බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි

ඡායාරූප දිවයිනෙනි
සිලි බෑග් එකක් කකුලේ පැටලී තිබේ ද? වටරැක විජිත හිමි දේශපාලනික වශයෙන් පරිණත භික්ෂුවක් නො වේ. එහෙත්, කුමන හෝ පදනමකින් ඔහු කරමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාර්යයකි. 

ඔහු අභියෝග කරන්නේ බලවත් මැරවර හමුදාවක් හා ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝක මට්ටමේ 'කීර්තියක්' ඇති බොදු බල සේනාවට ය. එය කරන්නේ ද තනිවම ය. 

ඔහු පිටුපසින් මුදල් යහමින් ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇති බවක් නො පෙනේ. එසේ ම, ජිනීවා දක්වා ඔහුව ඔසවාගෙන යා හැකි අය ද නැත. අඩු තරමේ බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට උදව් කරන්නට කෙනෙකු පවා නැත. 

ඔහු තවමත් උත්සාහ කරන්නේ ජන පදනම මත සිටිමින් සිය අරගලය පවත්වාගෙන යන්නට ය. එහෙත්, එය පහසු නැත. බොදු බල සේනාව ඔහුට එරෙහිව මුළු බලය ම යොදා සටනට පිවිස තිබේ. හේතුව, භික්ෂු බලවේගය තුළ සිය මැරවර ආධිපත්‍යය නො නැසී පවත්වාගෙන යන්නට ගලගොඩඅත්ත නිකායට තිබෙන උවමනාවයි. 

වටරැක විජිත පරාජය වනු ඇත. එහෙත්, ඔහු පරදින්නේ හොඳ සටනක් දී ය. ඔහු ජෝක් එකක් කර පෙන්වන්නට දිවයින ඇතුළු ජාතිවාදී මාධ්‍ය දරන උත්සාහය පැරදවිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. 'ඔහු පිටුපසින් මුදල් යහමින් ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇති බවක් නො පෙනේ'

    මොහොම්මදු අජිත් පැරකුම්ට පෙන්නේ නැද්ද වටරැක විජිත පස්සෙන් ඉන්නේ කවුද කියලා? ආ හැබැටම ඩොලර් වලට පැරකුම්ගේ ඇස් වැහිලා නොවැ.

    පැරකුම් කියන්නේ ලංකාවේ හිටපු,අදත් මිනිස්සු දේවත්වයෙන් සලකන රජ කෙනෙකේගේ නමක්. ඒ නම අයින් කරලා අජිත් දොන් ජුවන් කියලා දාගත්තොත් නාකද?

    අජිත් පැරකුම්ලා දැන් මෙ සුදනෝ වගේ අනික් අයට ත්‍රස්‌තවාදය පතුරනවා කිව්වට ත්‍රස්‌තවාදීන්ටත් එව්වා උගන්නපු අය තමයි ඔහෙලා. මිනිමරලා, මංකොල්ලකාලා, ස්ත්‍රී දුෂණය කරලා අන්තිමේදී අනික් එවුන පවා දීලා ඉන්දියාව පැනලා ගිය උදවිය නන බොදුබල සේනාවේ නෑ මම හිතන්නේ.

    අයියෝ අජිත් පව්. මරුතියට පෙට්‍රල් ටිකක් ගහගන්නනේ මෙ වගේ දාහේ කොළ කිහිපයකට ආත්මය පවා දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගල්ෆ් යුධ සංකූලතාවය

      Delete
    2. උබත් කාලයක් පැරකුම්ලත් එක්කනේ හිටියේ.ඒ ත්‍රස්‌තවාදය අතහැරල.උබත් දැන් බොදුබලු ත්‍රස්තයොත් එක්ක ඉන්නව කියලනෙ ඔය කියන්නෙ

      Delete
    3. //පැරකුම් කියන්නේ ලංකාවේ හිටපු,අදත් මිනිස්සු දේවත්වයෙන් සලකන රජ කෙනෙකේගේ නමක්. //
      ඇයි ටින් කිරි ජාතියකටත් ඔය නමම තිබුනෙ

      Delete
  2. //ඔහු ජෝක් එකක් කර පෙන්වන්නට දිවයින ඇතුළු ජාතිවාදී මාධ්‍ය දරන උත්සාහය පැරදවිය යුතු ය.//

    වටරැක විජිත කියන්නෙ මානසික ලෙඩෙක්. නැත්තං නියම කපටියෙක්. එයා ඥානසාරගෙ කාසියෙම අනිත් පැත්ත. දිවයින හරි ඥානසාර හරි එක්ක ඇරියස් එකක් තියනව නං ඒක වෙනම දෙයක්. ඥානසාර වගේම වටරැකත් එකවිට පරාජය නොකර තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා මනෝ වෛද්‍යවරයෙක්ද නැත්නම් බුදු කෙනෙක්ද අනුන් ගැන එහෙම කතා කියන්න

      Delete
    2. මනෝ වෛද්‍යවරයෙක්වත් බුදු කෙනෙක්වත් වෙන්න ඕන නෑ, වටරැක විජිත කියන/කියපු කතා පොඩ්ඩක් හොයල බලන්න. වටරැක ඥානසාර කේස් එකෙන් දවසකට පස්සෙ ටීඇන්ඇල් එකට ආව ඥානසාර. අන්න එදා වටරැක විජිතගෙ අතීත කතා පවා දාල පෙන්නුව. පුළුවන් නං ඒ වැඩසටහන හොයාගෙන බලන්න. එතකොට තේරෙයි මේ ඩබලම ඉන්න අන්ත දෙකක කියල. එකෙක් දිනුව කියල අපිට ලැබෙන සෙතක් නෑ.

      Delete
    3. //ඥානසාර වගේම වටරැකත් එකවිට පරාජය නොකර තේරුමක් නෑ.//hariyatma hari raj kathawa.daenna ekma kasiyae daepathha.

      Delete
    4. හලෝ රාජ් කොහොමද? ගෝලිප් එකක් වත් බොමුද?

      ඒක නෙමේ, මොකෝ මේ කකා පෙන්න නැත්තේ. සයිවර් අවුරුදු උත්සවේදී කනා මුට්ටි බිදින්න ගිය පැන්සොන් මිලිටරි මීමා කකාගේ තට්ටේ වත් පලලාද?

      Delete
    5. AnonymousApril 23, 2014 at 11:52 AM
      ඔහේල කකා ගැන හොයල බලනව මදි. ඔහොමද සලකන්නෙ.

      Delete
    6. පොදුවෙ එහෙම කියන එක වැරදියි... මම නම් පුද්ගලිකවම කකා ගැන හොයල බැළුවා... බොරු නම් කකා ගෙන් අහන්න...ඇනෝවෙක් කතා කරේ නැද්ද කියලා

      Delete
    7. එහෙම කියන්න එපා රාජ්. අපි වෘත්තීමය ඇනෝලා. රාජ්ට උනත් ඒක තේරෙනවා ඇති. ඒ කියන්නේ ප්‍රොෆයිල් අය ඇනෝ ඇවිත් දාන කොමෙන්ටුයි,අපි දාන කොමෙන්ටුයි සහමුලින්ම වෙනස්.
      අපි දැක්කා පහුගිය දවසක මේකේ දාපු ඇනෝ කොමෙන්ට් කිහිපයකින් රාජ්ටත් එක එක කතා කියලා තිබුනා. එව්වා දැක්ක ගමන් අපි නං දැනගත්තා මෙව්වා මේ ප්‍රොෆයිල්කාරයෝ ඇනෝ ඇවිත් තරහට දාන එව්වා කියලා.

      අනික අපි කකාට,රාජ්ට හරිම ආදරෙයි. රාජ් හරි කකා හරි ඇනෝ කොමෙන්ට් දාන්න ඉඩ දෙන සයිට් එකක් කොමෙන්ට් එකක් දැම්මොත් අපිත් ඒකයි එතන කොමෙන්ට් එකක් දාලා, කකාගේ රාජ්ගේ සැපදුක අහන්නේ. අඩියක් ගහමුද,ගෝලිප් එකක් බොමුද කියලා අහන්නේ ඒ ෆිට් එකට.

      ඉතිං කොහොමහරි රාජ් ඔය උඩ කොමෙන්ටුව දාපු වෙලේ අපිට තේරුනා රාජ් ඉන්නේ වැරදි වැටහිමක කියලා. ඒකයි මේ පැහැදිලි කලේ.

      Delete
    8. AnonymousApril 23, 2014 at 4:10 PM
      +++++++++++++++++++++++++++++

      Delete
    9. KAKATA ME DAWAS WALA, CHOO, PADA JEE, WELATA YANAWALU. E MADIWATA JOKATHA GALAWILA.

      Delete
  3. “එහෙත්, විජිත හිමියන් පැරදුණොත් පරදින්නේ හොඳ සටනක් දී ය. ඔහු ජෝක් එකක් කර පෙන්වන්නට දිවයින ඇතුළු ජාතිවාදී මාධ්‍ය දරන උත්සාහය පැරදවිය යුතු ය. “
    මමත් සියයට සියයක් එකඟයි. මගේ නම් මතය මොහුගේ දේශපාලන පරිණත භාවය ප්‍රශ්න කරනවාට වඩා මොහුත් මේ මොහොතේ රැක ගත යුතුයි යන්නයි. සහෝදරයා (කතුවරයා) නඟන දේශපාලන දැක්ම පිළිබඳ ගැටළුවක් තිබෙනවා වුවත්, විජිත හිමියන් ගේ ඇතුලාන්තය අපිත් දන්නේ බලු සේනාව හා ඊට අනුගතවුන් කියන තරමින් නිසා තවත් විමසා බලා නිගමනයකට පැමිණිය යුතුයි. කෙසේ වෙතත් මම විජිත හිමියන් අගයමි.
    _ ජනිත් _

    ReplyDelete
  4. අජිත් පැරකුම් මහත්තයෝ, විනය පිටකය රිප්‍රින්ට් කරලා මුලු රටේම බෙදන්න විධියක් කල්පනා කරල බලන්නකෝ.

    ReplyDelete
  5. වටරැක විජිතව ප්‍රමෝට් කරන්න එපා. උස්සගෙන යන්න එපා. අන්තිමට වෙන්නෙ හිරුණිකා උස්ස්ගෙන ගිය කට්ටියට වෙච්චි දේමයි. බොදු බල සේනාව හරි විදිහට පරාජය කරමු.

    ReplyDelete
    Replies
    1. ආං ඒක තමයි මාත් කියන්නෙ.

      Delete
    2. වටරැක විජිතට අනුව හලාල් යනු දසකුසල් වේ.කොහොමද පොරගේ පිස්සුවේ තරම?

      Delete
    3. මම අහගෙන වටරැක විජිත කියනව හලාල් කියන්නෛ පිරිසිදු කියන එකලු. මුස්ලිම් ගෑනුන්ගෙ ඇඳුමලු කාන්තාවකට හොඳම ඇඳුම. අපේ ගෑනුන්ගෙ ඇඳුම ගැන කිව්වෙ බැල්ලියො වගේ වචන පාවිච්චි කරල. අන්න ඒකයි මම කිව්වෙ මේ දෙන්නම පරාජය කරන්න ඕන කියල. පැරා ල කරන්නෙ මූන එක්ක තරහට නහය කපා ගැනීමක්.

      Delete
    4. ඇයි රාජ් ටීඑන්එල් එකේ බැලුවා කිව්වා නේද ඤනසාර හාමුදුරුවෝ අවොත් වටරැකට උත්තර දුන්න හැටි. එකේදී ඤානසාර හාමුදුරුවෝ ඔය ඇදුම ගැනත් කියනවා. එතැනදී කිව්වේ බෞද්ධ ආගමේ ඇදුම පැළදුම් වල උනත් අන්තවාදයක් නෑ, කැමති ඇදුමක් අදින්න පුළුවන් කියලා. ඒ වෙලේ නං ඤානසාර හාමුදුරුවෝ ගැන පැහැදීමක් ඇති උනා මට.

      රාජ්ටත් එහෙමද?

      ඒක නෙමේ රාජ්, මීමුරේ යන්න කැමති නැද්ද?

      Delete
    5. මටත් එහෙම හැඟීමක් ඇතිවුනා. ඒ වගේම වටරැක කවුද කියලත් හරියටම දැනගත්ත.

      Delete
  6. කවුරු කොහොම කිවවත් සංඝ භේදය ආනන්ථරීය පාප කර්මයක් !!!

    ReplyDelete
  7. වටරැක විජිත කියන්නෙ කවුද කියලවත් වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ.ඒත් ඥානසාර එහෙම නොවෙයි. අධිපතිමතවාදය එක්ක හොඳින් බද්ධ වූ යහපත් සමාජ සම්බන්ධකම් ඇති කෙනෙක්. බලවතෙක්. ඔහු විජිතත් එක්ක රන්ඩු වීමෙන් වුනේ විජිත ප්‍රොමෝට් වෙන එක.

    ReplyDelete
  8. "නානසාර කියන්නෙ හපෝ නිර්මල බුද්දාගම කන්න ආපු කාලකන්නියෙක්" කියන "පිරිසිදු බෞද්ධ" බොලඳ බහුතර මතවාදයෙන් එහාට ගිය දේශපාලන කියවීමක අජිත් නානසාර ගැන හිටියා. දැන් එක්කො පිස්සුවට, නැත්නම් කාගෙ හරි කොන්ත්‍රාත් එකකට හිතා මතා ප්‍රකෝපකාරී ඇජෙන්ඩා එකක ඉන්න විජිත ගැන ඒක නැත්තෙ ඇයි? විජිත සහ නානසාර කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත නෙවෙයි ද?

    සමහර යූඇන්පී කාරයන්ට කාලයක් ලෙඩක් තිබුනා කොටින්ගෙන් හමුදාවට වැදුනොත් හරි සතුටුයි "ඔන්න මහින්ද ගෙ යුද්දෙට කෙල වෙනවා" කියල. සමහර උන් මේ වෙලාවෙ විජිතට චියර් කරන්නෙ ඒ ක්‍රමේට නානසාර එක්ක තියන ඇරියස් කවර් කරන්න.

    ReplyDelete
    Replies
    1. සජීව ධනුද්ධරApril 24, 2014 at 10:35 AM

      මෙතන ඇනෝගෙ අදහසයි කලින් රාජ් පළකරපු අදහසුයි එක්ක සීයට සීයක් එකඟයි. නානසාර වගේම විජිතත් එකම කාසියෙ දෙපැත්ත.

      Delete
    2. ඔවු ඉන්දික කතාව ඇත්ත

      Delete
  9. බුද්ධාගමේ කියල තියෙන විදියට හැමදේම වෙනස් වෙනව.ලංකාවෙත් ඉස්සරහට පිස්තෝල ඉනේ ගහගත්ත,අතින් පයින් ලමය් එල්ලගත්ත,සිවුරු කාරයො හිටියොත් පුදුම වෙන්න දෙයක් නැහැ.ඔය එන්නෙ පෙර මග ලකුනු තමය්.

    ReplyDelete
  10. Warareka Vijitha Suks !!! Vijitha Herath * *cks !!! both r two sides of the same coine, but in two different eras...

    ReplyDelete
  11. //////arugeadaviya August 15, 2013 at 5:03 AM
    විජිත කිව්වා කියලා ඥාණේ දැන් කීයටවත් සිවුරු හරින්නේ නැහැනේ බං.උඹ කියනවා වගේ මේ අයියාට මේ රජගේ මල්ලි සදාලා.මේ ඔක්කොම ජනතා විරෝධය යට ගහන්න වඩම්මන භූතයෝ.
    Reply
    Replies

    Dayal BatheeAugust 15, 2013 at 4:22 PM
    කොහොම උනත් කාසියෙ දෙපැත්ත වුවත් වටරැක විජිත හාමුදුරුවන්ට එහෙම ඇත්ත කතාකරන්න ගුටි කාපු අයට තෙල් ගාන්න හයියක් තියෙන එක ගැන සතුටුයි.////////

    මේ තියෙන්නේ මම 14/08/2013 දයල් බතීගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් සහ දයල්ගේ පිලිතුර. මම නම් අදත් කියන්නේ මේ දෙගොල්ලන්ම එකට තියලා පරද්දන්න ඕන කියලා.

    http://dayal-bathee.blogspot.co.uk/2013/08/vs.html
    මේ තියෙන්නේ දයල්ගේ පෝස්ට් එක. වටරැක විජිත හිමි ඥාණසාර

    ReplyDelete
  12. ඥාණසාර සහ විජිත ලා කරන්නෙ නාට්ටියක්. ඒවයි එක එක එපිසෝඩ් එක එක දවසට මීඩියා වල යනවා.ඒවයින් අපි විනෝදයක් ලබනවා. ඒ හැර එතන දේශපාලනයක් නැහැ. දේශපාලනයක් තිබේනම් ඒ එකම තැන රාජපක්ෂ යන නම තියෙන තැන විතරයි.

    ReplyDelete
    Replies
    1. දේසපාලනය ගඳ ගහපු තැනක් තිබේ නම් එතැන රාජපක්ෂ යන නම තිබේ.

      Delete
    2. Agree with Amila. Both of these monks tries to distract people from pressing matters.. both of them are actors of a drama directed by MR

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා