පළමුව කපමුද එළු හිස - දෙවනුව බිඳිමුද මුට්ටිය

එළුවො මරනවලු ආපසු
ධාතු රැගෙන ගියාට පසු
ගෝල බාලයෝ කාලිගෙ 
එහෙම කියනවා

එහෙනම් දැන් කුමක් කරමු
ධාතු මෙහේ තියාගනිමු
හැමදාමත් පොලිමෙ යමු
වඳිමු පුදමු එළුවො රකිමු

එළුවගෙ අපෙ හිස් හිරවුණු
මුට්ටිය වාගෙයි ආගම
පළමුව කපමුද එළු හිස 
දෙවනුව බිඳිමුද මුට්ටිය

W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මර්වින් සිල්වා කියලා එළුවන්ගේ බෙල්ල කපන්න දෙන්නේ නෑ ඕනම නම් මගේ බෙල්ල කපන්න කියලා.
    අනුර කුමාර දිසානායක කියනවා, පූසාරි කිව්වලු බූරුවන්ගේ බෙල්ල කපන්නේ නෑ කියලා.

    ReplyDelete
  2. මුන්නේශ්වරම් පූසාරිSeptember 3, 2012 at 12:19 AM

    වල් හිස කපා රට බේරා ගන්ට සොඳයි
    වල් අඟ කපා මූ නිදි කරවන්ට සොඳයි
    එළු ඇහැ පවා මූ ළඟ නොතියන්ට සොඳයි
    පාහර වල් මරා උල හිටවන්ට සොඳයි

    ධාතුව පවා බලු ගැත්තර කමේ යවා
    ක‍ටුගෙයි තිබ්බ සේසත හොරකමේ යවා
    කිරුළක් සදහටම වල් හිස මතේ රුවා
    ඉන්ටයි මුගේ අදහස, හෙන රටට දෙවා

    දෙපා එළුවන්ගෙ බෙලි ටික කපාගෙන
    මූ රජවුනා තිරිසන් ගති වෙලාගෙන
    මුට්ටිය නොදා මුගෙ ඔලුවම කපාගෙන
    රට බේරන කඩුව ගනු හෙට උදෑසන

    ReplyDelete
  3. eluwo nomaruwata minis jeewitha 3k bili unane.

    ReplyDelete
  4. කාලි අම්මගේ එළුවෝ මැරවිල්ල
    එරෙහිව දමන කුඩු ඇමතිගේ ගෙරවිල්ල
    ගත් හැටි අමතකද දකුණේ නර බිල්ල
    උතුරේ කලෙත් ඒ දෙයමයි මේ ගොල්ල

    එළුවන් මරණ කාලිට වෙන වැඩ නැත්ද?
    දැරියන් සාරුවා හට බිලි දෙනවාද?
    හරකුන් වගේ ඉඳලා හරි යනවාද?
    දමපන් මිනිසුනේ පෝලිමේ ගොස් චන්ද!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා