Posts

රදලියගොඩ යකඩයාට වරෙන්තු / Warrant issued by Sri Lanka court to arrest pro-government journalist

Image
(2011 ජුලි 20,   W3Lanka )  ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙහෙයවන්නකු වන සුදර්මන් රදලියගොඩ ව්‍යාජ ලිපි සැකසීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඔහුට ඇති චෝදනාව වන්නේ රු. ලක්ෂ 15ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන ගබඩා භාරකරුගේ අත්සනින් යුත් ලිපියක්‌ සාවද්‍ය ලෙස සකස්‌ කර ඉදිරිපත් කිරීමයි. සුදර්මන් රදලියගොඩට ලබා දීමට අනුමත කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම්හි පරණ යකඩ මෙට්‍රික්‌ ටොන් 1828 ක්‌ පරණ යකඩ මිලදී ගනු ලබන ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට ලබා දෙන ලෙස ඔහු මෙම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියෙහි සඳහන් කර තිබේ. නඩුව තවමත් විභාග වෙමින් තිබේ. එහෙත්, ආණ්ඩුවේ කිළිටි රෙදි අපුල්ලන මාධ්‍යකරුවන් කරන ව්‍යපාර පිළිබඳ ඉඟියක් මෙයින් සැපයේ. සුදර්මන් රදලියගොඩ යකඩ වෙළඳාමේ නොයෙදුණත් ලියුම් දෙක තුනක් එහා මෙහා කර පරණ යකඩ තොග වෙළෙන්දෙකු වීමට හා දහදිය බිඳුවක්වත් නො හෙළා රු. ලක්ෂ 15ක් ඉපැයීමට ඔහුට අවස්ථාව ලැබී ඇත. මේ එක් ගැස්සුණ වැඩකි. නො ‍ගැස්සී ගොඩ දා ගත් මෙවැනි වැඩ තව කීයක් ඇද්ද? මෙවැනි බිස්නස් කරන මාධ්‍යකරුවන් තව කී දෙනෙක් වෙද්ද? මෙවැනි තවත් මාධ්‍...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඉන්දියන් භීතිකාව / Indian phobia of the Sri Lanka Government Medical Officers' Association

Image
(2011 ජුලි19,   W3Lanka )  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඒ පාර ඉන්දියන් භීතිකාවක් නිර්මානය වී තිබේ. ප්‍රශ්නය ලංකාවේ වැඩ කරන ඉන්දීය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු බලධාරීන් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීමට පියවර නො ගන්නේ නම් වර්ජනය කරන බව වෛද්‍යවරු කියති.  ලංකාවේ වෛද්‍යවරු හෙදියන් සමග කාමරයකට රංඩු වී පවා වර්ජනය කළ නිසා මෙම වර්ජනය ද සිදු විය හැකි එකකි.  අපට පෙනෙන අන්දමට මෙතැන ද ඇත්තේ වෛද්‍ය සංගමය විසින් නියෝජනය කරන වෘත්තීය හීනමානයේ ප්‍රකාශනයකි. ලංකාවේ වෛද්‍යවරු ලෝකයේ බොහෝ රටවල සේවය කරන බව අප අමතක කළ යුතු නැත.  ඉන්දීය වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිරික්සීම අනිවාර්යයෙන් ම කළ යුතු බව අපේ ද අදහසයි. වෛද්‍ය සංගමයේ තර්කය වන්නේ එම වෛද්‍යවරුන් අධ්‍යපනය ලද විශ්ව විද්‍යාල පිළි නො ගන්නා වෛද්‍ය සභාව එම වෛද්‍යවරුන් මෙහි සේවය කිරීම සඳහා ලියාපදිංචි කිරීම වැරදි බවයි. වෛද්‍ය සභාවේ ලියාපදිංචියේදී අප දන්නා පරිදි මූලික වන්නේ අදාළ වෛද්‍යවරයා ඔහුගේ රටේ ලබා .තිබෙන ලියාපදිංචිය මිස ඔහු අධ්‍යාපනය ලැබූ ආයතනය නො වේ.  මෙතැන ඇති සැබෑ ප්‍...

කුඹුරට බැස්ස සපත්තු බල්ලුක

Image
(2011 ජුලි18,   W3Lanka )  මේ ජේ.ආර්. ‍‍සපත්තු දමාගෙන කුඹුරට බැස්සා ය, රාජිත සේනාරත්න ගොවියන්ට ඩෙනිම් අන්දන්න යෝජනා කළා ය කියා හිනා වුණ කට්ටියගෙන් එක්කෙනෙකි. මේ සරම ඩෙනිමකට වඩා ගණන් ය. සපත්තු අමුතු  ම ජාතියකි. ගෝල බාලයන්ට සපත්තු නැත. උන්ගේ ඇස් බොස්ගේ කකුල් දෙකේ ය. කූඩැල්ලෙකුවත් එල්ලුණොත් ඌ මකවන්නට ය.  ගිය සතියේ පාරේ යද්දී මා දුටු දෙයක් වන්නේ තාර දාන මිනිහෙක් සපත්තු නැති නිසා කකුල් පිළිස්සීම වළක්වන්නට දෙපාවල පරණ පොහොර උර ඔතා ලණුවලින් බැඳගෙන වැඩ කරන අන්දමයි.  කුණු අදින මිනිසුන්ට අත් වැසුම් නැත. පාරේ වාහන හසුරුවන පොලිස් රාළහාමිලාට මුඛ වැසුම් නැත. (බොහෝ රාළහාමිලා කතා කරන්නට නො දන්නා නිසා මුඛ වැසුම්වල ප්‍රයෝජනවත්කම වැඩි වේ.) ගොවීන්ට සපත්තු අවශ්‍ය ය. එසේ තිබෙනවා නම් ලෙප්ටස් පයිරෝසිස් හෙවත් මී උණෙන් මිය යන ගොවීන් සංඛ්‍යාව අඩු කර ගත හැකි ය. වසරකට සියයතට අධික පිරිසක් මී උණෙන් මිය යති.  අද කාලයේ කුඹුරු යනු කුඹුරට‍ සෙරෙප්පු දමාගෙන යාම පවා පිළිකෙව් කළ අපේ සීයලාගේ කාලයේ කුඹුරු නො වේ. රසායනික පොහොර හා පලිබෝධ නාශක ඇනූ පොළවකි.  ගොවීන්ට සපත්තු ලබා දෙනු!...

එජාපය නැවතත් හොරා, හොරා කියන්න පටන් අරගෙන

Image
(2011 ජුලි18,   W3Lanka )  හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ඉදිකිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන් ඇස්‌තමේන්තු කළ මුදලට වඩා හතර ගුණයක්‌ ආණ්‌ඩුව විසින් වැය කර තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද රැස්වීමකදී පැවසී ය. ක්‍රීඩාංගනයේ ඉදිකිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් රුපියල් මිලියන 1200 ක්‌ ඇස්‌තමේන්තු කර තිබියදී ආණ්‌ඩුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 4300 ක්‌ වැයකර තිබෙන බවට ඔහු චෝදනා කර ඇත. පසුගිය ජකාධිපතිවරණ කාලයේ ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය විසින් ගෙන ා තර්කයක් වන්නේ විපක්ෂය නිතර ම හොරා, හොරා කියා කීමෙන් රාජපක්ෂ පවුලේ අය සොරුන් ලෙස හංවඩු ගසන ගොබෙල්ස් න්‍යායක් අනුගමනය කරන බවයි. මේ ද එම උපාය මාර්ගයේ ම දිගුවක් විය හැකි ය. නැතුව පාලක පවුලේ අය හා ආණ්ඩුවේ දේශපාලකයන් නම් සොරකම් කරනවා යයි සිතිය නො හැක. එහෙම හොරු මෙහෙම ඡන්ද දිනනවා නම් රට ම හොරු විය යුතු ය. රට ම හොරු නම් මේ තරම් ප්‍රදර්ශනාත්මකව බුදු දහම අදහන්නේ නැත.  පාලක පවුලේ අය කම් ඇත්තෙන් ම දුප්පත්තු ය. මේ රටේ ජීවත් වන්නට ක්‍රමයක් නොමැති නිසා ඔය පොඩි, පොඩි රැකියාවලට පිටර...

ලාංකීය පාරිසරික හා ජන උරුමයන් විකුණා ආණ්ඩුව උපයන මුදල් යන මකර කටවල්

Image
(2011 ජුලි17,   W3Lanka )  ඇතැම් පැරණි වලව්කාරයන් සිය බොරු ෂෝක් පවත්වාගෙන යාමට කරන දෙයක් වන්නේ ඉඩම් විකිණීමයි. එහෙම විකුණාගෙන ගොස් ඉතිරි වී ඇති ඕවිටවල් ද අවසානයේ විකුණන්නට දෙයක් නැති වූ විට පවුලේ සොහොන් බිම ද විකුණති. ලංකාවේ ආණ්ඩුවත් දැන් කරමින් ඉන්නේ එයයි. ලාංකීය පාරිසරික හා ජන උරුමයක් ‍වන ගාලු මුවදොර පිටිය ආශ්‍රිත පොදු ඉඩම් රජයේ ඉඩම් ලෙස හඳුන්වමින් දැන් රජය චීන හා වෙනත් සමාගම්වලට විකුණමින් සිටියි. හෝටල් ව්‍යාපෘතියක් සඳහා අක්කර 10ක් හොංකොං මූලස්ථාන කර ගත් ෂැංග්‍රිලා සමාගමට විකුණා දැමුවේ ඩොලර් මිලියන 125කට බව වාර්තා වේ. ගාලු මුවදොර තවත් ඉඩම් අක්‌කර දහයක්‌ චීනයේ ප්‍රහාරක ගුවන් යානා හා මිසයිල නිෂ්පාදනය කරන කැතික්‌ නමැති සමාගමකට හෝටල් ව්‍යාපෘතියක් සඳහා  ඩොලර් මිලියන 136 කට විකිණීමට යන්නේ අවලංගු වූ ගිවිසුමක්‌ යටතේනීති විරෝධී ලෙස බව ද දැන ගන්නට තිබේ. ඉඩම් අක්‌කර දහය ඇමරිකානු ඩොලර් මිලියන 136 කට ලබාදෙන බවට කැතික්‌ සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක්‌ අත්සන් කළද නියමිත පරිදි සමාගම මුදල් නොගෙවූ නිසා එම ගිවිසුම මේ වන විට අවලංගු වී තිබියදී ඉඩම ලබාදීමට කට...

විමල් කියන ආර්ථික ඝාතකයෝ කවරහු ද?

Image
(2011 ජුලි15,   W3Lanka )   පහත සඳහන් පුවත අප උපුටා ගත්තේ ආණ්ඩුවේ ම දිනමිණ පුවත්පතෙනි. විමල් එහි නම නො කියා කියන ආර්ථික ඝාතකයෝ කවරහු ද? ආණ්ඩුවට එරෙහි බලවේග ආණ්ඩුව තුළම ක්‍රියාත්මක වන බවත් ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මුළු මහත් ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. යුද්ධය පැවති අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන් රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කළ පරිදිම ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට එරෙහි බලවේගම දැන් රටේ ආර්ථිකය කඩා කප්පල් කිරීමට කටයුතු කරන බවද හෙතෙම කීය. විෂය භාර ඇමැතිවරයා පවා මෙරට නැති අවස්ථාවක බාල වර්ගයේ පෙට්‍රල් ආනයනය කර රට පුරා බෙදූ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඊට ප්‍රධාන උදාහරණයක් වන බවද සඳහන් කෙළේය. දූෂිත නිලධාරීන් ආර්ථික ඝාතකයින් ලෙසද හැඳීන් වූ ඇමැතිවරයා හෙජින් ගනුදෙනුවද මේ ආර්ථික ඝාතක නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනුවලින් එකක් බවද අවධාරණය කෙළේය. මිතුරු වෙසින් පෙනී සිටිමින් ආණ්ඩුවටත්, රටටත්, ජනතාවටත්, හතුරුකම්කරන මේ දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද කී විමල් වීරවංශ මහතා එය එසේ...

නිදහස් අධ්‍යාපනයේ පියාගේ සමාධිය දැන් | The tomb of father of free education of Sri Lanka

Image
(2011 ජුලි15,   W3Lanka )   මේ සමග ඇති ඡායාරූපවලින් දිස් වන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ දේහය සැතපෙන පවුලේ සුසාන භූමියයි.  එය පිහිටා ඇත්තේ මතුගම නගරයේ සිට කිලෝ මීටර් 20ක් පමණ ඔබ්බබෙන් පිහිටි ඉත්තෑපාන හන්දියෙන් අවිත්තාව දෙසට කිලෝ මීටරයකට මඳක් වැඩි දුරක් යන විට හමු වන ලූල්බද්දූව නම් ගමෙහි ය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගම පාලම වන බෙන්තර ගඟ හරහා වැටුණු ගොරකදූව පාලම ඇත්තේ මෙම ස්ථානයට නුදුරිනි.  ලූල්බද්දූව කන්නන්ගරයන්ගේ මුල් ගම ය.  නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ කන්නන්ගරයෝ 1936 සිට 1947 දක්වා මතුගම ආසනයේ මන්ත්‍රීවරයා විය. (1932 සිට 36 දක්වා ඔහු ගාල්ල ආසනයේ මන්ත්‍රීවරයා ය.) 1947 මැතිවරණයේදී ඔහුගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ඔහුට සහාය නො දුන් අතර අනියමින් ඔහුගේ ප්‍රතිවාදියා වූ විල්මට් ඒ. පෙරේරාට උදව් කළ බව කියැවේ.  නිදහස් අධ්‍යාපනයට මුල සිට ම විරුද්ධ වූ ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි අය එසේ කළේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ කන්නන්ගරගෙන් පළි ගන්නට බව විචාරකයෝ කියති. විල්මට් ඒ. පෙරේරා යනු හොරණ ...

ජීවිතය කවියකැයි ඇතැම් කවියෝ ලියති. එහෙත්, කවිය ද මාර කවියකි

Image
(2011 ජුලි14,   W3Lanka )   මේ වනවිට කවිය නිවැරදි මාර්ගයට පැමිණ ඇතැයි සංස්‌කෘතික කටයුතු ඇමැති ටී. බී. ඒකනායක පැවසුවේ අවුරුදු අසූව ඉක්‌මවූ සහ ඊට තදාසන්න වයසේ පසුවන කවි කිවිඳියන් 113 දෙනකුට උපහාර පිදීම සඳහා සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනය මගින් පසුගිය දා කොළඹ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පවත්වන ලද උත්සවයකදී ය. "පසුගිය වර අපි කවීන්ට යාපනයේ සංචාරයක්‌ සංවිධානය කර දුන්නා. මීළඟට නැගෙනහිර සංචාරයක්‌ සංවිධානය කර තිබෙනවා," යි ඇමතිවරයා පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි. ඇත්තෙන් ම කවියා යනු කවරෙක් ද? කවිය යනු කුමක් ද? ලේඛකයා දස මීට පසළොස් වසරකට පමණ ඉහතදී 'මරණයේ විජිතය' නමින් කවි පොතක් ලියා පළ කළේ ය. මීට කෙටි කලකට ඉහතදී කවි ලියා පළ කිරීම අතහැර දමන තෙක් පුවත්පත්වලට ද, බුන්දි වැනි වෙබ් අඩවිවලට ද කවි ලියුවේ ය. තමන් කවියකු ය යන අනන්‍යතාව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් ලේඛකයාට තිබිණි. ලේඛකයා වැනි තවත් කවියෝ විශාල පිරිසක් සමාජයේ සිටිති. පුවත්පත් කවි තීරු, බූන්දි වෙබ් අඩවිය ආදිය පමණක් නොව, ෆේස්බුක් වැනි සමාජ ජාල පවා කවියෝ සිය නිර්මාන එළි දැක්වීම සඳහා අද භාවිතා කරති. අද සව...

රස්තියාදුකාරයන්ට ප්‍රාඩෝ

Image
(2011 ජුලි13,   W3Lanka )   පළාත් සභා ක්‍රමය හේතුවෙන් සිදුවූයේ ගමේ සිටි රස්‌තියාදු පිරිස්‌වලට ප්‍රාඩෝ හිමිවීම පමණක්‌ බව ඇල්ලේ ගුණවංශ හිමි ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් දේශනා කළ හ. එම කියමන ජාතික හෙළ උරුමයෙන් හා ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් සභාවලට ගිය අයට ද අදාළ විය යුතු යයි අපි විශ්වාස කරමු.  ඇල්ලේ හිමි මෙසේ පවසන අතර අලුතෙන් යොවුන් පාර්ලිමේන්තුවක් ද ලබන 16දා පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. පසුගිය දෙසැම්බරයේදී ඡන්ද පවත්වන ලද මෙම යොවුන් පාර්ලිමේන්තුව අද රැස් වෙයි, හෙට රැස් වෙයි කිය කියා සිටි නමුත් රැස් යන තෙක් රැස් වුණේ නැත. මංගල රැස්වීම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව මුල සිට ම කියැවුණත්, ජුලි 16දා රැස්වීම පවා පැවැත්වෙන්නේ කතානායක චමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. යොවුන් පාර්ලිමේන්තුව ඇමති ඩලස් අලහප්පෙරුමගේ ව්‍යායාමයකි.  ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ දේශනාව පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික සංවිධාන එකමුතුව නම් ලාහ විසිනි. මෙය නියෝජනය කරන පුද්ගලයන් ම සංවිධාන වන අතර දේශාභිමානී ව්‍යාපාරය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංවිධානයයි. මොනවා වුණත් එතුමන්ගේ...

W3Lankaට මොකද වුණේ?

දෙවසරක් තිස්සේ මෙම බ්ලොග් අඩවිය සමග ජීවත් වූ ලැප්ටොප් පරිගණකය අසාධ්‍ය තත්වයෙන් ගිලන් වී දැනට දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි. සුව වූ පසු අලුත් පණකින් හමු වෙමු. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලාංකීය කලාවේ අලුත් ම ප්‍රවණතාව: යකුන් ගොනාට ඇන්දවීම

Image
(2011 ජුලි 07,   W3Lanka )   ලංකාවේ සිනමාවේ මාර නවෝදයකි. හේතුව එයට දී ඇති බදු සහන ය. චිත්‍රපට කර්මාන්තය දැන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයකි. එපමණක් නො ව මානසික හා පෞරුෂ ප්‍රශ්න ඇති අය සුවපත් කිරීම සඳහා ද එය යොදා ගැනේ. ලිංගික ව්‍යාපාර නම් කවදත් සිනමා කර්මාන්තයේ ප්‍රධාන කුළුනක විය. ලිංගික සේවා සපයන්නන් මේ සමාජයේ පීඩිත ජන කොටසක් නිසා අප එය විවේචනය කරන්නේ නැත. අවර ගණයේ ධනවතුන් වන දේශපාලකයන්, ජාවාරම්කාරයන් වැනි අයට සිය ෆැන්ටසි සජීවීකරණය කර දීම අද කලාකරුවන්ගේ කාර්යය වී ඇත. ඒ සඳහා ධනවත්තු කලාකාරයන්ට මුදල් විසි කරති. කලාකරුවන් මෙසේ පීචං වීමත් සමග ම කලාකරුවාත්, බිස්නස්කාරයාත් අතර සීමා ඉර මැකී යයි. දෙන්නා ම එක ම ආකාරයේ පීචං පොරවල් වේ. අවසානයේදී සිදු වන්නේ බිස්නස්කාරයාට කලාකරුවන්ට මුදල් විසි කිරීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යාමයි.  නිදසුනක් ලෙස කලක් කලාකරුවන්ට මුදල් විසි කළ ඒ.එස්.පී. ලියනගේ දැන් තමන් ම ගායකයකු වී සිය පවුලේ අයත් සමග ගී ගයමින් මුදල් ගෙවා ටී.එන්.එල්. රූපවාහිනියෙන් පෙන්වමින් සිටියි.  මෙම ගමන් මාර්ගය අනුව, මෙම ඡායාරූපයේ සිටින නළුවා තව වැඩි කලක් ය...