Posts

Showing posts from October, 2017

මරා දමන ලද සුන්දර සමනලයකුගේ ඈත විහිදෙන ගුණ සුවඳ

Image
මේ ගීය ගායනා කරන්නේ කරමටුල්ලෝ කුර්බනොව්. ඔහු තජිකිස්ථානයේ සිටි ජනප්‍රිය ගායකයෙකු හා සංගීතඥයකු වුණා.

ගීතය අහලා පහත තිබෙන විස්තරය කියවන්න. ලෝකය කොයි තරම් කෘර ද කියා ඔබට සිතේවි.



වසර 1992දී තජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී යාමත් සමග එරට ඇති වූ සිවිල් යුද්ධය අතරතුර කරමටුල්ලෝ සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ පිරිසක් 1992 ඔක්තෝබර් 17දා එරට මිලිටරි කණ්ඩායමක් වූ ජනප්‍රිය පෙරමුණේ ඝාතකයන් විසින් මරා දමනවා. එතකොට කරමටුල්ලෝගේ වයස අවුරුදු 30ක් හෝ 31ක් ඇති.

සෝවියට් සංගමයෙන් නිදහස ලැබූ තජිකිස්තානයේ 1992 සිට 1997 දක්ව පැවති සිවිල් යුද්ධය අතරතුරයි මේ ඝාතනය සිදු වුණේ.

තජිකිස්තානය කියන්නේ මධ්‍යම ආසියාවේ පිහිටි උතුරින් කිර්ගිස්තානයටත්, නැගෙනහිරින් චීනයටත්, දකුණින් ඇෆ්ගනිස්තානයටත්, බටහිරින් උස්බෙකිස්තානයටත් මායිම් වූ කඳුකර රටක්.

කරමටුල්ලෝගේ දියණිය තමයි නොසියා කරමටුල්ලෝ. පියා මරා දමන විට ඇගේ වයස අවුරුදු හතරක්. කෙසේ වෙතත්, ඇය අද වන විට තජිකිස්ථානයේ, ඉන්දියාවේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ මෙන් ම ලංකාවේ ද ජනප්‍රිය ගායිකාවක්. ලංකාවේ ඉතා ජනප්‍රිය වූ නගෝ නගෝ ගීයේ මුල් ගායිකාව ඇයයි.

ඉන්දියාවේදී සංගීතය උගත් නොසියා එහිදී …

ජාතික ප්‍රශ්නය හා ආර්ථික ප්‍රශ්නය ගැන වැඩිදුරටත්

Image
ප්‍ර‍ගතිශීලීන් ජාතික ප්‍ර‍ශ්නය පිළිබඳ සංවේදී විය යුත්තෙ පවත්නා තත්වයන්ට අනුවයි. එහෙම නැතුව සියලු ජාතීන්ට එක ම ප්‍ර‍තිපත්තියක් කියන එක කවුරුවත් අනුගමනය කරපු එකක් නෙමෙයි. ලෙනින්, ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග් වැනි අය පවා ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම වැනි සංකල්ප හුදු මූලධාර්මික පිළිගැනීම් බවට පත් නො කර, එ්වා ඒ ඒ රටවල තිබෙන තත්වයන් තුළ කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක උවමනාවන් මත පදනම් කළ හ.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයෙහිදී පවා වම දෙමළ ජාතික ප්‍රශ්නය වෙත තබන බර හා සමාන බරක් මුස්ලිම් ප්‍රශ්නය වෙත තබන්නේ නැත.

ජාතියක් යනු කුමක් ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් පවා නිශ්චිත සූත්‍රයක් නැත. ජාතියක හිමිකම පිළිගැනීම පවා සිදු වී තිබෙන්නේ ජාතික අරගලයන්ගේ තත්වය මත ය.

එහෙව් තත්වයක් තිබියදී අප ද ජාතීන්ගේ ප්‍රශ්නය ගැන සලකා බැලිය යුත්තේ වර්තමාන තත්වයන්ට සාපේක්ෂව ය. වර්තමාන තත්වයන් කිසි සේත් ම කොටි සංවිධානය බලවත් ව සිටි 2009ට පෙර පැවති තත්වයන්ට සමාන වන්නේ නැත.

දෙමළ ජාතියේ ජාතික අභිලාෂයන් ද දෙමළ ජාතිය අතර වඩා බලවත් පන්තිය වන දෙමළ මධ්‍යම පන්තියේ ගොඩනැගීම් වේ. ලෝක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ රාජ්‍…

රාජේන්ද්‍රගේ සටන

Image
රාජේන්ද්‍ර සත්‍යජිත් මා හඳුනන්නේ ඉතා කුඩා කාලයේ සිට ය. අප එකට පාසල් ගිය, එකට සෙල්ලම් කළ, එකට වල ගැසූ මිතුරෝ වෙමු. අප අතර ඥාතිත්වයක් ද ඇත. 

මගේ පාසල් මිතුරකු මෙන් ම ගමේ අසල්වැසියකු ද වූ ඔහු සම්පත් බැංකුවේ සේවය කරන සමයේ අපේ ගමේ දේපල විකුණා පානදුරයට සංක්‍රමණය වූයේ ය.

බලාපොරොත්තු නො වූ අවස්ථාවක ඔහු බැංකු සේවයෙන් විශ්‍රාම ගෙන ඇමරිකාවට සංක්‍රමණය වූයේ ය.

එහෙත්, ඔහු පසු කලෙක ඔහු දැනට වයස අවුරුදු 95ක් පමණ වන සිය වියපත් පියාට උවටැන් කිරීම පිණිස යළි ලංකාවට පැමිණියේ ය.

පසු කලෙක ඔහු පානදුර නගර සභා බල ප්‍රදේශය තුළ තමන් ජීවත් වූ ප්‍රදේශයට දැඩි ලෙස අහිතකර බලපෑමක් සිදු කළ අනවසර සංවර්ධනයකට එරෙහිව දිගු කලක් තිස්සේ නො සැලී ඉතා වෙහෙසකර අරගලයක් කරනු මම බලා සිටියෙමි. 

ඔහු අරගල කළ ආකාරය සාමාන්‍යයෙන් ලාංකිකයන් අරගල කරන්නට පෙළඹෙන ආකාරයට වඩා වෙනස් ය. අසල්වාසීන් සමග එක්ව, පළමු පියවර ලෙස ම වීදි බසින්නට පළමුව ඔහු සියලු නීතිමය කාරණා ගැඹුරින් අධ්‍යයනය කළේ ය. රාජ්‍ය අංශවලින් සිදු වී ඇති අතපසු වීම් හා ඔවුන් විසින් කළ යුතු කාර්යයන් හඳුනා ගත්තේ ය. ඒ වෙනුවෙන් නො පසුබටව දිගින් දිගට ම ලියුම් ලියමින්, සාකච්ඡා කරමින් අරගල කළේ ය.

ඔ…

විමල් ඇන් කමල්: කලියුග කාලෙට උපන්න දේශප්‍රේමියො දෙන්නෙක්

Image
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පළමුව ආර්ථිකය නම් බාටා - දෙවනුව ජාතිය නම් පාසල

Image
ජාතිය ගැන සංවාද බොහොමයක් තිබේ.  නිර්මාල් දේවසිරි වැනි වාමාංශිකයෝ ද ඒ සංවාද පෝෂණය කිරීමට සුවිසල් දායකත්වයක් සපයති. ඒවාට ප්‍රගතිශීලීන් සම්බන්ධ විය යුත්තේ කොතැනින් ද යන්න තීරණය වන්නේ පවත්නා දේශපාලන සංදර්භයට සාපේක්ෂව බව මගේ අදහසයි.

දෘෂ්ටිවාදීමය කරුණු වන සිංහල බෞද්ධයාගේ හෝ දෙමළ ජාතිකයාගේ හෝ වෙනත් ජාතික ප්‍රජාවකගේ හෝ අභිමතාර්ථවලට වඩා පොදුවේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වන ආර්ථික හා සංවර්ධන ගැටලු කෙරෙහි වැඩි අවධාරණයකින් යුතුව දේශපාලනිකව මැදිහත් වීම මේ නිශ්චිත මොහොතට අදාළව ප්‍රගතිශීලීන්ගේ වගකීම යයි සිතමි.

ජාතිය අවසන් දේශපාලන ප්‍රජාව නො වේ. මේ මොහොතේත්, දේශපාලනික ප්‍රජාවන් පුළුල් වෙමින් පවතින අතර අප එය දිරි ගැන්විය යුතු ය. අපගේ පරම්පරාවේ ප්‍රශ්න අපේ දරුවන්ගේ පරම්පරාවට අදාළ වන ආකාරය වෙනස් ය. ජාතිය ගැන ඕනෑව⁣⁣ට වඩා සංවාද කරන්නට යනවාට වඩා ඒ පරම්පරාවල අාර්ථික සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීම දේශපාලනික ය. අනෙක් පැත්තෙන් ජාතිවාදී විෂබීජවලින් අනාගත පරම්පරාවලට නො දීම ද දේශපාලනික ය.

මා 2009 දක්වා උපරිම බලය බෙදීමක් සඳහා සහයෝගය දැක්වූයෙමි. එයට හේතුව, එය යථාර්ථයක් කර ගන්නට පුළුවන් ව්‍යූහයක් වන දෙමළ ඊලාම් විමුක්ති කොට…

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ වර්තමානය සහ අතීතය

Image
පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට ඕනෑ ය කියා විමල් වීරවංශ කියපු එකත් එක්ක ඒ පක්ෂේ ඇතැම් අයටත් උදහස් වෙලා. ඔය පියසිරි විජේනායක කියන්නෙත් එයා කියන විදියට අසූනමයෙ කැරැල්ලේ හිටපු කෙනෙකු නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිල්ලට එයත් සම්බන්ධයි. 

විමල්ට නම් පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිල්ල එක්ක නෑකමකුත් තියෙනවා. හේතුව ඔහු විවාහ වී ඉන්නෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා ය කියා චෝදනා එල්ල වුණු අජිත් කුමාරගේ නංගි එක්ක නේ. 

අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු බව අධිකරණයේ ඔප්පු වුණේ නැහැ. ජවිපෙ සාමාජිකයකු වූ ඔහු පාර්ලිමේන්තුවට ආහාර සපයපු සමාගමක සේවකයකු ලෙස වැඩ කරමින් සිටියා. බෝම්බ ප්‍රහාරයෙන් පසු සැඟවී සිටි ඔහු මාස ගණනකට පසු ඔහු අත්අඩංගුවට පත් වුණේ නාවුල පැත්තේදී කසිප්පු වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බියේ දුවද්දීයි.  

මේ නඩුව ඔප්පු නො වුණ නිසා තියරිකාරයන්ට කියන්න පුළුවන් ඒ බෝම්බය ගහගත්තෙ ජේආර් ම ය කියලා. හරියට අර තමන්ට බෝම්බ තියාගෙන ඇහැක් අන්ධ කර ගත්තෙ චන්ද්‍රිකා ම ය කියලා වික්ටර් අයිවන් කිව්වෙ. අන්න ඒ වගේ. 

කෙසේ වෙතත්, ඔය සිද්ධිය ගැන මං දන්න කතාවක් කියන්නම්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු 1987 අගෝස්තු 18දා වන විට ම…

නහය නැතිනම් රියලිටි විනිශ්චයකාරවරු ................

Image
ශබ්දකෝෂ අර්ථයෙන් රියැලිටි කියන්නේ යථාර්ථයටයි. එහෙත්, මෑත කාලයේදී රූපවාහිනී විසින් හඳුන්වා දෙන ලද රියැලිටි නම් කලාව විසින් ඒ රියැලිටි යන වචනයේ අර්ථය වෙනස් වී තිබේ.

රියැලිටි ෂෝවල යථාර්ථයේ නමින් වෙනත් අමුතු යථාර්ථයක් නිර්මානය කරනු ලැබේ.

එය එක්තරා විදියකට නිර්මිත යථාර්ථයකි. යථාර්ථය ෆැන්ටසිකරණය කිරීමකැයි කියන්නට ද පුළුවන.

මේ ගැන තව ටිකක් කල්පනා කරන විට මෙසේ ද සිතේ. කලා කෘතිවල යථාර්ථය යයි කියන්නේ ඇත්තෙන් ම යථාර්ථය ද? නැතිනම් යම්කිසි නිර්මිත යථාර්ථයක් ද?

කෙසේ වෙතත් මේ නිර්මිත යථාර්ථය නම් නියම විකට ජවනිකාවකි. මේවායේ විනිශ්චයකාරයන් කියන එවුන් නහය නැතිනම් ගූත් කනවා ඇතැයි මට සිතේ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කා…

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

Image
කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?

පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය.

මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්‍රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්‍රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.

කියවන්න: සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව

සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට බ්‍රේක් ගැසිය යුත්තේ ඇයි?

Image
සාමය ද ක්‍රියාවලියකි. එසේ නොමැතිව නිර්මානය කර අවසන් කළ හැකි චිත්‍රපට දර්ශනයක් වැනි අවස්ථාවක් නො වේ.

සාමය සඳහා බොහෝ දේ කළ යුතුව තිබේ. ආණ්ඩුක්‍රම ගොඩනැගීම යනු එයින් එකක් පමණි. එයට වුණත් පෙර කළ යුතු බොහෝ වැඩ කටයුතු තිබේ.

සාමය යනු එක පැත්තකින් ක්‍රියා මාලාවක් හෙවත් කැම්පේන් එකක් ද, තව පැත්තකින් බිස්නස් එකක් ද වේ.

සාම කොම්පැනි ගැන මතක් වන විට කුමාර් රූපසිංහලාගේ සුමනසිරි ලියනගේලාගේ තවත් එවැනි පීස්නික්ලාගේ බිස්නස් අමතක කර කතා කළ නො හැකි ය. (පීස්නික් යන වචනය සුමනසිරි ලියනගේගේ ම නිර්මානයකි. එයින් අදහස් වන්නේ රස්සාවට සාමය ගොඩනැගීම කරන අයයි. මෙවැනි අය විශාල වැටුප් වෙනුවෙන් සාම ව්‍යාපෘතිවල වැඩ කරන ගමන් යුද ව්‍යාපෘතිවලට ආවඩන්නෝ වූ හ. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් මෛත්‍රීපාල සිරිසේන දිනාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට තට්ටු කළ මලිත් ජයතිලක කුමාර් රූපසිංහ ළඟ වැඩ කළ එවැනි එක් පීස්නික් කෙනෙකි.) ඔවුන්ට අප බිස්නස්කාරයන් යයි කියන්නේ පැහැදිලි හේතුවක් මතයි. බිස්නස්කාරයන්ට දේශපාලනයක් නැත. ඔවුන්ට ඇත්තේ තමන් කරන ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය පිළිබඳ අදහසක් පමණි. බිස්නස්වලින් ලාභ නැතිව යන කල ඔවුහු ඒවා අතහැර දමා වෙ…

මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද?

Image
ලංකාවේ මේ මොහොතේ දේශපාලන සංවාදය තුළ අවධානයට ලක් වී තිබෙන ප්‍රධාන කාරණා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න බැඳුම්කර කොමිෂමයි. දෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

බැඳුම්කර කොමිෂම යනු යහපාලනය පිළිබඳ වර්තමාන ආණ්ඩුව හා විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන මේ රටේ ජනතාව විසින් තබන ලද විශ්වාසයේ මිනී පෙට්ටියයි. ඉතිරිව ඇත්තේ නඩු විභාගයක් හරහා පෙට්ටියට ඇණ ගැසීම හා ආදාහනය පමණි.

එවන් ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවක් කළමනාකරණය කර ගත නො හැකි ය. හේතුව අන් කිසිවක් නොව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි ගැඹුරු සමාජ පරිවර්තනයක් සිදු කිරීමට අත ගසන නායකත්වයකට ප්‍රබල මහජන විශ්වාසයක් තිබිය යුතු වීමයි. වර්තමාන ආණ්ඩුවට එවැන්නක් නැත. එය ගොඩනගා ගැනීමට බැරි වීමට ප්‍ර‍ධාන හේතුව බැඳුම්කර ප්‍ර‍ශ්නයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් දිනා ගැනීම සඳහා උප්පරවැට්ටියක් දමා ගත හැකි වීම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ප්‍රමාණවත් නො වේ.

ලංකාවේ අලුත් ව්‍යවස්ථා ගෙන ආ 1972 හෝ 1978 අවුරුදු සලකා බලන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ ඒ ඒ වකවානුවල පැවති ආණ්ඩු බලවත් හා ජනප්‍රිය තත්වය…

මරණයේ තුඩුව එළියකන්ද ළඟදීම එළි දකී

Image
එළියකන්ද වධකාගාරයේ ගෙවූ අවුරුද්දකුත්, සතියකුත්, මාසයකුත්, එක් දිනක් වන කාලය මගේ මුළු ජීවිතය ම හැඩගැස්වූ ක්ෂතිමය අත්දැකීමකි. අවුරුදු 25ක් තිස්සේ එය රචනා කරන්නේ කෙසේදැයි මම සිතා බලමින් සිටියෙමි. සත්තකින් ම කිහිප වරක් ම ඒ කතාව මුළුමනින් ම ලියා හෝ ලියන්නට පටන් ගෙන හෝ තිබේ. එවැනි අත්දැකීමක් සටහන් කිරීම එය විඳීමටත් වඩා අසීරු ය. 

එම සිදුවීම් දාමය දෙස උපේක්ෂාවෙන් බලන්නට හැකියාව අත්පත් කර ගන්නට ද මට බොහෝ කාලයක් ගත විය. ඒ හා සම්බන්ධ දේශපාලන හැඟීම්බරභාවයන්ගෙන් මා දැන් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත වී ඇතැයි මම සිතමි. 

ඒ හා සම්බන්ධ විවිධ ගැටලු හේතුවෙන් අවසානයේදී මා තීරණය කර ඇත්තේ එය නවකතාවක් බවට පත් කරන්නට ය. නවකතාව ඇත්ත මත පදනම් වූ ප්‍රබන්ධයකි. පෞද්ගලික අත්දැකීමක් වාර්තාගත කරනවාට වඩා දුරක් නවකතාවක් ඔස්සේ යා හැකි වනු ඇතැයි මම සිතමි. 

එයින් මා උත්සාහ කරනුයේ ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක අත්දැකීම් ඇසුරෙන් තෝරා ගත් වස්තු බීජ කිහිපයක් ඇසුරු කරගෙන මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩ වෙත ආලෝක ධාරාවක් යොමු කරන්නට ය. 

දැන් මේ නවකතාව අවසන් අදියරේ ඇත. අවශ්‍ය පර්යේෂණ කිහිපයක් සඳහා මාතර පැත්තෙන් උපකාර කළ හැකි කිසිවෙකු වේ නම් …

ලංකාවට හරි යන්නෙ මොන විදියෙ ආර්ථිකයක් ද?

Image
අපේ රටේ තියෙන්නේ කුමන ආකාරයක ආර්ථිකයක් ද, සමාජ ක්‍ර‍මයක් ද කියන කාරණය අප සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ රටේ තිබෙන්නේ කලක සිට පතුරුවා හැරීමෙන් ඝනීභූත වූ මිථ්‍යා අදහස් පද්ධතියක්.

උදාහරණයක් විධියට ලංකාවේ පවතින්නේ ධනපති පාලනයක් ය කියන එක අමු ම අමු ප්‍ර‍ලාපයක්. ලංකාවේ බලවත් ම පන්තිය රජයෙන් යැපෙන මධ්‍යම පන්තියයි. දේශපාලකයන්ගේ සිට රජයේ නිලධාරීන් හරහා රජයේ සේවකයන් දක්වා විහිදෙන මෙම මධ්‍යම පන්තියට පහළින් රාජ්‍ය සහනාධාර මත යැපෙන ග්‍රාමීය දිළින්දන් ද විශාල ප්‍ර‍මාණයක් සිටිනවා. ඔවුන් ගොවීන් යයි කීවාට, වෘත්තීය ගොවීන් ලෙස හඳුන්වන්නට පුළුවන් පිරිස ප්‍ර‍තිශතයක් ලෙස අවමයි.

රාජ්‍ය උපකාර මත පවතින පූජක ප්‍ර‍ජාවේ ද මතවාදී බලපෑමට ලක් වන, රජයෙන් යැපෙන, මූලික වශයෙන් ම ග්‍රාමීය හා අර්ධ නාගරික වන මෙම මධ්‍යම පන්තිය තමයි ලංකාවේ සංඛ්‍යාත්මකවත්, ආර්ථිකවත් බලවත්. ලංකාවේ ශක්තිමත් ධනපති පන්තියක් නැහැ. ඉන්න ධනපතීන් අතරින් ද වැඩි පිරිස බයිං ඇන් සෙලිං කරන අය මිසක් කර්මාන්ත කෙරෙහි යොමු වන අය නෙමෙයි. කර්මාන්ත වෙත යොමු වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන්වීමේ කිසිදු සැබෑ උවමනාවක් ලංකාව පාලනය කරන මධ්‍යම පන්තියට…

ලංකාවෙ තියෙන්නෙ විවෘත ආර්ථිකයක් ද?

