දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින් අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටය. විප්ලවීය බලහත්කාරයක් යනු වෙනස් තත්වයකි. එහිදී විධායකය සෙසු අංශ යටපත් කරගෙන කටයුතු කරයි. ඒකාධිපතිත්වයක් ද ඒ හා සමානය. ශ්‍රී ලංකාවේ නම්, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අවබෝධයෙන් කටයුතු කරන ස්වභාවයක් දක්නට නොලැබේ. මේ තුනම වෙන වෙනම ගත් කල කටයුතු කරන්නේ එකිනෙක අංශ කෙරෙහි අන්‍යෝන්‍ය ගෞරවයකින් නොවන බව පෙනේ. පොලිස්පතිවරයා තෝරා පත් කරගැනීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමින් අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීම, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් වීම, ඔහු මානව හිමිකම් උල්ලංඝනයක වරදකරුවකු බවට පත් වීම, කාදිනල්වරයා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් නඩු පැවරීම හා පොලිස්පතිවරයා තනතුරෙහි රාජකාරි කිරීම අධිකරණය විසින් වාරණය කිරීම එක පසුපස එක බැගින් සිදු වූ සංයුක්ත ...