Posts

Showing posts from December, 2015

ගැමියකුගේ බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාල අත්දැකීම

Image
මේ දවස්වල ඔය කවුද හාදයෙක්ගේ රස්සාව නැති වුණා ය කියලා ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් අහවරයි කියලා කට්ටිය නිව්ස් ප්ලාන්ට් කරනවා නේ.

මං ඉතින් ගමක ජීවත් වෙන මිනිහෙක් නේ. කාට හරි ඔය බ්‍රෝඩ්බෑන්ඩ් සංවාදයට වැදගත් ය කියා හිතෙනවා නම් මේ අදහස් ටිකත් ගන්න පුළුවන්. 

මං නම් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන එච්චර දන්නෙ නැහැ. ගම්වල ඉන්න අපට ලැබෙන බ්‍රෝඩ්බෑන්ඩ් ඇත්තෙන් ම හරි ම නැරෝබෑන්ඩ්. අපි ඔව්වයෙ වේගෙ මනින්න යන්නෙ නැහැ. මැනලා වැඩක් නැහැ. යන්තං ෂේප් කර ගන්නවා. ඒකයි ගමේ ඇත්ත. හැබැයි, අපි අපට අදාළ ක්ෂේත්‍ර‍වලදී ගමේ ය කියලා ගොඩේ විදියට වැඩ කරලාත් නැහැ කියලා කියන්න ඕනැ. 

මං දැන් මේ අන්තර්ජාලය හරහා මාධ්‍ය හා ව්‍යාපාර කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා. මං වෙබ් අඩවි, බ්ලොග්, සමාජ මාධ්‍ය කටයුතු වගේ ම පසුගිය වසර 10ක් තිස්සේ සාර්ථක පරිවර්තන හා අන්තර්ගත රචනා ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරගෙන ගිය කෙනෙක්.

මං මේක පටන් ගත්තෙ ලංකා බෙල් එකේ සීඩීඑම්ඒ දුරකථනයකින්. 2005 විතර කාලෙ ඒ වෙනුවෙන් මාසෙකට රු. 4000ක විතර බිලක් ගෙව්වා.

2007 විතර වෙනකොට දේශපාලන හේතු නිසා මට ගුරු රැකියාව අහිමි වුණා. ඉන් පසුව අන්තර්ගත රචනය හා පරිවර්තනය තමයි මගේ…

එක්නැලිගොඩ ඝාතකයන් ආරක්ෂා කර ගන්නට රාජපක්ෂලාට පුළුවන් වෙයි ද?

Image
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ වකවානුවේ එය රජය විසින් කරන්නට ඇතැයි අපි විශ්වාස නො කළෙමු. රජයට තියුණු අභියෝගයක් නො වුණු ඔහු වැනි අයෙක් මරා දමන්නේ කුමට ද යන්න අපට මතු වූ ප්‍රශ්නය විය.

මෙම සම්බන්ධතාව ඔස්සේ 2010 මැයි 10දා අප ඒ පිළිබඳ ලිපියක් කියවිය හැකි ය. මෙවැනි ම පටලැවිල්ලක් අපට තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ද සිදු විය. එවැනි ඝාතනයක් කරන්නට රාජපක්ෂ පවුල යොමු නො වනු ඇතැයි අපි එදා සිතුවෙමු. (ඒ ගැන පසුව සටහන් කරමු)

එහෙත්, රාජපක්ෂ ඝාතන යන්ත්‍රය අප සිතුවාටත් වඩා වියරු, තර්කනයකින් තොර, ආසාවට මිනීමැරූ පිරිසක් බව මෙම සිද්ධි දෙක ඔස්සේ පෙනී යයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ අය හසු වුණේ පරීක්ෂණය නො කර ඉන්නට බැරි තරමට ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වූ නිසා ය. එයට ප්‍රගීත්ගේ බිරිය කළ දිරිමත් අරගලය ද ඉවහල් විය.

ප්‍රගීත් මරා දමන්නට පැහැදිලි හේතුවක් මහින්ද රාජපක්ෂගේ සිට උදය ගම්මන්පිල දක්වා ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට තවමත් කියා ගන්නට බැරි ය. උදය ගම්මන්පිල එම ඝාතනය සාධාරණීකරණය කරන්නට කියන කතා සියල්ල කිසිදු පදනමක් නැති වල්පල් ය.

අප දන්නා තරමින් උදය ගම්මන්පිල යනු 1989 සමයේදී රාජ්‍ය ඝාතකයන්ගේ ඉලක්කයක් බවට පත් …

මමදුන්නෙ කිස් එකයි කිස් එකයි

Image
මේ දවස්වල අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට බොහෝ අය කිස් එකක් ගැන කතා කරනවානේ.

දෙතොල් සිප ගැනීම අතිශය සරාගී ක්‍රියාවක්. එය ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතිය තුළ තිබුණු බවට සාධක සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන් හෝ වෙනත් කලාවන් ඇසුරින් ලැබෙන බවට සාක්කි මට නැහැ. ගීත සාහිත්‍යයේ දෙතොල් සිප ගැනීම ඉතා ම සාහිත්‍යමය සුන්දරත්වයකින් ගැයුණු ගීයක් තමයි මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන දෙඅදර විළිකුන් සුරත් පලේ. 




ජිප්සීස් ගායනා කරන ‘මම දුන්නෙ කිස් එකයි ' ගීය වෙනස් සාහිත්‍ය ආරක් අනුගමනය කරන වඩා ඍජු ප්‍රකාශනයක්. ඒ ගීය මුලින් ම අහනකොට මං ළමයෙක්. ඒ කාලෙ මේ ගීය අපේ ගෙදරදි අහන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අපි ඒවා ඇහුවෙ යාළුවන්ගෙ ගෙවල්වලදි හොරෙන්. එහෙම නැතිනම් සංගීත සංදර්ශනවලදි.

ඒ කාලෙ මේ ගීයටත් සැලකුවේ හරියට වර්තමානයේදී නිල් චිත්‍රපටවලට සලකන්නා වගේ තමයි. සංරක්ෂණවාදී සමාජය මේ ගීය පිළිකුල් කරද්දි තරුණ සමාජය එය ආදරෙන් භාර ගත්තා. එය ඒ යුගයෙ අතිශය ජනප්‍රිය ගීයක්.

අද ආපහු හැරිලා බැලුවා ම එය ඉතා සොඳුරු ගීයක් විතරක් නෙමෙයි, ඉතා නිර්මාණාත්මක ගීයක් බවත් පෙනෙනවා. පද රචනය, සංගීතය, ගායනය, ආකෘතිය ආදී හැම පැත්තෙන් ම එය පෙරළිකාර ගීයක්.

ඒ දව…

එන්රික් සංදර්ශනය හා සංගක්කාර, මහේල භූමිකාව තේරුම් ගත යුත්තේ කෙසේ ද?

Image
එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්‍රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ. 

ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය.  

එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්‍රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි. 

වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බ…

රතු අමුඩය

Image
අමුඩය ගසාගෙන කොළඹට එන ඇත්තු මහමග පෙළපාලි පානා ගොවි පුත්තු අමුඩය ඇඳන් වෙල් වැඩ කරනා පුත්තු අයියෝ කොහෙද ඉන්නේ අරුමැසි සත්තු
කලිසම් ඇඳන්උන් කුඹුරට බහින්නේ ෆෝන් එකෙන් ඒ අතරේ දොඩන්නේ මැෂින් තමයි කුඹුරේ කරකැවෙන්නේ අමුඩකාරයෝ කොළඹයි සරන්නේ
ආසාවට අමුඩ කෙටියක් ඇඳගන්න ලේන්සුවක් මිළ දීලා අරගන්න කඩයක් තිබේ නම් අපටත් දන්වන්න මට ආසාය අමුඩෙන් ගොවියෙක් වෙන්න
තට්ටම් මැදින් අමුඩයෙ කොණ රිංගවලා අනෙක් කොණෙන් වල්ල ඔතා එල්ලාලා අමු හෙලුවෙන් වගේ මග යනු පෙනීලා හිතුණයි ලියන්නට කවියක් මෙයාලා


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොර…

අපි පරාදයි! දොස්තරලාගේ කාර් පර්මිට් සටනට ජයවේවා!

Image
එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කරන ලද මුල් අයවැය යෝජනා තුළ යම් රැඩිකල් ආර්ථික උපායමාර්ගයක් දක්නට ලැබිණි. එය අපේ ඇගයීමට ලක් විය. 

අපේ ඇගයීමට ලක් වූ මූලික කාරණය කුමක් ද යන්න පැහැදිලිව නැවත සඳහන් කළ යුතු ය. ඒ වනාහි මේ රටේ රාජ්‍ය බලය හිමි, රජයෙන් ම නඩත්තු වන මධ්‍යම පංතිය වෙත වරදාන ලබා දීමේ පිළිවෙත වෙනස් කිරීමේ උපායමාර්ගයයි. 

සංඛ්‍යාත්මකව සුළුතරයක් වුව ද ලංකාවේ බහුතරයක් දේශපාලකයන් අයත් වන්නේ ද මේ පංතියට ම ය. 

මේ මධ්‍යම පංතිය නඩත්තු කරන්නට බර දරන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ වැඩකරන ජනතාවයි. 

ඔවුන් උපයන මුදල් මෙම පිරිස කෙතරම් නින්දිත අන්දමින් සූරා කනවා ද යත්, තීරු බදු සහන කාර් පර්මිට් හොරෙන් විකුණන ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් එයින් අඩු ම තරමේ මසකට රු. 20,000ක් අයථා ලෙස උපයා ගනිති. (කාර් පර්මිට් එක ලක්ෂ 12කට විකුණනවා ය සිතා එය මාස 60කින් බෙදා බලන්න. අවුරුදු පහෙන් පහට මේ කාර් පර්මිට් ලැබේ.) 

දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට වැඩි පඩි ගෙවනවාට හෝ වරප්‍රසාද ලබා දෙනවාට අපි ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ නැත. එහෙත්, මහජන මුදලින් තමන් ලබා ගන්නා වරප්‍රසාදවලට සාපේක්ෂව මහජනතාවට සේවය සැලසීම සම්බන්ධයෙන් ඔව…

වරද හිරුනිකාගේ ද?

Image
ඇය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඉහළ මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර යැවූ අයෙකි.

ඇය අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් අතළොස්සෙන් කෙනෙකි.

ඇය වනාහි ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගි වීම වෙනුවෙන් රු. 20,000ක් ගෙවිය යුතු යයි යෝජනා කර තිබෙන මහජන නියෝජිතයෙකි.

ඇය නීතිය හැදෑරූ බවක් ද කියනු ලැබේ.

හැදෑරුවත්, නැතත්, දැන් ඇය නීති හදන්නියකි.

නීතිය දැන් ඇගේ අතේ වගේ ය.

වරද කාගේ ද?

මේ වීඩියෝ එකේ අග හරියේදී හිරුනිකාගේ පැත්තකින් සිටින ටයි මහත්තයා ඇගේ අත කොනිත්තන කෙනිත්තිල්ල බලන්න. හිරුනිකාට හැඟීම්, දැනීම් නො දැනෙන ලෙඩක් තිබේදැයි සැක ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරන…

සම අයිතිය හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

Image
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සිරා කෝච්චියේ ගිය වගයි

Image
ලොක්කො උඹ කවදද මෙහේ කෝච්චියක යන්නේ අඟුරු කකා - වතුර බිබී කොළඹ දුවන නියම යකඩ යකා
උදේ හතට  කලුතරින් කොළඹ එන මීගමුව කෝච්චියෙ එනව ද  වාඩි වෙල යන්න නම් දුවපන් බඩු ගබඩාව පැත්තට පණ කඩාගෙන ප්ලැට්ෆෝම් එකට එනවිට සීට් නැති වෙයි නැතිනම්
යමුද හික්කඩුවෙ නැතිනම් සමුද්‍රේ   එල්ලිලා කොක්කේ හිර වෙලා පෙට්ටියේ තද වෙලා සැප කණේ
දාඩිය ගඳ, පඩ ගඳ, කට ගඳ වැඩ කරන ජනයාගෙ ජීවන සුවඳ ඔක්සිජන් විතරයි හිඟ
බහිමුද මහ ලේකම් එකෙන් පඩ්ඩපු හොරි ගෙඩියකින් කුණු සැරව විදින්නා සේ දුවමු කන්තෝරුවට  ඉසිඹුවක් ගන්නට ආයෙමත් හවසට  නගිනකල් මස් කරත්තෙට
මසට දක්කන හරකුන්ටත් ලොරියේ නීතියක් ඇත ලොක්කො උඹ කියපං කෝච්චියෙ මිනිහෙකුට කොච්චර ඉඩක් අයිති ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන …

කන්නන්ගරට පිස්සු ද? හැටි ද?

Image
මේ ලිපිය සමග තිබෙන වීඩියෝවේ කතා කරන විදර්ශන කන්නන්ගර සහෝදරයා මම තේරුම් ගන්නේ මේ මොහොතේ ලංකාවේ වාම දේශපාලනයේ ආධිපත්‍යය පිහිටුවන්නට උත්සාහ කරන කණ්ඩායම් කීපය අතර සිටින එක් නායකයෙක්. මට තේරෙන විධියට ඔහු මේ මොහොතේ උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ සංස්කෘතික අවකාශයේ ආධිපත්‍යය පිහිටුවීම වගේ වැඩක. මට තේරෙන විධියට වාම දේශපාලනයේ බුද්ධිමය නායකත්වය පිහිටුවීම වගේ වැඩක යෙදී සිටින සුමිත් චාමින්ද මහතා සමග සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග මොහු ප්‍රේමයෙන් වෙළී සිටින බවක් පෙනෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මට තේරෙන විදියට උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කරගෙන සිටි රැඩිකල් අවකාශය තුළ ස්ථානගත වන්නටයි.

මේක ඉතා පැහැදිලි බල ව්‍යාපෘතියක්. මේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉතා දුර්වල ස්ථානයකින්. ආර්ථික වශයෙන් දුර්වල, දේශපාලනික වශයෙන් ජනප්‍රිය නැති, සමාජ ප්‍රාග්ධනය දුර්වල තැනකින් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න වෙන්නේ. ඔවුන් දැනට සිටින තැන මේ වැසිකිලියෙන් නිරූපණය වෙනවා. බාල චීන ටයිල් හා කණ්ණාඩියක් අල්ලපු, කැත වර්ණ ගාපු මේ අවලස්සන වැසිකිළියේ කොමඩ් සීට් එකත් කැඩිලා. මෙහි මළ …

ගුරුවරිය නම් වීර චරිතය සමග හෝ ගානා පොකුණ අසබඩ

Image
ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකය පිරී ඇත්තේ වීරයන්, දුෂ්ඨයන්, විහිළුකාරයන්, අභිරහස්, ප්‍රාතිහාර්ය, සටන්, ජයග්‍රහණ, සතුට, සිනහව වැනි දේවලිනි. ඉන්දික ෆර්ඩිනැන්ඩු අප ඉදිරියේ ප්‍රතිනිර්මානය කරන්නේ ඒ ළමා ලෝකයයි.

හෝ ගානා පොකුණ යථාර්ථවාදී සිනමා පටයක් නො වේ. එහි කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථය නො වේ. එහෙත් ඒ විකාරරූපී හා අධි යථාර්ථවාදී අමුද්‍රව්‍ය භාවිතා කරමින් හෝ ගානා පොකුණ අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ යථාර්ථයයි. වත්මන් ළමා ලෝකයේ යථාර්ථයයි. එහි සුවිශේෂත්වය එයයි.

ළමා චිත්‍රපට බලන්නට ළමයින්ට තනිව යා හැකි වාතාවරණයක් ලංකාවේ නැත. ඒ නිසා ළමා චිත්‍රපට බලන්නට ළමයින් සමග යන දෙමව්පියන්ට ද සාධාරණත්වය ඉටු කිරීමේ වගකීමක් වෙන කො‍හේ නැතත් ලංකාවේ ළමා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තිබේ.

හෝ ගානා පොකුණ ප්‍රධාන තල දෙකක් ඔස්සේ රස විඳිය හැකි ය. පහසුව සඳහා එය කතන්දර තලය හා දේශපාලන තලය ලෙස නම් කළ හැකි ය.

කතන්දර තලයේ ඇති සුවිශේෂත්වය චිත්‍රපටයේ තිබෙන අපූරු චරිත හා සිද්ධි නිර්මානයයි. එහි ඇත්තෙන් ම මහා ලොකු කතන්දරයක් ද නැත. එහෙත්, සිද්ධියෙන් සිද්ධියට සිදු වන්නේ අප බලාපොරොත්තු වන දෙයට වෙනස් ද…

පංති වෙන්න දඟළන වෘත්තික කණ්ඩායම් අතර බැංකුකරුවෝ

Image
වෘත්තික කණ්ඩායමකට සමාජ පංතියක් වෙන්නට පුළුවන් ද?

සමාජ පංතියක් යනු කුමක් ද? පංතියක් යනු සමාජ, ආර්ථික පදනමින් වෙන් කර දැක්විය හැකි සමාජ කණ්ඩායමකැයි සරළව අර්ථ කථනය කළ හැකි ය.

වෘත්තික කණ්ඩායමක් යනු කිසියම් පොදු දැනුම හා කුසලතා පද්ධතියක් මත පදනම්ව රැකියාවක යෙදී සිටින පිරිසක් ලෙස සැලකිය හැකි ය. ඔවුන් හා සමාන සමාජ, ආර්ථික පදනම් වෙනත් වෘත්තිකයන්ටත් තිබිය හැකි නිසා ඔවුන් වෙන ම පංතියක් වන්නේ නැත.

එහෙත්, ලංකාවේ ඇතැම් වෘත්තිකයෝ වෙන ම පංති බවට පත් වන්නට උත්සාහ කරති. එසේ කරන්නේ සමාජ ආර්ථික ස්ථාවරයන් බලහත්කාරෙන් හා ඉක්මණින් අත්පත් කර ගැනීමෙනි. මෙය පහසුවෙන් කළ හැකි වන්නේ රජය සමග එක් වී මහජනතාව සූරාකෑමෙනි.

මේ සඳහා පැහැදිලි ම උදාහරණය දේශපාලකයෝ ය. ඔවුහු අමු අමුවේ ම රාජ්‍ය සම්පත් තමන්ගේ ගිනුමට බැර කරගෙන ක්ෂණිකව ධනවත් වෙති. විස්තර කිරීම අනවශ්‍ය ය. කරන හැටි කවුරුත් දනිති.

මෙවැනි තවත් වෘත්තික කණ්ඩායමක් වන්නේ වෛද්‍යවරු ය. රජයේ සේවයේ වෛද්‍යවරු යයි කියන්නට බැරි වෛද්‍යවරු තමන් අනිවාර්යයෙන් ම රජයේ සේවයේ කොටසක් විය යුතු තත්වයක් ඇති කරගෙන සිටින නිසා ය. ඒ ගමන් ඔවුහු පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙති. ඒ වෙනුවෙන් රාජ්‍ය දේපල හා …

ප්‍රතිගාමී මධ්‍යම පංතියේ ප්‍රශ්නවලට පිළිතුරු

Image
මේ මොහොතේ ලංකාව ඉන්නේ තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයක බව ඉතා පැහැදිලි ය.

ලෝකයෙන් ගිනි පොළියට ණය ගනිමින් මධ්‍යම පංතියට ජොලි කරන්නට පුළුවන් කාල සීමාව පසු වී තිබේ.

පසුගිය කාලයක් පුරා ගත් ණය ගෙවීම සඳහා රජය දැන් සමස්ත වැයවලින් 40%ක් පමණ වෙන් කරයි. ගත් විදේශ ණය ගෙවන්නේ මැද පෙරදිග වහල් සේවයට යන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයෝ, ඇඟලුම් කම්කරුවෝ, වතු කම්කරුවෝ වැනි සමාජයේ හඬක් නැති, වරප්‍රසාද නො ලැබෙන සමාජ කණ්ඩායමයි.

ඔවුන්ගේ ලේ, කඳුළු, දහදිය මතින් මධ්‍යම පංතියට කාර් පර්මිට්, වැඩි පඩි, විශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද ලබා දීම තුළ තිබෙන අසාධාරණය අවධාරණය කර පෙන්වූ අයවැයක් පසුගියදා ඉදිරිපත් කරන ලදී.

ලංකාවේ ආණ්ඩුව ධනපති ආණ්ඩුවකි, ඔවුන්ගේ ආර්ථික දෘෂ්ටිවාදය නව ලිබරල්වාදයයි ආදී වශයෙන් මතුරන අය අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දෙසැම්බර් 14දා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ යටත් වීමේ ප්‍රකාශය කියවා බලන්න.

ලංකාවේ තිබෙන්නේ ධනපති ආණ්ඩුවක් නම් රනිල්ට මෙසේ කරන්නට අවශ්‍ය වේ ද? ලංකාවේ තිබෙන්නේ ධනපතියන්ගේ මූලිකත්වයෙන් යුත් රජයක් නම් මෙවැනි තත්වයක් ඇති වේ ද?

නැත. අප මතු කරන කාරණය මෙම සිද්ධියෙන් ද ස්ඵුට වේ. ලංකාවේ පවතින්නේ ධනපති…

මා බාල කාලේ සිංදුවේ පරිවර්තනය හා ධර්මෙගෙ කතාව

Image
ලිය ලියා හිටපු දේශපාලන ලිපිය පැත්තකින් තියලා මේ ෆන් ආටිකල් එක ලියන්න හිතුවෙ රසිකලොජියේ මෙන්න මේ ලිපිය දැකලා. 

මේක ගැන කියනකොට මගේ පැරණි මිතුරකු වන දේව ප්‍ර‍ලිත ධර්මවික්‍ර‍ම ගැන ලියන්න වෙනවා. 

ධර්මෙව මට හමු වෙන්නෙ මහරගම ගුරු විද්‍යාලෙදි. අපි දෙන්නාම එක ගෘප් එකක හිටපු ඉංග්‍රීසි ගුරුවරු. ඒ අවුරුදු දෙකේ නම් ගුරු ශිෂ්‍යයෝ. ධර්මෙ ගුරු විද්‍යාලෙට එන්න කලින් ඉගැන්නුවේ ඇල්පිටිය පැත්තේ ඉස්කෝලෙක. ධර්මෙගෙ ගම බලපිටිය.

අපේ ශිෂ්‍ය සංගමේ රන් කළේ තාක්ෂණ විෂය ගුරුවරු වගයක්. කැම්පස් යන්න බැරි වෙච්ච ඇරියස් එක පියවගන්න කැම්පස් ළමයි වගේ හැසිරෙන්න උත්සාහ කළ බාප්පා වයසේ ගුරු සෙට් එකක්.

අපේ එවුන් අතරින් උන් එක්ක මුලින් ම සෙට් වුණේ ධර්මයා. “උන් ආතල් එකට බර කොල්ලො බං," කියන ආකල්පෙ තමයි ධර්මෙ හිටියෙ. ධර්මෙ උන් එක්ක කාලා, බීලා, වැටිලා හිටියා.

මහරගම ගුරු විද්‍යාලෙ හිටිය ලැච්චර්ලා අතර හිටපු සමහරු අර මං කියපු ගුරු බාස්ලා සෙට් එකටත් අන්තයි. හැමෝ ම නෙමෙයි කියන එකත් කියන්න ඕනැ. ඒ නිසා අපි ඉතින් පුළුවන් තරම් ලෙක්චර්ස් කට් කරලා, හොරෙන් පැනලා, හොර අත්සන් ගහලා, ආතල් එකේ ඉඳලා විභාගත් හොඳට පාස් වුණා. බොරු කියන්නෙ මොකට ද ම…

අජානේය ඉස්කූටරය හා ඕඩිකොලොං බෘංගා

Image
ඕඩිකොලොං බෘංගා කාලයක් තිස්සේ ඇහෙන බස් සිංදුවකි.

