Posts

ක්‍රිස් නෝනිස් ඇන්ඩ් හිස් හිස්ම හිස් වර්ඩ්ස්

Image
ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි. අයි ඩොන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර් අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා ය. ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස් අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස් නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක් ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස් ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් යූ නෝ හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ් ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ් දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව්  සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස් ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක් දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච් ඇන් හේට් ඉට් ටූ බිකස් වී කාන්ට්...

ජිනීවාහි සිදු වන දේ

Image
ජිනීවාහි සිදු වන දෙය පිළිබඳ සාමාන්‍ය නිරීක්ෂණයක් ඔස්සේ දැකිය හැකි තත්වයක් වන්නේ මේ වන විට සිදු වන ක්‍රියාවලිය පිළිබඳ ලංකාවේ ආණ්ඩුව මෙන් ම දෙමළ ඩයස්පෝරාවත් අතෘප්තිමත් බවයි.  දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ලංකාවේ ආණ්ඩුවට පමණක් එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර රජයේ හා හමුදාවේ නායකයන්ට එරෙහිව උපරිම පියවර ගන්නට ය.  ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය නීතියෙන් බේරී සිටීමටයි. තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳ සොයා බලනවාට ලංකාව අකැමැති ය.  එහෙත්, මේ දෙක ම සිදු වන්නේ නැත. යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් සිදු වනවා නම් සිදු වන්නේ ආණ්ඩුවට මෙන් ම කොටි සංවිධානයට ද එරෙහිව ය. එසේ සිදු විය යුතු ය.  එසේම, දෙමළ ඩයස්පෝ‍රාවට අවශ්‍ය අරාජික තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ලංකාවේ නිර්මානය කර ගන්නට ද බැරි ය. ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ බලවත් රටවල උවමනාවන්ට පමණක් නො වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ ක්‍රියාවලි තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යහපාලනය, සංවර්ධනය, දිළිඳුකම දුරලීම, පරිසරය ආරක්ෂා කිරීම වැනි ලංකාව ද එකඟ වී තිබෙන ජාත්‍යන්තර සම්මුති රැසක්...

දීප්තී ගේ වාමාංශික ගැටය

Image
ටෙරල් අබේසිංහ විසිනි හිරු පුවත්පත ආර්ථික දුෂ්කරතා ,     රටේ පැවති භායානක දේශපාලන තත්ත්වය , කණ්ඩායම තුළ පැවති අර්බුදයන්ද මධ්‍යයේ පවත්වාගෙන යන කල, ඉහත මාතෘකාව හා සමාන මාතෘකාවක් යටතේ ලිපියක් පල වු අතර එම මාතෘකාව පුවත්පතේ ප්‍රචාරණය සදහා පාවිච්චි කළ පොස්ටරයටද යෙදුහ. අලවිය පිලිබදව විශාල අර්බුදයක ගිලී සිටි සමයක වැඩිම අලෙවියක් වු කලාපය වුයේද මෙම කලාපයයි. ඒ සදහා යොදා ගත් මාතෘකාව මෙම අලෙවි වර්ධනයට එකම හේතුව විය. ලිපියේ මාතෘකාව වුයේ "චම්පිකගේ දහම් ගැටය" යන්නයි. එයින් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවෙ ,    87-89   භීම සමයකින් පසුව රට තුළ පැවති දේශපාලන අවකාශය තුළ විශේෂයෙන් වාමාංශික හා ක්‍රම විරොධී දේශපාලන අවකාශය තුළ පැවති බල දේශපාලනය තුළ චම්පික රණවකගේ නායකත්වයෙන් යුතුව පැවති ජාතිකවාදී දේශපාලන ප්‍රවාහය හා විශාල ඝාතන   රැල්ලකට මුහුණ දීමෙන් පසු තම දේශපාලන භූමිය වෙත කොර ගසමින් පැමිණෙමින් සිටි ජවිපෙ අතර පැවති බල අරගලයේ දී චම්පික විසින් අනුගමනය කළ උපාය පිළිබඳවය.  ච්ම්පික විසින් ජාතික වාදී සටන් පාඨ දිනෙන් දින ඔසවමින් , පැවති දේශපාලන අවකාශය පිරවු අතර , ...

සුන්දර ඉංගිරිසි - 2: ඉරේ රැස් හ‍ඳේ රැස් - අඬන බේබි බකල බුස්

Image
ඉංගිරිසිය අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ උපන් දවසේ ඉඳලාමයි. අලුත උපන් බිිළිඳා මුලින්ම අහන වචන අතර බ්ලඩ්, ගෝස්, සූචස් වැනි ඉංග්‍රීසි වචන ඇති. දැන් කාලෙ නම් සමාජයේ තිබෙන්නේ ඉංග්‍රීසි වන්දනාවක් නේ. ඒ නිසා සමහර සිංහල මව්පියෝ කැමතියි, දරුවන් සිංහල වෙනුවට ඉංග්‍රීසි කතා කරනවා නම්. ඒ නිසා දැන් දරුවන්ට බහ තෝරවන්නේත් ඉංගිරිසියෙන්. නෝටි කියන්නේ සිංහල වෙච්ච ඉංග්‍රීසි වචනයක්. එය ළදරුවන් ඉන්න අම්මලාගේ හුරතල් භාෂාවේ සුලබව යෙදෙන වචනයක්. ළදරුවාට බබා කියන වදන භ‍ාවිතා වෙනවා. එය සිංහල ළදරු බසට ඇවිත් තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. බබා හෝ බාබා කියන්නේ මමා, පපා වගේ ළදරු කටින් උච්චාරණය කරන්න පහසු වදනක්. නැපි නම් ඉංග්‍රීසි වදන ආරියවංශ රණවීර කවියා සිය කවියක යෙදුවේ මෙහෙමයි: සුදු සුදු නැපි ඇස හැපි හැපි බිළිඳකු ඇති  බව පවසති ලංකාවේ පුද්ගල නාමකරනයේදීත් බබා යෙදෙනවා. බබානිස්, කිරිබබා, බබාහාමි, බබුන් වගේ ම බේබි, බේබිහාමි, බේබිනෝනා ව‍ගේ පුද්ගල නාමත් තිබෙනවා. අරාබි නිසොල්ලාසය සිංහලට පරිවර්තනය කරද්දී බාබා යන අරාබි වචනය බබා කියා යෙදූ නිසා ලංකාවේ අලි බබා කියා චරිතයක් ඉන්නවා. පුංචි වගේ හිතන් ඉන්න ලොකු අයටත් අලි බබාල...

චීනයට හිසරදයක් වූ උයිගුර් මුස්ලිම් ප්‍රශ්නය

Image
පසුගිය සතියේ සෙනසුරාදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකදී පිහි අමෝරා ගත් ත්‍රස්තවාදීන් දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අතට හසු වන නිරායුධ සිවිල් වැසියන් 30කට වඩා කපා කොටා ඝාතනය කරනු ලැබුවා. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා. චීන බලධාරීන් ඒ පිළිබඳ චෝදනා කළේ උයිගුර් මුස්ලිම් බෙදුම්වාදීන්ටයි.  උයිගුර් මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් චීන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි පිහි හා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීම එතරම් දුලබ සිද්ධියක් නොවෙයි. එහෙත්, සාමාන්‍යයෙන් එවැනි දේ සිදු වන්නේ ඔවුන් නැගෙනහිර තුර්කිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ෂිංජියෑංහියි. ඒත්, මේ ප්‍රහාරය සිදු වුණේ එහි සිට කිලෝමීටර් දහසකටත් වඩා දුර ඈත ප්‍රදේශයකදීයි.  උයිගුර් මුස්ලිම්වරුන් පවසන්නේ චීන රජය ඔවුන්ගේ ආගමික, සංස්කෘතික හා වානිජ නිදහසට බාධා කරන බවයි. පසුගිය ඔක්තෝබරයේදීත්, එකම පවුලේ උයිගුර් ජාතිකයන් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධ ටියෙනාන්මෙන් චතුරස්‍රයේදී සිය වාහනය ගිනි තබා ගනිමින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දමමින් සිය දිවි නසා ගත්තා.  ඊට කලින් අ‍ගෝස්තු මාසයේදී ෂින...

පාසල මිලිටරිකරණයෙන් ගලවා ගත යුත්තේ ඇයි?

