Posts

නාමල් රාජපක්ෂ සහ නාලිකා අතර සම්බන්ධය ගැන

Image
දවසක් මමත්, තාත්තත් අම්මත් මල්ලිල දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹුවා. එහි විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතරවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස්වැනි ප්‍රවෘත්තිය ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, මමත්, මගේ මල්ලී යෝෂිතත් ගැන රගර් ප්‍රවෘත්තියක්. (පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අයවැය විවාදයේදී කළ කතාවකින්) දැන් ස්වාධීන රූපවාහිනියේ ලොක්කන් හිතන්නේ මෙහෙම විය හැකි ය.  "මාර අප්සෙට් එකනෙ වුණේ. දෙවෙනියට දාන්න තිබුණු ප්‍රවෘත්තිය පස්වෙනියට දාලනේ." (‍මෙම ප්‍රවෘත්තියේ නාලිකා යනු රූපවාහිනී නාලිකා බව කරුණාවෙන් සලකන්න.) මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

එළවළු ප්‍රශ්නය දිග්ගැසේ; එළවළු නැත්නම් පලතුරු කාපල්ලා

Image
නීති සම්පාදනය යනු බලය තිබුණු පලියට කළ හැකි දෙයක් නො වේ. නීති සම්පාදනයේදී වැදගත් ම සාධකය වන්නේ බලය නො ව මොළයයි.  ලංකාව උෂ්ණාධික රටක් නිසා ලංකාවට වඩාත් සුදුසු කපු යට ඇඳුම් ය. කෘත්‍රිම රෙදිවලින් මසන ලද යට ඇඳුම් ඇන්දොත් සමේ රෝග ඇති වන බව කියා ඕනෑ නම් ඒ පිළිබඳ සමීක්ෂණයක් කර ඒ බව ඔප්පු කරන්නට ද පුළුවන.  එහෙත්, අඳින යට ඇඳුම තෝරා ගැනීම කෙනෙකුගේ පෞද්ගලික කාර්යයකි. ආණ්ඩුව අණ පනත් ගෙනැවිත් කපු යට ඇඳුම් ඇඳීම අනිවාර්ය කර, කොළඹට ඇතුළු වන මිනිසුන්ගේ යට ඇඳුම් පෑලියගොඩ පාලම ළඟදී පරීක්ෂා කර කෘතිම රෙද්දෙන් මැසූ යට ඇඳුම් ඇඳ සිටින මිනිසුන්ට දඩ ගසන තත්වයක් ලංකාවේ ඇති වුණොත් කොහොම ද?  ‍ලංකාවේ මිනිසුන් කපු යට ඇඳුම් ඇඳීම හොඳ දෙයකි. එහෙත්, එය පුරුදු කරවිය යුත්තේ නීති දමා නො වේ. දැනුවත් කිරීමෙනි. එසේ ම, දුප්පත් මිනිසුන්ට කපු යට ඇඳුම් මිළ දී ගැනීමට හැකි ආර්ථික තත්වයක් ද ඇති කළ යුතු ය.  අපේ මේ පූර්විකාව දැන් රටේ නිර්මානය වී තිබෙන එළවළු අර්බුදය පිළිබඳ ය.  ලංකාවේ එළවළු ගොවිතැනෙහි ඇති ලොකුම ගැටලුව වන්නේ ප්‍රමිතියකින් තොරව පලිබෝධ නාශක භාවිතා කිරීමයි. එහි පාලනයක් ඇති කරන්නට ආණ්ඩුවට හ...

වෙජිටබල් වෙලා කියන්නේ කුමක් ද? ජොනීට වුණ දේ ද?

ඉංග්‍රීසියෙන් යමෙකු වෙජිටබල් වෙනවා ය කියන්නේ හදිසි අනතුරක් වැනි හේතුවක් නිසා මොළය මැරී හුස්ම ගැනීම පමණක් කරන තත්වයට පත් වූ විට ය.  පසුගිය කාලයේ ඇතැමුන් කීවේ දුමින්ද සිල්වා ද වෙජිටබල් වනු ඇති බව ය. එහෙත් දැන් දුමින්ද සිල්වා හෙණරාජ තෛලය ගෑ කලෙක සේ නො පෙනී ගොස් ඇත.  වෙජිටබල් ඇමතිවරයකු විසින් ගන්නා ලද මේ රටට දිරවා ගන්නට බැරි අමනෝඥ පියවරක් නිසා මේ වන විට ලංකාවේ මිනිසුන්ට වෙජිටබල් දිහා බලන්නට හෝ බැරි මට්ටමට මිළ ඉහළ ගොස් ඇත.  වෙජිටබල් නිසා අද රට පුරා ගොවි හර්තාල් ය. දඹුල්ලේදී ගොවීන්ට කඳුළු ගෑස් ද ගසන ලදී.  ජොනී ද? වෙජිටබල් ද?  ආණ්ඩුව දෙකෙන් එකක් තීරණය කළ යුතු ය.  තවත් විස්තර මෙතැනින් Vegetable Johnny of Sri Lanka rots vegi farmer and markets මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනාධිපති අතින් විවෘත වුණු නෙළුම් පොකුණ වෙබ් අඩවිය ක්‍රෑෂ්!

Image
අතිගරු ජනාධිපතිතුමා ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ වෙබ් අඩවිය විවෘත.කළේ ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී ඊයේ එය විවෘත කෙරුණු අවස්ථාව ඇමැති ඩලස් අලහප්පෙරුම හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු නිරීක්ෂණය කරමින් සිටින අයුර ඡායාරූපයේ දිස් වේ. ජනාධිපති අතින් විවෘත වූ වෙබ් අඩවියේ මේ වන විට හෙවත් 2011 දෙසැම්බර් මස 13 දින ප.ව. 4.30 ඇත්තේ පිංතූරයක් පමණි. ඒ මේ පිංතූරයයි. එය වෙබ් අඩවියේ නම් කර ඇත්තේ පරීක්ෂණ රූපයක් ලෙසයි. පෙ.ව. 11.55ට පමණ මෙම වෙබ් ලිපිනය යොමු වූයේ මෙවැනි පණිවුඩයකට ය. “Red Hat Enterprise Linux Test Page”. “The fact that you are seeing this page indicates that the website you just visited is either experiencing problems, or is undergoing routine maintenance”. අනේ අපේ ජනාධිපතිතුමාටත් මේ ගෝල බාලයෝ කරන වැඩ! උන්නැහේ අතින් විවෘත කරවලා, ප්‍රසිද්ධ කරපු සයිට් එක පැය 24ක් යන්න කලින් ඩවුන්! දැන්වත් හරි ද  බලන්න මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජොනීට ප්ලාස්ටික් පෙට්ටි; අපට මිනී පෙට්ටි

Image
ජනාධිපති මරන්නට ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණවලට හිලව් වෙන්නට බැල මෙහෙ කරන්නට ආණ්ඩුවට පැන්න ජොනී ආණ්ඩුවට සල්ලි හොයා දෙන්නට තම නැණ පමණින් ගත් පියවර නිසා මේ වන විට මහා අලකලංචියක් සිදු වී තිබේ.  මේ රටේ අසංඛ්‍යයක් ප්‍රශ්න තිබියදී ජොනීට තිබෙන ලොකුම ප්‍රශ්නය එළවළු ප්‍රවාහනයේදී ගෝනිවල ඒවා ඇසිරීමයි. ගෝවා ගෝනියට පටවා ඒක උඩ නැග තද කරන බව ඇත්තක් විය හැකි ය. එහෙත්, මේ රටේ පාරිභෝගිකයාට මැස්සෙක්වත් වසා නැති සුපර් එළවළු අධි මිළට කන්නට වත්කමක් නැත.  දැනටත් කැරට් කිලෝව වෙළඳපොළේ රු. 160කි. තක්කාලි කිලෝව රු. 200කි. අමු මිරිස් කිලෝව රු. 300කි. ජොනීගේ කූඩ නීතියෙන් පසු එළවළු වෙනුවට තණකොළ කන්නට පටන් ගන්නට මේ රටේ මිනිසුන්ට සිදු වනු ඇත. ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත.  එළවළු වෙළෙන්දා කියන්නේ ප්ලාස්‍ටික් කූඩවල ලස්සනට එළවළු අසුරාගෙන ආ විට කිලෝවකට එකතු වන ප්‍රවාහන වියදම අධික බවයි.  ගොවීන් කියන්නේ තමන්ට වෙළඳපොළට එළවළු ගෙන එන්නට පෙට්ටි ගන්නවාට අමතරව, ඒ පෙට්ටි ආපසු ගෙන යන්නට ද ලොරි කුලී ගෙවන්නට සිදු වී ඇති බවයි.  පාරිභෝගිකයා කියන්නේ එළවළු මිළ...

සූරිප්පෙරුමගේ ගම හා එප්පාවල කඩිගාව ගම

Image
ලංකාවේ ගම ගැන ප්‍රවාද නිර්මානය කරන්නෝ වනාහි ගම්වලින් නගරවලට සංක්‍රමණය වී, නාගරික සංස්කෘතිය සමග බාගෙට අනුගත වූ, සිය අනන්‍යතාව ගොඩනඟා ගැනීම සඳහා ගම උත්කර්ෂයට නඟන පිරිසක් විසිනි. සිංහල ගම, වැව, දාගැබ ගැන උදම් අනන මේ පුද්ගලයන් විසින් ඇත්තෙන් ම කිවහොත් කර ඇත්තේ කිසිදා නො පැවතුණු ගමක් පරිකල්පනය කිරීමයි. බාල රසවින්දනයක් ඇති නූගත් පිරිස් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය විසින් ඉදිරිපත් කරන කෝපි කඩේ වැඩසටහන විසින් ද ගමක් පරිකල්පනය කර තිබේ. එයත්, ස්වාධීන රූපවාහිනියේ ම දොරමඩලාව විසින් පරිකල්පනය කරනු ලබන ගමත් අතර හරයාත්මකව වෙනසක් නැත. මේ පරිකල්පිත ගම කෙතරම් අපූරු දෙයක් ද යත්, ලංකාවේ හද්දා පිටිසර ගම්වල මිනිස්සුත් විස්මයෙන් ඇළලෙමින් මේ ගම පිළිබඳ ප්‍රවාදය රූපවාහිනියෙන් නරඹති. අද වන විට මුළු ලංකාවමත් එක්තරා විදියක ගමකි. ඒ කලා, සංස්කෘතික, සමාජ, දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයක ම පවතින ග්‍රාම්‍යකම නිසා ය. නූතනවාදී අදහස් අනුව පුරවැසියා හෙවත් නාගරිකයා ගැමියාට වඩා දියුණු මිනිසෙකි. පුරවැසියා යනු නූතන දේශපාලන ව්‍යූහයන් හා සමාජ ආයතන සමග යහපත් සම්බන්ධයක් ඇති, වගකීමක් සහිත මිනිසෙකි. ලංකාවේ නම්, කොළඹ කුරුඳුවත්ත...

හම්බන්තොට දියවලට නැව් ගෙන්වා ගැනීමේ අලුත් උපාය

Image
2012 මාර්තු සිට වාහන ආනයනකරුවන්ට වාහන බාන්නට අවසර දෙන්නේ හම්බන්තොට වරායේ පමණක් බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පවසයි. ඔහු පවසන පරිදි එසේ කරන්නේ දැන් සිදු වන මාර්ග පළල් කිරීම නිසා වරායේ භාණ්ඩ රඳවා තැබීමට ඇති ඉඩකඩ අඩු වීම නිසා හා තදබදය අඩු කර ගැනීමට බව ඔහු පවසයි.  එහෙත්, එහි මෙහෙම පැත්තක් ද ඇත.  රට උගස් කර, ගොඩබිම හාරා මහා දියවලක් තැනුවාට එය වරායක් නො වන නිසා එයට නැව් ගෙන්වා ගැනීමට මොනවා හෝ උප්පරවැට්ටි යෙදිය යුතුව තිබේ. වරාය කටේ තිබූ කළු ගල විසින් ඇති කරන ලද අපකීර්තිය නිසාත්, මේ වරායට නැව් එන්නට වෙනත් හේතුවක් නැති නිසාත් මෙවැනි උප්පරවැට්ටිවලින් තොරව රට සංවර්ධනය කරන්නට බැරි ය.  වාහන බිස්නස් එක ලංකාවේ කේන්ද්‍ර වී ඇත්තේ කොළඹ, නුවර, කුරුණෑගල වැනි නගරවල ය. හම්බන්තොට වරායෙන් ගොඩ බාන වාහන ඒ දුර ඈත පළාත්වලට ගොඩබිමින් ගෙන යන විට  අලුත් අධිවේගී මාර්ගයේ යන වාහන සංඛ්‍යාව වැඩි කර ගත හැකි ය. එය මේ ආණ්ඩුවට සංවර්ධනයක් ලෙස පෙන්විය හැකි ය. කුරුණෑගල වාහන බිස්නස් එක කඩා බිඳ දමා හම්බන්තොටට ගැනීම වුව මේ ආණ්ඩුවට සංවර්ධනයකි.  මේ 'සංවර්ධනයේ' ප්‍රතිලාභ ගලා යන්නේ ක...

ආණ්ඩුවත් අවුට්සෝස් කරමු ද?

ලංකාවේ ජනාධිපතිවරයා 2010 සැප්තැම්බරයේදී සිංහල ජාතික ඇඳුම ඇඳගෙන සාඩම්බරයෙන් කළ කතාව ලියා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා සමාගමක් වන බෙල් පොටින්ජර් බව දැන් හෙළිදරව් වී තිබේ. එම කතාව තෝරාගෙන ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සකසන ලද කතාව ප්‍රතික්ෂේප කරමින් ය.  රජය දැන් වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම සඳහා මෙවැනි මහජන සම්බන්ධතා සමාගම්වලට විශාල මහජන මුදල් සම්භාරයක් වැය කරමින් සිටියි. ඒ පසුපස දැවැන්ත කොමිස් ජාවාරම් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.  2018දී පොදු රාජ්‍ය මණ්ඩල‍ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයලබා ගැනීම සඳහා ද අති විශාල මුදලක් මහජන සම්බන්ධතා සමාගම් වෙනුවෙන් වැය කළ මුත් එය පුස්ස බින්දා වැනි විය.  ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ප්‍රතිරූපය නංවා ගැනීමට යයි කළ වියදම්වලින් ප්‍රයෝජනයක් අත්පත් වූවා නම්, ලංකාව මෙසේ දිනෙන් දින ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙයි ද?  ප්‍රතිරූපය නංවා ගැනීමට යයි අති විශාල වශයෙන් මහජන මුදල් වැය කරන ගමන් රජය කරන අනෙකුත් දේවලින් නිකම් ම රටේ ප්‍රතිරූපය බිඳ වැටෙයි. නිදසුනක් ලෙස, මෙම ලිපිය බලන්න: ජාතික ළමාරක්ෂක අධ...

Tamil Tigress හා ඩී.බී.එස්. ජෙයරාජ්

Image
නිරෝමි ද සිල්වා යන ව්‍යාජ නමකින් හිටපු කොටි සෙබළියක බව කියන දෙමළ කාන්තාවක විසින් ලියන ලදුව ඕසට්‍රේලියාවේ ප්‍රසිද්ධ කරන ලද Tamil Tigress - My story as a child soldier in Sri Lanka’s bloody civil war නම් ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය මේ වන විට විශාල වශයෙන් අලෙවි වෙමින් දෙවන මුද්‍රණයක් ද සූදානම් කෙරෙමින් ඇති අතර එය ජාත්‍යන්තර වෙළඳපොළට ද නිකුත් වීමට නියමිත ය. මෙම කෘතියේ ලේඛිකාවගේ සත්‍ය අනන්‍යතාව මේ වන විට අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත. එය පියවරෙන් පියවර හෙළිදරව් කිරීමේ අපූරු වෙළඳපොල ප්‍රවර්ධන කොන්ත්‍රාත්තුවක් මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් භාර ගෙන ඇති අන්දම මෙම ලිපිය ඔස්සේ කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් බේරා ගැනීම

Image
ලංකාවේ ළමයින්ට සමාජයෙන් රැකවරණයක් නැති බව ඕනෑ ම දෙමව්පියකු පිළි ගන්නවා ඇත. ළමයින්ට අඩු ම රැකවරණයක් ලැබෙන තැනක් වන්නේ පාසලයි. පාසලේදී ඔවුහු නිරන්තර හිංසනයට ලක් වෙති.  දිළිඳු හා අඩු උගත්කම් ඇති සමාජ තීරයන්හි උපදින ළමෝ නිරන්තරව ශාරීරික, මානසික හා ලිංගික පීඩාවන්ට ලක් වෙති. අනාථ ළමයි අනාථ නිවෙස්වල අසරණ වෙති.  රජයෙන් ළමයින් රැකවරණ සපයන්නට තිබෙන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පිටින් අමතර ආයනයක් ලෙස පිහිටුවන ලද ජාතික ළමාරක්ෂක අධිකාරියේ භූමිකාව මේ වන විට දැඩි මතභේදයට ලක් වී තිබේ.  ජාතික ළමාරක්ෂක අධිකාරිය කටයුතු කරන ආකාරය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියා කලාපයට සමාන ය. එය වැඩ කරනවාට වඩා කරන වැඩ පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීම කෙරෙහි උනන්දුවක් දක්වයි. එසේ වන්නේ ඇයි? එක පැත්තකින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන තරම් බලයක් හෝ ළමා හිමිකම් ආරක්ෂා කර දීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. විශේෂ දුරකථන අංක ආදිය සකසාගෙන ළමා අපචාර පිළිබඳ පැමිණිලි භාර ගත්තාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය එයට නැත. අදාළ ආයතන ක්‍රියාකාරී කරවා ගැනීමට අවශ්‍ය මෙහෙයවීම කිරීමට ද...

සෝම හිමිට, හිටපු පොලිස්පතිට ආචාර්ය උපාධි දුන් විශ්ව විද්‍යාලය ගැන

Image
උපාධියක් හෝ අධ්‍යයන තානාත්තරයක් පිරිනැමීම සඳහා රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ‘මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට’ බලයක් නැති බව ද එම නිසා එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නො පිළිගන්නා බව ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ හේතුව මත රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසත් විමසිල්ලෙන් පසුවීම ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. (උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි.) මේ 'මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය' කුමක්ද? ලංකාවේ ප්‍රසිද්ධ වී ඇති පරිදි, 2003දී ගංගොඩවිල සෝම හිමියන්ට ආචාර්ය උපාධියක් පිරිනමා කතෝලික කුමන්ත්‍රණයකින් අපවත් කළේ මේ විශ්ව විද්‍යාලය විසිනි. ජාතික හෙළ උරුමය බිහි වන්නට පදනම වැටුණේ එකී මරණය නිසා ය. අද සෝම හිමියන් ගැන කතා නො කළාට චම්පික රණවකගේ සිට ජාතික හෙළ උරුම දේශපාලකයන් එහිමියන්ට ණය ය. හිනා කා මැරෙන වැඩේ වන්නේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ආචාර්ය මහින්ද බාලස...