ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

පිංවත්නි, සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන කොටසකි. පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ. මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය. සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි. මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි. ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබි...