ගැමියකුගේ බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාල අත්දැකීම

මේ දවස්වල ඔය කවුද හාදයෙක්ගේ රස්සාව නැති වුණා ය කියලා ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් අහවරයි කියලා කට්ටිය නිව්ස් ප්ලාන්ට් කරනවා නේ. මං ඉතින් ගමක ජීවත් වෙන මිනිහෙක් නේ. කාට හරි ඔය බ්‍රෝඩ්බෑන්ඩ් සංවාදයට වැදගත් ය කියා හිතෙනවා නම් මේ අදහස් ටිකත් ගන්න පුළුවන්. මං නම් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන එච්චර දන්නෙ නැහැ. ගම්වල ඉන්න අපට ලැබෙන බ්‍රෝඩ්බෑන්ඩ් ඇත්තෙන් ම හරි ම නැරෝබෑන්ඩ්. අපි ඔව්වයෙ වේගෙ මනින්න යන්නෙ නැහැ. මැනලා වැඩක් නැහැ. යන්තං ෂේප් කර ගන්නවා. ඒකයි ගමේ ඇත්ත. හැබැයි, අපි අපට අදාළ ක්ෂේත්‍රවලදී ගමේ ය කියලා ගොඩේ විදියට වැඩ කරලාත් නැහැ කියලා කියන්න ඕනැ. මං දැන් මේ අන්තර්ජාලය හරහා මාධ්‍ය හා ව්‍යාපාර කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා. මං වෙබ් අඩවි, බ්ලොග්, සමාජ මාධ්‍ය කටයුතු වගේ ම පසුගිය වසර 10ක් තිස්සේ සාර්ථක පරිවර්තන හා අන්තර්ගත රචනා ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරගෙන ගිය කෙනෙක්. මං මේක පටන් ගත්තෙ ලංකා බෙල් එකේ සීඩීඑම්ඒ දුරකථනයකින්. 2005 විතර කාලෙ ඒ වෙනුවෙන් මාසෙකට රු. 4000ක විතර බිලක් ගෙව්වා. 2007 විතර වෙනකොට දේශපාලන හේතු නිසා මට ගුරු රැකියාව අහිමි වුණා. ඉන් පසුව අන්තර්ගත...