Posts

Showing posts from January, 2018

සුරාව, චින්තන ධර්මදාස හා අජන්තා රණසිංහ

Image
පසුගිය දිනවල මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙන් යුතුව මත්පැන් සම්බන්ධව කාලයක් තිස්සේ තිබුණු කාන්තාවන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කරන්නට පියවර ගැනුණා. එයට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ නීති සංශෝධන ආපසු හරවන ලද අතර, දැන් එය අධිකරණයට ගිය මානව හිමිකම් නඩුවක් වී තිබෙනවා.

මේ ප්‍රශ්නය කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ගැනීමෙන් ඒ නීති සංශෝධනය ආරක්ෂා කර ගන්නට අවශ්‍ය දේශපාලන ජවය ලබා ගත හැකි නිසා, එහි මත්පැන් පිළිබඳ කාරණය ඉස්මතු නො කළ යුතු බව තමයි මගේ අදහස වුණේ. මත්පැන් හැම තිස්සෙම සොඳුරු දෙයක් නෙමෙයි. මත්පැන් එක්ක රාජ්‍ය සූරාකෑම, දුප්පත්කම, ප්‍රචණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දූෂණ සහ ලෙඩ රෝග සම්බන්ධනයි.

ඒ වුණාට මත් වීම පිළිබඳ චින්තන ධර්මදාස මතු කරන කාරණාත් නො සලකා හරින්නට බැහැ. ඔහු නීට්ෂෙ මෙසේ උපුටා දක්වනවා.

‘ආර්ට් පවතින්න නම්, මොකක් හරි විදිහක සෞන්දර්යාත්මක ක‍්‍රියාවලියක් සිද්ද වෙන්න නම් ශාරීරිකව පූර්ව සූදානමක් අවශ්‍යමයි. ඒ තමයි මත්වීම”
-ෆෙඞ්රික් නීට්ෂෙ-

“බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි. ඒ බීමෙන්ම ජීවිතේ කෙලවා ගන්…

ලියනගේ අමරකීර්තිගේ ‘අළුපාට ආරංචි', ‘එකම පුතා' සහ මොබ්

Image
ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි' කෙටිකතා සංග්‍රහයේ එන ‘එකම පුතා' කියන කෙටිකතාව කියවූ විට මෙම සටහන ලියන්නට හිතුණා. ඒකෙ තියෙන්නෙ සිංහල කොටියකු ලෙස හැඳින්වුණු මාධ්‍යකරුවකුගේ කතාවක්. ඒ වුණාට ඒ මාධ්‍යකරුවා ඒ කතාවේ ප්‍රධාන චරිතය නෙමෙයි. ඔහුත්, ඔහුගේ පවුලත්, ඔහුගේ සොහොයුරාගේ පවුලත්, ගමත්, රූපවාහිනියත් වටා දින කීපයක් තුළ දිගහැරෙන මේ වියමනේ ගැඹුර විඳගත් නිසායි මේ සටහන තබන්නේ.

එහෙම විඳගන්නට එක හේතුවක් වෙන්න ඇති, මේ අත්දැකීම මට තරමක් සමීප අත්දැකීමක් වීම. යුද්ධයට විරුද්ධව පෙනී සිටීම නිසා එල්ල වූ සිංහල කොටි චෝදනාව නිසාත්, මරණ බිය නිසාත් රටින් පළා යන්නට සිදු වූ කාලයක් මටත් තියෙනවා. ඊට කලින් වකවානුවේ හා පිටරට ගිහින් ආපසු ආවාට පසුවත්, තැනින් තැන සැඟවෙමින් හෝ පොඩි සද්දයකට පවා බය වෙමින් නිවසේ ම සිටි හෝ කාලයක් අපටත් තිබුණා. එවැනි අත්දැකීම්වල ගැඹුර සාහිත්‍යයකට හසු කර ගැනීම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. 19වන සියවසේ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් සලකපු විදියට ජීවිතයෙන් පෙත්තක් වන කෙටිකතාවට යථාර්ථය සංකේතාත්මකව ග්‍රහනය කර ගන්නට තිබෙන හැකියාව පිළිබඳ කදිම නිදසුනක් තමයි ආචාර්ය අමරකීර්තිගේ ‘එකම…

පළාත් පාලන ඡන්දයේ වෙන්නේ කුමක් ද?

Image
(2018 ජනවාරි 28 රාවය පුවත්පතෙනි) පළාත් පාලන ඡන්ද උණුසුම ඉහළ යමින් තිබේ. පෙබරවාරියේ සිට ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු වනු ඇත. එහෙත්, ඒ වනාහි හුදෙක් අලුත් පළාත් පාලන පද්ධතියක් බිහි වීම හා ඒ සඳහා සභිකයන් තේරී පත් වීම නිසා නො වේ. එයට හේතුව, කාන්තා නියෝජනයයි.

ශ්‍රී ලංකා ඉතිහාසයෙහි කිසිදු කලෙක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6.5% ඉක්මවා නැත. වර්තමානයේ එය 225න් 12ක් හෙවත් 5.3%ක් වේ. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%ට අඩු ය. පළාත් සභා නවයේ ම ඇමතිවරුන් අතර සිටින්නේ එක් තාන්තාවක් පමණි. එක් නියෝජ්‍ය සභාපතිනියක් හා එක් ආණ්ඩුකාරවරියක් පළාත් සභාවල සිටියි. කලින් තිබුණු පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ කාන්තා නියෝජනය 2%කට අඩු විය.

එහෙත්, හිටිවන ම කාන්තා මහජන නියෝජිතවරියන් 200ක් පමණ දේශපාලනයට ප්‍ර‍විෂ්ඨ වීම විසින් දේශපාලන යටිතලයේ සැලකිය යුතු වෙනසක් සිදු කරනු ඇත. කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය බලවත් පිරිමින්ගේ රූකඩ නැටවීමක් බවට පත් කර ගැනීමේ උත්සාහයන් ඒ පිටුපස ඇති බව ඇත්තකි. එහෙත්, එය වළක්වා, මෙම නව තත්වය රටේ ගැඹුරු සමාජ වෙනසක් වෙනුවෙන් ආයෝජනය කිරීම කාන්තා සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, පුරවැසි සංවිධාන …

මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

Image
ගැමි සමාජයක යොවුන් ප්‍රේමයක් වචනයෙන් සිත්තම් වුණු අපූරු ගීතයකි, මේ.

හැන්දෑවට මංකඩවල් ළඟ කළු කුමාරයා නම් යක්ෂයකු සිටින බවට ද විශ්වාසයක් ගම්වල ඇත. කළු කුමාරයා බැල්ම හෙළන්නේ තරුණ කාන්තාවන්ට ය. තරුණ කාන්තාවන් කළු කුමාර දිෂ්ටියට බය වී තොවිල් කරන්නට සිදු වන අවස්ථා ද ඇත. 

මේ ගීයේ ඉන්නා කුමාරයා නම් ඇය දන්නා කෙනෙකි. ඔහු යම් දිනෙක ඇය ඒදණ්ඩෙන් එගොඩ කර ද තිබේ. හැන්දෑවේ වැඩ හමාර කර මංකඩට විත් දියබුං ගසා නාන ඔහුගේ සේයාව අඳුරේ ඇයට යන්තමින් පෙනෙයි. 

ඔහු ගැන සෙවිල්ලෙන් පංගොල්ල අසල සිටින ඇයට ඔහුගේ රුව නො පෙනී යද්දී ඔහුගේ සීපද රාවයෙන් දැනෙන්නේ සතුටකි. ඇය අවට පරිසරයේ හැම දෙයක් ම ඇයට ඉතා සුන්දර ලෙස පෙනේ. කුරුල්ලන්, හීන් හුළඟ, සැන්දෑ අහස, පොද වැස්ස වැනි හැම දෙයක් ම දනවන්නේ සතුට ය.  

මංකඩ ළඟ හැන්දෑවේ දියබුං හඬ නගනා
දන්ගොල්ලේ  පන් කොටුවට යාන්තමින් පෙනෙනා
බිම් කලුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

තුං තුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
රණ්ඩු වේවි මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
හීන් හුළඟ මා තනිකොට කන්දට දිව යන්නා
ගං ඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා 

රන් පාටින් ආකාසේ මගෙ සිතුවි…

දේශපාලකයන් ඉදිරියේ වැඳ නො වැටෙන ජාතියක් හැදීම රාජ්‍ය සේවයෙන් පටන් ගනිමු

Image
විදුහල්පතිනියක පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන්, පැහැර ගැනීම, වධ හිංසා පැමිණවීම, පොදු දේපල අපහරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි අපරාධ ගණනාවක් යටතේ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක සහ ඔහුගේ සහචර රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු ය. අධ්‍යාපන ඇමතිකමින් ඉවත් වීමෙන් පමණක් මෙම සිදුවීම අවසන් විය යුතු නැත. (මෙම සටහන තබා අවසන් වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.)

මෙහි තවත් පැතිකඩක් ද තිබේ. ඒ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ය.

විදුහල්පති තනතුරක් යනු රජයේ සේවයේ ඉතා වැදගත් තනතුරකි. එවැනි තනතුරක් දරණ අයට එම තනතුරේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීමක් ද තිබේ. මෙවැනි නිලධාරීන් දේශපාලකයන් ඉදිරියේ වැඳවැටීම සුලබ තත්වයකි. එයින් අවමානයට පාත්‍ර‍ වන්නේ ඔවුන් පමණක් නො වේ. එම තනතුර මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම එයින් අවමානයට පත් වේ.

දේශපාලකයන් ඉදිරියේ වැඳ වැටෙන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනයා ඉදිරියේ කොයි තරම් රැස් විහිදුවණවා ද යන්න කවුරුත් දනිති. 

ලංකාවේ දේශපාලනය කොයි තරම් පසුගාමී එකක් වුණත්, එහි ද හොඳ ලක්ෂණ ඇත. දේශපාලකයෝ මහජනතාවට වගකියති. එහෙත්, රජයේ සේවය සම්බන්ධයෙන් තිබෙන මූලික …

මහයහපාලකයාණෙනි, ඌවේ බල්ලා පන්නා දමනු!

Image
ජනාධිපතිතුමා මේ දිනවල රට පුරා යමින් දූෂණය නැති කිරීම, යහපාලනය ඇති කිරීම ගැන උද්වේගකර කතා පවත්වයි. ඡන්ද කාලෙට ඔහොම අමුතු ජවයක් එන එක තේරුම් ගන්නට පුළුවන. එහෙත්, අවුරුදු තුනක් නො කළ දේවල ඡන්ද කාලෙට විතරක් කරයි කියා අමුතුවෙන් විශ්වාසයක් අපට ඇති වන්නේ නැත. දැන් උවමනා නම්, ඔන්න ක්‍රියාත්මක වන්නට අවස්ථාව එළඹී තිබේ.

ජනාධිපතිවරයා විසින් ම ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිකමට පත් කරන ලද චාමර සම්පත් දසනායක විසින් ප්‍රධාන දෙමළ පාසලක විදුහල්පතිනියක දණගස්වා ඇති බවට ඇය විසින් පහත වීඩියෝවල ලබා දෙන සාක්ෂිවලින් පැහැදිලි ය.

බදුල්ලේ පාලිත ආරියවංශ විසින් මේ පිළිබඳ විශාල ප්‍රබන්ධයක් අද ලංකාදීප පුවත්පතේ පළ කර තිබේ. ඔහු එසේ කරන්නේ පැහැදිලිව ම චාමර සම්පත්ගේ උවමනාවට බව පෙනේ.

දුම්රියේ වඩේ විකිණීමෙන් ජීවිත සටන ආරම්භ කළ බව කියන මෙම පුද්ගලයා අද වන විට සාර්ථක ව්‍යාපාරිකයකු වන්නට පුළුවන. අනෙක් පැත්තෙන් ඔහු වැනි අය නූගතුන් ලෙස සලකා බැහැර කරන්නට උත්සාහ කරන සමායක් ඇති බවත් ඇත්ත ය. කෙසේ වෙතත්, මේ වන විට ඔහුට ඌව පළාතේ අධ්‍යාපන ඇමති ධුරය හොබවන්නට ද අවස්ථාව ලැබී ඇත. එවැන්නකු විදුහල්පතිනියක දණගස්වා පීඩාවට පත් කිරීම පැති ගණනාවකින…

කාන්තාවන්ගේ දේශපාලනය හා මත්පැන් බීම

Image
අජිත් පැරකුම් ජයසිංහ
රාවය පුවත්පතට ලියන ලද ලිපියකි

කාන්තා අයිතිවාසිකම්, නිදහස හා විමුක්තිය ගැන අලුත් සංවාදයක් රටේ ඇති වෙලා තියෙනවා. එයට හේතු වුණ කාරණා කීපයක් තියෙනවා. ඒ අතරින් වැදගත් ම පියවර තමයි, පළාත් පාලනයේ 25%ක කාන්තා නියෝජනය තහවුරු කරන්නට රජය ගත් පියවර. ඒ අනුව, පෙබරවාරි මාසයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 2000ක් පමණ තේරී පත් වෙනවා. මෙතරම් කාන්තා මහජන නියෝජිතයන් පිරිසක් සක්‍රිය දේශපාලනයේ ඉදිරියට පැමිණීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

මේ සම්බන්ධයෙනුත් සුපුරුදු අසුබවාදී අදහස් අධිපතිවාදී දේශපාලනයෙන් මතු වෙනවා දැකිය හැකියි. පිරිමින් තමන් නියෝජනය කිරීම සඳහා කාන්තාවන් යොමු කර තිබීම, නාම යෝජනාවලට කවුරු හෝ කාන්තාවන් පිරිසකගේ නම් දැමීම වැනි ගැටලු ගොඩක් එහි තිබෙනවා. ඒ අතර, රටේ ප්‍රධාන ම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවට පුරපති අපේක්ෂිකාව ලෙස රෝසි සේනානායක නම් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාව අනාගතයේ කාන්තා නායකත්වයන් ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට තමන් සූදානම් බව පෙන්නුම් කළා.

කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳ එක් වැදගත් මූලික තර්කයක් තමයි, හුදෙක් කාන්…

ජනාධිපතිතුමාට ඩෝං යාමෙන් ආණ්ඩුවේ හුළං යයි ද?

Image
ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයේදී කේන්ති ගොස් හෙවත් ඩෝං ගොස් හෙවත් මළ පැන ඇති බව මාධ්‍යවල වාර්තා විය.

මළ පැනීම මිනිස් ගතියකි. ඉවසීම ජනාධිපති ගතියකි. එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් බලයට පැමිණ, එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත් ජනාධිපතිවරයා නියම නායකයකු ලෙස අගමැතිවරයා සමග සුහදව කතා බහ කර විසඳා ගත යුතු දේවල් මාධ්‍ය සංදර්ශන කර ගත යුතු නැත.

එක අතකට මෙම මාධ්‍ය සංදර්ශනය ද කතා කරගෙන කරන දෙයක් වන්නට ද පුළුවන. එක පැත්තකින් එයින් එක්සත් ජාතික පක්ෂයේ මොරාල් එක නැංවෙයි. එවිට යූඇන්පීකාරයෝ පණ ගසා පක්ෂෙට වැඩ කරනු ඇත. අනෙක් පැත්තෙන්, පොදු ජන පෙරමුණේ අය මෙයින් තවත් අවුල් වෙනවා ය. දැනටත් පොදු ජන පෙරමුණට අරමුණක් නැත. රාජපක්ෂ පවුලේ අරමුණ වන කෙසේ හෝ නඩුවලින් ෂේප් වීම සමග මෛත්‍රී යටතේ අගමැති වීම වුව පෑහෙන්නට පුළුවන. එහෙත්, එය පොදු ජන පෙරමුණේ අරමුණ ද යන්න පැහැදිලි නැත.

මේ විදියට එකට ගමනක් නැතැයි කියන ගමන් ම තමන් ගුණමකුවකු නො වන බව ද ජනාධිපති පවසා තිබේ. ඔහුට විරුද්ධව නැගෙන සුප්‍රකට ආප්ප චෝදනාව සාධාරණ එකකැයි අපි නො සිතමු. පොළොන්නරුවේ ග්‍රාමසේවකවරයකු වූ ඔහු ඉදිරියට ආවේ රාජපක්ෂලාගේ උපකාරවලට වඩා බණ්ඩ…

ස්ත්‍රී විරෝධී පක්ෂ හමුවේ එක්සත් ජාතික පක්ෂයේ වමෙන් ගමන

Image
පහත දැක්වෙන්නේ දිවයින පුවත්පතේ ඉරිදා කතුවැකියෙන් උපුටා ගත් කොටසකි.

ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මනුෂ්‍යත්වයට කිසිසේත්ම නොගැළපෙන කසඩ වැඩක්‌ කළ බවට ආරංචි පැතිර යමින් පවතී. ඒ කසඩ වැඩය වූ කලී බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක දෙමළ විදුහල්පතිනියක්‌ ඔහුගේ නිල නිවසට කැඳවා දණ ගැස්‌වීමය. චාමර සම්පත් කියන්නේ තමන් එවැනි නීච ක්‍රියාවක්‌ නොකළ බවය. එහෙත් විදුහල්පතිනිය තම නිවසට කැඳවන ලද බව ඔහු පිළිගනී. චාමර සම්පත් කියන පරිදි මේ විදුහල්පතිනියට විරුද්ධව චෝදනාවක්‌ තිබේ. එනම් ඇය පාසලේදී හින්දු ආගමට හැර සෙසු ආගම්වලට මුල් තැන නොදෙන බවය. අනතුරුව තමා විසින් එම ගැටලුව විසඳන ලද බවද මහ ඇමැති චාමර සම්පත් කියයි.

ගුරුවරියක දණගැස්වීමේ සිද්ධියක් ආනමඩුව පැත්තේ පාසලකින් ද වාර්තා වූ අතර එයට වරදකරු වී දඬුවම් ලැබූ පළාත් සභා මන්ත්‍රීවරයාට ද වත්මන් ශ්‍රීලනිප නායකත්වය යටතේ යළි සංවිධායක ධුරයක් ලැබිණි. කාන්තාවන් හා ගැහැණු ළමයින් 100ක් දූෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වූ බව කියන දේශපාලකයකුගේ සහයෝගය ලබන ඔහුගේ බිරියට ද ශ්‍රීලනිපය නාමයෝජනා දී ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිපය මේ අන්දමේ ස්ත්‍රී විරෝධයක් පෙන්වද්දී එහි වඩා දක්ෂිණාංශික…

අාණ්ඩුවේ තෙවසරක ශේෂ පත්‍ර‍ය

Image
(රාවය පුවත්පතෙනි.)
අජිත් පැරකුම් ජයසිංහ විසිනි

ජනවාරි 8 විප්ලවයේ අරමුණු බොහෝ දුරට සාර්ථක නො වූ බව ඇත්තක්. ඒ වුණාට ඒ පත් කළ ආණ්ඩුව අවුරුදු තුනකට පසුවත් තවමත් බලයේ ඉන්නවා. එය අද පෙරළනවා ය, හෙට පෙරළනවා ය කියා කයිවාරු ගැසූ රාජපක්ෂ බලවේගය හා වාම අන්තවාදීන් මේ වන විට ඉන්නේ ආණ්ඩුවට අභියෝග කිරීමේ හැකියාව අතින් ශක්තිමත් තැනක නොවෙයි. ඒ නිසා වර්තමාන බල තුලනය බොහෝ දුරට 2020 දක්වා ම පැවතීමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, 2020න් පසු සිදු වන දෙය තීරණය වන්නේ ඉදිරි වසරක පමණ කාලය තුළ සිදු වන වෙනස්කම් මතයි.

පසුගිය අවුරුදු තුන තුළ සාර්ථක, අසාර්ථක පැති දෙක ම දකින්නට පුළුවන්. ඒ අතරින් විශේෂයෙන් ම සඳහන් කළ හැකි කාරණය වන්නේ රාජපක්ෂ සමය තුළ තිබුණු භීෂණ වාතාවරණය සහමුලින් ම නැති කර දැමීමට වර්තමාන ආණ්ඩුවට හැකි වීමයි. මේ අවුරුදු තුන ඇතුළත කිසිදු දේශපාලන ප්‍ර‍තිවාදියකු ඝාතනයට ලක් නො වීම වාර්තාගත කරුණක්. 1983න් පසු මෙවැනි තෙවසරක් උදා වුණේ පළමුවැනි වතාවටයි. අද වන විට සුදු වෑන් භීතිකාවකින් තොරව, නො බියව ජනාධිපති, අගමැති පවා විවේචනය කරන්නට ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා.

