Posts

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

Image
හිතවත් අනුර සහෝදරයා, ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ.  2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත.  එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය.  ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් ...

අපි බටහිර ගැති විය යුත්තේ ඇයි?

Image
මාතෘකාව දුටු හැටියේ කේන්තියෙන් පුපුර, පුපුරා මෙහි ආ අයට කිව යුත්තේ ඒ මාතෘකාව යොදා තිබෙන්නේ ඔබ මෙහි ගෙන්වා ගැනීමේ අරමුණින් ම බවයි. දැන් ලිපිය සාවධානව කියවා බලා අදහස් දක්වන්න .  මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ ගෙලට දමා තිබෙන තොණ්ඩුව තව පොඩ්ඩක් හිර කරන්නට සැලසුම් කර තිබේ.  බටහිර ජාතීන් හා ඉන්දියාව විසින් ලංකාවේ පාලකයින් පාලනය කිරීමේ ක්‍රමවේදය ලෙස යුද අපරාධ චෝදනා භාවිතා කිරීම දිගින් දිගටම සිදු කරන බව නියත ය. එය සිදු වන්නේ ‍‍නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවත්, චීනයත් අතර සම්බන්ධතාවන්ට ගැටලුවක් ඇති වී තිබෙන සංදර්භය තුළ ය. නොරොච්චෝලේ යනු චීන ජාතික ධනවාදයේ ස්වරූපය නිරූපණය කරන කැඩපතක් ලෙස සැලකිය හැකි ය.  චීනය රටවල් සූරා කන්නේ ගිනි පොළිය, කොන්ත්‍රාත් ආදිය හරහා පමණක් නො වේ. බාල භාණ්ඩ හා ‍සේවා සම්පාදනය චීනයේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයකි. එය පදනම් වන්නේ තනිකරම දූෂණය මත ය. සිය බාල භාණ්ඩ හා සේවාවන් ඔවුන් සංවර්ධනය වෙමින් තිබෙන රටවලට බස්සා ගන්නේ මහා පරිමාණ කොමිස් ජාවාරමක් ඔස්සේ ය.  ...

අනෝමා මල් ලෑස්ති කර ගන්න; මෙන්න තවත් ළමා මවක් දරුවකු ප්‍රසූත කරලා

Image
ඉහත ඡායාරූපය අප උපුටා ගත්තේ 2010 සැප්තැම්බර් 30 දිනමිණ පුවත්පතෙනි. රැවටීමකට හා දූෂණයකට ලක්ව 14හැවිරිදි වී සිටියදී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන එම පුවතේ පළ විය. "සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති," යනුවෙන් එදා මෙම ඡායාරූපය සමග සඳහන් විය.  මේ අද නෙත් රේඩියෝවේ වෙබ් අඩවියේ පළ වූ පුවතකි: "බණ්ඩාරවෙල අඹදණ්ඬේගම ප‍්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ එම දැරියගේ සහෝදරයෙකුගේ නිවසේදී මෙම දරු ප‍්‍රසූතිය සිදුව ඇති බවයි. මේ වන විට දැරිය සහ බිළිඳා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා."  දැන් මෙවරත් ජාතික ළමාරක්ෂක අධිකාරිය හා වෙනත් ආයතන මෙම සිදුවීම සමරමින් සිනා ස...

