මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි

අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk මාලිමා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව අපි මුල සිටම කීවෙමු. අප කියන දේ පිළි ගන්නට මන්ත්‍රීවරයකු කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තබා ඇමතිවරුන්ටවත් පෞද්ගලික කර්මාන්තශාලා අදාළ නැත. එම කර්මාන්තශාලා ප්‍රවාහන ඇතුළු සැපයුම් සේවා ලබාගන්නා ආකාරය තීරණය කළ යුත්තේ ඔවුන්ගේ පටිපාටි අනුවය. ඒවා නීත්‍යානුකූල වන තාක්කල් මන්ත්‍රීවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඒවා අදාළ නැත. මෙම ප්‍රවාහන කොන්ත්‍රාත්තු කලක සිට සිදුවන ආකාරය එතරම් සාධාරණ නැති වන්නට පුළුවන. ඒවායේ යම් පිරිසක් ආධිපත්‍යය තබාගෙන සිටිනවා විය හැකිය. වෙනත් අයට එම ව්‍යාපාරයට පිවිසීමට අවස්ථා මෙම පිරිස විසින් වළක්වනවා විය හැකිය. මෙය ගුවන් තොටුපළෙහි පවා සිදු වේ. ඌබර්, පික්මී වැනි ටැක්සි සේවාවන්ට පවා බාධා සිදු වේ. භයානකම තත්වය ඇත්තේ පොදු ප්‍රවාහන බස් සම්බන්ධයෙනි. මේ වන විට බස් අයිතිකරුවන් අතර සැලකිය යුතු පිරිසක් පාතාල අපරාධකරුවන් හා වෙනත් කළු සල්ලි හිමියන්ය. බස් සේවකයන් අතරින් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ අපරාධ සහාය...