මෙය සීමාව ඉක්මවා යාමක් ලෙස සලකන පිරිසක් ද ඉන්නවා. නායකයන…

පුරුෂ විරෝධයට ප්‍ර‍ංශයෙනුත් විරෝධය

Image
#MeToo කැම්පේන් එකෙන් අවදි වුණ ලංකාවේ ස්ත්‍රීවාදීන් ඉතා දැඩි ආන්තික ස්ථාවර ප්‍ර‍කාශයට පත් කරන්නට පටන් ගත්තා. ‘ප්‍ර‍ගතිශීලී පිරිමියකු' ලෙස හඳුන්වනු ලැබීමෙන් උද්දාමයට පත් විදර්ශන කන්නන්ගර පිරිමිභාවය වරදකාරී බරක් සහිතව සැලකිය යුතු දෙයක් බව පැවසුවා. මේ ස්ත්‍රීවාදී ප්‍ර‍වණතාව විවේචනය කළ අයව ශාරීරිකව විනාශ කළ යුතු බව සිය අනුගාමිකයන්ට යෝජනා කරන විදියේ අදහසකුත් ඔහු පළ කළා.

ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදෙනකොට ලංකාවට නිව්මෝනියාව හැදෙන කතාවේ ම තවත් පැතිකඩක් තමයි මේ. #MeToo කැම්පේන් එක ඉදිරියට ගෙනා කිසිවෙකු හෝ මේ තරම් ආන්තික වුණේ නැහැ. 

මේ ආන්තික ස්ථාවරය ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙනුත් ඇතැමුන් දක්වනවා. එයින් කියවෙන්නේ මහ ජාතිය හෙවත් සිංහල බවට පත් වීම නිසා එම ප්‍ර‍ජාවට අයත් වන ‘ප්‍ර‍ගතිශීලීන්' වරදකාරී බරකින් කටයුතු කළ යුතු බවයි. මෙවැනි ආන්තික අදහස් අවසානයේදී සේවය කළේ සුළුතර ප්‍ර‍ජාවන් බලසතු කිරීමේ අරමුණු වෙනුවෙන් නොවෙයි. ඒවා සේවය කළේ ජාතිවාදය වෙනුවෙන්. ඒක වුණේ මධ්‍යස්ථ මතධාරීන් ද ප්‍ර‍තිගාමීන් ලෙස නම් කර බැහැර කිරීම හරහායි. ස්ත්‍රීවාදය ද මේ අන්තයට තල්ලු වෙමින් තිබෙනවා.

බලය යොදා කාන්තාවන්ට එරෙහිව …

ඇඟිලි සලකුණු යන්ත්‍ර‍යේ සටහන් වන මෝඩකමේ සලකුණ

Image
සේවා කාලය වාර්තා කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර‍ හඳුන්වා දීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරීන් රෝගීන්ගේ ජීවිත පරදුවට තබා වර්ජනයක ය.

ලංකාව මේ වන විට අන්තවාදයේ අලුත් රැල්ලක ය. මේ ද එහි ප්‍ර‍කාශනයකි.

ඇඟිලි සලකුණු යන්ත්‍ර‍ය යනු අත්සන් පොත වෙනුවට ඉදිරිපත් කරනු ලබන නවීන හා කාර්යක්ෂම මෙවලමකි. එහි බිය වීමට කිසිවක් නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වාර්තාව පවා නැවත සලකා බලන්නේ මිනිසකු නිසා සුළු ප්‍ර‍මාදයන් නො තකා හැරිය හැකි ය. අනෙක් පැත්තෙන්, මගේ කාර්යාලයේ තිබෙන ක්‍ර‍මය මෙයට කදිම විසඳුමකි. පැමිණීම පමා වුවහොත්, ඒ කාලය පිටවීමෙන් පිරිමසා ගන්නට අවසර තිබේ. සේවයට වාර්තා කිරීමට පැය කාලක් පමා වුණා නම්, පැය කාලක් පමා වී සේවයෙන් නික්මිය හැකි ය.

හෙද සේවයේ යෙදී සිටින බහුතරය මව්වරු ය. ඔවුන්ගේ පමා වීම සිදු වන්නේ ගෘහස්ථ වැඩ රාජකාරි නිසා විය හැකි බැවින් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිත සලකා බැලීමක් අවශ්‍ය ය. මේවා තනිකර ම සේවා ස්ථානවලදී ම සරලව විසඳා ගත හැකි ගැටලු ය. විගණනයට එන පුද්ගලයන් බූරුවන් ලෙස කටයුතු නො කර ඒ පිළිබඳ සාධාරණ ඇසකින් බැලීම ද එහිදී අවශ්‍ය ය.

අනෙක් පැත්තෙන් හෙද සේවය වනාහි අතිකාල බහුල සේවාවකි. එසේ …

අලුත් පත්තරයක් එනවා

Image
අලුත් පත්තරයක් ලබන ජනවාරි 11දා, බ්‍ර‍හස්පතින්දා නිකුත් වෙයි. ඒ ලේක්හවුස් ආයතනයෙන් නිකුත් වන රැස දිනපතා පුවත්පතයි.

දිනමිණට ආකර්ශනය කර ගත නො හැකි අලුත් පාඨක පිරිසක් ආකර්ශනය කර ගැනීම සඅරමුණු කර ගත් මෙම පුවත්පතෙහි කර්තෘවරයා වන්නේ තරුණ, ජවසම්පන්න මාධ්‍යවේදියකු වන චාමර ලක්ෂාන් ය.

මිථ්‍යාවට, අවිද්‍යාවට එරෙහිව සිංහල පුවත්පත් කලාවේ ගුණාත්මකභාවය නැංවීම අරමුණු කර ගනිමින් පළ කරනු ලබන මෙම පුවත්පතට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. ගුණාත්මක අන්තර්ගතයක් දැකීම පිණිස අපි මග බලා සිටිමු.

පහත දැක්වෙන්නේ රැස කර්තෘ චාමර ලක්ෂාන් සමග මා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක හඬ පටයයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන…

රජයේ සේවය දෙස පුරවැසි දෘෂ්ටි කෝණයකින්

Image
(රාවය පුවත්පතෙහි පළ වූ ලිපියකි)

අජිත් පැරකුම් ජයසිංහ විසිනි

අවුරුද්දෙ පළමුවෙනි දවස ම රජයේ නිවාඩු දවසක්. පෝය නිසා නිවාඩු ගන්න හැම කෙනෙකු ම බෞද්ධයන් නෙමෙයි. අනෙක් පැත්තෙන් හැම බෞද්ධයෙකු ම ඔය දවසේ අනිවාර්යයෙන් ම ආගමික කටයුතුවල යෙදෙන්නෙත් නැහැ. ආගමික කටයුතුවල යෙදෙන හැමදෙනෙකු ම වුණත් මුළු දවසෙම ඒක කරන්නෙත් නැහැ.

ලංකාවෙ නිවාඩු වැඩියි කිව්වා ම කෙනෙකු අහන්නට පුළුවන් මිනිසුන් විවේක ගන්න එකේ ඇති වැරැද්ද මොකක් ද කියලා. 2018 අවුරුද්දේ සතියේ දිනවලට වැටෙන නිවාඩු 19ක් තියෙනවා. රජයේ සේවකයන්ට සෙනසුරාදා, ඉරිදා නිවාඩු එක්ක, පෞද්ගලික නිවාඩුත් 40කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. එතකොට අවුරුද්දෙ දවස් 365කින් වැඩ කරන දවස් තියෙන්නෙ 250ක් විතර සංඛ්‍යාවක්.  

බැංකු වැනි ආයතනවල සේවකයන් සති අන්තයට එන නිවාඩුව සතියේ දිනක අරගෙන බැංකු වහලා ආර්ථිකය අඩපණ කරනවා.

හැබැයි, මේ රටේ ආර්ථිකය දරා ගන්නා වැඩ කරන ජනතාවට මේ සෙල්ලම් කරන්නට බැහැ. ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ දවස් පඩි. දවස් 365 ම ජීවත් වෙන්න නම් 365 ම වැඩ කරන්නට ඕනැ. 

ඇත්තෙන් ම අපට මේ තරම් නිවාඩු අරගෙන රටක් විදියට ඉදිරියට යන්නට පුළුවන් ද?

මා නම් පෞද්ගලිකව හිතන්නේ රජයේ නිවාඩු සංඛ්‍යා…

සොරුන්ට සර්ව සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත

Image
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සාධනීය, සුබවාදී එකක් ලෙස අගය කරමු. එහෙත්, අවංක එකක් යයි සිතා නො රැවටෙන්නට ද වග බලා ගනිමු. ජනාධිපතිගේ කිල්ලෝටයේ ද මල්ලි ටෙලිකොම් එකේ සභාපති කිරීම, දුවගේ ඇඩ්වටයිසිං හා ඉවන්ට් මැනේජ්මන්ට්, ඩඩ්ලි මල්ලිගේ බිස්නස් වැනි හුණු තිබේ.

ඒ නිසා ඔහු දැන් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් කරගෙන සිටින, තමන්ට ජනාධිපතිකමට ගොඩ වීමට පය තැබීමට උර දුන් රනිල් වික්‍රමසිංහට වඩා ඔහු හොඳයයි අමුතු රැවටීමක් අපට නැත. දෙන්නා ම නරක ය. අප ඔවුන් අපගේ නායකත්වයට පත් කරගෙන ඉන්නේ එහෙම මහ ලොකු හොඳක් බලාපොරොත්තුවෙන් නො වේ. අපට තෝරා ගැනීමට සිටින්නේ ඔවුන් නිසා ය. එසේම, කොච්චර නරක වුණත්, ඔවුන් රාජපක්ෂ පවුලේ අයට වඩා හොඳ නිසා ය. අඩු තරමේ ඔවුන් හොරකම් කරන්නේ අහු වෙන්න ය. රාජපක්ෂලා දුන්නේ ඇඩ්‍රස් නැති වෙන්න ය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කළ යුතු ය. ඒ හා සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතු ය. නීතිපතිට බෝල පාස් කළ යුතු නැත. 

ලොව කිසිම තැනක පොදු සමාජයට එරෙහි බරපතල අපරාධ සිදු කළ අය සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාග පැවැත්වෙලා නැහැ. …

රජය කියන සමාගම කාගෙ ද? කාට ද?

Image
රජය විග්‍ර‍හ කළ හැකි විවිධ ආකාර තිබෙනවා. එය දේශපාලනය පිළිබඳ මහජන සම්මුතියක් මත ක්‍රියා කරන ව්‍යූහයක් ලෙස ද සලකන්නට පුළුවන්. ඒ කියන්නෙ රජය කියන්නෙ මහජනතාව තමන් දේශපාලන සමාජයක් ලෙස පාලනය කර ගැනීම සඳහා ගොඩනගා ගන්නා ලද ව්‍යූහයක්. රජයකට හමුදා, පොලීසි, අධිකරණ, සිරගෙවල්, පාර්ලිමේන්තු, වෙනත් මහජන නියෝජිත සභා, නියාමන ව්‍යූහයන්, පරිපාලන සංවිධාන හා කළමනාකරණ ව්‍යූහයන් අවශ්‍යයි.

රජය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය බරපැණ දරා ගැනීම මහජන වගකීමක්. රජය ඒ වෙනුවෙන් බදු එකතු කර ගත යුතුයි. බදු එකතු කර ගැනීමටත් ව්‍යූහයන් අවශ්‍යයි.

එසේම, රජය විසින් අනිවාර්යයෙන් පවත්වාගෙන යා යුතු පොදු ව්‍යවසායන් තිබෙනවා. පවත්නා තත්වයන් තුළ, වරාය, ගුවන් තොටුපළ, මහාමාර්ග, වාරිමාර්ග, ජල සම්පාදනය, බලශක්ති, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර‍වල මූලික සේවා තත්වයන් පවත්වාගෙන යාමේ වගකීම රජයට පැවරෙනවා. හේතුව, ඒවා මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වීම නිසායි. ඒ ඒ අංශවල වුණත් වටිනාකම් එකතු කළ සේවාවන් පෞද්ගලික ව්‍යවසාය ලෙස පවත්වාගෙන යාම ගැටලුවක් නැහැ. හැබැයි, මේ මූලික සේවාවන්ට පිවිසීමේ හැකියාව ජනතාවගෙන් සෑම අයෙකුට ම තිබිය යුතු නිසා ඒවායේ රාජ්‍ය වගකීම …

කඩුවක් අතින් ගත් සිංහයෙක්

Image
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.