ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)

ඔහුත් මාත් මෙහි නොව
කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම්
අප වාඩි වී අඩියක් ගසනු ඇත
රවුම් ගණනක් ම බොනු ඇත

ඒත් අපි හමුදා දෙකක
මුහුණට මුහුණ සටනේ
මම ඔහුට වෙඩි තැබුවෙමි
එතැනම මරා දැමුවෙමි

මා ඔහු මරා දැමුවේ
ම්.... ඔහු මගේ සතුරා නොවැ
ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා
තේරුණා නේද, ඔහු මගේ සතුරා

මං හිතන්නේ ඔහුත්
මං වගෙම වෙන්න ඇති
රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
ඒ මදැයි හේතුව බැඳෙන්නට

යුද්දෙ හරි අමුතුයි නේ
එහිදි ඔබ මරන මිනිහා
හමු වුණා නම් තැබෑරුමක
අඩියක් ගසා සාක්කුවටත් 
කීයක් හෝ දමනු ඇත

-අජිත් පැරකුම් ජයසිංහ
2017 - 05 -18

(තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි)

The Man He Killed
BY THOMAS HARDY

"Had he and I but met
By some old ancient inn,
We should have sat us down to wet
Right many a nipperkin!

"But ranged as infantry,
And staring face to face,
I shot at him as he at me,
And killed him in his place.

"I shot him dead because —
Because he was my foe,
Just so: my foe of course he was;
That's clear enough; although

"He thought he'd 'list, perhaps,
Off-hand like — just as I —
Was out of work — had sold his traps —
No other reason why.

"Yes; quaint and curious war is!
You shoot a fellow down
You'd treat if met where any bar is,
Or help to half-a-crown."



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 56 යේ පකෙක්May 18, 2017 at 10:30 AM

    උතුරේ පීඩිතයොයි දකුණෙ පීඩිතයොයි පණ පිටින් වලලපු 56යේ බන්ඩගෙ විප්ලවේ.
    සඝ වෙද ගුරු ගොවි කම්කරු .....පක තමයී...

    ReplyDelete
  2. Para issella comment Deka kalamadiriya blog eke thiyenawa dakala methenata damme me welawe sanwadadayata bhajanaya wiya yuthu wadagath karnu tikak nisayi. Ethana wadi publicity ekak labenne nane. Oninam Eka mention karala danna

    ReplyDelete
    Replies
    1. මෙතන මූඩ් එකට ඒක ගැලපෙන්නේ නැහැ නේ. ඒක වෙන ම එවන්න. මං ඕනැ නම් පෝස්ට් එකක් විදියට දාලා අදාළ බ්ලොග් එකට ලින්ක් කරන්නම්. කරුණාකර නැවත එවනවා නම් ස්තුතියි.

      Delete
  3. මී විතකට කර හැකි දේ

    ReplyDelete
  4. මේ කවිය පැය 12ක් ඇතුළත 10,000කට වැඩි පිරිසක් කියවා තිබෙනවා. ඒක ෆේස්බුක්හි ෂෙයා කරපු පිරිස් අතරෙ ලොකු ලොකු කලා පොරවල් අඩුයි. වාමාංශිකයන්, ප්‍රබුද්ධ චින්තකයන් හා මාව භෞතිකව දන්න, අපත් එක්ක දේශපාලනය කළ අය නම් ඇත්තේ ම නැති තරම්.

    ඒ ලෝකයෙන් පිට යුද විරෝධී කවියක් කියවන්නට එච්චර පිරිසක් ඉන්නවා ය කියන එක ගැන කවුරු කවුරුත් අලුතෙන් හිතුවා නම් හොඳයි. ලෝකය ගැන සතුටු වෙන්න, ලංකාව ගැන බලාපොරොත්තු තියා ගන්න මේක ලොකු ශක්තියක්.

    (අද දවස වෙනුවෙන් ලියමින් සිටි පෝස්ට් එක මකා දාලා අද උදේ මේ කවිය පරිවර්තනය කරන්නට ගත කළ පැය කාල මගේ ජීවිතේ වටිනා ම විනාඩි පහළව වෙන්න පුළුවන්. කවිය සෑහෙන කලකට කලින් රස විඳ තිබුණු නිසාත්, කීප වතාවක් ම ළමයින්ට උගන්වා තිබුණු නිසාත්, පරිවර්තනය කරන එක ලේසි වුණා.)

    ReplyDelete
    Replies
    1. වැඩි පිරිසක් කියෙව්වා කියන එකෙන් අන්තර්ගතය සත්‍ය හා පිළිගන්නා බව ගම්‍ය වන්නේ නැත.

      Delete
    2. මේ කවිය ටිකක් අර සිංහල දෙමල මුස්ලිම් ඔක්කොගේම ලේ එකයි, රතුපාටයි වගේ කියනව වගේ එකක්. මේක යුද විරෝධී අදහසක් තියෙන කවියක් වුනත්, ඔය කියන අය ඒ අදහසින් ම කියවනවද කියන එක ප්‍රශ්නයක්.

      සිංහල බොහෝ දෙනෙක් 'සිංහල දෙමල මුස්ලිම් හැමෝගෙම ලේ එකයි' කියන එක ප්‍රතික්ශේප කරන එකක් නැහැ. හැබැයි ඒ අතරෙම 'යුද්දෙ එහෙම හරි ඉවර කරපු එක හොඳයි නැත්නම් තාමත් අපිට බයෙන් තමයි ඉන්න වෙන්නෙ, යුද්දෙදි ඉතින් මිනිස්සු මැරෙනවා තමයි' වගේ කියන එක සාමාන්‍ය දෙයක්. සිංහල අති බහුතරය තාමත් යුද්දෙ ගැන කතා කරද්දි 'අපි' කියල කියන්නෙ හමුදාව ගැන කතා කරන කොට. ඔබ කියන, මේ කවියට කියවීමෙන් ප්‍රතිචාර දීපු අය එහෙම අය නෙමෙයි නම් ඒක ඇත්තටම සතුටු වෙන්න පුලුවන් දෙයක්. ඒත් ඒක ඇත්තටම එහෙමද?

      අනිත් එක මේ කවිය උතුරේ ගියපු යුද්දෙට සම්බන්ධ කරනවානම් පැහැදිලි නොගැලපීම් දෙකක් තියෙනවා.

      (1) යුද්දෙට / හමුදාවට බැඳෙන්නෙ පිච්චියක් අතේ නැති නිසා වෙන්න ඇති කියන එක උතුරේ එල්ටීටීඊ සාමාජිකයාට එහෙමමද කියල ප්‍රශ්නයක් තියෙනවා.

      (2) සොල්දාදුවා (සිංහලයා ) ඔහු එහිදී මරන මිනිහා (දෙමලා ) තැබෑරුමකදි හම්බ වුනා නම් එකට අඩියක් ගහයි කියන එකත් එහෙමම වෙයිද? සිංහල දෙමල අය එහෙම එකට අඩි ගහනව (එක එක දේවල්වලට එකතු වෙනවා කියන අදහස) තමයි. ඒත් ඒක එතරම්ම සාමාන්‍ය දෙයක් නම් නෙමෙයි නේද?

      ඔබේ උත්සාහය අවතක්සේරු කරනවා නෙමෙයි. එය අගය කල යුතුමයි. ඍනාත්මක අදහසක් ගේනවාත් නෙමෙයි. නමුත් යතාර්ථය ටිකක් වෙනස් කියලයි මට හිතෙන්නෙ. කොටින්ම තාමත් වැඩිපුර ධනාත්මක වෙන්න බැහැ කියන එකයි.

      - Dimithri

      Delete
    3. මේ කවිය අවුරුදු 100කටත් එහා පැත්තේ ලියවුණු එකක්. ඒත්, තවමත් එහි ආමන්ත්‍රණ හැකියාව ක්ෂය වෙලා නැහැ.

      ඔබ කියන සියලු කාරණාවලට මා එකඟයි. වර්තමාන යථාර්ථයට ගැලපෙන සාහිත්‍යයන් අලුතින් නිර්මානය කළ යුතුව තිබෙනවා.

      Delete
  5. සමාජ සම්බන්දතා ගැන සංවේදීබව හොදින් හගවයි. පරිවර්තනය මුල් කවියේ හැගීම ආරක්ෂා කරයි.

    ReplyDelete
  6. kawi kiyanna jiwathun athara inna ekama madayi :D ....arun awa nan bala ganna thibuna :D adi gahala saakkuwata keeyak hari daana widiya :D :D :D

    ReplyDelete
  7. පිස්සුද පැරා.. දෙමලු මරන එක පව් සිද්ද නොවෙන දිව්‍යලෝකෙ යන පිනක්... රහත් නම එහෙමලුනෙ දුටුගැමුනුට කියල තියෙන්නේ

    ReplyDelete
  8. පැරා,
    //රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
    ඒ මදැයි හේතුව බැඳෙන්නට//

    ආණ්ඩුවේ හමුදාවටත් LTTE සන්විදානයටත් විශාල පිරිසක් ඉන්නවා ඔයිට වෙනස් හේතු තියන.

    //ඒ ලෝකයෙන් පිට යුද විරෝධී කවියක් කියවන්නට එච්චර පිරිසක් ඉන්නවා //

    පැරා "යුද විරෝධී" කිව්වහම යුද්දයට කැමති "යුද විරෝධී" අය ඉන්නවා උදාහරණ "සාමය" වෙලදාම් කරමින් ජිවත් වූ පිරිස, මේ මිනිසුන් කට ඇරියොත් යුද්දයට විරුද්දයි හැබැයි හිත යටින් කැමැතියි මොකද යුද්දය නැති උනොත් තමන්ගේ රස්සාව නැතිවෙන නිසා

    ReplyDelete
    Replies
    1. //ආණ්ඩුවේ හමුදාවටත් LTTE සන්විදානයටත් විශාල පිරිසක් ඉන්නවා ඔයිට වෙනස් හේතු තියන.// මේකට මම එකඟයි. හේතු සංකීර්ණයි. හැබැයි වැටුප කියන එක මේ හේතු අතර කිසි සේත් ම නො සැලකිය නො හැකි සාධකයක්, කාට වුණත්.

      ලංකාවේ කවි ලියන තරමට කවි කියවන මිනිසුන් නැහැ. ඒ නිසා මොන විදියට හෝ මෙවැනි කවියක් එතරම් පිරිසක් කියවීම මා දකින්නේ සුබවාදී දෙයක් ලෙසයි.

      Delete
    2. කවිය කියවන්නේ කවියේ මුල ඇති සාරය දැනෙන විට පමනි. පසු සාරය දැනෙන විට කියවා අවසන්ය. එවිට එම ආත්ම ඝාතකය සොයනු හැගේ. වැටුප සාධකයක් විය හැක. එය සැම රැකියාවකටම සාධකයකි. වැටුපට ඡීවිතය උකස් කිරීම, අත පය නැතිව කද පමණක් ඇතිව ඉදිරි යේදී ඡීවිත් වීමට සිදුවීම දැන දැන වැටුපට වැඩ කිරීම. මොන තරම් අත්ම ශක්තියක්ද!!! ආත්මයක් නැති රැවුල, බඩ පමනක් ඇති ආත්උම ඝාතක න්මත්තකයන්ට මේ ඡිවිත විහිලුවක් වීම නිසැකයකි.

      Delete
  9. උන්මත්තකයන් පිරිසක් විසින් දමනු ලබන වෛරී කමෙන්ට් නිසා ඇති වී තිබෙන සංකීර්ණත්වය තුළ පළ කළ යුතු කමෙන්ටුවක් දෙකක් අතපසු වීමකින් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළෙමි. ඒ පිළිබඳ කණගාටුව පළ කරමි.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි.
    මතක්කර දුන්නාට, තේරුම් කර දුන්නාට
    කවදා හෝ දිනෙක
    අවබෝධ කර ගනී අන් සැම

    ReplyDelete
  11. “War is peace.
    Freedom is slavery.
    Ignorance is strength.”
    ― George Orwell

    ReplyDelete
  12. 1971 දී මාසයක කාලයක් තුළ සිංහලයන් 20,000 ක් මරා දැමුණි.

    1987-89 කාලය තුළ මාසයකට සිංහලයන් 2500 ක් මරා දැමුණි.

    1983-2009 කාලය තුළදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනයින්ගෙන් මාසයකට 320 ක් මරා දැමුණි.

    කොහොමද විජේවීර ත්‍රස්තවාදියාගේ කෙරුවාව? ප්‍රභාකරන් පරාදයි නේද?

    ReplyDelete
    Replies
    1. 60000ක් මැරුවේ විජේවීර ද?

      Delete
  13. Gamini Wijekoon says in FB

    I remember how I enjoyed discussing this poem with my O.L Lit students.I still quote it when I want to talk about the futility of war/How "war" makes one human being kill another without any personal enmity.It's a matter of which uniform one is wearing.(it is not a surprise that it has gone unheeded by "Revolutionaries" who fight for "Justice").

    Senaka Perera says in FB

    my comment is not here... any way , I killed my best friend and before I killed him I made him a tiger.... Now I am free and I don't want a friend.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා