දොස්තරලා වෙනුවෙන් කොන්දොස්තරලා වර්ජනය කිරීම
මැයි 1දා රැළිවලට සෙනග ඇදීමට හැටන් ඩිපෝවේ බස් 86න් 78ක් ද නුවරඑළිය ඩිපෝවේ බස් රථ 56න් 50ක් ද යෙදවීම නිසා ප්‍රදේශයේ ජනතාවට ගමන් බිමන් යාමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බව වාර්තා විය.
ලංගම යනු මේ වන විට, දූෂණයෙන් පිරි, ගුණාත්මකභාවයෙන් අවම සේවාවක් ලබා දෙන කුමන හෝ ලෙහෙසි ආකාරයකට මුදල් සොයන්නට කටයුතු කරන තවත් එක් ව්‍යාපාරයක් පමණක් බවට වෙනත් සාධක අවශ්‍ය ද? දේශපාලන පක්ෂ විසින් මැයි රැළිවලට සෙනග ඇදීමට බස් ලබා ගත් මිළ ගණන් හා සංඛ්‍යාවන් පිළිබඳ විස්තර පාරිභෝගික සංවිධානයක් විසින් මේ වන විට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.
මගේ ගමේ පාරේ ඈත අතීතයේදී තිබී ඇත්තේ වත්තුහාමි මුදලාලි ලෙස හැඳින්වුණ ව්‍යාපාරිකයකුට අයත්, ධාවනයට වේලාවක් නැති බසයක් පමණි. ඉන් පසු සවුත්වෙස්ටර්න් කොම්පැනිය ද එම පාරේ බස් ධාවනය කර තිබේ. ලංගම පිහිටුවීමෙන් පසු කාලසටහනකට විධිමත් අන්දමින් බස් ධාවනය සිදු විය. එහෙත්, අප පාසල් යන අවධිය වන විට ලංගම යනු තිරිසනුන්ගේ බස් සෙල්ලමක් විය. මා හතේ පන්තියේ සිටියදී කිළිටි බසයක පිටුපස අනේ මාව හෝදන්නැයි ලියනු දුටු එහි රියැදුරු වූ වයස අවුරුදු 30කට වඩා වයස වැඩිහිටියෙකු කීවේ “ඕක ගිහින් උඹේ අම්මගෙ ....... ලියා ගනින්," ය කියා ය.
වර්තමානයේ නම් කොයි තරම් නරක පෞද්ගලික බස් කොන්දොස්තර කෙනෙකුවත් අවුරුදු 12ක ළමයකුට මෙවැනි කුණුහරුපයක් කියන්නේ නැත.
අපේ ගමේ ධර්මරත්න නම් මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් ළමයෙකුට (ඔහුට ඒ වන විට වයස අවුරුදු 16ක් පමණ වන්නට ඇත) දවසක් එක් කොන්දොස්තරෙකු බසයෙන් එළියට විසි වෙන්නට මුහුණට අතමිට මොළවා පහර දුන්නේ ය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටියගේ මස්සිනා වන ලසන්තගේ මුහුණේ කැළලක් ඇත. ඒ අපේ ගෙවල් පාරේ ම පදිංචිකරුවකු වන ගංජා ගහන සෝමපාල නම් රියදුරා පාපුවරුවේ යන අයට තුවාල වනු පිණිස බසය මල් වැටකට හේත්තු වන පරිදි ධාවනය කළ නිසා ය.
මගේ පන්තියේ එකට සිටි කලවානේ අජිත්ගේ කකුල හිටි ගමන් ස්ටාට් කර ධාවනය කළ මානාන බසයේ රෝදයට යට නො වුණේ වැටුණු පාරට ඔහුගේ කකුල උඩට ඉස්සුණු නිසා ය.
මෙවැනි සිද්ධි තව ඕනෑ තරම් කිව හැකි ය. සරලව කිව්වොත්, අප ලංගම බසයෙන් පාසල් ගිය යුගයේ නොමැරී ඉතිරි වුණේ අපේ ම දක්ෂකම නිසා ය. කවුරු මොනවා කීවත්, පෞද්ගලික බස් නිසා අපේ රටේ ගමනාගමනයේ පහසුව විශාල වශයෙන් වැඩි විය. නිසි නියාමනයක් තිබේ නම්, මෙම සේවය ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ හැකි ය. ඒකාබද්ධ කාලසටහන් මේ සඳහා එක් විසඳුමකි. එයට විරුද්ධ ලංගමයි.
එහෙත්, ගිය සතියේ සිකුරාදා මවිසින් අත්දකින ලද සිද්ධියක් මතක් කරනුයේ ලංගම තව දුරටත් පිරිහී තිබෙන හැටි පෙන්නන්නට ය. මා මතුගම ලංගම බස් නැවතුමෙහි නවතා තිබුණු බසයකට ගොඩ වුණේ ගමට යාමට ය. ඒ අපේ පාරේ මතුගම සිට හොරණ දක්වා ධාවනය වන අවසාන බසයයි. අවසාන බසය ධාවනය වන්නේ කීයටදැයි ඔබ දන්නවා ද? අපේ මාමලා කියන කතාවක් වන්නේ ඒ දවස්වල නමයයි තිහේ ෂෝ එක බලලා එන්නටත් අපේ පාරේ බස් එකක් තිබූ බවයි. දැන් නම් අන්තිම බසය ධාවනය වන්නේ සවස හයයිකාලට හෝ රියදුරුට හිතුණොත් ඊටත් කලිනි.
මේ ලංගම බසයේ රියදුරා පසුපසින් පැමිණෙන මගට පමණක් ධාවනය වන බසයක් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ගොස් නගරයෙන් පිටත බස් නැවතුමේ පැය කාලක් නවත්වාගෙන බලා සිටියේ ය. දහදිය දමන බසයෙන් පිටත පිරිමි කිහිපදෙනෙකු රැඳී සිටියේ බසය පිටත් වන විට නගින්නට ය. රියදුරා වහා ගියරය දමා වේගයෙන් ධාවනය කළේ ඔවුන්ට නගින්නට බැරි වෙන්නට ය. (මානානේ අජිත්ට ද එකල කළේ මෙය ම ය.)
ඒ බසයට නගින්නට ආ කාන්තාවක ද මග දමා බසය ධාවනය විය. ඒ කාන්තාව පත් වන අපහසුතාව කෙතරම් ද යන්න වෙනත් මගීන් ඒ ගැන කතා කරද්දී පවා බසයේ රියදුරුට හා කොන්දොස්තරට අදාළ වූයේ නැත. මොවුන් හා පෞද්ගලික බස්වල කාර්ය මණ්ඩලත්, රජයේ බස් හා පෞද්ගලික බසුත් අතර වෙනසක් නැත. සෙනග සිටින වේලාවලට සේවය සැපයීම පැත්තෙන් නම් පෞද්ගලික බස්වල තත්වය හොඳ ය. අතුරු මාර්ගවල රාත්‍රී සේවාවන් යන්තමින් හෝ පවත්වාගෙන යන්නේ ලංගම පමණි.
පසුගිය දිනෙක ලංගම රියදුරකු හා කොන්දොස්තරවරයකු සමග කළ කතාබහකදී මට අපූරු තොරතුරක් දැනගන්නට ලැබිණි. දුර ගමනක් ගොස් රාත්‍රිය ගත කරනවාට කොපමණ අමතර දීමනාවක් හෙවත් නයිට් අවුට් එකක් ගෙවනවා ද කියා ඔබ දන්නවා ද? රාත්‍රී ඔන්කෝල් සේවා වෙනුවෙන් වෛද්‍යවරයකුට ගෙවන මුදල කොපමණ ද?
රාත්‍රිය මදුරුවන් කමින් බසයේ හෝ වෙනත් අම්බලමක රාත්‍රිය ගත කරන රියදුරාට හා කොන්දොස්තරට ගෙවන නයිට් අවුට් එක ගෙඩි රුපියල්වලින් පනහක් පමණි. මේ වනාහි ලංගම පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ම පිරිස්වලට ඇති සැලකිල්ලේ තරමයි.
මා ලංගම රියදුරන් ගැන කතා කළේ අන් හේතුවක් නිසා නොව, මේ මිනිසුන් ද හෙට සයිටම් විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි කියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග වර්ජනය කරන බව කියන නිසා ය. හෙට වර්ජනය කරන බව කියන කිසිදු වෘත්තීය සමිතියක් සිය සාමාජික සංවිධාන කැඳවා මේ සම්බන්ධ ප්‍රජාතාන්ත්‍රික තීරණයක් ගෙන නැත. මේවා සම්බන්ධ තීරණ ගන්නේ රාජපක්ෂ පවුලයි. සමිති නායකයන් කරන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. මීටත් වඩා වහල්කමක් තවත් තිබේ ද?
පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇතුළත්ව අධ්‍යාපනයේ නිදහස ගැන අප ඉතා පැහැදිලිව ම සිටින්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා දේශපාලනිකව මෙයට විරුද්ධ වන්නට පෙර ප්‍රකාශ කළ පහත වීඩියෝවේ දැක්වෙන ස්ථාවරයේ ය. ඊට වඩා දෙයක් එහි නැත.
මෙයට විරුද්ධ වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ මොහොතේ නම් ඇත්තේ ආණ්ඩු පෙරළා මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ උවමනාවයි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සිසුන් හා වෘත්තීය සමිති මෙම ව්‍යාපාරයට තල්ලු කරන අන්තවාදී බලවේගවලට තිබෙන්නේ කඩාකප්පල්කාරී මානසිකත්වයක් පමණි. දේශපාලන විකල්පයක් ඉදිරිපත් කිරීමට අසමත් ඔවුන් විසින් ද අවසානයේ කරනු ලබන්නේ රාජපක්ෂලාට පාර කපා දීමයි.
අපට සයිටම්ට පක්ෂ වන්නට ය කියා සුවිශේෂ හේතුවක් නැත. එහෙත් අප කියන්නේ මෙයයි. රජය ව්‍යාපාර කරන්නට නො යා යුතු ය. හේතුව රජය ව්‍යාපාරකරණයට ගොස් අනා දැමූ ලංගම හා මිහින් ලංකා වැනි වැඩකට නැති සුදු අලි නඩත්තු කරන්නට සිදු වී තිබෙන්නේ මහජනතාවටයි. රජය පුළුල් වෙන තරමට සිදු වන්නේ මහජනතාවගෙන් අය කරන බදු වැඩි වීම පමණි. රජය තවත් පළල් වීමට පෙර දැනට තිබෙන රාජ්‍ය අංශය කාර්යක්ෂම කර ගත යුතු ය.
අධ්‍යාපනය වෙළඳපොළකරණය කළ යුතු බවක් අප කියන්නේ නැත. එසේම, වෙළඳපොළ හෝ වෙළඳපොළ සාධක යනු යකෙකු, රකුසකු වන්නේ ද නැත. වෙළඳපොළට විකල්පයක් ද නැත. වෙළඳපොළ වෙනුවට රජය නොමිළේ දෙනවා ය කියන එක මිථ්‍යාවකි. රජය පදනම් වන්නේ ද වෙළඳපොළ මත ක්‍රියාත්මක කරනු ලබන බදු ආදායම් එක් රැස් කිරීමේ යාන්ත්‍රණය මත ය. රජය විසින් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති කර තිබෙන තත්වය වන්නේ 125,000ක් විශ්වවිද්‍යාලවලට යාමට සුදුසුකම් ලබන විට බඳවා ගන්නේ එයින් පහෙන් පංගුවක් පමණ වන 25,000ක පමණ පිරිසක් වීමයි. මෙම තත්වය වෙනස් කිරීමට රජයට ප්‍රායෝගිකව බැරි ය. එසේ වෙනස් කරන්නට යනවා ය කියන්නේ ම මහජනයාට තවත් අති විශාල බදු බරකට උර දෙන්නට සිදු වීමයි.
උසස් අධ්‍යාපනය යනු ආයෝජනයකි. වැඩි දෙනෙකු වෛද්‍ය උපාධි හදාරන්නේ මහජනතාවට සේවය කිරීමට වඩා අසීමිතව මුදල් උපයන්නට බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ වෙනුවෙන් තමන්ගේ මුදල් ආයෝජනය කරන්නට කැමති අයට එසේ කරන්නට අවස්ථාව තිබිය යුතු ය. එමගින් මහජනතාව මත පැටවෙන බදු බර අඩු වේ. එහි ප්‍රමිති ආරක්ෂා කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වැනි ආයතන තිබේ. ප්‍රමිති ආරක්ෂා කරන එක හෝ කර ගන්නට බැරි රජයකට සියලු දෙනාට නොමිළේ උසස් අධ්‍යාපනය ලබා දෙන්නට පුළුවන් යයි සිතීම ම ඉතා බොළඳ ය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා දුප්පත් සිසුන්ට අවස්ථාව නො ලැබේ ය යන්න බොළඳ තර්කයකි. දුප්පත් සිසුන්ට රජයේ විශ්වවිද්‍යාලවල තිබෙන අවස්ථා තවමත් පුළුල් වෙමින් තිබේ. මේ වන විටත් රජය අලුතෙන් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමේ කටයුතු කරමින් සිටියි.
මුදල් ගෙවා තමන් කැමති විෂය ධාරාව ඉගෙන ගැනීමට කැමති මූලික සුදුසුකම් ඇති සිසුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම නරක වන්නේ මුදල් තිබෙන අයට ඉරිසියා කරන පටු අදහස්ධාරීන් පමණි. ඇත්තම කීවොත්, දුප්පත් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය අහිමි වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමේදී ම ය. හොඳම පාසල් ටික දැනටත් හිමි කර ගන්නා වැඩි දෙනෙක් ධනවත් පවුල්වල දරුවෝ ය. හොඳම ටියුෂන් අවස්ථා හිමි කර ගන්නේත් ඔවුහු ය. රජයෙන් දෙන නොමිළේ අධ්‍යාපනය අයිති කර ගන්නේ දුප්පත් පවුල්වල දරුවන් ම නො වේ. මෙම අවස්ථා හිමි වන්නට නම් දුප්පත් පවුල්වල දරුවන් අසාමාන්‍ය ලෙස දක්ෂ විය යුතු ය.
උසස් අධ්‍යාපනය ස්වාධීන, ලාභ නොලබන ආයතන විසින් පවත්වාගෙන යාම අපට ගොඩනගා ගත හැකි සමාජවාදී විකල්පයයි. එහෙත්, ඒවායෙහි ද ගුරුවරුන්ට වැටුප් ගෙවිය යුතු ය. ආයතන නඩත්තු කළ යුතු ය. ඒ වියදම උසස් අධ්‍යාපනය ලබන අය ගෙවීමෙහි වරද කුමක් ද? දක්ෂ හා දිළිඳු සිසුන්ට ශිෂ්‍යත්ව, සහනාධාර හා ණය අවශ්‍ය ය. ඒ වෙනුවෙන් දැනටමත් විශ්වවිද්‍යාල පද්ධතියක් තිබේ. එය තව සංවර්ධනය කළ යුතු ය. එහෙත්, විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේ අවස්ථාව නො ලබන අති විශාල පිරිසට ද සාධාරණය ඉටු විය යුතු ය. පෞද්ගලික විශ්වවිද්‍යාල විසින් සේවා සපයන්නේ මෙම පිරිස වෙනුවෙනි. ලංකාවේ ස්වාධීන විශ්වවිද්‍යාල ගොඩනැගීමේ පදනම් පවා අලුතින් ගොඩනැගිය යුතුව තිබේ. එහෙම දෙයක් ගැන හිතන්නට හෝ හැකියාවක් මෙරට බුද්ධිමතුන්ට නැත. උදාහරණයක් ලෙස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි ලාභ නො ලබන ස්වාධීන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට මුල පුරන්නේ නැත්තේ ඇයි?
හෙට වැඩ වර්ජනය සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මෙයයි. මේ රටේ පුරවැසියන් යනු ඔය වර්ජන මෙහෙයවන පිරිස පමණක් නො වේ. අප ද පරාවර්තනය කරන්නේ මෙම ප්‍රශ්නය සම්බන්ධ මහජන අදහස් නියෝජනයකි. රජය සවන් දිය යුත්තේ වර්ජකයන්ට පමණක් නො වේ. සාමකාමී පුරවැසියන්ට ද හඬක් ඇති බව රජය මතක තබා ගත යුතු ය.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ලංගමයේ පින් පඩ් ගන්නා සහ වැඩ කරන බහුතරය පසුගිය වසර 20 තුළ ශ්‍රීලනිපයට කඩේ ගොස් රැකියාව ගත් අය බව පැහැදිලිය. වර්තමානයේ ඔවුන් තම ස්වාමියා ලෙස සලකන්නේ මහින්ද රාජපක්ෂය. වැඩවර්ජනයට සම්බන්ධවන සියළුදෙනා එය කරන්නේ තම ස්වාමියා වෙනුවෙනි. බේත නම් 1980 කරපු දේමය.
ReplyDeleteඔය P.M. කියන්නෙ පො_ න මානසික කියන එක නේද?
Deleteහෙට සීටීබී යයි පෙට්‍රෝලියම් එකයි හමුදාවට බාර දෙනවානම් සතුටුයි,
ReplyDeleteමා කුඩාකල පාසල් ගියේ ලංගම බස් රථයක. මා සිටි මාර්ගයේ ගමන් ගන්නේ එම බස් රථය පමණයි ඒ දිනවල. තනි දොර කුඩා බස් රථයක් වූ එහි ගම්මාන කිහිපයකම පාසල් ළමුන්, නගරයට එන වැඩිහිටියන් උදැසන බස් රථයේ නැගී එනවා. අප කිසිවෙකුත් ආසාවට නොවෙයි එහි දොරේ එල්ලී යන්නේ. ඉඩ නැති නිසා. අපගේ මාර්ගයේ එක්තරා ස්ථනයක කටු පඳුරු රාශියක් තිබෙනවා. බස් රථයේ රියදුරා එම ස්ථානයෙන් රථය ධාවනය කරන්නේ කටු පඳුරු වල ගෑවෙන ලෙසයි. ඉඩ නැති නිසා පාපුරුවේ යන සියල්ලෝගේම ෂර්ට් කලිසම් ඉරි ලේ මතුවෙනවා.
ReplyDeleteඑහි කොන්දොස්තරවරයා බස් රථයේ පාපුරුවේ ඉහල සිට ළමුන් ඇතුලට යන්නේ නැහැ යයි කියමින් ළමුන්ගේ සුදු ඇඳුම් වල ඔහුගේ අතේ ඇති පෑනෙන් ඉරි අදිනවා. මාත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා.
අපේ ගමේ 218 බසයේ සිටි ඩ්‍රැයිවර්ලා සහ කොන්දොස්තරලා ඉතා හොඳ මිනිසුන් බව සඳහන් කර තබමි!
ReplyDeleteඅපේ ගමේත් ඔයවගේ නරක ඩ්‍රයිවර්ලා කොන්දොස්තර වරු මුනගැසී නැත.
Deleteඅපේ ගමේ සිටි ලංගම රියදුරන් වන සයිමන් අයියා හා රත්නායක මාමා ඉතා හොඳ මහත්වරුන්ය.
Deleteයකාගෙ හැටියටලු විමානේ.
Deleteමං හිතන්නේ මේ පස්දුන් කොරළේ මිනිස්සුන්ගේ හැටි.
//යකාගෙ හැටියටලු විමානේ.//
Deleteඑහෙනම් ඉතින් රසිකලගේ ගමේ බස් ඩ්‍රයිවර්ලා බුරන කට්ටිය වෙන්න ඕනේ.
ඒකාලෙ ලංගම වැඩ කල එවුන්ගේ උද්දච්චකම අද "අපි කරන්නේ සේවයක් නිසා ලංකාවේ හැමෝම අපිට ණයගැතියි" කියන ආකල්පයෙන් ඉන්න GMOA දොස්තරලාගේ වගේ යැයි අසා ඇත්තෙමි..
ReplyDeleteලංකාවෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල වල ඉන්න GMOA ගෝත්‍රික ත්‍රස්ත කල්ලියට සම්බන්ධ දොස්තරලා තරම් කුහක, හීනමානයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරි සත්ව කොට්ටාශයක් වෙනත් කිසිම රටක නැතුව ඇති.
ReplyDeleteලාංකික සිසුන් නේපාලය, බංග්ලාදේශය, චීනය, බෙලරුස් ආදී රටවලින් ගෙන එන වෙද උපාධිවල ප්‍රමිතිය ගැන අන්දෝසංසාරයක් නොසොයන හා නොදොඩන මේ පිස්සු වාහෙලා SAITM යට විරුද්ධ සේම,
හෙද සේවයේ සිව් අවුරුදු සම සෞඛ්ය උපාධියට එරෙහිව සටන් කර ආණ්ඩුව බිය ගන්වා එය අවුරුදු තුනේ උපාධියක් කර එහි ජාත්‍යන්තර පිළිගැනීම අහෝසි කරමින් හා
සහකාර වෛද්‍ය (AMP) වරුන්ට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ සාධාරණ අයිතියට එරෙහිවී එම AMP වරුන් වෘත්තීය වශයෙන් වැඩි දියුණුවී රෝගීන්ට වඩා ප්‍රශස්ත සේවයක් ලබාදීමේ අවස්තාව නැති කරමින්
ඊර්ෂ්‍යාව, කුහකකම හා අධි ආත්මාර්ථය මත සාපරාධී දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට GMOA නඩය හා මෝල් කාන්තලා උන්මත්තක අයුරින් ත්‍රස්තවාදී සටන් කරන්නේ අසරණ රෝගීන්ගේ මලකදන් මතින් හෝ පරාජිත මහා රජාව නැවත රජ කරවීමටයි.
අද්යාපනය සවුක්ඛය ප්‍රවාහනය යනු රටක තිබිය යුතු මූලික සමාජ සුබ සාදන සේවාය.ඒවාට හුවමාරු වටිනාකම් දෙන්නට කතාකරන්නේ තක්කඩියන් හෝ මෝඩයන් පමනි.
ReplyDeleteරජය අධික ලෙස බදු අය කර, එයින් විශාල ප්‍රතිශතයක් අධික ලෙස වරප්‍රසාද ලබන දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා අඩුවෙන් වැඩ කරන රජයේ සේවක පිරිසක් නඩත්තු කිරීමට තබාගෙන, එසේ තබා ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ඉතිරි රොඩ්ඩෙන් එපා වාහෙට හොදි බෙදන්නා සේ දෙන අධ්‍යාපනය, සෞඛ්‍යය හා ප්‍රවාහනය යනු ඔය කියන විදියේ මූලික සමාජ සුබසාධන සේවා නොවේ. ඒවායේ හුවමාරු වටිනාකම ඇත්තේ ද වෙළඳපොළේ ම තමා ය. ඒ අප ගන්නා සෑම භාණ්ඩයක් ම සේවාවක් ම ගානේ අධික ලෙස බදු අය කිරීමෙනි. ඔය තියරි වර්තමානයට ගැලපෙන්නේ නැත.
Deleteරජයට වඩා වෙළඳපොළ ද යුක්තියුක්ත බව තේරුම් ගැනීමට ලංගම දෙස බලන්න.
// AnonymousMay 4, 2017 at 7:35 AM
Delete@ Anonymous May 3, 2017 at 11:54 PM
"එනිසා අප එම අනතුර පරාජය කොට තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2/3 බලයෙන් 2020 ජනපති කරවනවා."
සගය, මේ නම් මන පිනවන අදහසකි. මීට යමක් එක් කිරීමට කැමැත්තෙමි. මේ තුනෙන් දෙකේ කතා බොහෝ විට අසා ඇත්තෙමි. තුනෙන් දෙකක් නොව සාර්ථක ප්‍රතිපල පිණිස තුනෙන් තුනම අවැසිය. යම් ප්‍රතිපලයක් පිණිස නම් යටත් පිරිසෙයින් ප්‍රධාන එක සහ සෙසු දෙකින් එකක්වත් ඇවැසිය.
මෙවන් ඇනෝවරුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙස් නයු බවට ඔසවන්නට උත්සුක වනුයේ ප්‍රධාන එක අමතක කරමින් ඉතිරි දෙක මත විශ්වාසය තබා පරිකල්පනය කරන තුනෙන් දෙකේ බලයෙනි.
ප්‍රධාන එක අමතක කර ඉතිරි දෙකෙන් අසවල් කිරිය කෙරුමට තැත් දරු සියලු පුඟුලන්ට අත්වූ ඉරණම මුන්ටද අත්වනු නිසැකය.
- මයුරවිල මි.
Sarasa May 4, 2017 at 7:43 AM
//
ප්‍රධාන එක අමතක කර ඉතිරි දෙකෙන් අසවල් කිරිය කෙරුමට තැත් දරු සියලු පුඟුලන්ට අත්වූ ඉරණම මුන්ටද අත්වනු නිසැකය. //
හෆොයි..
වේලෙන්නත් කලින් පත්තරෙත් දාලා.......\\
අදාල නෑනේ!
Deleteසීසන් නැති දවස්වලට අපි සුදු බණ්ඩා කොන්දොස්තර එන බස් එක අල්ලගන්න පොරකනවා, එයා රුපියල් 5 දුන්නම රුපියල 5 ටිකට් එකක් දීල රුපියල් 2ක් ඉතුරුත් දෙනවා, කාබන් කොළ නැතුව ටිකට් ලියන්නේ, එයත් ගානක් සාක්කුවේ දාගන්නවා ඇති, මෑන් හොඳ ජෙප්පෙක්, ආණ්ඩුවට පාඩු කරලා අපට වාසියකුත් අරන්දෙන නිසා ඒකාලේ මිනිහ අපේ වීරයෙක්.
ReplyDeleteපැරා ලංගමය ගැන හොද විග්‍රහයක් කරන්න උත්සාහ කලත් මුලික කරුණු යටපත් කරලා. 56 පෙරලියේදී පුද්ගලික බස් ජනසතු කිරීම නරක දෙයක්. එකෙන් උනේ දේශීය ව්‍යවසායකයන්ගේ නැගිටීම බිද වැටීමමයි , මෙහි බලපෑම අදටත් දක්නට තියෙනවා.දේශපාලන පත්වීම් නිසා බිද වැටුනේ ලංගමය විතරක් නෙමෙයි . වැවිලි කර්මාන්තය එහෙම පිටින්ම කඩා වැටිලා,කැලෑවට ගොස් තිබෙන වතු කොච්චර නම් තියෙනවද? අපේ රටේ පොදු ප්‍රවාහන කේෂ්ත්‍රයේ බිද වැටීමට එකම හේතුව අන් රටවල් කරන්නාක් මෙන් ප්‍රසස්ථ සේවය සැලසීම නොව, ලාභ ලැබීම මත එය පාලනය කරන්නට හදන මායාව නිසයි. මහජනයා ලංගමය නඩත්තුවට රජය හරහා කෙලින්ම මුදල් දෙන අතර, පුද්ගලික බස් වෙනුවෙන් විවිධ බදු සහන මගින් මුදල් දෙති. මේ මායාවෙන් ගැලවෙන තුරු මේ රටේ පොදු ප්‍රවාහනය සාර්ථක එකක් වෙන්නේ නැත.
ReplyDeleteබැරිද සමරසේකර අර විචරක ගිය පාරේ යන්න
Deleteබ්රෝ,
Deleteඔයාලාගේ මේ සිංහල ජාතිය මහා අප්ෂට් ජාතියක් බ්රෝ. කිව්වට මොකද මහ පඩත්තර ජඩ ගති තියෙන කට්ටියක්. තමන්ගෙ වැඩේ වෙනවනම් අනුන්ට හෙණ ගැහුවත් අවුලක් නෑ. මේ රට හදන්නනම් ඔයාලව ඔක්කොලාම මුස්ලිම් කරන්න ඕන. දෙමළ උනත් හොඳයි ඔයාල කැමතිනම්.
ඔය අත්ත මුත්ත කාලේ බබා හුකුන් හරියන්නේ නෑ අංකල්. ඔයාලගේ පරම්පරාව තමයි මේ රට කෑවේ. අර පැරා කියනවා වගේ කකුල් දෙක ලග දණගහල ඔයාලට වදින්න නෙවෙයි ඕනේ. කකුල් කැඩෙන්න ගහන්න ඕනේ ඔයාලගේ පරම්පරාවේ ඔයා ඇතුළු පාදඩ නාකින්ට මේ රට වලපල්ලට ගෙනිච්චට.
Deleteලංකාවෙ ජොස්තර මාෆියාව ප්‍රජාචන්තවාදීව මැනේජ් කොරන හැටි හුදී ජනයාවන අපි බලා සිටිනවා.
ReplyDeleteඅපේ පැත්තෙනං සීටීබී තමා ගුණාත්මක සේවයක් සපයන්නෙ.
ReplyDeleteකොහෙද මචන් ඔය අපි නොදන්නා පැත්ත
Deleteඔයාටත් ලොකු ඇරියස් එකක් තියෙනවනේ ප්‍රයිවට් යුනි එක්ක. අර කලින් පොස්ට් එකක් ලියලා කොමෙන්ට් වලට උත්තරදීගන්න බැරුව ගලේ පහරපු බලල වගේ මාරු උනේ. මතක නැද්ද දැන් ? කුණුගොඩවල් ඔලුවේ තියාගෙන ඉන්නේ නැතුව ලෝකේ අනිත් මිනිස්සු යන විදිය බලන්න. මාධ්‍යවේදියෙක් නේද ඔයා ?
Deleteමේ වර්ජනය ඉවර වුණාට පස්සෙ කෘතගුණ සලකන්න පෞද්ගලික බස් තහනම් කරන්න කියල කාර් වල යන දොස්තර ගොල්ල ස්ට්‍රයික් කරයිද?
ReplyDeleteඇයි තමුසේ අර දොස්තර් වර්ජන නවත්තන්න මොකක්ද සිරා ක්‍රමයක් ගැන පෝස්ට් එකකුත් ලිව්වා නේද? දැන් ඒ ක්‍රමය දාලා ස්ට්‍රයික් එක නවත්තනවකෝ.ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්නන්න ඕනේ කිව්වා නේද.එතකොට ලෙඩාකියන ඒවා දොස්තරට තේරෙයි කියලවත් හිතුවද.අනේ මෙහෙමත් මෝඩයෝ
Deleteසිරිසේනගේ අච්චාරු ආණ්ඩුවටත් 'SAITM' තුවාලේ වේලෙන්න නොදී තියාගන්න උවමනාවක් ඇති.
ReplyDeleteනැතිනම් වයිද්‍ය සභාවේ සභාපති කමට බුද්ධිමත් සාධාරණ පුද්ගලයෙක් පත් නොකර, අර ඩෙට් එක්ස්පයර් වෙලා මොලේ කචල් වෙච්ච කාලෝ හම්පඩයව, එකටෙන්ෂන් දිදී, වැඩේ අලකරන්න ඉඩදීලා ඒකෙම තියාගෙන ඉඳීද?
අජිත් පැරකුමා,
ReplyDeleteඋඹ අනින් එවුන්ගේ රෙද්ද අස්සවලට එඹෙන්නේ තොගේ ගෙදර කුණු තියන් බව අමතක වුණාද? ලංකාවේ රජයේ සේවේ කෑව එකෙක් උඹ. එක කාලයක් රට ගිනි තියලා රජය සේවය කාපූ එකෙක්. තෝ ඊට පස්සේ ගුරුකමට ඇවිත් රාජ්‍ය සේවයයි ගුරුකමයි දෙකම කෑවා. තොගේ චිංචිමාණිකාව රජයේ සේවයේ තව පැත්තකින් කනවා. තොට තොගේ ගෙදර ඉන්න ගෑනිව හදාගන්න බැරුව ඉදන්ද තෝ රට හදන්න යන්නේ?
තොගේ චිංචිමාණිකාව රජයේ සේවය කරපු හැටි සිස්ටර් එන්. ප්‍රනාන්දු වගකීමකින් යුතුව එළිකලා. ඇයි උඹ ඒ කමෙන්ට් එක දිගින් දිගටම මකන්නේ? උඹේ චිංචිමාණිකාවගේ සර්විස් රෙකොඩ් එක රෝහල් කමිටුවෙන් එළිකලා. ඇයි උඹ දිගින් දිගටම ඒ කමෙන්ට් එක මකන්නේ?
කර්ටන් එකක් දාලා පාර්ටිසන් කරන් තිබ්බ උඹේ වල්අම්බලම අහස උසට නගින හැටි, රතු සිමෙන්ති ටිකක් පොළවට දාගන්න බැරිව හිටපු උඹ දැන් දෙකයි දෙකේ ටයිල්, ඩුවෙල් ලේයර් ටයිල් පොළවට අල්ල ගන්න හැටි, පීල්ලෙන් නෑව උඹ ඇමෙරිකන් ස්ටෑන්ඩර්ඩ් නාන කාමරයක් හදාගත්ත හැටි අපි ලගදිම එළිකරනවා පැරා. යකෝ රට ජාතිය පාවලා දීලා, ආණ්ඩුවේ දේවල් හොරා කාලා ඕව කරන්න එපා. වෙහෙස මහන්සි වෙලා දියුණු වෙයන්.
උඹ ලංකාවේ විනිමය නීති උල්ලංඝනය කරලා පොරෙක්ස් කරන හැටි, සල්ලි නෙටර් කරන හැටි අපි ලගදිම සාක්කි ඇතුව එලිකරනවා. උඹ පොරෙක්ස් ගැන ප්‍රශ්න කරපු කමෙන්ට් ගිය අවුරඅද්ද පුරාම කැපුවා මතකද?
උඹ අර දොස්තර මහත්තයෙක්ට අසහනකාරය කියලා ලොකු ගැම්බර් එකක් දැම්මා නේද? උඹේ අසහන වැඩ අපි එලිකරන්න ද ආයෙත්? කන්තලේ අම්මා කෙනෙකඅයි දුවවයි උඹ නැති කරපු හැටි, ටයිප් සෙටින් කෙල්ලගෙ පවුල අවුල් කරපු හැටි ඒවායේ හිරිකිත එස් එම් එස් එක්ක එලිකරන්න ද? ඇයි අර අපේ ම එකෙක්ගේ නෝනාට ඔබ අසහනකාරී මෙසේජ යවලා මාට්ට් වුණ හැටි, මතකද උඹට.
පැරා අපි උඹේ ෆයිල් එක ඕපන් කරොත් උඹට එල්ලෙන්න වෙන්නේ ඔය බැල්කනියෙන්. ඒක නිසා පොර ටෝක් ඉෂු නොකර යටහත් පහත්ව හිටපියා සෙවලයා.
උඹ දැන් එක එකාට ලොකු ටෝක් ඉෂු කරන එකේ සිස්ටර් ප්‍රනාන්දුගේ එළිදරව්වට ඉඩ දීපියකෝ චණ්ඩියා.
පැරා... මේ ප්‍රශ්නෙට උත්තර දියන් . නැත්නම් මේ ඇත්ත කියල හිතනව අපි. මේකට උත්තර දෙනකම් මේ ප්‍රශ්නෙ දිගටම මං කොපි පේස්ට් කරනව.
Deleteමේක ඇහුවෙ නම් මං නෙමෙයි.
ඉතින් යකෝ ඔය ඔක්කොම එළි කරපන් කෝ. මං කමෙන්ට් කපනවා කියනව එවුන්ට තියෙන්නෙ සිම්පල් ප්ලෑන් එකක්. ඔය චිංචිමානවිකා නමින් වුණත් කමක් නැහැ ෆේස්බුක්වල ෆේක් ප්‍රොෆයිල් එකක් ඇරපල්ලා ලස්සන ගෑනු ශරීරයක පිංතූරයක් දාලා. ඊට පස්සෙ ලංකාවෙ වාමාංශික, දක්ෂිණාංශික පිරිමින්ට රික්වෙස්ට් යවපල්ලා. එතකොට මේ මං පවා ඒවා ඇක්සෙප්ට් කරනවා. නෙට්වර්ක් එක ලේසියෙන් ම 5000ට දාගන්න පුළුවන් ලස්සන ෆොටෝ දෙක තුනක් දානකොට. ඊට පස්සෙ එතන ඔය කියන දේ දාලා හෙළිදරව් කරපල්ලා.
Deleteආ, ඔන්න මං හෙට ලංකාවෙ වෙලාවෙන් රෑ 10න් පසු නිදා ගන්නවා. හෙට උදේ මට අධ්‍යාපන වැඩක් තියෙනවා. ඒ නිසා හවස තුන හතර වෙනකල් මේ පැත්තේ නො එන්න ප්‍රොමිස් වෙන්නම්. මාව හෙළිදරව් කරපල්ලා.
හෙට නෙමෙයි අද රෑ 10න් පසු.
Deleteමචං පැරා...
ReplyDeleteමම වලල්ලාවිට.
අපිට නම් අන්තිම බස් එක රෑ 9.30. ඉරිදට ඒ බස් එකේ මහත්තුරු දෙන්න කරන සේවය සෑහෙන්න වටිනව.
මතක ද ගැටය කියල ඩ්‍රයිවර් කෙනෙක්? ඕක ස්කෝලේ ළමයින්ට නවත්තන්නේ නෑ බස් එක. අපි කරන්නේ ගෙවල් ගාවින් පොඩ්ඩක් එහාට ගිහින් (මොරගල කන්ද නගිනකොට) වංගුවෙ දි එල්ලෙනව බස් එකේ. ටයිමින් ජියර් බොක්ස් නිසා උෟට කොහොමවත් ඒ වංගුව පිකප් කරල අද්දන්න බෑ...
ඔන්න ඔය වගේ තමයි. හැම තැනම හොද නරක මිනිස්සු ඉන්නව . මේ බ්ලොග් ලෝකේත් එහෙමනේ බං...
හැබැයි ගොන් කතා කියන්නෙපා. තවමත් සමහර ඩිපෝ තියෙනව සේවකයින්ට හොදට සලකල හොද ආදායමක් තියා ගන්න ඒවා. ඇල්පිටිය රත්මලාන එහෙම තවමත් යම් ස්ථාවරයක තියෙනව කියල අහල තියෙනව.
උබට ගිය පඩේ ගදයි කියල හැම පඩයක්ම ගදයි කියල තීරණය කරන්නෙපා.
වලල්ලාවිට නම් මතුගම හරහා යන ගමන් නෑබඩ පාරෙ හොරණ අන්තිම බස් එක තියෙන්නෙ කීයට ද කියලා අහ ගනින්.
Deleteමගේ පඩේ විතරක් නෙමෙයි ගඳ බව දැන් උඹේ පඩෙත් යවලා පෙන්නලා තියෙනවා නේ.
මාස දෙක තුනකට උඩින් මම රත්මලාන ඩිපෝ එකේ පැය තුන හතරක් ගත කළා. උඹත් පලයන් ළමයිනුත් අරගෙන ඒක බලන්න ට්‍රිප් එකක්. එතෙකොට තේරෙයි තත්වෙ. රත්මලාන එහෙම නම් අනෙක් තැන් ගැන හිතා ගන්නට පුළුවන්.
වෙලෙඳපොළ යාන්ත්‍රණය ගැන විශ්වාසය තියන්න පුළුවන් නිදහස් තරඟකාරීත්වයක් තියෙනවා නම්, අඩු ගානේ යම් තාක් දුරකට. පුද්ගලික බස් සේවය වේවා ලංගම වේවා හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා. හැබැයි මේ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය මඟින් වෙන්නේ තරඟය සීමා වෙන එක, ඒ කියන්නේ පාරේ රේස් යන එක නෙවෙයි,කාල සීමා අතර තරඟය සීමා වෙන එක. 154 වගේ රූට් එකක පුද්ගලික බස් පැය ගණන් කොටනවා. සාපේක්ෂව ලංගම බස් රථය ඊට වඩා ඉක්මනින් යන අවස්ථා තියෙනවා. 176ත් ඕක තියෙනවා. එතකොට මඟ කොටලා සෙනඟ පටවන් එන පුද්ගලික බස් එකක් දැක්කම ඒ එක්කම ඊට පස්සෙන් සෙනඟ අඩු ලංගම බස් එකක් එන්න පුළුවන් දැන් තියෙන ක්‍රමයට. ඒත් ඒකාබද්ධ ක්‍රමයකදි එහෙම වෙයිද? අනික 99 වගේ රූට් එකක යන පුද්ගලික බස් ගොඩක් අර්ධ සුඛෝපභෝගී (නමට), ඒත් ලංගම බස් සාමාන්‍ය ගාස්තු වලට යන ඒවා ඕන තරම් තියෙනවා. ඒකාබද්ධ ක්‍රමයකදී අර වැඩි මුදලක් අය කරලා මගියාට ඒ පහසුව දෙන්නෙ නැති බස් රථයට සාමාන්‍ය ගාස්තු බස් රථයෙන් එන තරඟය නැති වෙනවා.ඒක බස් හිමියට නම් ෂෝක්.ඒත් මඟියට?
ReplyDelete