Posts

වැද්දන් එක්ක ක්‍රිකට් මැච් ගැහිල්ල

Image
මේ දිනවල ආදිවාසී ක්‍රිකට් ගැහිල්ලක් බෝ වී තිබේ. මේ ක්‍රිකට් රැල්ල හැදුවේ මාධ්‍යවලිනි. මාධ්‍යවලින් දෙන ඕනෑ රැල්ලක් වැළඳ ගන්නට සූදානම් අපේ පාරිභෝගිකවාදී සමාජය ආදිවාසී ක්‍රිකට්වලට මාකට් එකක් හදා දුන්නේ ය.  අපේ ටවුමේද දිනක් මේ ක්‍රිකට් තරගයක් තිබිණි. එක්තරා ඇඟලුම් කම්හලක් ආදිවාසීන් සමග ක්‍රිකට් මැච් එකක් ගැහුවේ ය. මා එ් පිටිය අසලින් යන ‍මොහොතක වර්තමාන වාසීන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගයක් තිබිණි. ආදි වාසීන් සමග තරගය තිබෙන්නට ඇත්තේ උච්චතම අවස්ථාවේ ය. ඒවා බලන්නට තරම් වැඩකට ගත නො හැකි කාලයක් අපට නැත.  ආදි වාසීන් ක්‍රිකට් ගහන එක ගැන ඔවුන්ගේ සංස්කෘතිය භාර සංස්කෘතික ඇමතිවරයා උරණ වී ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය. අද දිවයිනේ පුවතක වාර්තා වන්නේ ආදි වාසීන් හා නළු නිළියන් අතර ක්‍රිකට් තරගයක් පවත්වන්නට යන බවකි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බව ආදි වාසී ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා තිබේ. ඇත්තට ම සතුටු ය.  වැදි ජනතාව භාණ්ඩ හුවමාරුව වෙනුවට මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කර දැන් බොහෝ කාලයකි. වර්තමාන ලෝකයේ යම් පිරිසක් ආදි වාසීන් ලෙස ම සිටිය යුතු යයි නියම කරන්නට කාටවත් බැරි ය. තමන්ග...

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

Image
කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි. කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.  කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇ...

කඹුරුපිටිය පොලිස් නිලධාරියා මැරූ සැකකරුවන් සියල්ල මරා දැමුවේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සඟවන්න ද?

Image
කඹුරුපිටියේ පොලිස් නිලධාරියාත්, ඔහුගේ බිරිඳත් මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක ද අද පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබෙන බව වාර්තා විය.  සුපුරුදු පරිදි ම මරා දැමීම සාධාරණීකරණය කිරීම පිණිස කතාවක් ගොතා තිබේ. මෙම ඝාතනයේ සැකකරුවන් හතර දෙනා ම මරා දැමුණු අතර ඔවුන්ගේ මරණ පිළිබඳ කතා එකිනෙකට සමාන ය. ඒ හා සමාන සිද්ධි තවත් රාශියක් පසුගිය කාලයේ සිදු විය.  පොලිසියට පහර දෙන්නට හෝ පැන යන්නට උත්සාහ කළ විට සැකකරුවන් වෙඩි තබා මරා දමන ලද කතාව දැන් සාමාන්‍ය පොලිස් කතාවකි. පොලිසියට මරා දමන්නට අවශ්‍ය අය මරා දමා මේ කතාව කීම ඉතා සුලබ ය.  එහෙත් බිහිසුණු අපරාධ සුදු කළ සියලු දෙනා මේ අන්දමින් මරා දැමීමේ ප්‍රතිපත්තියක් ද පොලිසියට නැත. විශේෂයෙන් ම දේශපාලකයන්ගේ ආරක්ෂාව ලබන අපරාධකරුවන්ට මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වන්නේ නැත.  ඒ කියන්නේ මෙවැනි මරණ පිළිබඳ තීන්දු ගන්නේ පහළ මට්ටමින් නො වන බව නේ ද? මෙම ඝාතනයේ සැකකරුවන් සියලු දෙනා මෙසේ කට උත්තරත් නැති වන අන්දමින් මරා දැමුවේ ඇයි? මේ සැකකරුවන් මෙම පොලිස් නිලධාරියා ඝාතනය කළා නම්, එසේ කළේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට ද? ඔවුන් ස...

විදුලියත්, අන්තර්ජාලයත් නැතිව...........

ආසියාවේ ආශ්චර්යයේ මා ජීවත් වන මතුගම පැත්තේ මගේ ගමට අද දවසේ ම විදුලිය නැත. කොහොමත් සතියට දිනක් දෙකක්වත් උදේ සිට හිරු බැස යන තුරු ම විදුලිය නැත. එසේ විදුලිය නැති වන දින විදුලි බල මණ්ඩලයවත් නො දනී කියන්නේ අලුත්වැඩියා සඳහා බවයි. ඊයේ සිට ටෙලිකොම් අනුතර්ජාල සබඳතාව හෝ දුරකථන ද ක්‍රියාත්මක වන්නේ නැත. අද දින දෙවන වරටත් දැන්වූ නමුත් හදන දිනයක් නො දනිමි. භූගත කේබල්වල වරදක් බව ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ. මතුගම නගරයේ හතු පිපෙන්නා පැන නැඟුණු අන්තර්ජාල කැෆේ මේ වන විට වැසී ගොසින් ඉතිරි වී ඇත්තේ දෙකක් පමණි. පෞද්ගලික බස් නැවතුම්පල අසල පාතාලයේ පිහිටි කැෆේ එක බොහෝ විට ගේම් ගසන ළමයින්ගෙන් පිරිලා ය. එතැනට යා යුත්තේ මුළු බස් නැවතුම්පොළේම මිනිසුන් මුත්‍රා කරන මුල්ලක් අසලිනි.මතුගම නගරයේ කොතැනකවත් පොදු වැසිකිළි කිසිවක් නැත. පොදු වැසිකිලි ගැැන නො තකන ප්‍රාෙද්ශීය සභාව පොදු අවකාශ ගැන  සිතාවි ද? හැත්තෑව දශකයේ උද්‍යානයකට යෝජනා වී තිබුණු  නගරය මැද පිහිටි මනහර කඳු ගැටය පන්සලක් විසින් අල්ලාගෙන තිබේ.  මේ පැත්තේ මහජන නියෝජිතයන්ට මේ පෙදෙසේ සුන්දරත්වය රැක ගනිමින් සංවර්ධනය කරන ආකාරය ගැන කිසිද...

සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි කියා බැසිල් කියනකොට සිංහල ජාතිවාදීන්ගේ කතන්දරවලට මොකක්ද වෙන්නේ?

Image
දැන් කිඹුල් කඳුළු හැලුවාට සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි. පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කරන්නේ ඇමති බැසිල් රාජපක්ෂයි. දැන් අපි සිංහලයන්ගේ ආරක්ෂක උපදේශක කීර්ති වර්ණකුලසූරියගේ හා නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදීන්ගේ ඉදිරිපත් කිරීම් සමග තබා බැලුවා ම ලොකු පරස්පරයක් තිබෙනවා. ඔවුන් කියන පරිදි බටහිර අධිරාජ්‍යවාදීන්ට, ඉන්දියාවට එහෙම උවමනා වුණේ ප්‍රභාකරන් ලවා ලංකාව දෙකඩ කර ඔවුන්ට ගැති දෙමළ ඊලමක් බිහි කර ලෝකයේ උතුම් ම ජාතිය වන සිංහලයන්ට කෙළවන්න නේ. ඇමති බැසිල් කියන්නේ ඔය චම්පික රණවක වගේ ආප්පේ වාටිය කන කෙනෙක් නොවෙයිනේ. එයා ආප්පය තම්බන කෙනෙක්. ඇතිතට ම තතු දත් කෙනෙක්. ඒ නිසා මේක පැහැදිලි කාරණයක්. ඒ කියන්නේ බටහිරට උවමනා වුණා මහින්ද ලවා ප්‍රභාකරන්ට ගේම දෙන්න. හොඳයි, තව මොනවද ඕනැ වෙන්න ඇත්තෙ? ලංකාව චීනය වෙත නැඹුරු වෙන්නට නො දී ඉන්දියාවත් සමග සිටිමින් ගෝලීය ධනවාදයේ වැඩසටහන අනුගමනය කිරීම බලාපොරොත්තු වෙන්න ඇති. මීට කලිනුත් ‍මේ කඳවුර විසින් ලංකාවට ඒ වෙනුවෙන් ආධාර කරන්න පවා සූදානම් වුණා නේ. ලංකාවේ සුළුතර ජාතීන්ගේ බලය සඳහා ඉල්ලීම ඉටු වන පරිදි ...

උසස් පෙළ සුපර් ස්ටාර්ලාට ටියුෂන් සුපර් ස්ටාර්ලාගෙන් කාර්

Image
Photo courtesy: Gossip Lanka News ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යාවට ඇ‍ගේ ගිනුම්කරණය ටියුෂන් පංතියේ ගුරුවරයා වන කුමුදු ලියනගේ ලක්ෂ 40ක් වටිනා අලුත් ම අලුත් මෝටර් රථයක් තෑගි කළා. මේ තෑගි කිරීම තුළින් එක පැත්තකින් ඒ සිසුවිය ගිනුම්කරණය විභාගය සමත් වීමේ මුළු අයිතිය ගන්න මේ ගුරුවරයා උත්සාහ කරනවා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇයට ඉගැන්වීම සඳහා ඒ පාසලේ ගුරුවරුන් කළ මෙහෙය යටපත් වී මේ ටියුෂන් ගුරුවරයා ඉස්මතු වෙනවා. අනෙක් පැත්තෙන්, මේ ටියුෂන් ගුරුවරයා මේ කරන්නේ ඉතා නිර්මානාත්මක ප්‍රචාරණයක්. ඔහුට මෙයින් ලැ‍බෙන ප්‍රසිද්ධිය ලක්ෂ 40ක් වැය කර ලබා ගන්න අමාරුයි. ගුරුවරයෙක් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නිසා ඔහුට ලැබෙන ප්‍රචාරය හා සමාන ප්‍රචාරයක් අනාගතයේදී ‍කොයි තරම් වටිනා කාරයක් තෑගි දුන්නත් වෙන ගුරුවරයකුට ලබා ගන්න බැහැ. හරියට සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේදී සිරසට ලැබුණු තැන වගේ එකක් ඉන් පසු වෙන කිසිම චැනලයකට තබා සිරසටවත් නො ලැබුණා වගෙයි. මෙම සිද්ධිය සොය සොයා කරුණු විමසන පුවතක් වෙනවා විතරක් නොවෙයි, ඊළඟට ‍උසස් පෙළ ඉගෙනුම ලබන ශ...

ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීම

Image
ප්‍රභාකරන්ගේ උපන් දිනයත්, මොනරවිල කැප්පෙටිපොල ඝාතනය කළ දිනයත් නොවැම්බර් 26දා ය. 1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී මොනරවිල කැප්පෙටිපොල සෙනෙවියා හිස ගසා මරා දමන ලදී. ප්‍රභාකරන් උපන්නේ ඉන් වසර 136කට පසුවයි. ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරන ලද සමය තුළ ලංකාවේ කැප්පෙටිපොල සමරන්නට ඉඩක් තිබුණේ නැත. එහෙත් කැප්පෙටිපොල සිංහල මිනිසුන්ගේ හදවත්වල වීරයකු ලෙස ජීවත් වූයේ ය. නිදහසින් පසු ඔහු ජාතික වීරයකු ලෙස නම් කරන ලදී. කැප්පෙටිපොල නායකත්වය දුන් වෙල්ලස්සේ කැරැල්ලේදී කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සිය දහස් ගණනින් ඉක්මවා යන ප්‍රචණ්ඩත්වයක් පාලකයන් වෙතින් දියත් විය. ප්‍රභාකරන්ගේ තත්වය වෙනස් ය. ඔහු විසින් දියත් කරන ලද සටන ප්‍රචණ්ඩත්වය අතින් පාලකයින්ට නො දෙවෙනි එකකි. දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය එය අවසානයේදී තිරශ්චීන පරාජයකින් කෙළවර විය. ඔහු යටත් වූ බවක් වාර්තා වන්නේ නැත. ඔහු මිය යන්නේ සටනේදී ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතික විමුක්ති අරගලයේ සංකේතයකි. ඔහු විසින් දෙමළ ජාතියටත්, පොදුවේ ලංකාවටත්, සමස්ත ලෝකයටත් කරන ලද දේශපාලනික මැදිහත්වීම සුළුපටු එකක් නො වේ. ඔහු වීරයෙකු හෝ ද්‍රෝහි...

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය. ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත. පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද? පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද?  කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද? දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකා...

චාල්ස් බිට් මයි ෆින්ගර්

Image
මේ දවස්වල පශ්චාත් චොගම් ආතල්වලින් පත්තර පිටු පිරෙනවා. මේ අතර තිබෙන හිරිකිතම හරිය තමයි, චාල්ස් කුමාරයා නතර වෙච්ච හෝටලේ, එයා කාපු කෑම, ආයුබෝවන් කියපු හැටි, ඔලුව හොල්ලපු හැටි, එකට ෆොටෝ ගත් හැටි ආදිය ගැන තිබෙන විස්තර. ඒව කියනකොට කෝ යකෝ මේ රටේ හිටපු අධිරාජ්‍ය විරෝධියෝ කොහේ ගිහිල්ලද හිතෙනවා.  චාල්ස් කුමාරයා අපට විතරක් නෙමෙයි, මහා බ්‍රිතාන්‍යයටත් අද වන විට එච්චර අදාළ නැහැ. මට නම් කොහෙත් ම අදාළ නැහැ. චාල්ස් මාව දන්නෙත් නැහැ. මට නම් උෟව දැන ගන්න ඕනැත් නැහැ. චාලි මොන පඩයෙක් ද? චාලි බිට් මයි ෆිංගර් තරම් වත් චාල්ස් කුමාරයා මට නම් වැදගත් නැහැ. ඔන්න නාමල් කුමාරයා කන බොන, අනෙක් වැඩ කරන හැටි නම් අපට අදාළයි. මොකද, ඒ අපේ සල්ලිනේ. අපි මේ චාලිගේ වරුණාව ගහන්නේ මොකද? වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා.  අපේ හිත ඇතුළෙ තවමත් ඉන්නේ සුද්දාගේ පා මුල දන ගහගෙන බැලමහෙ කරමින් සුද්දාව අනුකරණය කරන දීනයෙක්.  මේ දීනයා ඊළඟට පාලක පවුල ළඟත් මේ වගේ ම දනින් වැටෙනවා. දනින් වැටීම ප්‍රාදේශීය සභා මන්තිරියා දක්වා ම යනවා. මම නම් කියන්නේ අපි මුංව පඩේකට ගණන් ගන්න හොඳ නැහැ....

දෙමළ කිවි ජයපාලන් අල්ලා පිටුවහල් කිරීම

Image
විදේශයක වාසය කරන ලංකාවේ ප්‍රකට දෙමළ කවියකු වන ව.අයි.ස. ජෙයපාලන් යාපනයේදී වීසා කොන්දේසි උල්ලංඝනය කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නය පමණක් නොව. ජෙයපාලන් නම් විදේශිකයා වීසා රෙගුලාසි උල්ලංඝනය පිළිබඳ අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන ප්‍රශ්නය ද තිබේ. ඇත්තට ම ජෙයපාලන් විදේශිකයෙක් ද? ඔහු කිසියම් තත්වයක් මත ශ්‍රී ලාංකික නම් ජාතිය අත්හළ අයෙකි. එහෙත්, ඔහු තවමත් යම් දුරකට හෝ තමන් ලාංකික දෙමළ ජාතිකයකු ලෙස සලකයි. නීතිය ඉදිරියේ නම්, ඔහු ලාංකික පුරවැසිභාවය අතහැර දැන් නෝර්වේහි පුරවැසිභාවය ලබාගෙන සිටින නෝර්වේ ජාතිකයෙකි. සිය ජාතිය වෙනස් කිරීම මානව හිමිකමකි. එහෙත්, ජාතිය වෙනස් කළ පමණින් මිනිසුන්ගේ සියලු මුල් ඉදිරෙන්නේ නැත. අතීතකාමය, සංස්කෘතික බැඳීම්, දේශපාලනික කාරණා ආදිය නිසා මිනිස්සු දිගින් දිගට ම මුල් රට හා බැඳී සිටිති. පරම්පරා ගණනාවකට පසුව පවා මිනිස්සු මේ බැඳීම පවත්වාගෙන යති. අනෙක් පැත්තෙන් දේශපාලනික හා සමාජ හේතු මත සංක්‍රමණය වූ මිනිස්සු තමන්ගේ මුල් රටේ තමන්ට සංක්‍රමණය වන්නට හේතු වූ කාරණාවල වෙනස්කම් පිළිබඳ සංවේදී වෙති. එස...

පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

Image
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි. හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා. දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි ...