කලුතර, පෑලියගොඩ, සයිටම් හා බැඳුම්කර කොමිෂම

අතිශය වැදගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් කීපයක් ඔස්සේ රටේ පවත්නා තත්වය ගැන අදහසක් ඇති කර ගත හැකි ය.

1. කලුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් රැගෙන පිටත් වූ බසයට එල්ල කරන ලද ප්‍රහාරය හා එයින් සිරකරුවන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීම

2. පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු අත්අඩංගුවේදී මිය යාම

3. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ඔහු විසින් ම රඟ දක්වා ගන්නා ලද ජවනිකාවක් බවට තොරතුරු හෙළිදරව් වීමත් සමග ඔහු අත්අඩංගුවට පත් වීම

4. කුප්‍රකට බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති කොමිෂමේ විමර්ශනයෙන් හෙළි වන තොරතුරු

කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය හැර අනෙක් සිද්ධි තුන දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු වූ ඒවා ලෙස සැලකිය නො හැකි ය. ඒවා වනාහි ඉතා පැහැදිලිව ම සමාජයේ තිබෙන අනාරක්ෂිතභාවයේ හා ගොඩනැගෙමින් තිබෙන අරාජිකත්වයේ ප්‍රකාශන වේ.

දේශපාලන බලාධිකාරය එක් පැත්තකින් දුර්වල වෙමින් තිබෙන අතර අනෙක් පැත්තෙන් බලය බෙදී යාමක් ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පෙරට ගන්නා ලද බැලයකු වන බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය පළාත් සභා බලතල වෙනුවෙන් කරන පෙනී සිටීම තුළ දක්නට ලැබෙන්නේ මෙම බලය බෙදී යාමෙහි තිබෙන සුබවාදී ලක්ෂණයකි.

එහෙත්, දේශපාලන බලාධිකාරය අත බුරුල් කරන විට රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස නැගී සිටිමින් සිය ස්ථානය තහවුරු කර ගන්නවා වෙනුවට සිදු වුණේ මෙතෙක් දේශපාලකයන්ගේ අමනකම්වලට මුවා වී සිටි රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවේ නිරුවත හෙළිදරව් වීමයි.

එහි නවතම ජවනිකාව මේ වන විට බැඳුම්කර ජනාධිපති කොමිෂම ඉදිරියේ දිගහැරෙමින් තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමරතුංගගේ සිට රාජ්‍ය නිලධාරීන් වගකීම් භාර නො ගෙන නන් දොඩවන ආකාරය දක්නට ලැබේ. මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ එක බූරුවෙකු හෝ කිසි දෙයක වගකීමක් භාර ගන්නේ නැත. අවසානයේදී මහින්ද රාජපක්ෂත් මොවුන්ගේ ගොදුරක් වී ඇති බව හෙළිදරව් වී තිබේ.

මෙය ඇත්තෙන් ම මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ ම තත්වයයි.

එපමණක් නොව, ආණ්ඩුවේද තත්වය එය ම ය. රාජ්‍ය නායකයන් දෙදෙනා වන ජනාධිපති හා අගමැති හැසිරෙන්නේ කිසිවක වගකීමක් ඇති නායකයන් දෙදෙනෙකු ලෙස නො වේ. ඇමතිවරුන් යයි කියන අය ඊටත් එහා ය. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ ද විපක්ෂයේ ද යන්න හෝ ඔවුහු නො දනිති.

කෙටියෙන් කීවොත්, මේ වනාහි කිසිවෙක් කිසිවක වගකීම භාර නො ගන්නා රාජ්‍යයකි. වැඩ කරන ජනතාවට පමණක් මෙම රජය නඩත්තු කිරීමේ අවාසනාවන්ත වගකීම භාර ගන්නට සිදු වී තිබේ.

ඉහත දක්වන ලද ප්‍රචණ්ඩ සිදුවීම් අතරින් දරුණු ම ප්‍රචණ්ඩ ක්‍රියාව කුමක්දැයි යමෙකු ඇසුවොත්, මා නම් කියන්නේ සත් මිනීමැරුමටත් වඩා භයානක ප්‍රචණ්ඩ ක්‍රියාව සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නාටකය බවයි.

ඒ සම්බන්ධ පොලිස් විමර්ශන සම්බන්ධ වාර්තා සත්‍ය නම්, එය ඉතා පැහැදිලිව ම භයානක දේශපාලන කුමන්ත්‍රණයකි. කිසිදු සමාවක් නො දී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු සිද්ධියකි.

හේතුව මෙම ප්‍රහාරය එල්ල වන මොහොත වනාහි සයිටම් යනු රටේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී තිබුණ මොහොතකි. එවන් තත්වයන් තුළ කුමන්ත්‍රණකරුවන්ට මෙවැනි කටයුතු කිරීමට කිසි සේත් ම ඉඩ නො දිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අධිකරණයේ අකාර්යක්ෂමතාවය: උදේ වරුවෙ වැඩ පැය එකයි විනාඩි විස්සයි. කෑමට පැය දෙකයි විනාඩි 15යි. අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මා ලැබූ අත්දැකීමකි!

