Posts

Showing posts from 2024

මාලිමාණ්ඩුවට ගාමන්ට් ප්‍රවාහනයට වඩා ප්‍රමුඛ විය යුත්තේ පොදු ප්‍රවාහනයයි

Image
  අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk මාලිමා මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව අපි මුල සිටම කීවෙමු. අප කියන දේ පිළි ගන්නට මන්ත්‍රීවරයකු කාගෙන් හෝ කනේ පාරක් කන්නටම අවශ්‍ය නැත. බිංගිරියේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අනූනමයෙන් බේරී ආහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තබා ඇමතිවරුන්ටවත් පෞද්ගලික කර්මාන්තශාලා අදාළ නැත. එම කර්මාන්තශාලා ප්‍රවාහන ඇතුළු සැපයුම් සේවා ලබාගන්නා ආකාරය තීරණය කළ යුත්තේ ඔවුන්ගේ පටිපාටි අනුවය. ඒවා නීත්‍යානුකූල වන තාක්කල් මන්ත්‍රීවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඒවා අදාළ නැත. මෙම ප්‍රවාහන කොන්ත්‍රාත්තු කලක සිට සිදුවන ආකාරය එතරම් සාධාරණ නැති වන්නට පුළුවන. ඒවායේ යම් පිරිසක් ආධිපත්‍යය තබාගෙන සිටිනවා විය හැකිය. වෙනත් අයට එම ව්‍යාපාරයට පිවිසීමට අවස්ථා මෙම පිරිස විසින් වළක්වනවා විය හැකිය. මෙය ගුවන් තොටුපළෙහි පවා සිදු වේ. ඌබර්, පික්මී වැනි ටැක්සි සේවාවන්ට පවා බාධා සිදු වේ. භයානකම තත්වය ඇත්තේ පොදු ප්‍රවාහන බස් සම්බන්ධයෙනි. මේ වන විට බස් අයිතිකරුවන් අතර සැලකිය යුතු පිරිසක් පාතාල අපරාධකරුවන් හා වෙනත් කළු සල්ලි හිමියන්ය. බස් සේවකයන් අතරින් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ අපරාධ සහාය...

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම සඳහා ලබා දෙන සංක්‍රාන්තික උපකාරයක් මිසක් දේශපාලකයන්ගේ අතින් මිටින් දෙන තෑග්ගක් නොවෙයි. දිළිඳු සහනාධාර ලබාදිය යුත්තේ දිළිඳුකම ස්ථාවර වන විදියට නෙමෙයි. ඒක අස්වැසුම වැඩසටහනේ මූලික සංකල්පයක්. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කලින් තිබුණු සමෘද්ධි වැඩසටහනේ තිබුණු දැඩි දේශපාලනීකරණය ඉවත් කළා. ඒත්, වත්මන් ආණ්ඩුව නැවතත් අස්වැසුම දේශපාලනීකරණය කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. පහත දැක්වෙන්නේ අස්වැසුම පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යයනයක් පාදක කරගෙන අපි ඉදිරිපත් කරපු වාර්තාවක පෙරවදන. ඔබට එය පහත සබැඳිය ඔස්සේ ඩවුන්ලෝඩ් කරගත හැකියි. අවදානමට ලක්විය හැකි ජනගහනය නඟා සිටුවීමට සහ ආර්ථික දුෂ්කරතාවලට එරෙහිව ආරක්ෂාව ලබා දීමට සැලසුම් කර ඇති සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් සම්බන්ධයෙන් පොහොසත් ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය. කෙසේ වෙතත්, ප්‍රතිලාභීන් නිවැරදිව ඉලක්ක කිරීම, කාර්යක්ෂමතාව සහ දිගු කාලීන ...

