කොරෝනා සමග ජීවත් වීම සඳහා වෙනස් විය හැකි හැටි
January 29, 2020 admin Health අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය රැගෙන ආ චීන ජාතික සංචාරකයකු වූ පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම දිවයින පුරා ඔසුසල්වල මුඛාවරණ සඳහා අධික ඉල්ලුමක් ඇති විය. ලාංකික මුදලාලිලා කොරෝනා වයිරසයෙන් ගසාකෑම ආරම්භ කළේ මුඛාවරණයෙන් නොවේ. ජනමාධ්‍ය කොරෝනා භීතිකාව අලෙවිය ආරම්භ කළේ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද පෙර ය. කොරෝනාවලින් විශාල මිනිසුන් පිරිසක් මිය යනු ඇති බව සත්‍යයකි. එහෙත්, වයිරසයට ගොදුරු වන සියලු දෙනා මිය යන්නේ නැත. මාධ්‍යවලින් මවන විසාලා මහනුවර තුන්බිය වැනි තත්වයක් ඇති වීම වළක්වා ගැනීමට අපට හැකියාව තිබේ. භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියලු තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටෙයි. මෙම තත්වය පිළිබඳ අධ්‍යයනය වෙනුවෙන් හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය නම් විෂය ක්ෂේත්‍රයක් පැන නැගී තිබේ. එයින් කරන්නේ ...