අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්
හිතවත් අනුර සහෝදරයා, ජනප්රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ. 2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත. එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. එසේම පෙරටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය. ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ගේම් ය. බලය සඳහා වූ ප්රතිගාමී ක්රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් ...