Image
රට පුරා සිදු වෙමින් තිබෙන මිලිටරිකරණය පාසල් වෙත විහිදෙමින් තිබෙන ආකාර කීපයක් තිබේ.  එක් ආකාරයක් වන්නේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීමයි. විදුහල්පතිවරුන්ට අවශ්‍ය පරිපාලන, කළමනාකරණ හා අධ්‍යාපනවේදී පුහුණුව ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යව තිබියදී ඒ වෙනුවට හඳුන්වා දී තිබෙන්නේ මිලිටර‍ි පුහුුණුවීම් හා බොරු තරු ය.  අනෙක් ආකාරය වන්නේ පාසල්වල ශිෂ්‍ය භට අනුඛන්ඩයි.එහෙත් එය අලුත් දෙයක් නො වේ. අනාගතයේ ආරක්ෂක අංශයේ රැකියා සඳහා පිවිසීමට ඇල්මක් දක්වන පිරිස් වෙනුවෙන් පාසල්වල ශිෂ්‍ය භට අනුඛන්ඩ පවත්වාගෙන යාම නරක දෙයක් නො වේ.  මෙම ශිෂ්‍ය භට අනුඛන්ඩවල ගුණාත්මකභාවය පිරිහීමට මූලික හේතුව නිසි ක්‍රමවේදයකින් තොරව අයෝග්‍ය පුද්ගලයන්ට ශිෂ්‍ය භට බලකායේ නිලධාරි තනතුරු පිරිනැමීමයි. මා කියන මේ දෙය සත්‍ය ද අසත්‍ය ද යන්න ඉතා පහසුවෙන් අධ්‍යයනයක් ඔස්සේ හඳුනා ගත හැකි ය. මා ඉදිරිපත් කරන තර්කය මෙයයි. පසුගිය කාලයේ ශිෂ්‍ය භට නිලධාරීන් බවට පත් වූ ගුරුවරුන් බහුතරය එම කාර්යය සඳහා යෝග්‍ය අය නො වේ.  ගුරු වෘත්තියේ සිටින ඇතැමුන්ට ශිෂ්‍ය භට බලකාය යනු සිය හීනමානයන්ට පිළියමකි. ශිෂ්‍ය භට බලකාය...

ජිනීවාහිදී ප්‍රශ්නයට මුහුණ දීම හැර අන් විසඳුමක් තිබේ ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා සමුළුව අද ඇරඹේ. එහිදී යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ආණ්ඩුවටත්, කොටි සංවිධානයටත් එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය. ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික ර‍ටකි. ලංකාව එහි ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් තබා බොහෝ ඒවා ක්‍රියාත්මක කර තිබේ. එබැවින් ලංකාව ලෝක සම්මතයන්ට හා නීති රීතිවලට අනුගත රටකි. පාලකයන්ට හා කොටි සංවිධානයට එරෙහිව යුද අපරාධ පිළිබඳ චෝදනා තිබේ නම්, සාධාරණ විභාගයක් ඔස්සේ ඒවාට මුහුණ දී තමන්ගේ නිවැරදිබව ඔප්පු කිරීම හැර ‍අන් මගක් නැත. වැරදි සිදු වී තිබේ නම් වගකීම භාර ගන්නට ද සිදු වේ. ඒවා සිදු වූ යුදමය සංදර්භය මත සාධාරණ සමාවක් ඉල්ලා සිටින්නට ද පුළුවන. මේ රටේ ජනතාව යුද අපරාධ කරන්නට හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ආණ්ඩුවට ජන වරමක් දුන්නේ නැත. එහෙයින් අදාළ චෝදනාවට පිළිතුරු දිය යුත්තේ ආණ්ඩුව මිස ජනතාව නො වේ. ආණ්ඩුව පසුගිය කාලයේ ගන්නා ලද කිසිදු ක්‍රියාමාර්ගයකට ජනතාවගේ අනුමැතිය ඉල්ලා සිටියේ නැත. නිදසුනක් ලෙස, හම්බන්තොට වරායක් හා ගුවන් තොටුපළක් හදන්නට හෝ පරම්පරා ගණනාවක් උගසට තබ...

සුන්දර ඉංගිරිසි -1: පුදපු ගමන් කාපි යකා

Image
මම ඉංගිරිසියට වන්දනා නො කරමි. එහෙත් ඒ බසට ආදරය කරමි. අපට ලෝකය දෙස බලන්නට කවුළුව විවර කර දුන්නේ ඉංගිරිසියයි.  අප ඉංගිරිසි හෝ ඉංග‍්‍රීසි යයි කීවාට ඇත්තෙන් ම මේ භාෂාව ඉංග්ලිෂ් නම් වේ. ඒකත් හරි අපූරු දෙයකි. අපි භාෂාවේ නම ම තත්භව කරගෙන තිබේ. භාෂාවකට වෙනත් භාෂාවකින් වචන ලැබෙන ක‍්‍රම දෙකක් තිබෙනවා. වචනය ඒ ආකාරයෙන් ම භාෂාවට පිවිසුණා නම් අපි එය තත්සම ලෙස හඳුන්වනවා. 'ඉංග‍්‍රීසි’ නම් වචනය වගේ බිඳී ඇවිත් භාවිතා වෙනවා නම් අපි එයට තත්භව යයි කියනවා. මම හිතන්නේ සංස්කෘත භාෂාවේ වචන හැරුණාම අපේ සිංහලයේ වැඩියෙන් ම තිබෙන තත්සම හා තත්භව වදන් අයිති වන්නේ ඉංග‍්‍රීසි භාෂාවටයි. සිංහලයට අලූතෙන් එකතු වන වචනවලින් නම් වැඩිම හරියක් ඉංග‍්‍රීසි.  උදාහරණයක් ලෙස, මම මේ ලිපිය ලියලා ජනරළ පත්තරේට ඊමේල් කරනවා. ඊමේල් කියන්නේ අලූත් වචනයක්. සමහරු මෙයට විද්‍යුත් තැපෑල කියනවා. ඒත්, මම නම් ඒ වචනයට ඒ තරම් කැමති නැහැ. විද්‍යුත් කියන වචනයෙන් හැඳින්වෙන්නේ විදුලිය හෙවත් ඉංග‍්‍රීසියෙන්electricity ගැන වෙන්නත් පුළුවන්. එතකොට මේක විදුලි තැපෑලක් ද? නැහැ. ඉංග‍්‍රීසියෙන්electronic කියන වචනය වෙනුවෙන් භාවිතා වන සිංහල වචනයක් ...

ඉන්දියාවේ 29වන ප්‍රාන්තය තෙලන්ගානා නමින් බිහි වෙන වගයි

Image
ඉන්දියාවේ දකුණු දිග ද්‍රවිඩ ප්‍රාන්ත රාජ්‍ය හතරෙන් එකක් තමයි ආන්ද්‍රා ප්‍රදේශ්. ආන්ද්‍රා කියන්නේ ලංකාවේ ජන වහරටත් සම්බන්ධ ප්‍රදේශයක්. අන්ඩර දෙමළ කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ආන්ද්‍රා දෙමළ යන යෙදුමෙන් ය කියා කියනවා. අනෙක් ද්‍රවිඩ රාජ්‍ය තුන තමයි, තමිල්නාඩුව, කේරළය හා කර්නාටකය. ආන්ද්‍රා දෙමළ කියා හඳුන්වන්නට පුළුවන් භාෂාව වන්නේ තෙළිඟු බසයි. ලංකාවේ අහිගුණ්ඨික මිනිස්සු කතා කරන භාෂාවත් තෙළිඟු මුලයක් සහිත යයි විශ්වාස කරනවා. තෙලන්ගානා කියන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට අයත් කලාප තුනෙන් එකක්. අනෙක් කලාප දෙක තමයි, වෙරළබඩ ආන්ද්‍රා හා රයලසීමා කලාප. 1950 දශකයේදී ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ගොඩනැගුවේ කලින් තිබුණු ආන්ද්‍රා රාජ්‍යය හා කලින් පැවති හයිද්‍රාබාද් රාජ්‍යයේ තෙළිඟු බස කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ එකට යා කරලායි. ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වන්නට කලින් තෙලන්ගානා අයත් වුණේ මුස්ලිම් නිසාම්වරුන් විසින් පාලනය කරන ලද හයිද්‍රාබාද් රාජ්‍යයටයි. නිදහස ලබද්දී මුලින් හයිද්‍රාබාද් නිසාම් පාලකයා ඉන්දීය සංගමයට එක් නො වී නිදහස්ව සිටින්නට ...

කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ

Image
කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාර‍යෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ.  රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි.  අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති...