ඇමති මාරුව හෙවත් කොට්ට මාරුව

ලංකාවේ ජනමාධ්‍යවලට පුවත් නැති නිසා කාලයක් තිස්සේ පුන පුනා ලියනු ලබන ප්‍ර‍වෘත්ති කීපයක් තිබේ.

එකක් කොටි නැගිටීමයි. අනෙක, ඇමතිවරුන් කීපදෙනෙකු ආණ්ඩුවෙන් කඩාගෙන යාමයි. ඊළඟ එක ඇමති මාරුවයි.

ඇමති මාරුව ඊයේ සිදු විය. ඒ ගැන එක එක කතා කියනු අසන්නට ලැබේ. එහෙත්, හොඳම ප්‍ර‍ස්ථාව පිරුළ හිසරදයට කොට්ටා මාරු කිරීමයි. එයින් හිසරදය හොඳ වන්නේ නැත. හැබැයි රෝගියාගේ හිත තාවකාලිකව හොඳ වේ.

පසුගිය කාලය පුරාම, ලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ඕපාදූපකාරයන්, විප්ලවවාදීන්, විරුද්ධ පක්ෂය පමණක් නොව, ආණ්ඩුවේ ම ඇමතිවරුන් පවා මුදල් ඇමති රවි කරුණානායකට බැනීම පුරුද්දක් කරගෙන සිටිය හ. රවි කරුණානායක සොරෙකි ය යන කරුණ සියලු දෙනා විසින් පුන පුනා කීවත්, සියලු දේශපාලකයන් සොරුන් වන නිසා ඔහු ද සොරකු විය හැකි මුත්, ඔහු රාජපක්ෂ පවුල වැනි සුවිශේෂ සොරුන් පිරිසක් අයිති වන වර්ගයට දැමිය හැකි ද යන්න මම නො දනිමි.

මෙහිදී මා වැරදි විය හැකි ය. ඔහු කළ බව කියන සොරකම් ගැන දන්නා අයට ඒ පිළිබඳ අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට හෝ මෙහි ඒවා සටහන් කිරීමට හෝ හැකි ය.

කෙසේ වෙතත්, මගෙ කියවීම වන්නේ ඔහු ඉතා දුෂ්කර අවධියකදී ආර්ථිකය කළමනාකරණය කිරීමට සිය දායකත්වය සැපයූ කාර්යක්ෂම මුදල් ඇමතිවරයකු වූ බවයි. ප්‍රාතිහාර්ය පෙන්විය නො හැකි කාලයක, ඔහු කිසියම් දැක්මක් ඇතිව ආර්ථිකය හසුරුවන්නට උත්සාහ කළේ ය. එහෙත්, ඔහුට නොව, කිසිවෙකුට කිසිවක් පහසුවෙන් කළ හැකි වාතාවරණයක් ලංකාවේ ආර්ථික-සමාජ දේහයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම නැත. හොඳම උදාහරණය වන්නේ රවිගේ පළමු අයවැයෙන් තීරු බදු රහිතව වාහන ආනයනය කර ගැනීමට දේශපාලකයන්ට හා රජයේ ඉහළ හා මධ්‍යම මට්ටමේ නිලධාරීන්ට දී තිබෙන වරප්‍ර‍සාදය නැවැත්වීමට කළ යෝජනාවයි. දැන් දේශපාලකයන්ගේ රථ ගාය ගැන කතා කරන විප්ලවවාදීන්, දූෂණ විරෝධීන් වැඩි දෙනෙකු එදා රජයේ නිලධාරීන් සමග එක් වී මෙම යෝජනාව ක්‍රියාත්මක නො වන තැනට වැඩ සිද්ධ කළ හ. මූලිකව ම කිසිවෙකු මේ වැදගත් යෝජනාවට උර දුන්නේ නැත.

කෙසේ වෙතත්, රවීට විදේශ ඇමතිකමට ටාන්සර්රෙකක් දීමෙන් පෙනී යන්නේ රවී තවදුරටත් එජාපයේ ප්‍ර‍බල ම චරිත අතරින් එකක් බවයි. ඒ නිසා රවීගේ පරම්පරාවේ දෙමළ ඥාතිත්වයන් සොයා වෙහෙසෙන, රවීගේ කොළඹකමට ඉරිසියා කරන ජාතිවාදීන්ට එතරම් සතුටු වන්නට දෙයක් සිදු වී නැත.

මංගලට මුදල් ඇමතිකමට අමතරව ජනමාධ්‍ය ඇමතිකම ද පැවරීම ඉතා වැදගත් සංඥාර්ථ සහිත ඇමති මාරුවකි.

මාධ්‍ය බුවාලා පහුගිය දිනවල හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක වළං බාන දරණුවටත් තබාගෙන සිටිය හ. මංගල ජනමාධ්‍ය නියාමනයේ හසළ අත්දැකීම් සහිත ඇමතිවරයෙකි. මාධ්‍ය නිදහස අපහරණය කරමින් සිටි අය මංගල සමග කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න ඉදිරියේදී බලා ගන්නට පුළුවන.

අනෙක් වැදගත් කාරණය අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ ගජ මිතුරකු ලෙස සැලකෙන තිලක් මාරපනගේ පුනරාගමනයයි. වසර 2015 අගභාගයේදී මාරපනට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන්නට සිදු වුණේ ආචාරධර්ම විරෝධී ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙමින් කුප්‍ර‍කට ඇවන්ට්ගාඩ් සමාගමේ නීතිඥයා ලෙස ද පෙනී සිටින ගමන්, තම ගනුදෙනුකරුවා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවා පෙනී සිටිමින්, තමන් යටතේ ඇති පොලිසිය ලකුණු දමා ගැනීමට විමර්ශන කරන බවට කුණු කතාවක් කීම නිසා බව මතක තබා ගත යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මංගලට දීල තියන රෝල් ? ජනමාධ්‍ය - රේගුලේටර් වෙන්නත් , මුදල් අමාත්‍යන්සේ - ඩිප්ලෝමැට් වෙන්නත් ද?

    ReplyDelete
  2. නෙවිල් චෙම්බලේන්May 23, 2017 at 11:15 AM

    /// සියලු දේශපාලකයන් සොරුන් වන නිසා ඔහු ද සොරකු විය හැකි මුත්, ඔහු රාජපක්ෂ පවුල වැනි සුවිශේෂ සොරුන් පිරිසක් අයිති වන වර්ගයට දැමිය හැකි ද යන්න මම නො දනිමි. ///
    මේ බව ඔබට සනාථ කළ හැකිද ? රාජපක්ෂ වරුන් විශේෂිත හොරුන් වන්නේ.් රවී එසේ නොවන්නේත් ඇයි ?
    එමෙන්ම රාජපක්ෂලාට විරුද්ධව පැහැදිලි නඩුවක් ගොනු කළ නොහැකි අවස්ථාවක මේ සැකයේ වාසිය සාධාරණ ලෙස රාජපක්ෂවරුන්‍ටද ලබා දීමට ඔබ පසුබට වන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. නාමල් රාජපක්ෂට, යෝෂිත රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට විරුද්ධව දැනටමත් නඩු පවරා ඇත. ශිරන්ති රාජපක්ෂට එරෙහිව විමර්ශන ඇත. විමර්ශන නැති පැහැදිලි සිදුවීම් ගණනාවක් ඇත. මහින්ද රාජපක්ෂට විරුද්ධව ඇති හෙල්පිං හම්බන්තොට චෝදනාවෙන් වුණත් ඔහු නිදහස් වුණේ හරි පාරෙන් නො වේ.

      Delete
  3. පැරා , අර්ජුන හම්බන්තොට වරාය ගනුදෙනුවේදී රටට වඩා හොඳ ඩීල් එකක් වෙනුවෙන් පෙනීසිටිය බව ඇත්තයි. නමුත් අර්ජුන ඇවිත් කොළඹ වරායේ සංවර්ධනය සම්පුර්ණයෙන්ම නවතා දමා නොයකේ දේවල් කරමින් සිටියා මිස කිසිම වැදගත් වැඩක් කලේ නෑ . ඇත්ත වශයෙන්ම හම්බන්තොට වැනි තරම් මහා පරිමානයේ දුශනයක් කොළඹ වරායේ නැගෙන හිර පර්යන්තය ඉදිකිරීමේදී සිදුවුයේ නෑ. එම පර්යන්නතයේ සිවිල් කටයුතු සියල්ල සිදුකලේ කෙරියන් සමාගමක් මගින් ඒ සඳහා නය මුදල ලබා දන්නේ ආසියානු සංවර්ධන බැංකුව. අවසානයේ 2014 දෙසැම්බර් මාසෙ වෙනකොට එම පර්යන්තයට අවශ්‍ය දොඹකර ඇනවුම අනුමත වී තිබුනේ . එම ඇනවුම unsolicted proposal තමයි නමුත් අරිජුනට තිබුන් එය තවදුරටත් සාකචිවාරක වරායට වාසිදායක ලෙස ක්‍රියාත්මක වෙන්න. නමුත් සමහර ඩීල් කරුවන්ට රුවටිලා අරිජුන එම ටෙන්ඩරය අවලංගු කලා විතරක් නොවේ අලුතෙන් ටෙන්ඩර් කැඳවීම වසරකටත් වඩා පමා කලා . අවසානයේ රන්ිල් මැදිහත්වී එම පර්යන්තය ඉන්දියාවට දෙන්න තිරණය කලා . දර්ජුනගේ මේ කල්මැරීම නිසා කොළබ වරායට සිදුවන්නනේ බලවත් අපරාදයක්

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකෙන් පෙනෙන්නේ අර්ජුන ක්‍රියා කරල තියෙන්නෙ තනිකරම වරායේ අධ්‍යක්ෂක මන්ඩලයේ ප්‍රධානියා විසින් සිදු කල යුතු රාජකාරින්. එසේත් නැත්නම සංස්ථා සභාපතිගෙ තනතුරේ වැඩ. දියුනු රටවලනම් ඇමතිලා කිසිසේත්ම ඒ වැඩ වලට ඇඟිලි ගහන්නෙ නෑ.

      Delete
    2. සභාපති ඉතිං සහෝදරයනේ . අයියයි මල්ලියි මරැ බඩු දෙක.

      Delete
  4. Para- Now your comments section is quite good, after that UK Dr has left and doing his own blog with different names.

    ReplyDelete
  5. https://www.colombotelegraph.com/index.php/external-affairs-minister-ravi-ks-internal-affair/

    ReplyDelete
  6. මේ ඇමති මාරුව කිරීමෙන් පෙන්නුම් කෙළේ 'මඩේ හිටවූ ජනාධිපති' ගේ වැනෙන සුළු භාවය හැර අන් කිසිවක් නොවේ.

    ඉන්න කැබිනට් අමතියනට සාපේක්ෂව රවී, මුදල් ඇමති කමේ දැක්මක් ඇතිව වැඩ කිරීමට පටන්ගත් නමුත් පක්‍ෂ විපක්ෂ හොරු සන්ධාන ගතවී ඒ 'හොඳ' පියවරවල් වලට කකුල් මාට්ටු දැම්ම.

    ලක්‍ෂ්මන් කදිරගාමර් මහත්මයට පසුව ආ හොඳම විදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර මහත්මයාව මුදල ඇමති කෙළේ රවිව මුදල් ඇමති කමෙන් පන්නන්න මිසක් මංගලගේ අවුලක් නිසා නෙවෙයි.

    මාරු කරන්න ඕන ඇමතිවරු නෙවෙයි,
    සෘජු තීරණ ගන්න බැරිව, වටේ ඉන්න හැම හාල්පාරුවම සන්තෝෂ කරන්න ගිහින් රට වලපල්ලට දක්කන් යන ජනාධිපතියයි,

    ReplyDelete
  7. ඇමති මාරුව ගැන හොඳ ම කියවීම කළේ පැරා. විශේෂයෙන් ම රවි කරුණානායක ගැන ඔබ ලියූ දෙය බෙහෙවින් වටිනවා, ලංකාවේ දේශපාලන සංස්කෘතිය හඳුනා ගැනීමට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා