Posts

ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ යුගය

Image
අජිත් පැරකුම් ජයසිංහ විසින්  සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපියකි.  ජවි පෙ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ මරණයත් සමග ජවිපෙ දේශපාලනය ගැන කතාබහ යළිත් මතු වී තිබේ. මිය යන විට සෝමවංශ අමරසිංහ තව දුරටත් ජවිපෙ සාමාජිකයකු හෝ වූයේ නැත. එහෙත්, ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගෙවුණේ ජවිපෙ දේශපාලනය වෙනුවෙනි. 1989න් පසු ඔහු ජවිපෙ නායකයා බවට පත් වූයේ ය. ඔහුගේ මූලික ලක්ෂණයක් වන්නේ ඔහු පරමාදර්ශවාදියෙක් නො වීම යයි මම සිතමි. ඔහු මාක්ස් ලෙනින්වාදය ගැඹුරින් හැදෑරූ අයෙකු හෝ ඇත්තෙන් ම එවැනි දෘෂ්ටිවාදීමය දේශපාලනයක් මත පදනම් වූ අයෙකු හෝ යයි සිතිය නො හැකි ය. එහෙයින් ඔහුගේ නායකත්වය යටතේ ජවිපෙ දෘෂ්ටිවාදීමය වශයෙන් කැපී පෙනෙන පක්ෂයක් බවට පත් වූයේ ද නැත. වරක් ඔහු ලංකා පුවත්පතට සිය ජීවිත කතාව ලියාගෙන ගිය අතර, එය ජවිපෙ සාමාජිකයන් අතර ජනප්‍රිය එකක් වූයේ නැත. හේතුව ජවිපෙ වැනි පක්ෂයක් අපේක්ෂා කරන පරමාදර්ශී විප්ලවීය නායකත්වයක ලක්ෂණ එම කතාවෙන් මතු නො වීමයි. එහෙත්, ඒ වනාහි ඇත්ත සෝමවංශ අමරසිංහ වූ අතර ඇත්ත ජවිපෙ ද ඔහු වැනි මිනිසුන්ගේ පක්ෂයක් බව ඔහු මිය යන විට ඔප්පු වී හමාර ය.  සෝමවංශ අමරසිංහ නායකත්වය දුන...

සෝමවංශ අමරසිංහගේ දේශපාලනය ගැන කියවෙන හොඳම ගීය

Image
සෝමවංශගේ මරණය ගැන මට නම් මෙලෝ හැඟීමක් නැත. මට එය වෙනත් ඕනෑ ම සාමාන්‍ය මරණයක් වැනි ය. ඉපදුණු හැමෝ ම මැරෙන මේ ලෝකයේ අවුරුදු 74ක් ජීවත් වූ මිනිසෙකු වෙනුවෙන් දුක් වන්නට දෙයක් නැත. මේ ලෝකයට නැතුව බැරි කිසිවෙක් නැත. අප සමග මේ ලෝකයේ හොඳ නරක බෙදා ගත් තවත් සගයෙක් සමු ගෙන ඇත. සුබ වෙන් වීමක්, සහෝදරය! ඔබ ගැන එදා සිටි අව්‍යාජ හැඟීමෙන් ම අපි ඔබට සතුටින් සමු දෙමු! 1989 ජවිපෙ කැරැල්ල ලෙයින් යකඩින් මර්දනය කිරීමෙන් පසු 2001දී පමණ ඔය හාදයා ලංකාවට පැමිණි අලුත අනුරාධපුරයේ පැවති ජවිපෙ රැස්වීමක් අසල මම හිරු පත්තර විකිණුවෙමි. ඒ වෙලාවේ වචනයෙන් වචනයට විසිල් මැද සෝමවංශ කියූ කතාවක් මට කිසිදා අමතක වන්නේ නැත. තමන්ගේ ආණ්ඩුවක් බලයට ආ දාට දෙමළ අරගලයට ගහන්නේ ඒ දවස්වල ජෝර්ජ් බුෂ්ගේ ආණ්ඩුව ඇෆ්ගනිස්තානයට ගහමින් සිටි විදියට ම බව ඔහු කීවේ ය. අන්තිමේදී සෝමවංශ තමන්ට බැරි වුණත්, මහින්ද ලවා ඒ ටික කරවා ගත්තේ ය. ඔහු සිටියේ කිරිබත් කෑ මිනිසුන් අතර ය.  ඉන් විසි වසකට පෙර විජේවීර මැරූ විටත්, පසළොස් වසකට පමණ පෙර ප්‍රේමදාස මළ විටත් මිනිස්සු ඒ අන්දමින් ම ප්‍රීති ඝෝෂා කළ හ.  සෝමවංශ යනු විප්ලවවාදියක් නො වේ. ඔහු ඉතා ස...

ලංකාවේ ජනමාධ්‍ය හා අන්දරේගෙ උදැල්ල

Image
චන්දන ගුණසිංහ විසිනි යුද්ධය අවසන් වීමත් සමග අවාසනාවන්ත ඉරණමක් අත්වූයේ මෙරට ජනමාධ්‍යකරුවන්ටය. එනම් ප්‍රවෘත්ති හිගවීමය . (යුධ සමයේද එකම පුවත සිංහල, දෙමළ මාධ්‍ය වාර්තා කළ ආකාරය අපට මතකය) බල්ලෙකු මිනිසෙකු හපා කෑම පුවතක් නොවුවද මිනිසෙකු බල්ලෙකු හපා කෑම පුවතක් බව අසා ඇත්තෙමි. අද බල්ලෙකු දෙවරක් උඩු බිරීම වුවද විශාල පුවතක් වේ. එතරම්ම ප්‍රවෘත්ති හිගයක රට තුළ ඇත. මෙරට මාධ්‍ය ආයතනවලට ජනතාවට සත්‍ය හෙලිකිරීමටවඩා වැදගත් කටයුතු ඇත. එකක් නම් ආපදා කළමණාකරයයි. ගංවතුරක්, නියඟයක්, නායයමක් එනතෙක් මාධ්‍ය බලාසිටින්නේ ඒ නිසාවෙනි. දැන් ප්‍රවෘත්තිවලට ඇත්තේ වාණිජ වටිනාකමකි. රූපවාහිනි ප්‍රවෘත්ති මැදට දාන, යන එන දේශපාකයෙකුගේ කතාවකට නැත්නම් ඉරිදා පුවත් පතක පිටුවක් පුරා සම්මුඛ සාකච්ඡාවකට මුදල් ගෙවිය යුතුය. පැකේජ ක්‍රමයටද මිලදී ගත හැක. මැතිවරණ කාලයේදී එම මුදල ඇදහිය නොහැකි ගණනකි. දේශිය සංචාරකයන් වෙනුවෙන් වන නවාතැන් පොළවල් ගැන පුවත් පතකට ලියන මගේ මිතුරෙකු කීවේ ඒ වැඩේ හරි ආතල් බව ය. කොම්පැනියෙ වාහනේ. ඕනම සැපක් එක්ක දවස් දෙකක් ඒ හෝටලේ. එනකොට සාක්කුවට මොණර කොළ. ඉතින් ලියන එක මහ කජ්ජක්ද කියාය. අපේ ගමේ ආරූඪයෙන් ස...

දෙමුකො බලන්න මහ බැංකුව පිළිබඳ මේ ප්‍රශ්නවලට උත්තර

Image
රනිල් වික්‍රමසිංහ යනු ධනේශ්වර නායකයන් අතරින් පුළුල් දැක්මක් ඇති අයෙකු ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ඔහු කලක සිට මේ රට සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෝජනා කරමින් සිටියි. එය සීයට සීයක් පිළි නො ගන්නා මුත්, අපි ඔහුට ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නෙමු. හේතුව, වමේ හෝ දකුණේ හෝ මැද මාවතේ හෝ අන් කිසිවෙකුට ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි යෝජනාවක් නැති වීමයි. තියෙනවා නම් කියන්න. එසේ ම, අපි ඔහුට ඒ වෙනුවෙන් සහයෝගය ද ලබා දුන්නෙමු. තවමත් ඒ සහයෝගය ඉවත් කරගෙන ද නැත. මේ කියන්නේ මගේ පෞද්ගලික මතයකට වඩා පොදු පුරවැසි ව්‍යාපාරයේ අදහසයි. සමන් නන්දලාල් විසින් ෆේස්බුක්හි මතු කර තිබෙන මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ වගකීමක් විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට තිබේ. 1. අවුරුදු 30ට ආසන්න සේවාකාලයක් ඇති නියෝජ්‍ය අධිපතිවරුන් 4 දෙනෙක් සිටිය දි (ඔවුන්ගෙන් 3 දෙනෙකුට පීඑච්ඩී තිබුනි) රනිල් ලංකාවේ මහ බැංකුවේ අවුරුදු කිපයක් සේවය කළ විදේශිකයෙකුට මේ රටේ මහ බැංකු අධිපතිකම දුන්නේ ඇයි? 2. මුදල් අමාත්‍යංශය යටතේ තිබිය යුතු මහ බැංකුව අග්‍රාමාත්‍යවරයා තමන් යටතට ගත්තේ ඇයි? 3. වර්තමාන මහ බැංකු අධිපතිගේ බෑනාට අයත් සමාගමක් ඍජුව...

පිරිමි අපි එකතු වෙලා සාහිත්‍ය මාසය වෙනුවෙන් ගෑනියෙක් මරමු ද?

Image
ටිම්රාන් කීර්ති ලියූ චමත්කාරජනක කවියක් පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වයිරල් වුණා.  ඒක මෙහෙමයි.  අපේ අම්මා හැර සේරම බුදු වේවා...! නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වණේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! 'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට.... දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවොත් අණකර බන පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අම්මා බන කතාවක් බුදු මැදුරෙත් ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා - ටිම්රාන් කීර්ති මේ කවිය සුන්දර නිර්මානයක්. එහෙත්, එය පිළිබඳ ෆේස්බුක්හි පළ වූ කමෙන්ට්වල තිබු...

දේශපාලකයන් දූෂකයින් නම් නිලධාරීහු විදූෂකයෝ ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-06-12 මේ කතාව කියවා බලන්න. ඔන්න මේ කියන රටේ 2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට ඒ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. තවම පැකිං කඩලාවත් නැහැ. ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ඒ රටේ තියෙන ගොන්ගල කියන කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න. පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර...

Is BBC promoting anti-schooling in Sri Lanka?

Image
In the Sinhala language article linked under the first paragraph here, BBC promotes wrong, unethical and illegal perception on education. The report does not appear to have any other aim rather than promoting the opinion that school education is not essential for children and they can be taught at home. Read:  නිවසේදී පමණක් අකුරු කළ ලාංකීය සිත්තරිය Female British painter Yashodhara Pathanjali's parents who are apparently Sri Lankan origin have not sent her to school for education and she says her mother taught her at home. She vows to do the same to her daughters also. Sri Lanka's law makes education of the children under 14 year of age compulsory and the parents who do not oblige are penalized. Our studies showed that law in UK under Education Act 1996 does not make school education compulsory. ( Visit this page and study ) However, Sri Lanka is a country where the ignorance and poverty of parents still affect the education of the children. Girl children are of...

එජාපයේ ගජමිතුරු ධනවාදය හා මහ බැංකු අධිපතිට එරෙහි චෝදනා

Image
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තුළ හැමදාමත් දක්නට ලැබුණු දුර්ගුණයක් වන ගජමිතුරු ධනවාදය නැවත හිස ඔසවා ඇති බවට සාධක රැසක් තිබේ.  මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මතු වී තිබෙන විවේචන එහි ප්‍රධාන කොටසකි. ඔහු යටතේ 2015 මුල භාගයේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ පිළිබඳව විමර්ශනය කරන්නට පත් කළ කමිටු ආදිය කෙසේ වෙතත් ඒ ගැන එදා කතා කළ කිසිවෙක් එම පරීක්ෂණ පිළිබඳ විධිමත් අන්දමින් පසු විපරම් කරන බවක් දක්නට නො ලැබේ.  සැකයට තුඩු දුන් බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිවරයා සිය බෑණාගේ සමාගමට වාසි සිදු වන අන්දමින් කටයුතු කළ බවට බරපතල චෝදනාවක් එල්ල විය. රටක මහ බැංකු අධිපතිවරයාට මෙවැනි විෂමාචාර චෝදනාවක් එල්ල වීම සිල්ලර වැඩක් නො වේ. එය මුල්‍ය අපරාධ චෝදනාවක් ද වේ. එසේම එය රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් කරන චෝදනාවකි.  එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ මතය වී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නීත්‍යානුකූලව සිදු වී ඇති බවයි. එසේ වුවත් මෙහි ආචාරධාර්මික ගැටලුවක් තිබේ. එය ප්‍රශ්න කිරීම සාධාරණ ය. මූලිකව ම ඇසිය යුතු ප්‍රශ්නය ...

කාර් දේශපාලනය හා කාර් සංස්කෘතිය

Image
අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-12 ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ලබා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පසුගිය 7දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ‍ මේ වනාහි බූරුවාගේ කොන්ද කඩන පිදුරු ගහ වැනි එකකි. මේ වාහන ගැනිල්ල සිදු වන්නේ මහජනතාව පිට අධික බදු බරක් පැනවීමෙන් පසුවයි. නව ආණ්ඩුව බලයට පත් වී දැන් වසර එකහමාරක් පමණ වේ. ආණ්ඩුව බලයට පත් වූ වහා ම මේ රටේ ධනේශ්වර පාලනයේ ආධිපත්‍යය හොබවන මධ්‍යම පංතියේ වැඩිම වරප්‍රසාදිත පිරිස වන , අඩුවෙන් වැඩ කර , සාපේක්ෂව වැඩි වැටුප් , විශ්‍රාම වැටුප් ආදිය මහජන මුදලින් සූරා කන රජයේ සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නේ ය. එහෙත් , එම වැටුප් වැඩි වීමෙන් පසු ගත වූ වසර තුළ රාජ්‍ය සේවයේ අංශු මාත්‍රයක හෝ වැඩිදියුණුවක් වී තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඇත්තෙන් ම සිදු වී තිබෙන්නේ රාජ්‍ය සේවය තව දුරටත් පිරිහීම නොවේ ද යන්න සාකච්ඡා කළ යුතු ය. අද වන විට රාජ්‍ය නිලධාරීහු තමන්ට එෆ්.සී.අයි.ඩී. යන්නට සිදු වේ ය යන තර්කය ඉදිරිපත් කරමින් , තීරණ ගැනීම් කල් දමමින් ජනතාව මහත් අසීරුවට ...

ජනතාව බබ්බු නෙමෙයි. ඒ වගේම, මෝඩකම අයිතිවාසිකමකුත් නෙමෙයි

Image
අපේ යාලුවෙක් අහනවා ඔය සමාජ මාධ්‍යවල, බ්ලොග්වල, පත්තරවල ලිව්වා ය කියලා සමාජය වෙනස් වෙනව ද කියලා. මං ඇහුවා එයා මොකක්ද කරන්න යෝජනා කරන්නෙ කියලා. සමාජය වෙනස් කරන්නට නම් මහජනතාව අතරට ගිහින් සංවාද ගොඩනගන්නට හා ජනතාව අරගලයට බලමුළු ගන්වන්නට ඕනෑ ය කියලා තමයි ඔහු කියන්නේ. එතකොට මං ඇහුවා මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන අය ජනතාව නෙමෙයි ද කියලා. ඒ වුණාට පීඩිතයන් වැඩි දෙනෙකුට ෆේස්බුක් ගිනුම්, අන්තර්ජාල පහසුකම් නැති ය කියලායි ඔහු තර්ක කරන්නේ. ඒ වුණත් හුඟක් දෙනෙකු අත ස්මාට් ෆෝන් තියෙනවා නේ ද, නැති අයත් ඒවා මිළ දී ගනිමින් ඉන්නවා නේ ද කියලා මං ඇහුවා. ඒක පිළි ගත්ත අපේ මිත්‍රයා කියනවා ඒ වුණාට වැඩි දෙනෙකුට ඔය ඉන්ටනෙට් තේරෙන්නෙ නැහැ කියලා. මං කිව්වෙ මේකයි. “ජනතාව බබ්බු නෙමෙයි. ඒ වගේම, මෝඩකම අයිතිවාසිකමකුත් නෙමෙයි. තමන්ගෙ ජීවිත වෙනස් කර ගන්නට ඕනැ නම් තමන් ඒ ගැන දැනුවත් වෙන්න හා මැදිහත් වෙන්න ඕනැ. එහෙම නො කර ලේසියට කපටි දේශපාලකයොයි, පූජකයොයි, කට්ටඩියොයි, හොර වෙද්දුයි, ගිනි පොලීකාරයොයි, ලොතරැයි ටිකටුයි, පිරමිඩ් ජාවාරමුයි, අන්තර්ජාලයෙන් නිකං ඉඳලා සල්ලි හොයා ගන්න මාර්ග කියා දෙන එවුනුයි පස්සෙ යන එවුන්ග...

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

Image
පිරිමියකු ලෙස ඉපදී ලිංගික විපර්යාස කර ගැනීමෙන් පසු පොලිසියට බැඳීම සඳහා අයදුම් කර, එය ප්‍ර‍තික්ෂේප කිරීම නිසා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සමාජභාවී අනන්‍යතාවක් වෙනුවෙන් නඩු කියා ජයගත් ප්‍රීතිකා යශිනි - ඔබගේ හදවතට තට්ටු කර බලන්න.  ඔබ සිරුරින් පිරිමියකු වුවත්, මනසින් ඔබ ගැහැනියක් ද? ඔබ සිරුරින් ගැහැනියක වුවත්, මනසින් පිරිමියෙක් ද?  සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ ලිංගිකත්වය පැත්තෙන් ගත් කල සිරුරට වඩා වෙනස් මනසක් ඇති පුද්ගලයන්ටයි. ඒ අයගේ සමාජ අනන්‍යතාවට අපි සංක්‍රාන්ති සමාජභාවය යයි කියනවා. සමාජය ගැහැනු, පිරිමි වශයෙනුත් ලිංගිකත්වයේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාර්ශනය වන විෂමලිංගික වශයෙනුත් සරළව විග්‍ර‍හ කරන්නට පුළුවන්. එහෙත්, මෙම අනන්‍යතාවන්ට අයත් නොවන පුද්ගලයනුත් අපේ සමාජයේ ඉන්නවා.   මෙම අනන්‍යතාවන් ඇති අය ගේ, ලෙස්බියන්, පාරලිංගික, අන්තර් ලිංගික හා ලිංගිකත්වය විමසන වශයෙන් පිළිගත් විග්‍ර‍හයේදී සැලකෙනවා.   ඔවුන් කවුරුද යන්න ගැන මෙම ලිපියෙන් කියවන්නට පුළුවන් . පාරලිංගික හෙවත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ය කියන අයට සාමාන්‍ය ව්‍යවහාරයේදී ප...