අලුත් වමක් (?) හදමු!

සම්ප්‍රදායික පක්ෂවලින්, වාමාංශිකයන්ගෙන් නියෝජනය නො වන සාධාරණ පුරවැසියන් (කාන්තාවන් ද ඇතුළුව යයි විශේෂයෙන් කිව යුතුව තිබේ.) වෙනුවෙන් අලුත් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය යයි ඔබටත් සිතෙනවා නම්, ඔබේ අදහස් ලියා යන්න. 

WE ARE BRAINSTORMING.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනිවාර්යෙන්ම අවශ්‍යයි. මීට කලින් ලැබිය යුතු පණිවිඩයක්.රටට අදෙරේ සැවොම එක්විය යුතුයි.
    +

    ReplyDelete
  2. සීන් එක දිගෑරල කියහංකො පැරා.
    අන්තිමට අපි කාටද කඩේ යන්නෙ කියල අපිම දන්නව නම් ඒකත් ලොකු දෙයක්නෙ බං.
    පවතින දේශපාලන පක්ෂ නං කුජීතයි ඒකේ දෙකක් නෑ.
    මටත් මේ ඉන්න උන් අප්පිරිය වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි යං කඩේ අපට ම

      Delete
    2. පැරා තෝ වගේ හරකෙක් එක්ක මොනවා කරන්නද

      Delete
    3. //පැරා තෝ වගේ හරකෙක් එක්ක මොනවා කරන්නද// ඇයි මචං උඹට පුළුවන් නේ මං ගොම දානකොට කට අල්ලන්න.

      Delete
    4. ඒක සුපුරරුදු විදියට ගෑනිට කියලා කොර ගනින්...

      Delete
  3. සැබෑ උත්ගොෂණ විරෝදතා අත්‍යවශ්‍ය මොහොතක්.
    උදාහරන නම් .
    01.මැති ඇමති මණ්ඩලය අඩුකිරීම .
    02. වැරදිකරුවන්ට දඩුවම් දීම.
    03. ඇමති මැති වරුන් නීතියයටතට ගැනීම.
    04......

    ReplyDelete
  4. ඉතිං හදමු අපි අලුත් වමක්. හෑ

    ReplyDelete
  5. අපේ ඒවා storm කරලා හොයාගම්මු උන්ගේ ඒවා wash කරන සාර්ථකම ක්‍රමය

    ReplyDelete
  6. party එපා, movements තමයි ඕනා,

    ReplyDelete
  7. එක් කරුණක් ගැන සිතා පිරිසක් එකට එකතු වුණු ගමන් වෙන්නේ, පසුකාලීනව වෙනත් සාධක වෙනස් වීම නිසා පිරිසේ මතය විසිරී සී සී කඩ යෑමයි. එවිට, වෙන්නේ එක්කෝ සෘජු සංවිධාන ව්‍යුහයක් සාදා, නීති දමා, වෙනස් අදහස් ඇති අය පළවා, ව්‍යාපාරය රැක ගන්නයි. නැතහොත් විසිරී යන්නයි!

    ReplyDelete
    Replies
    1. මේවා තමයි සිතිය යුතු, සාකච්ඡා කළ යුතු ගැටලු.

      Delete
  8. කලෙක සිංහල බ්ලොග්ලොව කිරුලු නොපලන් රජු මෙන් සිටි බවට බ්ලොග්කරුවන් අතර පතළ වූ දැනට බුකියේ ලොකු ටෝක්ස් ඉශූ කරමින් වත්මන් යහපාලන රජයත් විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහයන්වත් උග්‍ර ලෙස විවේචනය කරන එට්කා විරෝධී සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු වන ආචාර්ය සිතුමිණි රත්නමලල (මොරටුව විශ්ව විද්‍යාලය) දැමූ එක් කමෙන්ටුවක මෙසේ තිබුණා.

    උපුටා ගැනීමකි;

    //"ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකට අවම ප්‍ර‍මිතියක් නැත" කියන එක අනවබෝධයෙන් කියන දෙයක්. පවත්වන පාඨමාලා මිස සමස්ත විශ්ව විද්‍යාල විදියට කොහේවත් ප්‍රමිතිගත කරන්නේ නැත. දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතන මගින් ප්‍රමිතිගත කළ [Accredited] පාඨමාලා ලංකාවේ විශ්වවිද්‍යාල වල තිබේ. උදාහරණයකට මොරටුව විශ්ව විද්‍යාලයේ බහුතරයක් පාඨමාලා දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රමිතිකරණයට ලක් වේ.

    වෛද්‍යවිද්‍යාල වලට එහෙම ඒවා නොතිබීම වෙනමම කතාවකි."//

    උපුටා ගැනීම අවසන්


    මෙය ඇත්තක්ද?

    එමෙන්ම අදාල වෙබ්සයිට් වලට ගොස් බැලූවිට මෙසේ ලියා තිබුණත් මේවාද අසත්‍ය වියහැකියි.

    Engineering

    UoM B.Sc. Engineering degree programme is accredited by the Institution of Engineers Sri Lanka (IESL). In addition, the Mechanical Engineering degree programme has obtained international recognition through the accreditation of the Institution of Mechanical Engineers, UK (IMechE) and Washington Accord USA.

    Institution of Engineers, Sri Lanka (IESL) has granted full accreditation to the Bachelor of Science of Engineering (Hons) Degree conducted by UoM.

    Since the IESL is a signatory to the Washington Accord (http://www.washingtonaccord.org/), the four year full time degree programmes accredited by the IESL will be considered as substantially equivalent to the four year degree programmes that have been accredited by the other signatories to the Accord.

    The four year accredited degrees of graduates will be recognized by other Washington Accord signatories and generally they are expected to be exempted from the educational requirements for practice in the respective countries of those signatories.

    Architecture

    The Honours Degree of Bachelor of Architecture conducted by the Department of Architecture, University of Moratuwa is accredited by the following professional organizations;

    A. Royal Institute of British Architects
    B. Commonwealth Association of Architects
    C. Sri Lanka Institute of Architects

    The five years Honours Degree of Bachelor of Architecture is exempted from the part II by the above professional organizations

    Quantity Surveying

    The Honours Degree of B.Sc. in Quantity Surveying has been accredited by the following institutes, which has given a good opportunity to build very strong links between these institutions and the Department.

    01. Institute of Quantity Surveyors Sri Lanka since year 1986
    02. Royal Institution of Chartered Surveyors since year 1997
    03. Australian Institute of Quantity Surveyors since year 1999
    04. Chartered Institution of Civil Engineering Surveyors since year 2010

    05. Pacific association of Quantity Surveyors since year 2011, The PAQS consists with;

    * Australian Institute of Quantity Surveyors
    * Association of South African Quantity Surveyors
    * Building Surveyors Institute of Japan
    * Canadian Institute of Quantity Surveyors
    * The Hong Kong Institute of Surveyors
    * Institute of Quantity Surveyors Sri Lanka
    * The Institute of Surveyors, Malaysia
    * New Zealand Institute of Quantity Surveyors
    * Singapore Institute of Surveyors and Valuers

    මේ ගැනත් සොයා බලා මොවුන්ගේ ප්‍රෝඩාකාරී බොරු හෙළිදරව් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. මේ ගැන පැහැදිලිකිරීම් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. මං නම් දන්නෙ නැහැ මචං මේවා. මේ මං දන්නෙ නැති ගොඩාාාාක් දේවල් අතරින් එකක් විතරයි.

      Delete
  9. යහපාලන රජය බලයට පත්වී ටික කලක් ගතවෙද්දී මගේ හිතට ආපු අදහසම මෙතන ලියවිලා තියෙනවා දැක්කම සෑහෙන්න සතුටුයි. හැමදාම අපි කලේ කොල හොඳ නැතිවෙද්දී නිල් පාට ගාගත්ත එක .ආපහු නිල් හොඳ නැතිවෙද්දී කොල පාට ගාගත්ත එක .යහපාලන රජය කලින් තිබුණු රාජපක්ෂ රජයෙන් වෙනස් වෙන්නේ ඉතාම කුඩා සාදනීය මට්ටමකින්. එදාට වඩා අද මිනිස්සු නිදහසේ තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගනිමින් සහ ඒ සඳහා සටන් කරමින් ඉන්නවා. ඒත් දුෂණය සහ මහජන මුදල් නාස්තිය අතින් යහපාලන රජය ,රාජපක්ෂ රජය සමග සමතැන් ගන්නවා. හරියටම කිව්වොත් වත්මන් රජය හතර පැත්තෙන් කොටු උන කොහාටවත් යාගන්න බැරුව එක තැන හිර වෙලා වගේ . ඉතින් මේ හේතු කාරණා නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඉතුරු ජනතා විමුක්ති පෙරමුණ පමණයි අපි එයාලවත් "ටෙස්ට්"කරලා බලමු කියල .ඇත්තටම අපිට එහෙම තවත් අවදානමක් ගන්න පුලුවන්ද ?නව තාක්ෂනය සහ ලෝකයේ සිදුවන වෙනස්වීම් එක්ක ගමනක් ඇති මොහොතක ලංකාවේ දේශපාලුවන් කෙරෙහි තවත් විස්වාසය තැබිය හැකිද ?මගේ අදහස නම් පාර්ලිමේන්තුවේ සිටින මේ 225දෙනාම ප්‍රතික්ෂේප කල යුතුයි. ජනතා නියෝජිතයා යන වචනයේ ඇත්තේ ලොකු අරුතක් .එහෙත් අවාසනාවට නිදහසින් පසු පත් වුනු බහුතරය නාමික ජනතා නියෝජිතවරු බවට පත්වුණා. ලංකාවේ හොඳම රැකියාව මන්ත්‍රී කමයි. ඒ බලය දෙන්නේ ජනතාව. දැන් ඒ බලය නැවත ජනතාව අතට ගන්න කාලේ හරි .හැබැයි ඒ වෙන කෙනෙක්ට දෙන්න නෙමේ .

    අපට පුලවන් ඒ දේ කරන්න .අපිට අපිවම දැනුවත් කරගන්න පුළුවන්. ගම් මට්ටමින් පටන්ගෙන තරුණ වැඩිහිටි ගැහැණු පිරිමි භේදයකින් තොරව අපිට පුළුවන් අපේම අය එක්ක අලුත්ම ගමනක් පටන්ගන්න .ඒකට අපිට දැක්මක් තිබිය යුතුයි. මීට කලකට ඉහත ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කරමින් දුෂණයට අභියෝග කරමින් අරවින්ද් කෙජ්රිවාල් අරඹපු ගමන හොඳම නිදසුනක් (ඔහු නතර වූ තැන නොව ඔහුගේ ආරම්භය ). මෙවැනි සිදුවීම් දකින්නට ඇත්තේ බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපටි වල යයි කෙනෙකුට සිනාසීමට පුළුවන් .එහෙත් අපට උත්සහ කල හැක .තමන්ගේ බඩ වඩා ගැනීම වෙනුවට ජනතාවගේ බඩ පුරවා ගැනීමට ඔවුනුත් දායක කරගත් ව්‍යාපාරයක් අවශ්‍යයය. මුලින්ම කල යුත්තේ සංවිදානය වී දැනුවත් වීම සහ දැනුවත් කිරීමයි. මට හිතෙන විදියට මෙවැනි ව්‍යාපාරයකට හොඳම වෙලාව මේ අපි ගතකරමින් ඉන්නා මේ මොහොතයි .

    චරිත් පෙරේරා

    ReplyDelete
    Replies
    1. මේ ගැන වැඩිදුර සාකච්ඡා කරමු. ඔබ සම්බන්ධ කර ගත හැකි ආකාරය මේ ඊමේල් ලිපිනයට එවන්න. ajithperakum@gmail.com

      Delete
    2. ඇයි වික්ටර් අයිවන් මුල්වෙලා හදන වියාපාරයක් තියෙනවා නේද ? පැරත් ගියා නේද .ඒක කොහොමද ?

      Delete
    3. Charith Perera සහ පැරා,
      //ගම් මට්ටමින් පටන්ගෙන තරුණ වැඩිහිටි ගැහැණු පිරිමි භේදයකින් තොරව අපිට පුළුවන් අපේම අය එක්ක අලුත්ම ගමනක් පටන්ගන්න .ඒකට අපිට දැක්මක් තිබිය යුතුයි. මීට කලකට ඉහත ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කරමින් දුෂණයට අභියෝග කරමින් අරවින්ද් කෙජ්රිවාල් අරඹපු ගමන හොඳම නිදසුනක්//

      මට නම් අවන්කවම සිතෙන්නේ නෑ රටේ බුද්දිමත් ජනතාව දුෂණයට විරුද්දයි කියල හොදම උදාහරණය රජයේ සේවකයෙක් වෙන්න අවම වශයෙන් උසස් පෙළවත් සමත්වෙන්න ඕනේ නැත්නම් නිලදාරියෙකුනම් අඩුම වශයෙන් උපාදියක් තියෙන්න ඕනේ. මෙහෙම උගත් මිනිසුන් පසුගිය මැතිවරණයේ වැඩිම චන්ද ප්‍රමාණයක් ලබාදී අත්ත්තේ R දුමින්ද සිල්වාට (ඔව් කුඩු දුමියට තමයි )

      Delete
  10. පැරා..
    අලුත් වමක් (?) හදමු! මොන පාටින් ද ඔයා කැමති ?

    ReplyDelete
  11. සුමුදු ගලපාතMay 6, 2017 at 11:58 AM

    අලුත් එක ඉන්ටර්නැෂනලී කාටද ජොයින් වෙන්නෙ කියන එක මතයි වැඩේ තීරනය වෙන්නේ.
    නැතිනම්,කෙරිජ්වාල් සීන් එක වගෙ බබල් එෆෙක්ට් එකකට ලක් වීම වැලැක්විය නොහැක.
    අලුත් දේශපාලන ව්‍යාපරයක්(බිස්නස් එකක් නොව) ඇරබිය යුතුමයි. හැබැයි එවැනි දෙයක් ඕගනයිස් කරන්න විස්වාස කරන්න පුලුවන් එකෙක් මේ රටේ ඉන්නවද? ඩීල් කාරයෝ නම් ඇති තරම් ඉන්නව.
    පැරාටත් අලුත් කොන්ට්‍රැක්ට් එකක් ලැබුනවත්ද ?

    ReplyDelete
    Replies
    1. මගේ ඉන්ටර්නැෂනල් එක පටන් ගන්නෙ දකුණු ඉන්දියාවෙන්. ඊට කලින් සබ් නැෂනල් එක උතුරෙන් පටන් ගන්න ඕනැ.

      Delete
  12. පැරා, මේ පොටෝ එක ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ් සැට් අල්ලන්න කලින් ගත්ත එකක් ද?

    පැරාට නැතිවෙන්න ගහන සැට් එක කවුරු වුණත් පැරා එක්ක සෑහෙන කාලයක් එකට හිටිය සැට් එකක් වෙන්න ඕනැ. ගෙදරට අල්ලන ටයිල් ගැන පවා දන්නවනේ ඒ ඇත්තො.

    ReplyDelete
  13. අවශ්‍ය වන්නේ වමක් නොව වමේ සහ දකුණේ සාධනීය ලක්ෂණ සහිත මැද මාවතකි.

    ReplyDelete
    Replies
    1. වම කියන එකේ යම් විකල්ප සංඥාර්ථයක් තියෙනවා. හැබැයි, ඒක නව වමක් විය යුතුයි. දැන් තියෙන මුග්ධ ආකල්ප බැහැර කරන අලුත් ව්‍යාපාරයකුයි අවශ්‍ය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා