Posts

හෝම්, හවුස් හා හෝම්පල

Image
ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවිට ඔවුන්ට බොහෝවිට පැටලෙන වචනයක් තමයි හෝම්. හෝම් පැටලෙන්නේ හවුස් එක්ක.  හෝම් ක්‍රියාවිශේෂණයක් වගේම විටෙක නාමපදයක්ද වෙනවා.  මේ කවිය හදිසියේ මා අතින් ලියවුණු එකක්. එහි මාතෘකාව හෝම්. මූසල තැන් හඳුන්වන්න සිංහල ජනවහරේ හෝම්පල කියා කියනවා. හෝම්පල කියන්නේ සොහොන්පල.  සමහර ‍දේශප්‍රේමියෝ කියන්න ඉඩ තියෙනවා, ඉංග්‍රීසි හෝම් හැදුණෙ මේ සිංහල හෝම්පලෙන් කියලා.  කොහොම වුණත් කමක් නැහැ කවිය කියවන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි බලවේගවලට එරෙහිවීමට අපට ගට නැද්ද?

අපි සුළුතර අයිතිවාසිකම් ගැන නිතර ලියන්නෙමු. මෙහිදී අපි ජාතික සුළුතරයන් ගැන පමණක් නොව කුල, ලිංගික ආදී වෙනත් සුළුතරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු. නිදසුනක් ලෙස  අපි පීඩාවට පත් ලිංගික සුළුතරයක් වන සමරිසියන්ගේ හිමිකම් ගැන පෙනී සිට ඇත්තෙමු. ඇතැම්විට සමාජයේ බහුතරය වන පිරිසුත් සුළුතරය සේම පීඩනයට පත්වන අවස්ථා තිබේ. හොඳම නිදසුන් වන්නේ ස්ත්‍රීහු සහ කම්කරු පංතියයි. අපි හැමවිටම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිමු. පීඩකයන්ගේ අයිතිවාසිකම් අපට අදාළ නොවේ. නිදසුනක් ලෙස ලංකාවේ පීඩිත ජනතාව තලා, පෙළා, සූරා කා සැප විඳින පාලක කණ්ඩායමගේ හිමිකම් ගැන කතා කිරීම අපට අදාළ නැති දෙයකි. අප සාමාන්‍යයෙන් බහුතර හෝ බලවත් ප්‍රජාවන්ගේ හිමිකම් ගැන ලියන්නට වෙහෙසෙන්නේ නැත. හේතුව ඒ පිළිබඳව ලියන්නට ඕනෑතරම් මාධ්‍ය තිබෙන නිසාය. හැමෝම ලියන දෙයක් අපත් නැවත ලියන්නේ කුමටද? අපි මාධ්‍ය දෙස බල න් නේ සමස්තයකු තුළය. අපේ මාධ්‍යය පමණක් අනන්‍ය කරගෙන නොවේ. අපි ජාතිවාදයටත්, සුළු ජාතික හිමිකම්වලටත් යන දෙකටම මාකට් ලෙස සලකා ආමන්ත්‍රණය කරන සිරසක් හෝ ලංකාදීපයක් නොවේ. ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන් තුළ කෙරෙන ඇතැම් අමානුෂික ක්‍රි යා ...

හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට

Image
මහ පොළවේ කේන්දරේ හම්බන්තොට ඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට අපේ හීන අගනුවරයි හම්බන්තොට උඩින් මහා නැව් යනවා හම්බන්තොට බිමින් ගුවන් නැව් යනවා හම්බන්තොට කෝච්චියෙන් අපි යනවා හම්බන්තොට ලංකාවෙම ඉරිසියාව හම්බන්තොට හම්බන්තොට ළමයි තමයි හම්බන්තොට හම්බන්තොට අපි හෙල්පිං හම්බන්තොට හම්බන්තොට දෙයි ය ො ම ැව්ව හම්බන්තොට හම්බන් ත ොට  ල ණු සහ ලුණු හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

දොස්තරකම රස්සාවක් පමණක් නොව සමාජ ගැටලුවකි

වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල නිසා නීති ශිෂ්‍යාවකට අත අහිමිවීම පිළිබඳ ඇති වී තිබෙන පොදු සංවාදය ‍හේතුවෙන් මෙම සටහන තබමි. අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ පළවී තිබිණි. ඒ මෙසේය: "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද්‍ය ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..." පිළිතුර ඉතා සරළය. එම සරළ පිළිතුර විසින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයේ යථාර්ථයද සරළ ලෙස නිරූපණය කරයි. රෝගීන්ගේ ප්‍රතිචාර හා පැමිණිලි පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. සෞඛ්‍ය සේවය රෝගියා කේන්ර්‍ද්‍රීය වන එකක් මිස වෛද්‍යවරයා කේන්ද්‍රීය වන එකක් නොවිය යුතුය. මෙම ලියන්නා විසින් මීට පෙරද වෛද්‍ය වෘත්තිය හා අදාළ දේශපාලනික විවේචනයක් මතු කරගන්නා ලදී. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදී ස්වරූපයකි...

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

Image
අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝධරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටි යෙ න් නික්ම යයි. නිදි සේ සිටින යසෝධරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි.  එහෙත් අවාසනාවට මෙන් ඒ වනාහි බොළඳ ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ  උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන හොඳම විවරණය කළේ චිත්‍රපටය මැදදී 'කම්මැලියි ගෙදර යමු'යි කී මගේ කුඩා දියණියයි. ඒ වනවිට මා කීපවරක් නිදි කිරා වැටී තිබිණි.  අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ‍ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලද අතර සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ කළ මේ චිත්‍රපටය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අඩු වියදමින් කරන ලද කම්මැලිම කම්මැලි බයිස්කෝප් එකකි. එය කලාවක් වශ යෙන් සමාන වන් න ේ ත ොරණ කටය. පහළ පංතියක බුද්ධ ධර්මය පෙළ පොතක් කියවීම මේ චිත්‍රපටය බලනවාට වඩා හොඳය. මන්ද එහි අඩු තරමේ පිළිගත් බුද්...

තව තව බදු ගැන නිර්මානාත්මක යෝජනා

Image
මේ කාටුන් එක තිබුණේ හවායි වෙබ් අඩවියක . බැලුවාම එහෙත් අපේ කට්ටිය ඉන්නවනේ. ආණ්ඩුවට දේශපාලුවන්ගේ නාස්තිකිරීම්වලට හැර රජයේ සේවකයන්ගේ පඩි වැඩිකිරීම් වැනි අන් දේට සල්ලි නැතිබව අප පිළිගතයුත ුයි. ඒ නිසා අ ප ේ යුතුකම වෙන්න ඕනෑ ආණ්ඩුවට මුදල් හම්බ කරගත හැකි මාධ්‍ය ස ොයාදීම. බදු කියලාත් ඉතින් ඔයහැටි පනවන්නේ කොහොමද? අලු තෙන් පනවා ති බෙන විවාහ බද්ද හොඳය. ළමයි හම්බුවුණාමත් බද්දක් අයකරන්න පුළුවන. දැන් බ ොදු බල ස ේනාව ළමයි බ ෝකරන ප ්‍ර ො ජෙක්ට් එකක් අලුතින් පටන් අර ගෙන න ේ. මැරුණාමත් බදු අයකරනවානේ. හලාල් බද්ද අයින් කරන් න ේ නැතිව ආණ්ඩුවට ‍ ඒ‍ කෙන් ක ොටසක් අය වන විධියක් හදන්නට පුළුවන. දැ නටත් ජමියතුල් උලමා එ කෙන් ලැ බෙන කුට්ටි ඇති න ේ. ආ ණ්ඩුවට ම ොකද ආණ්ඩු ව ේ අයියලාට වුණාම ම ොකද? ආණ්ඩුව කි යන් න ේ ම ො ක ෝ එ‍ ් ග ොල්ලන් මිසක් අපියැ.  දැන් හලාල් වි ර ෝ ධ යක් ති යෙනවා න ේ. ඒ නිසා හලාල් නැති ආහාරවලි නුත් බද්දක් අය කරන්න පුළුවන්. ද ේශ ප ්‍ර ේමි ය ෝ, ඒ කියන් න ේ මුස්ලිම් වි ර ෝ ධිය ෝ බ ො හ ොම සතුටින් ගෙවාවි.  නිර්මාංශ ආහාරවලින් වෙනම බද්දක් අයකරන්න පුළුවන්. දැන් ඒ වා කන් න ේ අපි ව ග ේ හිඟන...

බෞද්ධ, ඉස්ලාම් අන්තවාදයනට එරෙහිව වහා පියවර ගත යුතුය

බොදු බල සේනාව ඉතා පැහැදිලිවම බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ බව පසුගිය දිනෙක බේරුවල හෝටලයකට කඩා වැදුණු එහි නායක භික්ෂුවක් මාධ්‍ය කැමරා ඉදිරියේ කතා කරන වචනවලින්ම පැහැදිලි වේ. බොදු බල සේනාව ප්‍රවර්ධනය කරන ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කැමරාවට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කතා කරන ආකාරය මෙතැනින් බලන්න. ඉතා පැහැදිලිවම මෙම සංවිධානය උත්සාහ කරන්නේ මිනිසුන් බිය වැද්දීමෙන් සිය අරමුණු ඉටු කරගන්නටයි. මෙම ධාරාව ට මෙවැනි අකටයුතු පිළිබඳ දිගු ඉතිහාසයක් ත ි බ ේ. ඔවුහු අවි පරිහරණය න ොකරනමු ත්, ‍ රාජ්‍ය බලය සමග ඇති සම්බන්ධකම් න ොනිල වශ යෙන් පාවිච්චි කරති. සිනමන් බේ හෝටලය විසින් බුද්ධ බාර් නම් සාද අවස්ථාවක් පවත්වා තිබීම සම්බන්ධයෙන් මේ වන විට එම හෝටලයේ කළමනාකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් කර තිබේ. බුද්ධ බාර් යනුවෙන් පෙර අපරදිග සංකලනයෙන් යුත් ශාන්ත රසය අරමුණු කරගත් සරළ සෞන්දර්යාත්මක සංගීත නිර්මාන එකතුවක්ද තිබේ. වැනි සංගීතය හා මුසුව, බුද්ධ සංකල්පය තේමා කරගෙන‍ රොමැන්ටික්, ගුප්ත පසුබිමක් නිර්මානය වන පරිදි ආලෝකය හා වෙනත් දේ යොදාගෙන පවත්වන සාද අවස්ථා විශේෂයක් හා එවැනි පසුබිමක් නිරන්තරයෙන් නඩත්තු කරන ස්ථාන බුද්ධ බාර් ලෙ...

අසාරේ සාර මතිනෝ - ඥාන අසාර තේරෝ

මිස්ටර් ඥාන අසාර මේ වනවිට ලංකාවේ පිරිමින් අතර ජනප්‍රියම පුද්ගලයායි. මන්ද සිංහල පිරිමින්ටද මුස්ලිමුන්ට මෙන් කසාද පහක් කරගන්නට ඉඩ දියයුතු බව ඔහු කියා ඇත. ඊළඟ ඡන්දෙන් කවුන්සලේට ගියාම උන්නැහේට මේ යෝජනාව ක්‍රියාත්මක කර දෙන්නට පුළුවන.  ජාතික සමානාත්මතාව ඇති වන පරිදි දෙමළ ජනයාටද කසාද පහක් කරගැනීමේ අයිතිය දිය යුතු බවට මනෝ සිවාජි ගනේෂන් පවා ඉල්ලා සිටින්නට බැරි නැත. ඥාන අසාර මහතාගේ මේ යෝජනාවේ ඌනපූරණය කළ යුතුය. අ ප ේ සිංහල අයියලා උඩ පැනගෙන ගොස් කසාද පහක් බැඳගෙන ගැහැනු හතරදෙනෙක් මාරුවෙන් මාරුවට රට යවා දේශප්‍රේමී ආණ්ඩුවට විදේශ විනිමය උපයා දෙමින් තමන්ද ශපාන් එකේ ඉන්නට පියවර ගන්නට ඉඩ තිබේ.  අනෙක් පැත්තෙන් මොවුන් ගෑනු පහ හය අරගෙන සියවස් ගණනක ඇරියස් එක්ක කම්සැප පමණක් විඳිමින් ළමයින් නොහදා සිටින්නට ඉඩ තිබේ. එබැවින් මොවුන් රෑට සංසර්ගයේ යෙදෙනවාද, උපත් පාලන කොපු පාවිච්චි කරනවාද, ධාතු පිටට වඩම්මනවාද, නැතිනම් ඒ එකක්වත් නොකර කණමදයි වගේ බීගෙන ඇවිත් අත්දෙක කකුල් අස්සේ ගසාගෙන දපනවාද යනාදී කරුණුත් ඥාන අසාරගේ බලු සේනාවගේ නිරීක්ෂණයට ලක්විය යුතුය.  අනෙක් පැත්තෙන් ඥාන අසාරලාගේ සරණේ කට්ටියත්...

ඥාන අසාරයන්ට

අසාරේ සාර මතිනෝ සාරේ චා සාරදස්සිනෝ තේ සාරං නාධිගච්චන්ති මිච්ජාසංකප්පගෝචරා සිංහල තේරුම : නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ල ඟා විය නොහැකිය. -ධම්මපදය , යමක වග්ගය   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

මැක්කන් සමග ගෙදර යන රජීව විජේසිංහ

Image
සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්නට දත් කළු මහත්තයෙකුට රස්සාවක් උවමනා කර තිබේ. බල්ලන් එක්ක ලැග්ග විට මැක්කන් එක්ක නැගිටින්නට සිදුවන බව කවුරුත් දන්නා උපහැරණයකි.  මෙයට විසඳුම වන්නේ බල්ලන් එක්ක ලැග නැගිටිනවිට තමනුත් මැක්කන් සමග ජීවත් වන බල්ලකු වීමයි.  බල්ලන් ළඟ ලැග පැවතීම සඳහා බල්ලකු වීම හැර අන් විසඳුමක් නැති බව දැන දැනම රාජ්‍ය බලය රසවි ඳින්නට ගිය ලංකා ව ේ ලිබරල්වාදී ඇතැමුන්ට මැක්කන් කනවිට ඇතිවන අපහසුතාව දරාගන්නට බැරි වී තිබේ.  දයාන් ජයතිලක සිංහල ජාතිවාදයට සේවය කළේ කොටි සංවිධානය ෆැසිස්ට්වාදී නිසාය. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය විනාශ කර දයාන් ගොඩනැඟූ 'ප්‍රජාතන්ත්‍රවාදය' තුළ දයාන්ට ටිකට් එක ඇදෙන්නට ගියේ කෙටි කාලයකි.  දැන් වාරය පැමිණ ඇත්තේ ආණ්ඩුව වෙනු වෙන් ඉංගිරිසි යෙන් ලියුම් ලියන්නට ජාතික ලැයිස්තු වෙන් පත් කළ මන්ත්‍රී මහා ආ චාර්ය රජීව විජේසිංහටයි. දොෂාභියෝගයට පක්ෂව කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.  මැක්කන් සමග සනීපෙට ජීවත්වීමේ කලාව අමාරුවෙන් ඉගෙනගත් ඩිලාන් පෙරේරාට ඊළඟ අවස්ථාව නොල...

මට සිහිනයක් තිබේ

Image
මට සිහිනයක් තිබේ දරුවනි  සිහිනයක් තිබේ අද බැරිනම් හෙට දරුවනි අපි නොවනම් ඔබ දරුවනි අපේ අතින් අප ලාගත් සිත් මාංචු සිත් විලංගු විවෘත කර නිදහස් වන දවසක් ගැන අපි සිංහල දෙමළ වගෙම ඉස්ලාම්ද ක්‍රිස්තියානි  කොයි කවුරුත් අපි මිනිසුන්  කියා සැවොම හැම දේටම  කලින් හිතන මට සිහිනයක් තිබේ  දරුවනි සිත් සිරකර අප බැඳගත් වේල් පටින් ඇස් බේරී  නෙත් ඇතුළින්  දිලිසි දිලිසි  සිත් හිනැහෙන සැක සංකාවන් දුරලා ආදරයෙන් කතාකරන නුඹෙත් මගෙත්  අපේ පැටව් අපිය කියන අපි හිනැහෙන සිනා සපිරි එකම හෙටක් සිහින දකින එක හීනෙක  සැවොම නිද න ඒ සිහි නෙට  ස ිත් පිබි දෙන අවදි වෙලා අත් පැට ලෙන එක ගමනක්  එකට ඇ දෙන       අජිත් පැරකුම් ජයසිංහ     මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න