Image
ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය හරියට වැඩ කළා ද යන්න පිළිබඳ සාකච්ඡා සභාවකට පසුගියදා මා සහභාගි වුණා. 

මේ මාතෘකාව ගැන හිතනකොට මට මතක් වෙන්නෙ මේ දවස්වල පෞද්ගලික අධ්‍යාපනය ගැන තිබෙන සංවාදය. ආර්ථිකය විවෘත කළ බව කියැවෙන්නෙ 1977දී. අවුරුදු 40කට පසුවත් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය ද කියන සංවාදය තියෙන රටක ආර්ථිකය ඇත්තට ම විවෘත වෙලා ද?

අපි දශක අටක් අතීතයට ගිහින් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ 1940 දශකය සලකා බැලුවොත්, අපේ රට එදා තරම් විවෘත ද? කන්නන්ගර මහතා පාසල් රජයට පවරා ගත්තෙ නැහැ. ඔහු කළේ ඒ වන විට පැවතුණ පාසල් පද්ධතිය තුළට සැමට අධ්‍යාපනය ලැබීමට තිබෙන හිමිකම පිළිබඳ ප්‍ර‍තිපත්ති ඇතුළත් කිරීම් ගෙන එමින් සමාන්තරව ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම ආරම්භ කළ එකයි. ඔහු පිහිටවපු මධ්‍ය මහා විද්‍යාල හා ඒවාට දක්ෂ දරුවන්ට ලබා දුන් ශිෂ්‍යත්ව මෙහිදී ඉතා වැදගත්.

අධ්‍යාපනය හා ආර්ථිකය විවෘත කිරීම එකිනෙකට නො ගැලපෙන කරුණු දෙකක් ය කියා ඔබ හිතන්නට පුළුවන්. එහෙත්, අධ්‍යාපනය පිළිබඳ මා ඉදිරිපත් කළ මේ නිදසුනෙන් ආර්ථිකය පිළිබඳ ප්‍ර‍කාශ වෙනවා.

අපට ඇත්තෙන් ම විවෘත ආර්ථිකයක් තිබුණේ 1950 දශකයට පෙර කාලේයි. හැට…

රජයේ මාධ්‍යවලට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට කළ හැකි දේ

Image
අප මිත්‍ර සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වීම පිළිබඳ කුමන ගැටලු මධ්‍යයේ හෝ වත්මන් පාලනය ප්‍රතිගාමිත්වයෙන් ආරක්ෂා කරමින් මෙතැනින් ඉදිරියට යාම පිළිබඳ සිතන පුරවැසියකු වන මට ඉතා වැදගත්. හේතුව, ඔහු ඉතා කෙටි කාලයක් තුළ රජයේ ගුවන් විදුලි සංස්ථාව තුළ කළ මැදිහත්වීමේ ඵලදායිත්වයයි. දෙයක් වේ නම් සුදුස්සාට ම අයිති විය යුතු කියන එක ලංකාවේ සිදු වන්නේ කලාතුරකින්. සුදර්ශන ගුණවර්ධන ඒ අතින් වාසනා ගුණයක් ඇති කෙනෙක්. සුබපැතුම්!

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය යනු වැඩකට නැති රාජ්‍ය ආයතනයක වැඩක් කළ නො හැකි තනතුරක් ය යන්න ඇතැමෙකුගේ අදහසක්. එහෙත්, එය එසේ විය යුතු ද?

මීට කලින් මේ තනතුර දැරූ අප මිත්‍ර රංග කලන්සූරියගේ කාලයේ ඔහු මාධ්‍ය සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමටත්, මහජන ආකල්ප වෙනස් කිරීමටත් සුවිශේෂ වැඩකොටසක් කළා. එහිදී තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත සම්බන්ධයෙන් ඔහු කළ වැඩකොටස ඉතා වැදගත්. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමෙන් පසු එය ජනතාව අතරට ගෙන යාම සඳහා ඔහු තවත් සංවිධාන සමග එකතු වී කරපු කාර්යභාරය විශිෂ්ටයි.

එහෙත්, ප්‍රවෘත්ති මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත නම් මතභේදයට තුඩු ද…

සයිටම් වසා නො දැමිය යුත්තේ ඇයි?

Image
රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් දැන් අවුරුද්දක පමණ සිට පන්ති වර්ජනයේ බව කියනු ලැබේ. එහෙත්, පසුගියදා මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨ සිසුන්ට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය නිසා කැලනිය විශ්වවිද්‍යාලය වසන බවට උප කුලපතිවරයා විසින් කරන ලද නිවේදනය අනුව, වෛද්‍ය පීඨ සිසුන් හැර සෙසු සියලු අභ්‍යන්තර සිසුන්ට විශ්වවිද්‍යාලය වසන ලදී. පන්ති වර්ජනය කර සිටින සිසුන්ට විශ්වවිද්‍යාල නො වසන්නේ ඇයි?

ඇත්ත පන්ති වර්ජනයක් සිදු නො වීම හොඳ තත්වයකි. මහජන මුදලින් වෛද්‍ය පීඨ නඩත්තු කරන්නේ එයට තේරෙන සිසුන් හරියට ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එය හරියට නො කරන අමනයන් මේ රටේ බදු ගෙවන ජනතාවට කරන්නේ වංචාවකි.

වෛද්‍ය සිසුන්ටත්, ඔවුන් උසිගන්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටත්, සිසුන් ගොනාට අන්දා රටේ සාමය කඩාකප්පල් කිරීමට මාන බලන පසුගාමී දේශපාලන බලවේගවලටත් මූලික සටන් පාඨය වී තිබෙන්නේ සයිටම් විශ්වවිද්‍යාලය වසනු යන්නයි.

සයිටම් වසා නො දමන බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා නැවතත් අවධාරණය කළේ ය. ඉතා පැහැදිලිව ම එය නො කළ යුතු දෙයකි. එය බරපතල දේශපාලන ආර්ථික ප්‍රතිවිපාක සහි…

කැලනි හිඟන්නන් බිහි කරන විශ්වවිද්‍යාල සංස්කෘතිය

Image
ජවිපෙට පෙසපට අන්තරේට හා කොළඹ කේන්ද්‍රීය ෆේස්බුක් විප්ලවවාදී තවත් කල්ලි සම සම්බන්ධ කැලනි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨයේ සිසුන්ගේ ප්‍රදර්ශනයක් කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් පොදු ජනතාවට පැත්තෙන් විවේචන එල්ල වෙද්දී මා ඉහත නම් සඳහන් කළ බලවේග පිට්ටු කෑවා සේ සිටිනු පෙනේ.

මෙම ප්‍රදර්ශනය කඩාකප්පල් කරන්නේ එයට බහුජාතික සමාගම්වල වෙළඳ අරමුණු සම්බන්ධ ය, හමුදාව සම්බන්ධ ය ආදී වශයෙන් චෝදනා එල්ල කරමිනි.

මේ බහුජාතික සමාගම් කතාව ම දැන් යල් පැන ගිය එකකි. වේගයෙන් පුළුල් වෙමින් තිබෙන ගෝලීය වෙළඳපොළ තුළ ජාතික සමාගම්වලට පැවැත්මක් නැත. ගෝලීය තලයේ සම්බන්ධකම්වලින් තොරව මධ්‍ය හෝ සුළු පරිමාණ කර්මාන්තයකටවත් දැන් පැවතිය නො හැකි ය. ආර්ථික ජාතිකවාදය යල් පැන ගොසින් හමාර ය. එය ජීවත් වන්නේ ජාතිවාදය සමග අත්වැල් බැඳගෙන දෘෂ්ටිවාදී තලයක පමණි.

ප්‍රාග්ධනයට නිදහස් සංචලනය සඳහා පුළුල් නිදහසක් හිමිව තිබේ. ජාතිවාදී දෘෂ්ටිවාදයන් මුල් බැසගෙන තිබෙන ලංකාව වැනි රටවල් පවා කොටස් වෙළඳපොළවල් විදේශ ආයෝජනවලට විවෘත කර තිබේ. එසේම, ඍජු විදේශ ආයෝජනවලට වන්දනාමාන කරනු ලැබේ. බහුජාතික සමාගම් හා බහුජාතික නොවන සමාගම් හඳුනා ගැනීම ඉතා…

මගේ උපන් දිනය දා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනගෙන් ලැබුණු අපූරු තෑග්ග

Image
සැප්තැම්බර් 27දා මගේ උපන් දිනය. එදා උදේ මම ගුවන් විදුලි සංස්ථාවට ගියේ ඇමති රිෂාද් බදියුදීන් එක්ක වැඩසටහනක් කරන්න. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු වන ප්‍රහාර, මුස්ලිම් අන්තවාදයක් තිබේ ද, සංහිඳියාව ඇති කර ගන්නෙ කෙසේ ද, යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි සැලසුම වුණේ. මගේ සාරප්‍රභාගිර වැඩසටහන තිබෙන්නේ සිකුරාදා වුණත්, මේ විශේෂ වැඩසටහන කරන්නට ලැබුණු ආරාධනය මා සතුටින් භාර ගත්තා. අවස්ථා ඉල්ලමින් කිසිවකු පසුපස යාම මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි, කිසියම් දවසක මට යම් කෙනෙකු අවස්ථාවක් දුන්නා නම් මා එයට උපරිම සාධාරණය කර තිබෙනවා. 

ඒත්, ඇමතිවරයා පෙර දින රාත්‍රියේ සිට සම්බන්ධ කර ගන්නට බැරිවයි තිබුණේ. ඒ නිසා හිස් අතින් එක පාරට ම වැඩසටහනක් කරන්නට ය කියලා ගුවන් විදුලි ප්‍රවීණයකු නො වන මට සිදු වුණා. ඒ පසුගිය සැප්තැම්බර් 26දා, ඒ කියන්නෙ ඊට කලින් දවසේ ගල්කිස්සේදී භික්ෂූන් ඇතුළු ජාතිවාදී ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමේ රැකවරණය යටතේ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව වැඩසටහනක් කිරීමයි.

මා ළඟ තිබුණෙ දුරකථන අංක කීපයක් පමණයි. ඒවායින් ඇතැම් ඒවා ඒ මොහ…

පහේ ශිෂ්‍යත්වය ගැන කුමක් කළ යුතු ද?

Image
පහේ ශිෂ්‍යත්වය කියන්නෙ වර්තමාන තත්වය අනුව ජීවිතේ වැදගත් කඩඉමක්. එය ලංකාවේ ළමයින්ගේ ජීවිත බරපතල විපර්යාසයකට ලක් කරන දැඩි තරගකාරී විභාගයක්. එය නිදහස්, නිර්මානශීලී අනාගත පරපුරක් බිහි කිරීමේ ලා බරපතල බාධාවක් බව ඇත්ත. ඒ පිළිබඳ විවේචන එමටයි.

ඒ වුණාට මේ විභාගය දිහා ජනප්‍රිය නිශේධාත්මක ඇසින් බලන එක හරි ද?

මේ පිළිබඳ සිතන්නට මා පෙළඹුණේ පිලිප් ශාන්තගේ ‘ශිෂ්‍යත්ව විභාගය ජීවිතයකට කිසිම වටිනාකමක් එකතු නොකරයි' කියන අදහසත් එක්ක.

ග්‍රාමීය හෝ නාගරික පරිවාරයන්ගේ දරුවකුට රජයේ වඩාහොඳ පාසලකට ඇතුළත් වන්නට තිබෙන එකම සාධාරණ අවස්ථාව පහේ ශිෂ්‍යත්වයයි. එහෙත්, ඒ සඳහා අසාමාන්‍ය දක්ෂකමක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස, අනුරාධපුරයේ සිට කිලෝමීටර් 150ක් පමණ ඈතින් පිහිටි වැලිඔය ගජබාපුර සිංහල පාසලේ දරුවෙකුට ලකුණු 160ක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම කළත්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට තරම් ඒ ලකුණු ප්‍රමාණවත් නැහැ.

ගමේ පාසල හොඳම පාසල යන්න ඇත්තක් නො වේ. ගමේ පාසල්වල පහසුකම් අවමයි. උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් ලැබෙන්නේ මෙතනින් තේරී හොඳ පාසල්වලට යන දරුවන්ට ය. මේ සියලු වටිනාකම් ශිෂ්…