඔහු සතු ය.  ඔහු සමග දේශපාලනය කිරීමෙන් ලද අද්දැකීම් ඔස්සේ අප දන්නා තරමට නිර්මාල් යනු අව්‍යාජ, නො පසුබසින සටන්කරුවෙකි. නම්‍යශීලී පුද්ගලයකු වුවත්, යටත් වන්නෙක් නොවේ. අන්තවාදි...

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කවරෙක් විය යුතු ද?

Image
අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය: මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි කරන්නට වඩා තව දුරටත් බෙදන්නට ඉවහල් වන්නට ඉඩ තිබේ. ශිරානි බංඩාරනායක: ඉතා ප්‍රතිගාමී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කීපයක් සඳහා උපකාර කළ කෙනෙකි. දේශපාලනික පරිණතකමක් ඇත්තේ ම නැත. අද ඇය මුහුණ දී සිටින ‍නඩුවලට හේතුව ඇගේ සමාජ ජීවිතයේ අපරිණතකමයි.  චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග: මැය‍ගේ ජනාධිපති වාර දෙකක කෙ‍රුවාව සිහිපත් කර ගැනීම ඇය ගැන තීරණයක් ගැනීමට ප්‍රමාණවත් ය.  සජිත් ප්‍රේමදාස: ගිලෙන්න යන එක්සත් ජාතික පාක්ෂික‍යන්ට එල්ලෙන්නට තිබෙන පිදුරු ගසයි. අදක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂය තුළවත් බලය ලබා ගන්නට බැරි මොහුට මහින්ද රාජපක්ෂ පරදවන එක සිතන්නටවත් බැරි ය.  රනිල් වික්‍රමසිංහ: උපායික දේශපාලනයෙහි...

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සටන් ප්‍රතිගාමී ද?

Image
මේ වන විට දියත් වෙමින් තිබෙන හෙදියන්ගේ වැඩ වර්ජනය වෘත්තීය අරගලයක් ලෙස තේරුම් ගැනීම පිළිබඳ ැටලු තිබේ. එය වනාහි වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන කරන වර්ජනයක් නොවේ. එහි අරමුණ අලුතින් සේවයට එක් වන හෙදියන්ට සිය මූලික පුහුණුවේ කොටසක් ලෙස සූතිකාගාර පුහුණුව ලබා ගැනීමයි. වර්ජනය කරමින් සිටින හෙදියන්ට මෙම වර්ජනයෙන් තමන් මුහුණ දෙන සැබෑ ගැටලු කිසිවක් විස‍ඳෙන්නේ නැත.  වැටුප්, අතිකාල දීමනා, අනතුරු දීමනා, නිල ඇඳුම් දීමනා ආදිය ප්‍රමාණවත් නොවීම, අධික ලෙස වැඩ කරන්නට සිදු වීම, රාත්‍රී සේවා මුර කරන හෙදියන් සඳහා විවේක කාමර ආදී ගැටලු රාශියක් තිබියදී, ඒ සියල්ල පසෙක තබා තමන්ගේ තත්වය පිළිබඳ ව්‍යාජ සටන් පාඨයක් මත සමස්ත හෙද ප්‍රජාව ම පාහේ එකාවන්ව නැගී සිටින ස්වභාවයක් දක්නට ලැබේ.  මෙම නැගී සිටීමේදී හෙද නිලධාරීන්ගේ මහා අනෙකා වී තිබෙන්නේ ඔවුන්ගේ හිමිකම් අවුරාගෙන සිටින ආණ්ඩුව හෝ එසේ හිමිකම් අැහිරීම සඳහා ආණ්ඩුවට සේවය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි හොරිකඩ වෘත්තීය සමිති නායකත්වය නො වේ. මෙහිදී අනෙකා වී තිබෙන්නේ වින්නඹුවරියන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.  හෙද හෙදියන් වැටුප් ශ්‍රමිකයන් ලෙස තමන්...

සමාජ ඛෙදවාචකවලින් ජීවත් වන ලියන අප්පුලා නිවැරදිව කියවීම

Image
ඩී.බී.එස් ජෙයරාජ් වසර 25කට පසු ලංකාවට පැමිණ 1971, 1989 කැරැලි වගේ ම, දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය දෙමළ සිවිල් යුද්ධයත් ඇත්තෙන් ම දැවැන්ත සමාජ ඛෙදවාචක. 1989 කැරැල්ලට සහභාගි වූ අයෙක් වුණත්, සිව් වතාවක් හිරේ ගිහින් තිබුණත්, එළියකන්ද වධකාගාරයේ විතරක් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියත් මට ඒ විස්තර රස කතාවක් ලෙස කියන්න හෝ ලියන්න බැහැ. ක්ෂතිමය අත්දැකීමක් ගැඹුරින් වින්ද කෙනෙකුට එය රස කතාවක් ලෙස තවත් අයෙකුට කියන්න බැහැ. සති දෙකක් එළියකන්දේ හිටපු කෙනෙක් ලියූ අර්ධ සත්‍ය වාර්තාවක් ‍පොතක් ලෙස පළ වී තිබෙනවා. මට නම් එය ප්‍රබන්ධයක්. මටත් වඩා එතැන ගැන දන්නා අය මේ රටේ ඉන්නවා. ලංකාදීපයේ දියත කෑල්ල මෙවැනි කතා පළ කරන තැනක්. මට නම් එහි කිසිම රසයක් නැහැ. මම එය පෙරළා බලා තිබෙන්නේත් අවස්ථා කීපයක් විතරයි. සාම සාකච්ඡා පැවති වකවානුවේ හිරු පුවත්පත වෙනුවෙන් අප කොටි සංවිධානයේ සිනමා අංශය සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. එහි සිටි එක් ආබාධිත තරුණයෙක් වීඩියෝ කැමරාකරුවකු ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට ගොස්, ප්‍රහාරයකට ලක් වී, මාරාන්තික තුවාල ලබා, සතුරු ප්‍රදේශයක සිට දින ගණනාවක් තිස්සේ පණ බේරාගෙන ආ ආකාරය ගැන ත්‍රාසජනක කතාවක් ...

සුන්දර ඉංගිරිසි: ජුන්ටාවට එරෙහි රැඩිකල් මැයි රැලියට බැටන් පොලු අරන් පොලිසිය ඇවිත්

Image
පසුගිය දිනවල මැයි දිනය පැවැත්වුණානේ. මැයි දිනය සම්බන්ධ කම්කරුවන්ටයි. කම්කරුවන් හා මාක්ස්වාදය අතර සම්බන්ධයක් තිබෙනවා. අද අපි උත්සාහ කරන්නේ වාමාංශික දේශපාලන ශබ්දකෝෂයට ඉංග්‍රීසි භාෂාව බලපෑ හැටි පිළිබඳ සලකා බලන්නයි. මැයි දිනයට රැලි පැවැත්වෙනවා නේ. රැලි කියන්නේ ඉංගිරිසි වචනයක්. හැබැයි රැල්ල හැදෙන්නේ වෙනම මූලයකින්. එය ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ නැහැ. ඒත්, රැල්ලක් එක්ක රැලිත් ගොඩක් තිබෙන්නෙ පුළුවන්. රැලි අමතන්නේ නායක කොමිටිවල අයනේ. කොමිටිය කියන්නේ committee කියන ඉංග්‍රීසි වදනින් සාදා ගත් සිංහල වචනයක්. එයට කමිටුව කියලාත් කියනවා. මධ්‍යම කමිටුව උදාහරණයක්. රැලිවල ආරක්ෂාවට එන පොලිසිය වගේම පොලිස් කියන වචනයත් අපට ඉංගිරිසි යටත් විජිත කාලයේ ලැබුණු දේ. පොලිසිය එන්නේ බැටන් පොලු අරගෙන. බැටන් කියන්නේ පොල්ලක් තමයි. ඒත්, අපි ඒකට නැවතත් පොල්ල කියලා වචනයක් එකතු කරලා බැටන් පොල්ල කියනවා. හරියට බ්ලේඩ් තලය කියනවා වගේ. බ්ලේඩ් කියන්නේ තලයට නේ. වාමාංශිකයන් ආණ්ඩුව ගැන කියනකොට රෙජිම, ජුන්ටාව වගේ වදන් භාවිතා කරනවා. රෙජිම හැදෙන්නේ regime නම් ඉංග්‍රීසි වදනින්. එය ඉංග්‍රීසියට ඇවිත් තිබෙන්නේ ප්‍රංශ භාෂාවෙන්.  j...