මැලේසියානු ගුවන් යානයේ මගියා එවූ ඡායාරූපය හා ඒ.එෆ්.පී. ඡායාරූපය

US Air Force ? AFP Photo
ඇමරිකාව කියන්නේ මහා කුමන්ත්‍රණකරුවෙකු ලෙස සැලකීම ලොව පුරා මතුපිටින් රැඩිකල් ජනයා අතර ජනප්‍රිය විලාසිතාවක්.

ඇමරිකාවේ සඳ තරණයේ පටන් ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කරන්නට කළ අනන්ත කුමන්ත්‍රණ සංඛ්‍යාව හරහා අලුත් ම කුමන්ත්‍රණය වන මැලේසියානු ගුවන් යානය පැහැරගෙන යාම දක්වා කුමන්ත්‍රණ කතා කෝටියයි. 

මම නම් මේ කුමන්ත්‍රණ න්‍යායන් පිළි ගන්නේ නැහැ. එහෙම පිළි නො ගත්තාය කියලා මම ඇමරිකාව ගැන පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන කෙනෙක් ය කියා වරදවා වටහා ගන්න ඕනැ නැහැ. අපේ ජාතියේ වර්තමාන මහා වීරයන් වගේ මම නම් ඇමරිකාවේ පුරවැසිභාවය හිඟලා නැති නිසා ඒක අමුතුවෙන් ඔප්පු කරන්න අවශ්‍යත් නැහැ. 

මැලේසියානු ගුවන් යානය ගැන නිර්මානාත්මක ප්‍රබන්ධ මැවීම ඇත්තෙන් ම වෙළඳ ගැටයක්. ඒවා මුලින් ම ප්‍රසිද්ධ කරන වෙබ් අඩවිවල සිට අන්තිමට ලංකාවට බස්සවන දිවයින පත්තරේ දක්වා ම කරන්නේ පාඨකයන් ගොනාට අන්දා සාක්කුව සුද්ද කිරීමයි. 

දිවයිනේ ගිය මේ රස කතාව බලන්නකෝ. 

මැලේසියානු යානාව පැහැරගත් ඇමරිකානු
හමුදාව එය දියාගෝ ගාර්ෂියා දූපතේ සඟවලා

- යානාවේ ගමන් කළ මගියකු වූ පිලිප් වුඩ්ගේ එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් හෙළිවෙයි

අතුරුදන් මැලේසියානු යානාව ඇමරිකානු හමුදාව විසින් පැහැරගෙන දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවාගෙන ඇතැයි එම යානාවේ මගියකු වූ පිලිප් වුඩ් එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් සිය මිතුරකු වන ජිම් ස්‌ටෝන්ට දැනුම් දී ඇත. äම් ස්‌ටෝන් ඇමරිකානු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.

පැහැරගත් යානාව දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවා ඇති බව ඔහු තවදුරටත් හෙළි කර තිබේ. එම එස්‌. එම්. එස්‌. පණිවුඩයේ තවදුරටත් සඳහන් වී ඇත්තේ නාඳුනන හමුදා නිලධාරීන් යානාව පැහැරගත් බවත් තමා අයි. බී. එම්. සමාගමේ සේවය කරන අතර යානාව පැහැරගැනීම සිදු වන අවස්‌ථාවේ ජංගම දුරකථනය කලිසමේ පසුපස සඟවා ගනු ලැබූ බවත්ය.

මෙම එස්‌. එම්. එස්‌. පණිවුඩය එවූ පිලිප් වුඩ් නමැති මගියා තවදුරටත් සිය එස්‌. එම්. එස්‌. පණිවුඩය මගින් යානාවේ වීදුරුවක්‌ තුළින් ගත් දියාගෝ ගාර්ෂියා දූපතේ ඡායාරූපයක්‌ද එවා තිබේ. (දිවයින)


දැන් ඔය එස්.එම්.එස් මගින් එවා තිබෙන ඡායාරූපය මෙන්න මේ වෙබ් පිටුවේ තිබෙන ඡායාරූපයත් සමග සසඳා බලන්නකෝ. ඒ ඡායාරූපය ම තමයි අපි පිටුවේ උඩ පළ කර තිබෙන්නේත්. 

වැඩේ කියන්නේ 2013 මැයි 22දා වෙබ් පිටුවක පළ කළ ඡායාරූපයේත්, මැලේසියානු ගුවන් යානයේ සිටි මගියා එවූ බව කියන ඡායාරූපයේත් ගුවන් යානා විතරක් නොවෙයි, සෙබළු හා ගස්කොළන් පවා වෙනස් වෙලා නැති හැටි. 

මේ එස්.එම්.එස්. පණිවුඩය ගැන පුවත මුලින් නිර්මානය කළ කෙනා මොන අරමුණකින් එය කළත්, දිවයින පුවත්පත නම් එය පළ කරන්නේ වෙනත් දේශපාලන අරමුණු රැසක් ක්‍රියාත්මක පරිසරයක් තුළයි. මේ පුවත ඒවා සමගත් සමපාත වෙනවා. 

මේ ලිපියත් කියවන්න: MH 370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වීම සමාජ අර්බුදයක් ලෙස  

සුන්දර ඉංගිරිසි කියෙව්වද? 

සුන්දර ඉංගිරිසි 4: හායි ඔයාලා යනවද බායි කියාලා


 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. // පොව පුරා මතුපිටින් රැඩිකල් ජනයා අතර ජනප්‍රිය විලාසිතාවක්. //
    මෙය ලොව පුරා විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. //එහෙම පළි නො ගත්තාය//
      එහෙම පිළි නො ගත්තාය විය යුතුයි නේද?

      Delete
    2. නිර්මානාත්මක
      //නිර්මණාත්මක// විය යුතුයි නේද?

      Delete
    3. නිවැරදි කළා. ස්තුතියි.

      හැබැයි 'නිර්මානාත්මක' කියන වචනය නම් මම හිතන්නේ මා ලියා ඇති ආකාරය හරි.

      නිර්මානය කියන්නේ නිර්+මාන යන වචන දෙකෙන් හැදුණු වචනයක් විය යුතුයි.

      මේ ගැන දන්නා අය අදහස් දක්වන්න.

      Delete
    4. නිර්මානාත්මක කියන එක හරි. පැරකුම් මහතා නිවැරදියි. ඇනෝලා @ නිකම් බොරු දාන්න එපා.
      අනික මේ කෙහෙල්මල් ව්‍යාකරන නොවෙයි. ලිපියයි වටින්නෙ.. මේ ලිපිය ඇස් අරවන්නක්. හැමෝම කියවිය යුත්තක්

      Delete
  2. ඔය SMS පණිවිඩය සම්බන්ධ මුල් පුවත අප්‍රේල් පළමුවැනිදා විහිළුවක්. ඒක තේරුම් ගන්න තරම් ඔළුවක් නැති දිවයිනකාරයා ඒක හෙඩිම හැටියට දානවා. අනේ මුන්ගේ මොළේ.

    ReplyDelete
    Replies
    1. දිවයින කියන පත්තරේම විහිළුවක් ඇනෝ....

      Delete
    2. මෙවැනි ඛෙදවාචකයක් අප්‍රේල් විහිළුවක් කර ගැනීමත් ලොකු ප්‍රශ්නයක් නේද?

      Delete
    3. දිවයින විතරක් නොවෙයි රිවිර මවුබිම ඔක්කොම මිත්‍යාව වපුරවනවා. මේ රටේ ඉන්නෙ වල් මී හරක් කියල හිතාගෙන.
      දැන් හැබැයි අර හාමුදුරුවයි මහාචාරියයි දෙපැත්තෙ තියාගෙන නටන මිත්‍යාව නම් අඩුයි වගෙ.

      Delete
    4. http://sinhala.lankanewsweb.net/news/12000-2014-04-06-19-38-44

      Delete
  3. පැරා, මෙන්න මේ අඩවියෙ කියන විදියට ඔය කියන පින්තූරෙ තනිකර කළු එකක්. ඒ කියන්නෙ ගත්තු කෙනා අවට නොදැන නොදැක ගත්තු එකක්.

    ඒත් දැන් ඒක ඇත්තනම් තීන ලොකුම ප්‍රශ්නෙ අයි ෆෝන් එක පුකේ ( පුක යනු කුණුහරුපයක් නොවේ © කකා) ගහන් උන්නම චාර්ජ් එක බහින්නෙ නැතුව තීනවද කියන එකයි!

    ReplyDelete
  4. "යානාවේ ගමන් කළ මගියකු වූ පිලිප් වුඩ්ගේ එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් හෙළිවෙයි "

    මෙම එස්‌. එම්. එස්‌. පණිවුඩය එවූ පිලිප් වුඩ් නමැති මගියා තවදුරටත් සිය එස්‌. එම්. එස්‌. පණිවුඩය මගින් යානාවේ වීදුරුවක්‌ තුළින් ගත් දියාගෝ ගාර්ෂියා දූපතේ ඡායාරූපයක්‌ද එවා තිබේ.

    SMS එකකින් පොටො එවන්නෙ කොහම්ද කියලා මම දිවයිනෙ ඔය කොලම් එක ලියපු එකාගෙන් ඉගෙන ගන්න ඕන..... MMS එකකින් එවන විදිහනම් මම දන්නවා.

    නොදෝකින් මුන්ට බොරුවක්වත් හරියට කියන්න බෑ වගේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා