සුරාව, චින්තන ධර්මදාස හා අජන්තා රණසිංහ
පසුගිය දිනවල මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් යුතුව මත්පැන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබුණු කාන්තාවන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කරන්නට පියවර ගැනුණා. එයට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ නීති සංශෝධන ආපසු හරවන ලද අතර, දැන් එය අධිකරණයට ගිය මානව හිමිකම් නඩුවක් වී තිබෙනවා. මේ ප්‍රශ්නය කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ගැනීමෙන් ඒ නීති සංශෝධනය ආරක්ෂා කර ගන්නට අවශ්‍ය දේශපාලන ජවය ලබා ගත හැකි නිසා, එහි මත්පැන් පිළිබඳ කාරණය ඉස්මතු නො කළ යුතු බව තමයි මගේ අදහස වුණේ. මත්පැන් හැම තිස්සෙම සොඳුරු දෙයක් නෙමෙයි. මත්පැන් එක්ක රාජ්‍ය සූරාකෑම, දුප්පත්කම, ප්‍රචණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දූෂණ සහ ලෙඩ රෝග සම්බන්ධනයි. ඒ වුණාට මත් වීම පිළිබඳ චින්තන ධර්මදාස මතු කරන කාරණාත් නො සලකා හරින්නට බැහැ. ඔහු නීට්ෂෙ මෙසේ උපුටා දක්වනවා. ‘ආර්ට් පවතින්න නම්, මොකක් හරි විදිහක සෞන්දර්යාත්මක ක‍්‍රියාවලියක් සිද්ද වෙන්න නම් ශාරීරිකව පූර්ව සූදානමක් අවශ්‍යමයි. ඒ තමයි මත්වීම” -ෆෙඞ්රික් නීට්ෂෙ- “බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි. ඒ බීමෙන්ම ජීවි