    ReplyDelete
  2. මහින්දත්, සියලුම අසරණ දේශපාලකයෝත්, හිතාදර ව්‍යාපාරිකයොත්, දුප්පත් රට වැසියෝත් කුරිරු රාජ්‍ය සේවකයින්ගේ ගොදුරුය. එනිසා වහාම රාජ්‍ය සේවා කප්පාදු කළ යුතු ය. අන්න එවිට සියල්ල හරි යනු ඇත. නැත්නම් අපිට කෙළවේ.

    ReplyDelete
    Replies
    1. මෙය කියන්නේ උපහාසයෙන් විය හැකි ය. එහෙත්, මෙය කියන පුද්ගලයාට වර්තමානයේ රජයේ සේවය ගැන සතුටු විය හැකි කරුණක් තිබෙනවා නම් ඉදිරිපත් කරනවා නම් ඊට වඩා හොඳ ය.

      අපට නම් රජයේ සේවය ගැන කියන්නට දෙයක් තිබේ. රජය කරන ලොකුම සේවය දේශපාලකයන්ගේ සිට රාජ්‍ය නිලධාරි පහළ තලය හා විශ්‍රාමිකයන් දක්වා ලක්ෂ 20කට පඩි ගෙවීමයි.

      අවාසනාව වන්නේ එසේ පඩි ගන්නා අයගෙන් හරි හමන් සේවයක් නො ලබන වැඩ කරන ජනතාවට ඔවුන් නඩත්තු කිරීම සඳහා බදු ගෙවන්නට සිදු වී තිබීමයි.

      Delete
    2. ඔව්! අධ්‍යාපනය, සෞඛ්‍ය, උසාවි සියල්ල! අන්න එතකොට ඒවා බාර ගන්න ව්‍යාපාරික ප්‍රජාව අපිට පෙන්නයි සැබෑ වෙලඳපොළ යහපාලනය යනු කවරක්ද යන වග.

      Delete
    3. දැන් රජය තමන්ට බැරි බව ඔප්පු කරලා ඉවර නිසා ඒක නරක යෝජනාවක් නෙමෙයි. දීලා බලමු. මොකද, ගූ බෙට්ටේ මුලත් ගූ. අගත් ගූ. රජය මාකට් එකට වඩා හොඳයි කියලා ලංකාවේ කේනීසියානු සමාජ ක්‍රමය ඔප්පු කරලා නැහැ.

      Delete
    4. ඔව්! එතකොට බදුත් ඉතුරුයි, නාස්තියත් නැහැ, දූෂණයත් ඉවරයි. රාජ්‍යයක් නැති ව්‍යාපාරික කොමියුනිස්ට් රටක ව්‍යාපාරිකයෝ හරි අඩුවට ගණන් බලා සාධාරණව බඩු විකුණන කොට ජනතාව වන තනි තනි අපිට පුළුවන් සතුටු වෙන්ට. කුඩා හරි අසාධාරණකමක් වුණොත් අපිට තියෙන්නේ අනිත් කඩේට යන්ට. හොඳ පාඩමක් ඉගෙන ගනී උන්.

      Delete
    5. දැන් රජය ඔය ඔක්කොම හරියට කරනවා ද?

      Delete
    6. එහෙම කරනවා නම්, ඇයි ඔබ දුකෙන්?

      Delete
    7. ඒක තමයි. රාජ්‍ය සේවකයෝ නානවා. ව්‍යාපාරිකයෝ කොච්ච්ර කැමතිද රජය හැදෙනවා නම්. එත් හැදෙන්නෙම නෑ. ඉතින් දැන් ඒ අයට දෙමු.

      Delete
  3. ඔබ කියනා බොහෝ දේ ගැන එකඟයි.

    නමුත්, //එහෙත්, දේශපාලන බලාධිකාරය අත බුරුල් කරන විට රාජ්‍ය සේවයට ශක්තිමත් ලෙස නැගී සිටිමින් සිය ස්ථානය තහවුරු කර ගන්නවා වෙනුවට// යන කොටසට එකඟ වීමට හෝ නොවීමට තවම අපහසුයි.

    සාමානයෙන් රජය ව්‍යාපාර හෝ ලාභ උපයන්නට හැකි සේවා සැපයුම් වුවද කරන විට පාඩු වෙන නිසා පුද්ගලික අංශයට ව්‍යපාර වලට ඉඩදීම සුදුසුයි. එත්, පහුගිය කාලේ වුන බස් සහ ත්‍රී රෝද වර්ජන වලින් පෙනුනේ අපේ ලංකාවේ සමාජ තවම එතරම් ඉදිරි ගාමී නැති බව.

    අපේ රාජ්‍ය සේවයේ වුනත් ලිබරල් අදහස් දරන අයගේ පවා ඇතුලේ අර සම්මත පැරණි අදහස් තිබෙනවා. මුදල් ගෙවා උපාධි වලට ඉගෙනීම සහ ගම්පහ නියෝජ්‍ය ඇමතිවරයාගේ සිදුවීමේදී එය තරමක් දුරට පෙනුනා.

    මගේ අදහස නම් විධායක බලය උසුලන්නට දේශපාලකයාට ඇති නොහැකියාවට නොදෙවෙනි නොහැකියාවක් ස්වාධීන රාජ්‍ය සේවයේ බලය ඉසිලීමෙදී අපේ රාජ්‍ය සේවකයාටද ඇති බවකි.