එය වචන, තනුව, සංගීත, ගායනය යන හැම පැත්තෙන් ම ‘අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා' යන ගීය අනුකරණය කරයි.

එසේම, අනුකරණය කෙතරම් හිස් ක්‍රියාවක් ද යන්න පෙන්නුම් කිරීමට කදිම නිදසුනකි.

මෙහි ඇති 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන යෙදුම තුළ කිසියම් සුන්දරත්වයක් තිබේ. සැලුන් දොර යනු කොහොමටත් බාග දොරකි. 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන්නෙන් අදහස් කරන්නේ ඒ සැලුන් දොරේ බාග ස්වභාවය ද නැතිනම් වෙන යමක් ද යන්න පැහැදිලි නැත.

මෙහි කියවෙන්නේ ටියුෂන් පංතිවල පෙම් කරන බව ය. එය නරක වුණත් ආතල් වැඩකි යන අදහස ද එහි තිබේ. එහි සමස්ත අදහස ‘සිල්පය පසෙක තියා - සිල්පද බිඳින නියා - ටියුසන් පුවත අසන් සොඳිනා' යන යෙදුමින් ප්‍රකාශ වේ.

එහි කිසිදු ගැඹුරු අදහසක් නැත. එහි අර්ථය නම් එහි භාවිතාව ය. ඒ කියන්නේ බස්වල, ත්‍රිරෝද රථවල කඨෝර හඬ යටපත් කළ හැකි ඩ්‍රම් බීට් මතු කරගෙන රිද්මයක් පවත්වා ගැනීමයි. සංගීත ප්‍රසංග, මංගල උත්සව ආදියේදී බමන නර්තනයට එය හොඳ සංගීතයකි. මේ එකක්වත් වැරදි යයි මම අදහස් නො කරමි. එහෙත්, සම්භාව්‍ය කලාව යනු මේ අන්දමට උපයෝගී කර ගන්නා භාණ්ඩයක් හෝ සේවාවක් නො ව…

මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

Image
ගතානුගතික මාක්ස්වාදීන්ගේ ප්‍රායෝගික දේශපාලන දර්ශනය අනුව ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය. නිර්ධන පංතියේ පක්ෂය රාජ්‍ය බලය අතට ගන්නා තෙක් ඔවුහු ධනපති පංතියේ ආණ්ඩුවලට එරෙහිව සම්මුතියකින් තොරව සටන් කරති.

මේ ලියන මොහොත වන විටත්, රජයේ වෘත්තීය සමිති, දොස්තර සංගමය, බස් හිමි සංගම්, ශීෂ්‍ය සංගම්, රැකියා විරහිත උපාධිධාරීන් ලෙස තමන් හඳුන්වන රජයේ රැකියා අපේක්ෂකයන් ආදිය වැඩ වර්ජනයකට සැරසී සිටිති. වැඩ කරන ජනතාව ධනපති ආණ්ඩුවට එරෙහිව වීදි බැස ඇතැයි ගතානුගතික මාක්ස්වාදීහු උද්දාමයෙන් පවසති. අටෝරාශියක් ගතානුගතික මාක්ස්වාදී පක්ෂ දැන් සැරසෙන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නට ය. එකී එක්, එක් පක්ෂයට අනුව, නිර්ධන පංතියට නායකත්වය දිය යුතු පක්ෂය තමන්ගේ පක්ෂයයි.

මට තිබෙන ප්‍රශ්නය මේ පංති විග්‍රහය කෙතරම් නිවැරදි ද යන්නයි. ලංකාවේ දේශපාලන බලය තිබෙන්නේ ධනපති පංතිය අත ද? රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, බස් හිමියන්, ශීෂ්‍යයන්, රජයේ රැකියා අපේක්ෂකයන් නිර්ධන පංතිය ද?

ගතානුගතික මාක්ස්වාදීන්ගේ සමස්ත පංති විග්‍රහය ම ව්‍යාජයකි. සියවසකට ආසන්න කාලයක් තිස්සේ පටලවාගෙගන තිබෙන මේ පටලැ…