උදය ගම්මන්පිලගේ රුපියල් සීයේ මැතිවරණ අරමුදල් යෝජනාව

Image
බස්නාහිර පළාත් ඇමතිවරයකු ව සිටි ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල සිය පළාක් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඡන්ද දායකයන්ගෙන් රුපියල් සියය බැගින් ආධාර ඉල්ලීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. උදය ගම්මන්පිල දෘෂ්ටිවාදීමය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙකු යයි තර්ක කරන්නට පුළුවන. තම පක්ෂය එක හෙළා ප්‍රතික්ෂේප කරන බලය බෙදීමේ ව්‍යූහයක  ඇමති ධුරයක් දැරූ හේ දැන් දෙවන ධුර කාලයක් වෙනුවෙන් ද තරග කරයි. ඔහුගේ මෙම සංකල්පය හුදු ප්‍රචාරක උපක්‍රමයක් පමණක් වන්නට පුළුවන. එහෙත්, අවශ්‍ය නම් එයින් අලුත් දේශපාලන සංස්කෘතියක් මතු කර ගැනීමට ද පුළුවන.   අපේක්ෂකයා සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් ලබා ගැනීමට ඡන්ද දායකයා ළඟට යාම නිකම් ම නිකම් සල්ලි ඉල්ලීමක් පමණක් වන්නේ නැත. අපේක්ෂකයා හා ඡන්ද දායකයා අතර වෙනස් සම්බන්ධයක් ගොඩනැගීමට ද එය ඉවහල් වේ. ඒ සමගම ඡන්ද දායකයා විෂයෙහි අපේක්ෂකයාගේ වගකීම ද වැඩි වේ. දැන් සාමාන්‍යයෙන් සිදු වන්නේ අපේක්ෂකයා තමන්ට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන්ට පමණක් වගකීමයි.  බොහෝ විට වැඩිපුර ම මුදල් වියදම් කළ ව්‍යාපාරිකයා තමා ම නිසා දේශපාලනයේදී ඔහු වැඩිපුර ම කර ගන්නේ තමන්ට හා තමන...

චන්ඩි පුතා අපට එපා - දන්න වලා අපට හොඳා

Image
ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට යාමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැත. මෙම ලිපියේ අග පළ වන පුවත උපුටා ගත්තේ දිනමිණ පුවත්පතෙනි. එහෙත්, එය සත්‍යයක් යයි මම විශ්වාස කරමි. ‍මන්ද, එම පුවතට මුල් වන පුද්ගලයාගේ හැසිරීම් රටාව අනුව, එය එසේ විය හැකි බවට සැකයක් නැත. මීට පෙර කීප වතාවක් ම මෙම බ්ලොගයේ මෙම මන්ත්‍රීවරයා පිළිබඳ සඳහන් කර තිබේ. නො දන්න එජාපය හා දන්න යකා ලිපියට හේතු වූ ප්‍රධාන චරිතය ද මොහු ම ය. ජනමාධ්‍යවලින් දේශපාලන චංඩි නිර්මානය කරනු ලැබේ. මර්වින් සිල්වා මීඩියා චන්ඩියෙකි. දැන්, දැන් ජනමාධ්‍යවලින් ම වල් දේශපාලකයන් ද බිහි කරනු ලැබේ. චන්ඩි යන අන්වර්ථ නමින් කාලයක් හැඳින්වුණු කල්ලි නායකයකු වන මොහු ද දැන් ජනමාධ්‍ය කැමරාවට අසු වෙමින් සිටියි. එය දරා ගැනීමේ බුද්ධිමය හැකියාව මොහුට තිබේ ද යන්න බරපතල ලෙස සැක සහිත ය මොහු නිසා, මතුගම ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට සෑහෙන අනතුරක් මතු වී තිබේ. පුත්තුන්ගේ සටනේ එක් පාර්ශ්වයක් දැනටමත් මහජන මුදලින් ඡන්ද ව්‍යාපාරය ජයට ම ‍කර‍ගෙන යන ආකාරය දක්නට ලැබේ.  අනෙක් පුතාගේ තාරුණ්‍යයට හෙටක් වෙනුවෙන් මේ කියන චන්ඩි තාත්තා එක්සත් ජාතික ප...

W3Lankaට විනීත බසින් අනියම් තර්ජනයක්

Image
ඊයේ මාධ්‍ය සංවිධාන විසින් කළු ජනවාරිය මාධ්‍ය මර්දන විරෝධතාව සඳහා නම්  කර තිබුණු දිනයයි. ඊයේ දවල් මගේ ජංගම දුරකථනයට කතා කළ මහත්මයෙක් මගෙන් කරුණු වගයක් විමසුවේ ය. තමන් එක්තරා නමකින් හඳුන්වා දුන් ඔහු පැවසුවේ තමන් ජනමාධ්‍යවේදියකු බවයි. එම මාධ්‍යය කුමක්දැයි විමසූ මට ඔහු පැවසුවේ තමන්ට එහි නම කීම‍ට නො හැකි බවයි. "අයි ඩෝන්ට් හැව් ලිබර්ටි ටු සේ" යනුවෙන් ද ඔහු පැවසී ය. එහෙත්, ඔහු කතා කළේ ඉතා විනීතව බැවින් ඔහුට මගෙන් අසන්නට තිබෙන්නේ කුමක්දැයි මම විමසීමි.   ඔහු  මගෙන් විමසුවේ 1988, 89 වකවානුව ගැනයි. මට තිබෙන චෝදනා ගැන අසන්නට අවශ්‍ය බව කී කල එම චෝදනා මොනවාදැයි මම ඇසීමි. එම වකවානුවේ දේශපාලන ඝාතනවලට මා සම්බන්ධ බවට ‍චෝදනා ඇති බව ඔහු කීවේ ය. මා කීවේ කිසිවෙක් මට එවැනි ‍චෝදනාවක් කර නැති බවයි.  එවකට මා ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බව ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන් රජය මා වසර තුනහමාරක පමණ කාලයක් රැවුම් භාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වා තිබේ. ඉතා විනීත ලෙස කතා කළ මෙම පුද්ගලයා කතා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය ද පළ කළේ ය. ඔහු මට කරදරකාරී වූයේ නැත.  මෙම ඇමතුම ගැන මට යම් සැකයක් ඇති වූ හෙ...

නො දන්න එජාපය හා දන්න යකා

Image
පාරක් හදන විට එහි එක් පැත්තක් වසා වාහන තනි පැත්තට ධාවනය කිරීම සාමාන්‍ය ක්‍රමයකි. මෙහිදී බොහෝ විට එම මං තීරුව වාහන දෙකක් මාරු වීමට තරම් පළල් නැත. තනි පැත්තට ධාවනය කරන්නට සිදු වන්නේ ‍එහෙයිනි.  මේ වාහන හැසිරවීම කරන්නේ පොලිසිය විසින් නොවේ. මාර්ග කම්කරුවන් විසිනි. එහෙත්, ‍බොහෝ විට ඔවුහු එය ඉතා හොඳින් කරති.  මේ දවස්වල මේ ආකාරයේ ධාවනය මගේ ජීවිතයේ එදිනෙදා කොටසකි.අද අපූරු දෙයක් දුටුවෙමි. තනි පැත්තට ධාවනය කළ කොටසෙන් පිටතට පිවිසෙන විට ම වාගේ විරුද්ධ පැත්තෙන් ආ පැජරෝවක් තරමක වේගයෙන් තවමත් වසා තිබුණු පාරට දමා ධාවනය කළේ මාර්ගය හැසිරවූ පුද්ගලයා නො තකමිනි. එම පුද්ගලයා විසින් ප්‍රදර්හනය කරනු ලබන පුවරුවේ එක් පැත්තක රතු පාටින් ද STOP අනෙක් පැත්තේ කොළ පාටින් GO ද සටහන් ‍වී තිබේ. පැජරෝවේ රියදුරාට එය කියවා ගත නො හැකි වී ද  නො දනිමි. මා හඳුනා ගත් පරිදි රිය පදවාගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එහෙම දෙයක් කළත් පුදුම විය යුතු නැති පන්නයේ කෙනෙකි.  එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආචාර්ය උපාධිධාරියෙකි. එහෙත්, අල්ලපු වත්ත සුද්ද කරන්නට ආ කම්කරුවකුට අතින් පය...

කිරි පිටි මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව වැඩි වේ ද?

Image
මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය.  අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි.  සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි.  ජොන්ස්ටන් කීයක් දේවි ද? ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි.  එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන. "හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!" ආණ්ඩුව මේ වන විට  කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ.  දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ග...

පුතාලාත් එකයි - කෑලිත් එකයි - මෙදා පාර අපි කාට ද?

Image
නිළි‍යො ප්‍රමුඛ කලාකාර සෙට් එකක් ඡන්දෙ ඉල්ලනවා ය කියලා දැන් සමහරුන්ට මාර අප්සෙට් එකකි.වැඩිපුරම විරෝධය තිබෙන්නේ නිළියන්ටයි. ඒ අතරින් වැඩිම විරෝධයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ‍නදීෂා ‍හේමමාලි, සන්ධානයෙන් තරග කරන ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා, අනර්කලී ආකර්ශා, ගීතා කුමාරසිංහ හා ගායිකා ජින්ජර් වැනි අයට ය.  ලාල් කුලරත්න, රවීන්ද්‍ර යසස් වැනි නළුවන් ද, මධුමාධව අරවින්ද වැනි ගායකයන් ද ඡන්දය ඉල්ලන මුත් ඔවුන්ට එතරම් විරෝධයක් නැත.  ඇත්තෙන් ම ඉහත කී නිළියෝ හා ගායිකාවෝ දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජමයව ද අඳ බාලයෝ ය. එක්තරා පුවත්පතක් සමග කතා කරන විට රුවන්ති මංගලා බබා සමලිංගිකත්වය යනු කුමක් ද කියාවත් නො දනියි. ගායිකා ජින්ජර්ගේ දේශපාලන පරමාදර්ශය දුමින්ද සිල්වා ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා පනත වැනි දේ ගැන නම් ඔවුහු මෙලෝ සංසාරයක් නො දනිති.  ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ඇයි? ‍එහෙම රැල්ලක් හැදුණේ ඇයි? හේතුව පබා, අනර්කලී වැනි වලාමවල් ඉහළ මනාපවලින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නට අපේ බුද්ධිමත් ජනතාව කටයුතු කළ නිසා යයි ඇතැමෙක් කියති. ඇත්තෙන් ම ජනතාව එසේ කරන්නේ ඇයි? අපේ ගම් පැත්තේ...

පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?

Image
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය. බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය. ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය. දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ.  ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ.  පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී. මේ ල...

මංගලගේ පෞද්ගලික ජීවිතය සමග ආණ්ඩුව කරන සෙල්ලම හරි ද?

Image
මංගලගේ ගෙදරින් මත්පැන් හා ලැප්ටොප් එකක් සොරකම් කර අසු වූ පුද්ගලයෙක් දැන් ලංකාවේ රාජ්‍ය හා විෂම ලිංගික ස්වෝත්තමවාදී ජනමාධ්‍ය විසින් වීරයකු කර තිබෙන අන්දම මේ දිනවල දැකිය හැකි ය.  සොරකමක් කර අසු වූ පුද්ගලයා දැන් පැමිණිලිකරුවා වී පැමිණිල්ල කළ මංගල විත්තිකරුවා වන නඩුවක් නිර්මානය වෙමින් තිබේ.  මංගල තමන් සමග සමල‍ිංගික සම්බන්ධකමක් පැවැත්වූ බව දැන් මේ සොරා පවසයි. එම සම්බන්ධයත් මෙම සොරකමත් අතර සම්බන්ධයක් නැත. කිසිවෙක් සමලිංගික ඇසුරකට යොමු වූ පමණින් ඔහු මානසික ආතතියකට ලක් වන්නේ නැත. එහෙම වුණත්, අනිවාර්යයෙන් ම මත්ද්‍ර්‍රව්‍යවලට යොමු වෙනවා ය කියා එකකුත් නැත. මත්ද්‍රව්‍යවලට යොමු වුණත් හොරකම් කරන්නට ඕනෑ ය කියා එකකුත් නැත.  අනෙක් පැත්තෙන් දණ්ඩ නීති සංග්‍රහ‍යේ 365A වගන්තිය අනුව සමලිංගික ඇසුර නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වුණාට, මේවා යල් පැන ගිය නීති ය. ඒවා වෙනස් විය යුතු ය.  මේ සියල්ලටමත් වඩා මංගල මෙම චෝදනාවට මුහුණ දුන් ආකාරය විශිෂ්ට ය. තමන්ගේ පෞද්ගලික ජීවිතය තම පවුලේ අයටත්, මිතුරන්ටත් රහසක් නො වන බව ඔහු කියයි.  මෙතැන තිබෙන දෙය වන්නේ විෂම ලිංගික සේවනය සම ලිංගික ස...