අරුණෝදාකරුවෝ (#dawnbreakers)

Image
  අජිත් පැරකුම් ජයසිංහ, මේ අවුරුද්දෙ ලියපු පොත මේ අවුරුද්දෙම පළකරන්න ඕනැ. මේක ප්‍රකාශකයෙකු ගාව මාස තුනක් වාත වුණා. මං පස්සෙන් ගිහින් ඇඹරිලා, පදිරි වෙලා, කන කහලා, සර් කියලා නෙමෙයි, මට කතා කරලා මගෙන්ම ඉල්ලගෙන අන්තිමට ගිය සුමානෙ ඇහුවම කිව්වා ගහන්නෙ නැහැ කියලා. මං ඔය ප්‍රාග්ධනයට පදිරි වෙන කෙනෙකු නෙමෙයි පුතා. පොත ගැහුවා. ලබන සතියෙ මාකට් එකට දානවා. දකුණු අතේ කාපල් ටනල් සර්ජරි එක කරල තියෙද්දි නුහුරු වම් අතින් සෝදුපත් කියවලා, පිටු හදලා, කවර ඩිසයිං කරලා සතියෙන් පොත අච්චු ගැහුවා. ඕනැ දේකට ඔට්ටු මගේ හිතමිත්‍ර  රාජේන්ද්‍ර බරපැන දැරුවා. ගෙදර උන්දැ තේ හදල දුන්නා. කෑම ටික බෙදල දුන්නා. බෙහෙත් ටික දුන්නා. හැමදාමත් වගේ මේ ගොන් වැඩෙත් ඉවසන් හිටියා. අරුණෝදාකරුවෝ, 2022 අරගලය පාදක කරගත් කතාවක්. විදර්ශන සාහිත්‍ය තරගයේ දිගු ලැයිස්තුගත වූ නවකතා පොත් හතෙන් එකක්. Adapted from praja.lk

රනිල්; ජාතියට අහිමි වූ නායකත්වය

Image
අජිත් පැරකුම් ජයසිංහ රනිල් වික්‍රමසිංහ සත්වන අතල් බිහාර් වජ්පායි සමරු දේශනය පවත්වමින්. ඔහු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එහෙත්, බොරුව මතම පදනම් වුණ ලාංකීය ග්‍රාම්‍ය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙක්. මේ  දුෂ්කර අවධිය පියමං කිරීම සඳහා ඔහු අතපත් අවස්ථාව පැහැර ගැනීමට කඩාකප්පල්කාරී, අවස්ථාවාදීන් පිරිසකට ඡන්දය දීම ලාංකිකයන් ජාතියක් ලෙස තමන්ගේ පා යටින් කපා ගත් වලක්. එය දැනටමත් තේරුම් යමින් ඇත. එහෙත්, ඒ තරම් ගැඹුරු වරදක් නිවැරදි කිරීම පහසු නැත. රටට අතිවිශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇත. කෙසේ වෙතත්, රටට පිළිකාවක් වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පරිවර්තනය කිරීමට හා පළිගැනීම සඳහා ඡන්දය දීමේ මහජන චර්යාව වෙනස් කිරීමට මෙය ඉවහල් වන්නේ නම් දිගුකාලීනව එය වාසිදායකය. Adapted from praja.lk

පාතාල මර්දනය හා වටගල සහෝදරයා

Image
  අජිත් පැරකුම් ජයසිංහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන කතා කළ එක හොඳ දෙයක්. මේ ගැන මං ජාතික ජන බලවේගයට සහාය දෙන බටහිර ඉවුරේ දර්ශනය පිටුවේ කමෙන්ට් එකක් විදියට සඳහන් කළාම ලංකාවේ එවැනි බරපතල අභියෝගයක් තියෙනවාය කියලා වංගීසට එහෙම තේරුණේවත් නැහැ. පහුගිය කාලෙ ලංකාවේ ආණ්ඩු තුනක් සමාන්තරව ක්‍රියාත්මක වුණා. එකක් තිබුණු ධනේශ්වර ආණ්ඩුව. තව එකක් ජවිපෙ/ වෘත්තීය සමිති මාෆියාව. තුන්වෙනි එක තමයි මත්ද්‍රව්‍ය/ අපරාධ පාතාලය. දැන් පළමුවෙනි එක නැහැ. දෙවෙනි මාෆියාව තමයි බලයෙ ඉන්නෙ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට ආවා කියලා මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් කිසිවක් පසුගිය මාස තුනේ අඩු වුණේ නැහැ නේද? තුන්වෙනි බලවේගය ශක්තිමත් වෙලා. උදාහරණයක් විදියට පොඩි ලැසී හා මැඩගස්කරයේ සිට මහජන මුදල් වැය කර ලංකාවට ගෙන ආ කුඩු සළිඳු නීත්‍යානුකූලව ඇප ලබාගෙන ටටා බායි කියලා යන්න ගියා. ඒක වටගල පාස්පෝට් ඔෆිස් එකට ගිය දවසෙ ඔහු අන්දලා පාස්පෝට් 17කට ඇනපු නිශාන්ත කියන ටයිකෝට්කාරයා දීපු ගේමට වඩා සුපිරි ගේමක්. වටගලලාට තාම ඒක තේරිලාවත් නැහැ. දැන් පාතාලය මෙහෙයවන්නෙ මතුගම කෙනෙකු යයි වටගල කිව්වා. වටගල මතුගම ...

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…..

Image
  අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින් ඉල්ලා සිටින ටියුෂන්, පාසල් යාමට පෞද්ගලික ප්‍රවාහන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙනි. පසුගිය වාරයේදී එක් දියණියක ඉගැන්වීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන දුරබැහැර රජයේ පාසලකට ඇතුළත් කරන ලද අතර පාසල විසින් පෙන්වා දෙන ලද, රජය විසින් ප්‍රතිපාදන ලබා නොදෙන සාධාරණ සංවර්ධන අවශ්‍යතා හා පාසල් ගාස්තු ලෙස රු. 60,000ක් පමණ ලබාදෙන ලදි. අප එය දුන්නේ කැමැත්තෙන් බව කිව යුතුය. එයට හේතුව, කොවිඩ් අධි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් පාසල් ජීවිතය බොහෝ දුරට අහිමි වූ පරපුරක ළමයකු වෙනුවෙන් මව්පියන් ලෙස අපට කළ හැකි අමතර දෙයක් ලෙසයි. අධ්‍යාපනය, තොරතුරු, විනෝදාස්වාදය, රැකියාව හා සන්නිවේදනය වෙනුවෙන් අපි මසකට රු.10,000ක් පමණ දත්ත වෙනුවෙන් වැය කරන අතර, විදුලි බිල රු. 6000ට අඩුය. කෑම, බීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ආදිය වෙනුවෙන් මසකට රු. 100,000කට වඩා වැය වේ. ඇඳුම් පැළඳුම් මාසිකව මිල දී නොගන්නා මු...

පාතාලයට බය මාලිමාව

Image
මේ වන විට පාතාලය රටම ග්‍රහණයට අරගෙන බව කවුරුත් දන්නවා. පාතාලයට අභියෝග කරන්නට යම් යම් ආකාරවලින් උත්සාහ කරපු දේශපාලකයන්ටත්, පොලිස් නිලධාරීන්ටත් පෙරමුණු ගණනාවකින් අභියෝග එල්ල වුණා. මාලිමා ආණ්ඩුව බලයට පත්පවීමත් සමගම පොලිසිය ඉහළ මට්ටමෙන්ම දේශපාලනීකරණය වීමක් දක්නට ලැබුණා. මේ අතර තමයි ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන් ඇප ලබාගැනීම් වාර්තා වෙන්නෙ. පොඩි ලැසී තමයි මුලින්ම එළියට ආවෙ. ඉන් පස්සෙ මැඩගස්කරයේ සිට විශාල මහජන මුදලක් වැය කර ලංකාවට ගෙනාපු කුඩු සළිඳු. මුන්ට ඇප ලැබෙනකොටම ඕනැ කෙනෙකුට තේරෙන්නට ඕනැ උන් රටින් පනින බව. හැබැයි ඉතින් මොනවා හෝ හේතු මත ඒක නොතේරෙන අය අපේ රටේ වගකිව යුතු බලධාරීන් අතර ඉන්නවා. මේ අතර ඊයේ ඇමති සුනිල් වටගල පැවසුවේ මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පොලිසියට පවරා ඇති බව හා දේශපාලන ඇඟිලිගැසීම් නොමැති බවයි. පොලීසියේ ඇතැමුනුත්, පාතාලයත් සම්බන්ධ බව ද ඔනෑම කෙනෙක් දනිති. එහෙයින් අදාළ ඇමතිවරුන් පාතාල හා මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නේ නම් කසිවක් සිදු වන්නේ නැත. එසේම, වර්ධනය වන අරාජිකත්වය පාතාලය විසින් තවත් තීව්‍ර කරනු ඇත. Adapted from p...

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?

Image
  ලංකාවට ඇත්තට ආදරය කරන කෙනෙකු නම්, මේ ලිපිය කියවා අවබෝධ කරගන්න. ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ, ශෙහාන් සේමසිංහ, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන වැනි අයගේ නායකත්වයෙන් පසුගිය ආණ්ඩුව හා රජය සිදුකළ කාර්යභාරයේත්, ඉන්පසු එය ඉදිරියට ගෙන යාමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් කරගෙන ගිය කාර්යභාරයේත් වැදගත්කම අවබෝධ කරගන්නට මෙම ලිපිය ඉතා වැදගත්. ණය ප්‍රතිව්‍යූගතකරණය මීට වඩා හොඳින් කරගත හැකිව තිබුණු බවට ගොඩ සිට පීනන හැටි ඉගැන්වූ කයිවාරුකාර ජාජබ නායක අනුර කුමාර දිසානායක හා හර්ෂ ද සිල්වා වැනි මුග්ධයන්ගේ හිස්කම තේරුම් ගන්නටත් මෙම ලිපිය ප්‍රයෝජනවත්. #ඉකොනොමැට්ටා   #economatta ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි. මේ විවේචන වලට යම් පදනමක් තිබෙනවා. ඊට හේතුව ඝානා ආර්ථික අර්බුදය සහ ල...

තක්කඩි පක්ෂ දේශපාලනය වෙනුවට ගුණ ගරුක සමාජයක්

Image
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. ඒක කළේ තමන්ගෙ කතනායක කරපු අමු ප්‍රෝඩාව වහගන්න. කතානායක විතරක් නෙමෙයි, සමස්ත ජාතික ජන බලවේගයම උඩ සිට පහළ දක්වා කළේ තමන්ගේ නොවන සියලු දෙනා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව, වෛරය හා බොරුව පතුරුවන එක. මේ දිනුවෙ බොරුව, වෛරය හා ඊර්ෂ්‍යාව. මේ ආණ්ඩුවේ සියලු දෙනා තක්කඩි. හරිනිගෙන්, ලාල් කාන්තගෙන් අමුතු හොඳක් හොයන්න යන්න එපා. ඒක උන්ට තේරෙන උන්ගෙ භාෂාවෙන් කිව්වොත් ගූ බෙට්ටෙ ඉස්සරහ සහ පස්ස අතර වෙනස හොයන එක වගේ වැඩක් නැති වැඩක්. ඔවුන් මේ වන විට සදාචාරාත්මකව දැඩි ලෙස පිරිහී සිටින කණ්ඩායමක්. මේ අතරෙ සමාජයේ පිරිසක් ඉන්නවා, අනී මීගොල්ලන්ට කරගන්න බැරි වෙනකොට අපී උදව් ඉල්ලයි. අන්න ඉතිකොට අපි පුයර දාලා, බයිල් මාලා එහෙම ඉන්න ඕනි කියල හිතාගෙන. ඒ නිසා උන් දැන් නානවා. අපට උන්ට කියන්න තියෙන්නෙ අනේ උක් කාපල්ලා. මේ ආණ්ඩුවට දෙන්න තොපිට කවදාවත් චාන්ස් එකක් එන්නෙ නැහැ කියලායි. අපව අනුගමනය කරපල්ලා. අපි පෙනී ඉන්නෙ නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ගුණගරුක, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, බොරුවෙන්, ...

සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත

Image
  අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී දැන් සල්ලං වෙන තත්වයට පත්ව ඇත. කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි අය ප්‍රකාශයට පත්කරන සුදුසුකම් මේ වන විට ද අභියෝගයට ලක්ව ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග උදේෂ් වීරරත්න සම්බන්ධයෙන් ද අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් ප්‍රසිද්ධ වී ඇත. ඔවුන් කිසිවකු තමන්ගේ වරද පිළිගෙන හෝ කරුණු පැහැදිලි කර හෝ නැත. කතානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙයි. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ඉතා උද්ධච්ඡ ලෙස පැවසුවේ තමන්ට පාර්ලිමේන්තුවේ ඡන්ද 159ක් ඇති නිසා විශ්වාසභංග යෝජනා ගෙන එන එක තේරුමක් නැති බවයි. තේරුමක් ඇත. ඒ මාලිමාවෙන් පත් වූ වෙනස් යයි කියන මන්ත්‍රීවරුන් ද නිකම්ම නිකම් සිග්නල් කණුද යන්න බලාගැනීමට හැකි වන බැවිනි. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත්, හැමදාම විවේචනය පමණ...

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව

Image
අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක සිට සෙල්ලම් ගෙදරක් කරන ළමයින් පිරිසක් සේ ආණ්ඩුකරණය කරන බව පෙනී යාම නිසාය. නිලධාරීන් සහ සහල් මෝල් ව්‍යාපාරිකයන් වැනි පාර්ශ්ව හමුවේ නිරිඳු මේසයට ගසමින් රංගනයන් පාද්දී වෙළඳපොළේ සහල් අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට විසඳුම් ලෙස රජු ඉහළ පාලන මිලකට ගැසට් ගසා ඇති අතර ගැසට්ටුවේ ද හිල්ය. එහි ඇත්තේ තොග මිලක් හා සිල්ලර මිලක් පමණි. මෝල් හිමියන්ට මිලක් නැත. ඔවුන් දෙන්නේ තොග මිලට නම්, තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට දෙන්නේ කුමන මිලටද? නූතන සෙල්ලම් නිරිඳු මේ ඉගෙන ගනිමින් ඉන්නේ ආණ්ඩුවලට මිල පාලනය ඔස්සේ කළ හැක්කේ නොතිබුණු ප්‍රශ්නයක් ඇති කිරීම බවය. ලංකාවේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ප්‍රශ්නය තිබුණේ පාලක පක්ෂයේ ඔලුගෙඩි ...

රිලවුන් මරන හැටි දේශපාලනිකව

Image
  අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය. ඔය කිව්වාට ඔබ සතුන් මරන්නට යන්නට එපා. එය ඔබේ බෞද්ධ පරමාදර්ශවලට අනුකූල නොවෙන්නටත් පුළුවන්. ඒ වගේම, එය ඔබේ සමාජ පිළිගැනීමට බලපානවා. ඔබේ මානසිකත්වයටත් බලපානවා. අනෙක් පැත්තෙන් වනජීවී එකෙන් ඇවිත් ඔබ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට ලාල් කාන්ත ඔබව බේරාගැනීමට එන්නේ නැති බවත් මතක තබාගන්න. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට කලින් ප්‍රශ්නය ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුයි. ඔය දැන් කියන සංඛ්‍යා විශ්වාස කළ නොහැකියි. ඒවා එකිනෙකාගේ හිතලු මත කියන ඒවා මිස විද්‍යාත්මක ගණන් බැලීම් නෙමෙයි. විද්‍යාත්මක අධ්‍යයනයකින් ඉන්න සතුන් ගණන තක්සේරු කළ යුතුයි. මතකද මාස කීපයකට කලින් අලි සංගණනයක් කළා. තාම ප්‍රතිඵල නිකුත් වෙලා නැහැ. මේකත් එහෙමයි. ලේසි නැහැ. ඒකටත් මුදල් අවශ්‍යයි. නිලධාරීන් අවශ්‍යයි. පුහුණුව අවශ්‍යයි. ගණන් ගැනීම, දත්ත විශ්ලේෂණය ආදියත් අව...