    සුපිරි විධායක බලය මෙන්ම අතිශය ස්වාධීන රාජ්‍ය සේවයද තම අපේ ලංකාවට තවම ගැලපෙන බවක් පෙනෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් තිබෙන මූලික ගැටලුව වන්නේ දේශපාලන බලාධිකාරයෙන් ස්වාධීනව වගවීමේ කිසිදු සූදානමක් නැතිකමයි. ඒක හරියට මේ වගෙයි.

      රාජ්‍ය සේවයේ සකල දෝෂවලට හේතුව දේශපාලකයා ය කියමින් රජයේ සේවකයන් බැන බැන හිටියා. දැන් දේශපාලකයා දුබලයි. ඒ නිසා රජයේ සේවකයන්ට බනින්නට කෙනෙකු නැහැ. හැබැයි, තමන්ට වගකීමක් ඇතැයි පිළිගන්නටත් ඔවුන් සූදානම් නැහැ.

      Delete
  4. රාජ්‍ය සේවකයෝ නවපු නැවිල්ල උන්ම දන්නා නිසා ස්වාධීන වෙන්න ගොහිං කූඩුවේ ලඟිනවාට වඩා උන්මත්තක රඟපෑමක් දාල වරප්‍ර‍සාද සහිතව පැන්ෂන් යන්නයි දතකන්නේ.

    ReplyDelete
  5. හොරු ඇවිත් එක එක බඩුව හොරකම් කරගෙන යාම හරි කරදරයකි. මුරකාරයත් දූෂිතය. ඉතින් මුරකාරයත් එළවලා දමා හොරාටම කඩේ බාර දෙමු. එතකොට හොරා හරියට කළමණාකරණය කරනු ඇත. Good Luck Para!

    ReplyDelete
    Replies
    1. මුරකාරයන් ද හොරුන් වූ කල උන් හිටියත්, හොරුන් පමණක් හිටියත් වෙනසක් නැත. මන්ද, අවසානයේ සිටින්නේ සොරුන් ම පමණක් නිසා ය.

      Delete
    2. ඒ කියන්නේ අපි හොර කමක් කරනවා නම්, හොරාටම කඩේ බාරදෙන්න යෝජනා කරන අය එළියට එනකම්ම, ඊටත් පස්සේ කඩේ අපිට බාර දෙනකම්ම වැඩේ කර ගෙන යන්න ඕනැ. ඒක හරි.

      Delete
    3. මෙතන හොරුයි, අපියි කියලා දෙකොටසක් නැහැ. අපි තමයි හොරු. අපි කඩේ බාරගන්න ඉස්සෙල්ලා හොරුන් නො වී ඉන්න පටන් ගන්න ඕනැ. හොරුන් නො වී ඉන්න නම් මුලින් ම ඇත්ත දකින්න, ඇත්ත කියන්න පටන් ගන්න ඕනැ.

      Delete
    4. ඉතින් එෙහම වෙමුකො. එතකොට රජය කපන්න ඕනැ නෑනේ. හොරු වෙන අපි කඩේ බාර ගත්තහම හොරකම අතුරු දහන් වෙනවද?

      Delete
  6. පැරා,

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට කළහැකි සරල වැඩ කීපයක් තියනවා,
    01. රාජ්‍ය සේවකයන්ට ඉලක්ක ලබාදීම උදාහරණ :- කිසියම් පුද්ගලයකු යම් වැඩක් කරගැනීමට ආයතනයකට පැමිනි වහාම ඔහුට අනුක්‍රමික අංකයක් ලබාදීම, අදාළ ලිපිය ලබාගත් නිලදාරියාට එය කල නොහැකි නම් බලය ඇති නිලදාරියකුට පැවරීම, කෙසේවෙටත් කිසියම් වැඩක් කිරීමට උපරිම කාලයක් නියම කිරීම අදාළ කාලය තුල අදාළ වැඩේ නොකෙරෙනවානම් ඊට හේතු ඉදිරිපත් කලයුතු වීම.

    02 කිසියම් නිලදාරියෙක් දිගින් දිගටම අසාර්ථක වෙනවානම් ඊට හේතු විමසා බැලීම සහ මෙය අදාළ නිලදාරියාගේ නොහැකියාව නම් ඔහුව පුහුණු වැඩසටහනකට යොමුකිරිම, මෙහිදීත් සාර්ථක නොවේ නම් වැඩ තහනම් කිරීම.

    03 අද සමහර පුද්ගලික බැංකු වල ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා කිසියම් නිලදාරියෙක් අක්ර්යක්ෂම තාවය සහ කාර්යක්ෂම තාව මැනීමට අදාළ නිලදාරියට ලකුනුලබාදීමට සොයන්ක්රියව හැකි ක්‍රමක් තියනවා.

    මෙහදී වැදගත්ම දේ තමයි කිසියම් පුරවැසියකුට අදාළ කාලයේ කිසියම් දෙයක් කරගැනීමට බැරි උනා නම් අදාළ ලිපියට වගකිවයුතු මිනිසුන් වහාම අසුවීම.

    මෙවැනි ක්‍රමයක් තමයි සිංගප්පුරුවේ තියෙන්නේ ඕනෑම සංකීර්ණ ලිපි කටයුත්තක් විනාඩි 30ක උපරිම කාලයකදී කරගතහැකියි.

    මෙන්න මේවා ක්‍රියාත්මක කිරීමට තමයි පැරා දෙසපාලකයෝ කියල රැලක් පත්කරලා ඉන්නේ, පැරාල වගේ පුරවැසි මාද්‍ය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ මේවා රජයට යෝජනා කරන්න සහ එය නොකෙරෙනවානම් රජයට පීඩනය යොදන්න.

    මෙවැනි ක්‍රමයක් නැති නිසා තමයි ගැසට් නිවේදන හොරට ගහන්නේ (කවද උන විහිළුද මේ )

    ReplyDelete
    Replies
    1. පිස්සුද ලාංකිකා. මට ඕනෑ රජය හදන්නද? මට ඕනෑ නව ලිබරල් ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පෙනී ඉන්න. ඔයා හදන්නෙ නිකං ලෙඩ දාන්න. මං තව ටිකකින් හරි නමින් ඇවිල්ලා ඕවා අපේ රටේ හරියන්නෑ කියලා දාන්නං. පෙඩ්ඩක් ඉන්න. - පැරා

      Delete
    2. අදාල නිළධාරිය බිසි, ඇමතිතුමා සහභාගී වෙන රැස්විමකට ගිහින්.

      Delete
    3. අර ඉහළ මගේ නමින් කමෙන්ට් දාලා තියෙන්නෙ අපේ මල්ලි. ඒ කියන්නෙ අපේ තාත්තගෙ මං නො දන්න වෙන පුතෙක්. හව් ඩූ යූ ඩූ මල්ලි!

      ලාංකික සිතුවිලි ඉදිරිපත් කරන යෝජනා ඇත්තෙන් ම අදාළ වෙන්නෙ මල්ලියෙ ලිබරල් ව්‍යාපාරික සමාජයකට තමයි. ඒකට නව ලිබරල් කියලා කියන්නෙ කුහකකමට මිසක් එහෙම නව ලිබරල් කියලා මගුලක් ලෝකෙ දැන් තියෙන නිසා නෙමෙයි. මං මේ ගැන කලින් ලිව්වා මලේ.

      අනෙක, අපි මෙච්චර කල් මධ්‍යම පංතියට මේ වැඩේ භාර දීලා බලා හිටියා. ඒ වුණාට ඒගොල්ලන්ට බැහැ. තව අත්හදා බලන්නට ඉතුරු වෙලා තියෙන්නේ බැරි අයගෙනුත් බැරි අය විතරයි.

      මේක භාර ගන්නට ශක්තිමත් ධනපති පංතියක් හෝ ශක්තිමත් කම්කරු පංතියක් හෝ ලංකාවේ නැහැ. එහෙම හැදෙන්නෙ කොහොමද, රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් වන ලක්ෂ පනහක් රජයෙන් කකා ඉන්නකොට. සමාජ පුරුෂාර්ථ හැදෙන්නෙත් ඒ මධ්‍යම පංතියේ උවමනාවන් මත පදනම් වෙලායි.

      ධනපති පංතියට දැක්මක් නැතිකම හොඳට පෙන්නපු අවස්ථාවක් තමයි ආලෝකෝ උදපාදි චිත්‍ර‍පටය ගැන දෙරණේ පැවැත්වුණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි දකින්නට ලැබුණ ච්ත්‍ර‍පට නිෂ්පාදක හා කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන.

      කම්කරු පංතියේ තත්වය මීටත් අන්තයි.

      ඒ නිසා තමයි මම මේ පංති දෙක ශක්තිමත් කරන්නට ලියන්නේ. ධනපති පංතිය ශක්තිමත් වෙන එක සමාජවාදී පියවරක් නෙමෙයි. මේ මොහොතේ ලංකාවේ ප්‍ර‍ධාන සූරාකන නිකමුන් පිරිස වන්නේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිය මිසක් ධනපති පංතිය නෙමෙයි.

      මධ්‍යම පංතියේ බලය බිඳින එක පැහැදිලි සමාජවාදී පියවරක්. මේ රටේ බලවත් පංති වෙන්නට ඕනැ ධනපති හා කම්කරු පංති මිසක් අවුරුදු 60ක් විතර තිස්සෙ බලයේ ඉන්න මධ්‍යම පංතිය නෙමෙයි.

      වෙනස පටන් ගන්න ඕනැ මෙන්න මෙතනින් මේ දැන් මිසක් ෆැන්ටසික තියරිවලින් නෙමෙයි.

      Delete
    4. පැරා ,

      //ලාංකික සිතුවිලි ඉදිරිපත් කරන යෝජනා ඇත්තෙන් ම අදාළ වෙන්නෙ මල්ලියෙ ලිබරල් ව්‍යාපාරික සමාජයකට තමයි.//
      මේ යෝජනා ක්‍රියාත්මක උනොත් වෙනදේ ගැන පොඩ්ඩක් හිතන්න, මේවායෙන් ප්‍රතිලාබ ලබන්නේ ඔබත් මමත් ඇතුළු මුළු සමාජයයි , ඔබ කියනවා වගේ මේ ක්‍රමය පැවතුනොත් රාජ්‍ය සේවය නිකමුන් ගෙන් පිරීමත් මහජනයාට කිසිම වැඩක් කර ගැනීමට බැරිවීමටත් අමතරව මේ මිනිසුන් ට බදු ගෙවන්නත් වෙනවා.

      ///අනෙක, අපි මෙච්චර කල් මධ්‍යම පංතියට මේ වැඩේ භාර දීලා බලා හිටියා. ඒ වුණාට ඒගොල්ලන්ට බැහැ. තව අත්හදා බලන්නට ඉතුරු වෙලා තියෙන්නේ බැරි අයගෙනුත් බැරි අය විතරයි. //

      මේක පන්තියක් ඉලක්කකරගෙන කලයුතු විප්ලවයක් නෙමෙයි මේක තනිකරම සමාජ ක්‍රියාකාරීන් විසින් පටන්ගන්න ඕනේ දෙයක්, පසුගිය කාලේ සමාජ මාද්‍ය වලින් කලාවගේ මෙය පටන්ගන්න ඕනේ.

      //මේක භාර ගන්නට ශක්තිමත් ධනපති පංතියක් හෝ ශක්තිමත් කම්කරු පංතියක් හෝ ලංකාවේ නැහැ. එහෙම හැදෙන්නෙ කොහොමද, රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් වන ලක්ෂ පනහක් රජයෙන් කකා ඉන්නකොට. //

      ඔබ සින්ගප්පුරුව ගත්තොත් එකේ ඔහොම සමාජ වගකීම බාරගන්න පන්තියක් නෑ, මම සිංගප්පුරුව ගන්නේ ඒ රට 1956 වැනි කාලයක ශ්‍රී ලංකාවට සමාන මානසික මට්ටමක් තිබුන ජාතිවාදී මිනිසුන් හිටපු අපේ වගේම ප්‍රශ්න තිබුන, (අපට තිබුන සොබාවික සම්පත් වලින් 1% නොතිබූන රටක්.) සම්පුර්ණ වෙනස්කමට මුලික වෙන්නේ එක මිනිහෙක් හැබැයි ඔහු හැමදෙයටම තමන්ගේ බලය යොදමින් පාලනය කරනවා වෙනුවට කලේ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රමයක් නිර්මාණය කිරීමයි, මෙහිදී ඔහු දැනසිටිය මිනිස් මනසේ සීමාකම්, මිනිසෙකු සොරකු වීමට පෙලබෙන්නේ

      01. අධික මුදලක් අපහරණය කිරීමට හැකියාව
      02. එසේ අපහරණය කර බේරී සිටීමට ඇති හැකියාව

      මෙහිදී අදික මුදලක් අපහරණය කිරීමට පෙලබෙන්නේ තම ආදායම ලෙස සලකිය යුතු මුදලක් නොලැබීමයි, ශ්‍රී ලංකාවේ දෙශ පාලනය ගරු සේවයක් ලෙස පවතී නිසා එවක පාලකයන්ට විශ්‍රාම යන්න සිදුවුනේ තම දේපල නැතිකරගෙනයි, මේ ක්‍රමය ආගමැති ලී කවන්යු වෙනස් කරන්නේ මන්ත්‍රි වරුන්ගේ සිට ඉහල උදවියට විශාල ආදායමක් ලැබෙන ක්‍රමයක් ඇතිකරමින්.

      ඒවගේම වංචා වලට දැඩි දඩුවම් නියම කිරීම නිසා වංචා වලට පෙළබිම ක්‍රම 2ට වළකනවා

      01 විශාල ආදායමක් ලබන කෙනෙකුට ඒ සියල්ල පරදුවට තියල වංචා කලයුතු වීම
      02. වංචා වලට හසු වූ පසු දැඩි දඩුවම් ලැබීම.

      මේ විදිහ නිසා වංචා වලට පෙළබිම අවම වෙනවා.

      දැන් ඔබට පේනවා ඇති මේ ක්‍රමය ඇතිකිරීමට ඔබ ඔය කියන පන්ති දායකත්වයක් නැති බව.

      අද අප ඉන්න තත්වයේ හැටියට සමාජ මාද්‍ය මගින් රජයට බල කලානම් අපට මිට වඩා හොද තත්වයක් ඇතිකරන්න පුළුවන්.

      ඔබ සමහර විට නොදන්නවා ඇති ආසියාවේ පෝසත් ම මිනිඉසුන් ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව, ඉට හේතුව විවිද ක්‍රම මගින් බදු පැහැර හැරීමයි, මගේ බ්ලොග් සටහනේ කියල තියන විදියට ඉදිරි අප්‍රේල් මස සිට රජය ධනය එකතු කිරීමට නව ක්‍රම පාවිච්චි කරනවා මෙහිදී හොද සහ නරක කියල දෙකක් වෙනවා හොද තමයි රටේ බදු නොගෙවන ජනයා බදු දැලට හසුවෙනවා නරක තමයි මෙතක් බද්දෙන් නිදහස් අපනයන අංශයට බදු පැනවෙනවා (මමත් මගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් උපයන්නේ ශ්‍රී ලංකාව තුලින් නෙමෙයි විදේශ වලට මම ලබාදෙන මෘදුකාංග පහසුකම් වලින් ) සෑම මසකම මම මේ මුදල් ශ්‍රී ලංකාවට ගෙන එන නිසා මේ විදෙසහ විනිමය යන්නේ රජයේ සංචිතයට, මම විතරක් නෙමයි විදේශ වල වැඩකරන සියලු දෙනාගේ ආදායම යන්නේ මේ සංචිත වලට, දැන් මෙසේ මුදල් ගෙනඑන අයට බදුගසනවානම් ලෝකයේ තව රටවල් තියනවා ඔවුන් කියන්නේ "ඔබ ඔබේ මුදල් අපේ බන්කුවල තැන්පත් කරන්න අපි ඔබට බදු නිදහස් ආදායමක් තහවරු කරන්නම් " කියන පණිවිඩය දෙනවා මෙනිසා සිදුවෙන්නේ මිනිසුන් විදේශ වල මුදල් ත්ම්පත් කර අන්තර්ජාතික vissa හෝ Master කාර්ඩ් මහින් ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවක් තුලින් මුදල් ලබාගැනීමයි, මේ මුදල් ශ්‍රී ලංකාවේ ගිණුම් වලට සටහන් නොවෙන අතර ආදායම් බදු එකතු කිරීම මේ නිසා අනහිටිනවා.

      මේවගේ මෝඩ වැඩ නොකර ඉදිරි ආර්ථික දියුණුවට උවමනා මම සදහන් කල ප්‍රතිසංස්කරණ යෙදුවනම් ඔබට තේරෙයි වෙනස.

      Delete
    5. @ Lankika Sithuwil

      Well said. Agree with ur points, but please understand that this is just another political blog which needs to boast certain politicians/ parties & letting them to escape from the blames they get from their stupid acts. So they just need to pass all the blame to certain group (so called middle class) and let the politicians to escape from the blame generated by their own blunders. Just understand this & such factual explanations are not encouraged by lazy political goons.

      Delete
    6. ලාංකික සිතුවිලි. හොඳයි නේද මගේ අයියයි මල්ලියි ප්ලෑන. දැන් නිකං මම තමයි ඒත් නෙමෙයි වගේ නේද? හොඳ බලවත් ධනපති පන්තියක් නිර්මාණය කරන්න යන මගේ සටනට මේ වගේ දෙබිඩි මෙඩර්න් ටූල්ස් ඕනැ. මධ්‍යම පන්තියයි, කම්කරු පන්තියයි බින්දුවට හින්දල ධනපති පන්තිය නග්ගල ගත්තහම ඒ අය ඉතුරු පන්ති දෙකට හොඳට කරුණාවෙන් සලකලා නිසි තැන දෙනවනේ. ඒක මරැ. ඔයාට ඕනැ නිකං ඔක්කොම සමාන කරන්න වගේ චාටර් ෆැන්ටසි ප්‍රොජෙක්ට් එකක්නෙ. ඔයාට ඔයාගේ බ්ලොග් එක තියෙන්නේ රටවල් හදන්න. මගේ අහිංසක බ්ලොග් කට්ටට ඉන්න දෙන්නකො.

      Delete
    7. @ Lankika sithuwili,

      මෙන්න බැඳුම්කර වංචාවේ විස්තරය;

      මෙතනින් බලන්න;

      https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

      මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ මරා, බැසිල්, නාමල් ඇතුලු හොර රැලයි. යහපාලනයට එල්ල වන්නේ අමූලික බොරු චෝදනායි.

      Delete
  7. I would like to volunteer in Sri lanka

    ReplyDelete
    Replies
    1. dont step in here. This is a shit hole. According to the article above , there was a mass murder , police brutally killed a suspect under their custody , a CEO of an university staged a drama where he hired thugs to shoot himself in order to get license for his university and a huge bond scam aided by prime minister that is putting SL in to bankruptcy. Find a different country to volunteer.

      Delete
  8. අරාජික රටක් කියලා එකක් ලියන්න උන්නේ... දැන් ඕන නෑ...

    ReplyDelete
    Replies
    1. Loku Deyak. Thank you...

      Delete
    2. @ Maathalan,

      https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

      Delete
    3. ඕකා අමු හොරෙක්... ඉස්සරහට මුනුත් මාට්ටු වෙයි.. මහින්දගේ කාළේ මූ කොහෙද දන්නේ නෑ උන්නේ...

      Delete
    4. Mr. Priyantha

      So what's your point? Based on which facts & evidences you say Dr. WA Weerawardena is corrupted? He has severely criticised Rajapakse Regime as well.

      During Rajapakse Regime era, Cabraal & the clan has utilised the loopholes & did many minor corruptions but not this much extremely huge, silly & open corruption. They knew the art to do those corruptions, how to do it without affecting the economy in such severe way. But these idiots destroyed everything within just one act. Stupidity at its best.

      Delete
  9. Loku Deyak. Thank you...

    ReplyDelete
  10. Govenment sector should introduce an apprasial system what is similar to private firms and the managers should be given the oppertunity to hire and fire people based on their merit, also they should have proper systems to monitor the progress and key performance indicators for each one, usually private firms set objectives for all their empolyees based on their role and by mid year and year end its evaluated, just think how effiecient police would be if they have a computer system to log all complaints , the ssp or the oic should be able to view all pending cases the completed cases at a click of a button by running a report, then we all know how inefficient government entites communicate, cant they look at implementing something like e-mail rather than sending stupid mails by post,how much money and time can we save, they dont need complex systems just basic tools aviable for free can be used

    ReplyDelete
    Replies
    1. මම රාජ්‍ය සේවයේ හිටිය අමාත්‍යාංශය අනුව මට මුල සිටම රජයේ ජෙයෂ්ට නිලධාරීන් හමුවීමේ අවස්ථාව ලැබුණ. එවැනි අවස්ථාවලදී පරිපාලනයේ දුර්වල කම් ගැන සාකච්චා කල. මම එවැනි අවස්ථාවලදී කීවේ රාජ්‍ය පරිපාලනයට යම්කිසි ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බවයි. ඉහත කොමෙන්ටුවෙන් පෙන්නලා තියෙන්නේ එවැනි දෙයක්. නමුත් එයට හුඟ අය කැමති නැහැ නෙමේ උනන්දුවක් නැහැ. . එහෙම වෙන්නේ එවිට නිලධාරියා කියන පුද්ගලයා එතනදී නිතරම වැදගත් වන්නේ නැහැ . යම්කිසි දුෂ්කර පරස්නයක් අවොත් පමණයි වැදගත් වන්නේ. නිකම් අත්සන් ගහන්න හැට හුටමාරක් නිලධාරී ඕනේ නැහැ. අනිත් එක රජයේ නිලධාරී වුනාම තමන්ගේ වැඩක් කරගන්න ලේසියි. විශේෂ සේවයක් ලැබෙන්නේ. කරම්වේදයක් තිබුනහම නිලධරින්ටයි සමාන්‍ය ජනතාවටයි සේවය ලැබෙන්නේ එක ආකාරයට. මම ප්‍රේමදාසට කැමති නුනට යම්කිසි දුරකට රාජ්‍ය සේවය ජනතාව ලඟට ගෙනිච්චේ ඔහු. සාමාන්‍ය රට වැසියෙක් වසයෙන් ඔහු මේව අත්විඳලා තිබුන.

      Delete
    2. AnonymousFebruary 28, 2017 at 11:20 PM,

      This is what I have explained in detail, I hope Para can understand its meaning.

      Delete
  11. ගමේ ගොවිරාළත් කියන්නෙ ඔ්කම තමා

    ReplyDelete
  12. වාසනාවට අරූට කාලෝට වෙඩි තියන්න හිතුනේ නැත්තේ..

    ReplyDelete
  13. මම ඉපදුන මොහොතේ සිට මේ මොහොත දක්වා රජයෙන් රජයේ සේවකයන්ගෙන් සිදු වුන සේවය නොලැබුනානම් පුර්ණ විවුර්ථ ආර්ථිකයකට මුහුණ දීමට ශක්තිය නොමැතිකමින් මා හට ලබාගත් ජයග්‍රහණ බොහොමයක් සීමා වීමට ඉඩ තිබුන.. අප රටේ බහුතරයකගේ අත් දැකීම එය විය යුතුයි.. රාජ්‍ය සේවය අඩු ලුහුඩු කම් සකස් කර අපට ප්‍රයෝජනයට ගතයුත්තක් විනා විනාශ කල යුතු දෙයක් නොවේ..

    ReplyDelete
  14. මේ‍ව ළිඳ ළඟ සංගමය ව⁣ේ තැන තැන කියවන්ඩ විතරයි ඉතුරුවෙලා තියන්නෙ

    ReplyDelete
  15. "මේ ගැන දේශපාලනිකව නම් අපට කීමට තිබෙන්නේ මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කිරීම ආරම්භ වී තිබෙන බවයි."

    "මෙම සිද්ධිය එවැන්නක් යයි ඉඳුරා කියන්නට අපි නො දනිමු. එහෙත්, සන්නද්ධ දේශපාලනය පිළිබඳ අපේ ඉව නම් කියන්නේ මෙය සරළ සිද්ධියක් නො වන බවයි. "

    හොක්කි හොක්කි හූ......

    දේශපාලනික විග්‍රහය මරු නේද?

    සයිටම් ලොක්කම කටේ රීල ගියාම ගූ මොන රසද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඈ බොල නරියො (හොක්කි හොක්කි හූ කියපු හින්ද නරියෙකු වෙන්න ම ඕනැ) ඔය ලිපියෙ තිබුණ මේ කොටසත් උපුටා දක්වන්නට තිබුණානේ. ඉතිහාසෙ පුරා ම නරි කරලා තියෙන්නෙ ඕක තමයි. සමස්ත සංදර්භයකින් තමන්ට ඕනැ කෑලි තමන්ට ඕනැ විදියට උපුටලා අරගෙන තමන්ගේ අදහස සනාථ කරන්නට ඉදිරිපත් කරන එක. (මේකට හොඳ ම උදාහරණය තමයි රෝහණ විජේවීර ලියපු දෙමළ ඊලාම් ගැටලුවට විසඳුම කුමක් ද කියන පොත) පහත පළ වන්නේ ඔය ඉහත උපුටා ගැනීම කරපු මගේ ලිපියේ තව කොටසක්:

      සන්නද්ධ දේශපාලනය පිළිබඳ අපේ ඉව නම් කියන්නේ මෙය සරළ සිද්ධියක් නො වන බවයි. බරපතල දේශපාලනික සිදුවීම් සමග විහිළු කිරීමේ පුරුද්දක් අපට නැත. වතුර කොරහේ කිඹුලන් දැකිය යුතු නැති මුත්, බිත්තරෙන් එළියට ආ ගමන් කිඹුල් පැටියකු වතුර කොරහේ වුණත් ඉන්නට පුළුවන. ඒ හූනකු යයි වරදවා වටහා නො ගන්නට අප පරිස්සම් විය යුතු ය. මන්ද, ආධුනිකයන්ගේ නිවැරදි ඉලක්කය මේවා විහිළු ලෙස සලකා සිනා සිසී සතුටින් සිටින අයකු විය හැකි ය.

      එය රජය හෝ ව්‍යාපාරිකයන් හෝ වෙනත් අය විසින් හෝ දැනුවත්ව රඟදක්වන ලද ජවනිකාවක් නම්, එය ද බරපතල සිදුවීමකි.

      මෙම සිදුවීම පිළිබඳ සිදු විය යුත්තේ දේශපාලන විමර්ශනයක් නො වේ. පොලිස් විමර්ශනයකි. පොලිසියේ, සන්නද්ධ හමුදාවල, රජයේ හා සිවිල් සමාජයේ සිටින රටට, ජනතාවට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතා විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. මේ සම්බන්ධ විවිධ ප්‍රකාශ කරන්නන් එසේ කරන්නේ ඇයි ද යන්න ද විමර්ශනය කළ යුතු ය. මෙය පාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ රඟදැක්වීමක් නම්, එය හෙළිදරව් කර, අදාළ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

      එසේ නො වේ නම්, මෙම සිදුවීම කෙසේ සිදු වී ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. එවැනි ක්‍රියාවකට යමෙකු හෝ යම් පිරිසක් පෙළඹුණේ ඇයි ද යන්න සොයා බලා පිළියම් යෙදිය යුතු ය. එය සමාජ වගකීමකි. අප ඇති තරම් විනාශයන් දැක තිබේ. තවත් ඒවා දකින්නට තරම් අප අවාසනාවන්තයන් නො විය යුතු ය.

      Delete
    2. ඉතින් යකෝ දැන් උඹ ම ඔය දාල තියෙන්නෙ අපි කියපු එක ම නේ. අපි කෙටියෙන් උපුටල දැම්මේ උබෙ පකිස් පෙට්ටියේ ඩේට වැඩි කරන්නේ මොකටද කියල.

      "මෙම සිදුවීම කෙසේ සිදු වී ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. එවැනි ක්‍රියාවකට යමෙකු හෝ යම් පිරිසක් පෙළඹුණේ ඇයි ද යන්න සොයා බලා පිළියම් යෙදිය යුතු ය."

      දැන් පිළියම් යොදන්න ඕනේ සේනාරත්නට ද? එයා පව් නේද? මෙහෙම වැරදි වැඩක් කරේ අයි කියල හෙමිහිට පැත්තකට කතා කරලා අහල සාධාරණ හේතුවක් නම් පිලියමක් දෙමු නේද?

      එහෙම නෙවෙයි ඔයි. ඔය තමුසේ අලුතෙන් දාපු ටිකෙනුත් පේන්නේ සිද්දිය ඇහැට දැකපු ගමන් නිකන් ගොසිප් සයිට් වල පොඩි කොල්ලොත් "මේක නම් බොරුවක්" කිව්ව එකේ ඇපෙන් ගැලවෙන්න නිකන් දන්නේ නැහැ කිව්වට මුළු ලිපියම ලිව්වේ අනික් පැත්ත වැරදියි කියල හිතල බව. නැත්නම් "මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කිරීම" වගේ මාතෘකාවක් ම දාල පටන් ගන්නේ නැහැ නේ බොරු ඇක්ටින් එකක් වෙන්නත් පුළුවන් කියල සීරියස් හිතන එහෙකට.

      Delete
    3. //මුළු ලිපියම ලිව්වේ අනික් පැත්ත වැරදියි කියල හිතල//

      යකෝ මං හිතන හැටි දැනගන්න උඹ මාර මොළයක් නේ.

      හා කමක් නැහැ. ඔය අනික් පැත්ත කියන්නෙ මොකක් ද කියල පැහැදිලිව කියපන් කෝ. නිශ්චිත කණ්ඩායම් හරි පුද්ගලයන් හරි නම් කරලා.

      Delete
  16. පිස්සන් රජ වුනත් එකයි
    රජුට පිස්සු වුනත් එකයි

    දැන් තියෙන්නෙ මේ ආතල් ටිඅක තමයි.....

    ReplyDelete
  17. හෙළිදරව්ව
    ===========

    අජිත් පැරකුම් ජයසිංහ සයිටම් සඳහා ලියන්නට මුදල් ගත් ආකාරය CCTV කැමරා දර්ශන සහ හඬපට සහිකව අපි ප්‍රසිද්ධ කරන බව දැනුම් දෙමු.

    අජිත් පැරකුම් ජයසිංහ, කුණු සල්ලිවලින් කන්න උඹට ලැජ්ජාවක් නැද්ද බං? යකෝ හිඟා කාපන් ඔයිට වැඩිය හොදයි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර එම සීසීටීවී කැමරා දර්ශන යූටියුබ් දමා මෙහි ලින්ක් කරන්න.

      හඬ පට ද සවුන්ඩ් ක්ලවුඩ් වැනි එකකට දමා මෙහි ලින්ක් කරන්න.

      එවිට සියලු දෙනාට බලා ගත හැකි ය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා