මේකත් ලෝකයක් ද මර්තේලිස්


මර්තේලිස් සහෝදරය
නිර්ධන පංතිය වෙනුවෙන්
විප්ලවයක් කරනු පිණිස
ධනපති පංතිය වනසමු
එ්ක තමයි මේ යුගයේ
කාර්යභාරය වන්නේ

මරුට සිනාසෙනු තේලිස
ඉදිරියට ම යනු තේලිස
රට ජාතිය රකිනු පිණිස
ගසා දමනු සතුරු සිරස

මර්තේලිස් තේරෙනවද
පූර්වජ පියා වෙනුවට
ශිෂ්ට කරන ලද පියෙකුගෙ
ආශාවේ වස්තුවෙ අනෙකා කවුරු ද?
විරුද්ධභාෂිතයක් ඔබ
ජිජැක් නෙමෙයි ශිශෙක් හරිද?

වැලියු චේන් එක ඇතුළේ
එක හියුමන් රිසෝසයකි
මර්තේලිස්
හයරිං ෆයරිං ඩුං ඩුං

මර්තේලිස් ප්‍රොජෙක්ට් එකකි
ප්‍රෝග්‍ර‍ස් එක තවම මදි ය
රේස් එකේ ෆන්ඩ්ස් එවනු

මර්තේලිස් සෙක්සි ඔයා
මේක සොඳුරු ලෝකයක් ය
ශවකාමය වුව කූල් ය
එව කව බොව
සැපම විඳුව

මර්තේලිස් උඹයි මායි
අපි එළියට වැටිල වගෙයි
භාෂා ලෝකයක් ය මේ
ජීවිතයම රාමු කරපු
පොඩි කොටු තුළ

හුකා ගන්න කියල උන්ට
අපි යමු අඩියක් ගහන්න
ප.එ.ක.*
චිත්‍රපටියකුත් බලමු ද?

අජිත් පැරකුම් ජයසිංහ
2017-05-22

*පසුව එකතු කළෙමි

Comments

  1. අම්මට උඩු කිව්වලු

    ReplyDelete
  2. /හුකා ගන්න කියල උන්ට
    අපි යමු අඩියක් ගහන්න/

    ගහමු

    ReplyDelete
  3. ඕන එකක් මාත් එනවා ම්රතෙලිස් ඔහොම හිටන්

    ReplyDelete
  4. ශවකාමය kiyanne mokakda appa.......?

    ReplyDelete
    Replies
    1. ශවකාමය කියන්නෙ මළමිනීවලින් ලිංගික සතුට ලබන මානසික තත්වය. ඉංග්‍රීසියෙන් කියන්නෙ necrophilia

      Delete
  5. පැරා මේක නම් මට තේරෙන විදියට ප්‍රතිගාමී කවියක්.

    ඔබ මේකෙ අදහස් කරන්නේ එක එක තියරි වලින් දමාගසන, අධිකාරිවාදී පාර්ශව / ශාස්තෲවරු ගැන නම් ඒකට එකඟයි. කොටුවෙලා ඉන්නෙ නැතුව එලියට ඇවිත් හිතන්න වගේ අදහසකුත් කියන්න යන බව තේරෙනවා. නමුත් මට තේරෙන විදියට ඒකම නෙමෙයි හයිලයිට් වෙලා තියෙන්නෙ මෙතන.

    දැනුම එන්නෙ වචන / භාශාව හරහා තමයි. වෙන කොහොමද ඒක එන්න තියෙන්නේ? සමහරු ඒ දැනුමෙ අයිතිකාරයො වෙමින්, බලයලත් දේශීය නියෝජිතයින් වෙමින්, ඒවායින් වැඩ දමමින්, දමා ගසමින් යන එක වෙන ප්‍රශ්නයක් නේ. හරිනම් මර්තේලිස් ට ඒවා තේරුම් ගන්න, ඉගෙන ගන්න එන්න කියලයි කියන්න ඕනෙ. වෙන වචනයකින් කියනවානම් සරල බුද්ධිවිරෝධයක් මේ කවිය තුල මම දකිනවා.

    මේ දේවල් වැඩකරන විදිය හොඳට දන්න තෙම්පරාදු වෙච්ච එකෙක්, එහෙම නැතැයි බොහෝ දුරට සිතිය හැකි එකෙකුට "අපි හම්බ කරොත් අපි කනවා - උන්ට හුකා ගන්න කියල යමන් අඩියක් ගහන්න" කියල අඳුරෙන් අඳුරටම දක්ක ගෙන යන එක වැරදියි. ("එහෙම නැතැයි බොහෝ දුරට සිතිය හැකි එකෙකුට" කියල කිව්වෙ සාමාන්‍ය කම්කරුවාගේ අපි නොදන්න කම්කරු පන්ති විඥ්ඥානය ගැන සාමාන්‍ය තක්සේරුවකිනුයි). අඩියක් ගහන්න බාර් එකට යන මර්තේලිස්ව දෙකක් වැදුනම බාගන්න මොකාට බැරිද?

    පලි: අනිත් එක, ශවකාමය වගේ එකක් මෙතෙන්ට මොකට දැම්මද කියල හිතෙනවා.

    - Dimithri

    ReplyDelete
  6. පැරා,

    කවුදෝ ස රස නැමති මරාන්තවාදී (මරා- අන්තවාදී/ අන්ත මරාවාදී) වෘෂභ රාජයා මේ කවිය කොපි කර මෑන්ස්ගෙ කෑලෑපත්තරේ ඇනෝ කමෙන්ට් එකක් ලෙස අලවා, නැවත මෑන්ස්ම ප්‍රොෆයිල් එකෙන් ලොග් වී පැරාට බැනවැදී පට්ට සුවයං වින්දනයක් ලබනවා අන්න අරෙහෙ. මෑන්ස්ගෙ වෘෂභ ගෝලබාලයො සෙට් එකකුත් (බොහෝවිට අර වෘෂභ රාජයාම විය හැක) ඇනෝ බැස පාළුගෙයි වලං බිඳිති. ගිහින් බලලා ෆුල් ආතල් එකක් ගන්න. ඔයි හාදයට තියෙන්නෙ සම්මාන බඩගින්නකුයි හිට්ස් බඩගින්නකුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් AnonymousMay 23, 2017 at 3:56 PM ට පාන්ද

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා