Posts

Showing posts from 2017

දූෂණ විරෝධය හා බැඳුම්කර පත්තරයේ අද තත්වය

Image
බැඳුම්කර පත්තරේ වර්ජනය කරන්න ය කියලා අපි මේ කැම්පේන් එක කරනකොට ඇතැමුන් කිව්වා අප කරන්නෙ අනියම් ප්‍රචාරයක් ය කියලා. ඒ නිසා මා මේ වැඩේ අතහැරියා. එම පුවත්පත නිරීක්ෂණය කිරීමත් දිගට කරගෙන යන්නට බැරි වුණා. කොහොම වුණත්, මේක බැඳුම්කර පත්තරේ නිසා ගන්න එපා ය කියා මා කියද්දිත් මගේ පියා වෙනත් ඉරිදා පුවත්පතක් නවතා ඒ පත්තරේට යොමු වුණා. ඔහු වෙනුවෙන් පත්තර මිළ දී ගන්නට යද්දි මා දැක්ක දෙයක් තමයි, මේ පත්තරේ වෙළඳපොළෙන් සොයා ගන්නට අමාරුව. ඒකට හේතුව ඉල්ලුම ඉහළ යාම බව තමයි මගේ නිරීක්ෂණය.  අනෙක් පැත්තෙන්, මේ පත්තරේ දේශපාලනික ලයින් එක ඉතා සියුම් විදියට එක්සත් ජාතික පක්ෂය ගොඩදැමීමයි. ඒ පණිවුඩය එහි දෙන්නෙ රස දවටලා ඉතා සූක්ෂම විදියට. වෙනත් මාධ්‍ය එක එක බලවේගවලට කඩේ යන විදියට වඩා වෙනස්ව. කඩේ යාම කරන්නෙ අරපිරිමැස්මෙන්. පත්තරේ ඒ තරම් විශේෂත්වයක් නැහැ. හැබැයි, එක කැපී පෙනෙන වෙනසක් දැක්කා. මේකෙ එක එක දේශපාලකයන්ගෙ සම්මුඛ සාකච්ඡා නැහැ. ඒකෙන් කරුණු දෙකක් පැහැදිලි කර ගන්නට පුළුවන්. අපේ කැම්පේන් එකෙන් පස්සෙ දේශපාලකයන් මේකට සම්මුඛ සාකච්ඡා දෙන්නට මැලිකමක් දක්වනවා. අනෙක තමයි, දේශපාලකයන්ගෙ සම්මුඛ සාකච්ඡා කියන්නෙ පාඨකය

ස්වයං නිර්ණ අයිතිය කැවුං කන්න ද?

Image
(ඡායාරූපය ලංකාදීප වෙබ් අඩවියෙනි.)  ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි සිදු වනවා දැක්කා. එතනදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කණිෂ්ක ජයලත් අහමින් සිටි ප්‍රශ්නය තමයි තමයි ලංකාවේ ජනවර්ගයන් විසිරී සිටින ස්වභාවය අනුව ස්වයං නිර්ණ හිමිකම ප්‍රායෝගිකව යොදා ගන්නෙ කෙසේ ද යන එක. ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. නැතිනම් උත්තරේ මට තේරෙන විදියට ටිකක් මේ වගේ. ඒ හිමිකම පිළිඅරගෙන, මේ බලන්න සිංහල අපි ඉන්නෙ ඔයාලා එක්ක, ඔයාලා හරි හොඳයි, අපිත් දැන් හොඳයි, අපි කැමතියි ඔයාලා එක්ක එකට ඉන්න, මේ බලන්න අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ වගේ කිව්වා ම ඒ අය ඉන් මෙහා ප්‍රායෝගික විසඳුමකට එකඟ වෙයි වගේ එකක්. ලංකාවට අදාළව ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදය හිර වෙන තව තැනක් තමයි මුස්ලිම් ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නට දෙමළ ජනයා සූදානම් ද කියන ප්‍රශ්නය. එතනදි දෙමළ ජාතිය හැසිරෙන්නෙත් සිංහල ජාතිය හැසිරෙන ආකාරයටමයි. තව තියෙනවා. මුස්ලිම් හා මැලේ අනන්‍යතා අතරත් ගැටුමක් තියෙනවා. කඳුරට දෙමළ ජනතාව හා ලාංකීය දෙමළ

වැඩ කරනවාට වඩා වර්ජන කරන රජයේ සේවයට විසඳුම

Image
වැඩ වර්ජන 41ක් නිසා ගිය වසරේ වැඩ කරන මිනිස් දින 104,327ක් නාස්ති වූ බව Sunday Times පුවත්පත වාර්තා කළේ ය . මේ වර්ජන අතරින් වැඩි ප්‍ර‍මාණයක් කළේ රජයේ සේවකයිනුයි. එම වර්ජනවල පාඩු විඳගන්නට සිදු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි.  මේ වැඩවර්ජන අතරින් එකකට හේතු මෙහි පළ වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලියුමේ තිබෙනවා. හෙද නිලධාරීන් වර්ජනය කරන්නට එක් හේතුවක් තමයි දුම්රිය සේවාවේ වැටුප් වැඩිවීම නිසා ඇති වුණ බව කියන විෂමතා. එසේම, ඇඟිලි සලකුණු ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීමත් වර්ජනයට තවත් හේතුවක්. ඔවුන්ගේ තර්කය වන්නේ දොස්තරලාට අත්සන් පොතක් නැති තත්වය තුළ තමන්ට පමණක් ඇඟිලි සලකුණු ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි. වෛද්‍යවරුන් අතරින් ඇතැම් අය සිය රාජකාරිය නිසි ලෙස ඉටු නො කර පෞද්ගලික චැනල් ව්‍යාපාරවලට ප්‍ර‍මුඛතාව දී කටයුතු කරන බව ප්‍ර‍කට කරුණක්. එසේ වුවත්, ඔවුන් තමන් විසින් ම පුරවා ගන්නා දිනපොතක් ඔස්සේ අතිකාල හා වෙනත් දීමනා ලෙසත් අති විශාල මහජන මුදල් ප්‍ර‍මාණයක් ගසා කන බවත් ප්‍ර‍සිද්ධයි. එහෙත්, ඔවුන්ට අත්සන් පොතක් දැම්මොත්, ඔවුන්ටත් අර සේවාවට එහෙම නැහැ, මේ සේවාවට එහෙම නැහැ වැනි තර්ක රැසක් තිබේ.

අපට ඕනෑ මතුගම කුමක් ද? මේ ඡන්දෙදි අප කරන වැඩේ මෙන්න

Image
පළාත් පාලන ආයතන 336 ක ප්‍රමාණය 441 ක්‌ දක්‌වා වැඩි විය. එයට මහ නගර 24 ක්‌, නගර සභා 41 ක්‌ සහ ප්‍රාදේශීය සභා 276 ක්‌ ඇතුළත් වේ. වැඩිකරන ලද පළාත් පාලන ආයතන පහ අතර මහ නගර සභාවක්‌ සහ ප්‍රාදේශීය සභා 04 ක්‌ වේ. අඹගමුව ප්‍රාදේශීය සභාවට අමතරව නෝර්වුඩ් සහ මස්‌කෙළිය ලෙස නව ප්‍රාදේශීය සභා 2 ක්‌ ද, නුවරඑළිය ප්‍රාදේශීය සභාවට අමතරව ආගරපතන සහ කොටගල නව ප්‍රාදේශීය සභා 02 ක්‌ ද. පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව වෙනුවට පොලොන්නරුව මහ නගර සභාවක්‌ සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවක්‌ ස්‌ථාපිත කර තිබේ. නව ගැසට්‌ නිවේදනයට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4486 සිට 8356 ක්‌ දක්‌වා 3870 ක වැඩිවීමක්‌ සිදු වී ඇත. ( උපුටා ගැනීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ) පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් සමග වැඩිවන මන්ත්‍රීවරු ගණන 3000කින් වැඩි වේ. මන්ත්‍රීවරයකුගේ මාසික වැටුප රු.15,000ක් වන නිසා මේ ඡන්දයෙන් පසුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රු. කෝටි 54ක් පසුගිය වර්ෂවලට සාපේක්ෂව "වැඩිපුර" වෙන් කිරීමට සිදුවන බව චතුර වැල්ලගේ විසින් පෙන්වා දී තිබිණි. 15000 X 12 X 3000 = ලක්ෂ 5400 පළාත් පාලන

ලිංගික අල්ලස්, නාම යෝජනා සහ කාන්තා නියෝජනය තහවුරු කළ පළමු මැතිවරණය

Image
මධූෂා රාමසිංහට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මැතිවරණයේ නාමයෝජනා දීම සඳහා පොදු ජන පෙරමුණේ යම් අය විසින් ලිංගික අල්ලස් ඉල්ලීම සරලව ගත හැකි සිද්ධියක් නො වේ. එයට හේතුව මෙය සිදු වන්නේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීතිමය සංශෝධන සිදු කර පවත්වනු ලබන පළමු මැතිවරණයේදී ම වීමයි. මෙම සිද්ධිය පිළිබඳව ඇය මැතිවරණ කොමිෂම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවා කරන ලදී. ඇගේ පැමිණිල්ල නිසි පරිදි ලේඛනගත කරගෙන එය විමර්ශනය කළ යුතු ය. එපමණක් නොව, මෙම සිද්ධිය නිකම් යටපත් වන්නට ඉඩ නො දී කාන්තා සංවිධාන විසින් මෙය ඉස්මතු කරගෙන දැවැන්ත හඬක් නැගිය යුතුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි දේ නැවත සිදු වීම අවසන් කළ යුතු නිසා ය. මෙම සිද්ධියට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැති බව මධූෂා පවසා ඇති බවක් වාර්තා වී තිබිණි. රාජපක්ෂවරුන් නායකත්වය දෙන පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු ය. කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබා දුන් මෙම මැතිවරණයේදී ස්ත්‍රී විරෝධීන්ට හා කාන්තාවන් දෙවෙනි පෙළ පුරවැසියන් බවට පත් කිරීමට උත්සාහ කරන අයට එරෙහිව විරෝධය සලකුණු කිරීම කාන්තාවන්ගේ මෙන් ම සමස්ත සමාජයේ ම වගකීමකි.

මධ්‍යම පංතිය එක්ක අපට තියෙන ඇරියස් එක මොකක් ද?

Image
මධ්‍යම පංතික ව්‍යාජ විප්ලවවාදීන්ගේ සංකේතයක් බඳු වන අප මිත්‍ර දාර්ශනික විදර්ශ කන්නන්ගර   සමාජය පංති අනුව වෙන් වන්නේ නිෂ්පාදන සම්බන්ධතා මත මිස ලබන ආදායම අනුව නොවේ.  ලංකාවේ බොහෝ පහළ මධ්‍යම පංතිකයන්ගේ ආදායම පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුපට වඩා අඩු ය. එබැවින් ඔවුන් පීඩිතයන් බව ඇත්තකි. පීඩිතයන් ධනපති පන්තියේ වුව සිටිය හැකි ය. ධනපති වුවත්, ගැහැණු, සම/සංක්‍රාන්ති ලිංගිකයන් සහ සුළුතර ජාතිකයෝ පීඩිතයෝ ය.  ලංකාවේ වම පදනම් වන්නේ මෙම අපැහැදිලි පීඩිත පංති සංකල්පය මත ය. කම්කරුවන් මත නො වේ. එහෙයින් ඔවුන් පෙනී ඉන්නේ සමස්තයක් ලෙස ම මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමේ විසඳුම් වෙනුවෙනි. නිදසුනක් ලෙස, ඔවුහු දිවි හිමියෙන් පවත්නා අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ඇපකැප වෙති. හේතුව අන් කිසිවක් නොව, එමගින් මධ්‍යම පංතියට හොඳම පාසල් ටික අත්පත් කරගෙන, මහජන මුදලින් නොමිළේ පාසල් අධ්‍යාපනය ලබා, ටියුෂන් වෙළඳපොළෙන් අමතර වටිනාකම් ද ලබාගෙන  තරගකාරී උසස් පෙළ විභාගය හරහා නොමිළේ උසස් අධ්‍යාපන අවස්ථා ද තහවුරු කර ගැනීමට හැකි නිසා ය.  නිදහස් අධ්‍යාපනය ලෙස එයින් වරප්‍රසාද ලබන මධ්‍යම පංතිකයන් විසින් නම් කර තිබෙන මෙම අධ්‍යාපන ක්‍රමයේ වරප්

පේමක්කා කවුන්සලේට

Image
මේ පසුගිය දිනවල මා ලියූ කෙටි නාට්‍ය පිටපතකි. ඉංග්‍රීසි නාට්‍ය කරන පිරිසක් විසින් මෙය නිෂ්පාදනය කර දර්ශන තුනක් පමණ පෙන්වන ලදී. ඒ නිෂ්පාදනය ගැන මම කොහෙත්ම සතුටු නැත.  කියවා රස විඳින්න. චරිත: චන්දදාස - මැදි වියේ පිරිමියෙකි පේමා - මැදි වියේ කාන්තාවකි. චන්දදාස ජංගම දුරකථනයක් අතින් ගෙන වේදිකාවට පිවිසෙයි. චන්දදාස: මේ මළ හත්තිලව්වෙන් කොහොමද මන්ද ඊමේල් එකක් යවන්නෙ? (සභාවට) ඔය ඊමේල් යවන්නෙ ටෙලිපෝන් අංකෙ වගේ අංකෙකටද හැබෑට? ලොකු කොලුව නං අනිවාර්යයෙන්ම දන්නවා ඇති. (හඬ නගා) පුතේ! පුතේ! ආ, මට අමතක වුණා, ඌ ඉස්කෝලෙ ගියානේ. හිටිය නං උගෙන් අහගන්න තිබුණා. ඉතින් මොකේදැයි දං වළඳන්නේ? ඊමේල්! ඊමේල්! පේමා පිවිසේ පේමා: ආ, චන්දදාස මල්ලී! චන්දදාස: (දුරකථනය දෙස බලාගෙන ම) ආ! පේමක්කා! මං බැලුව මේ කවුද කියලා. පේමා: බැලුව කිව්වට උඹ ඉතින් ඔලුවවත් ඉස්සුව එකක්යැ. උඹත් හරියට අපේ පොඩි කෙලී වගේ නෙ. පෝන් එකේමනෙ ජීවිතේ. චන්දදාස: වැඩ බං. පේමා: පෝන් එකෙන්ද වැඩ? චන්දදාස: නැතුව. දැන් මේකෙන් කොරන්න බැරි දෙයක් නෑ. අපේ පවුලගෙ එකෙන් රෙදි මදින්නත් පුළුවන් ඕපාදූප දොඩලාම ඒක රත් වෙච්ච වෙලාවට. ඒක නෙමෙයි පේමක්කෙ, උඹ

ලංවිම හා ටෙලිකොම් වයර් ඇදිල්ල

Image
ලංකාවේ ඡායාරූපයක් නො වේ. එහෙත්, ලංකාව ද මෙවැනි ය.  ගොඩක් කාලෙකට කලින් සැඩ සුළඟක් ආවා මතක ද? අන්න එදාට පසුව අද තමයි ඔන්න අපට නැවත අන්තර්ජාල සබඳකම් ලැබුණේ. එපමණක් නෙමෙයි, දුරකථන, පියෝ ටීවී ආදියත් නැවත ලැබුණේ අද. සේවා සම්පාදකයා ශ්‍රී ලංකා ටෙලිකොම්. මට මතක විදියට මේ කියන සැඩ සුළඟ ආවෙ නොවැම්බර් 29. අද දෙසැම්බර් 18. දින 19ක්. මෙයින් දින පහක් ම අපට විදුලියත් තිබුණෙ නැහැ. සමහර ප්‍රදේශවලට සතියකට වැඩි කාලයක් විදුලිය තිබුණෙ නැහැ. මුළු ප්‍රදේශයට ම දුරකථන සම්බන්ධකම් නො තිබුණු බව සමාගම දන්නවා වුණාට ටෙලිකොම් සමාගම කියන්නේ බිලෙන් කුලිය අඩු කිරීම කරන්නෙ අප දුරකථන දෝෂය දැනුම් දුන් දින සිට පමණයි කියලායි. පසුගිය වකවානුවේ මෙම බ්ලොගය යාවත්කාලීන වීම දිගින් දිගට ම අතපසු වුණේ මෙම දුෂ්කරතාව නිසායි. අවසන් ලිපි කීපය ම ලියන්නට සිදු වුණේ ජංගම දුරකථනයෙනුයි. විදුලිය, විදුලි සංදේශනය යන අංශවලින් ලංකාව දැන් මූලික සේවාවන්ගේ සිට ගුණාත්මක සේවාවන් වෙත සංවර්ධනය විය යුතුයි. මේ අංශ දෙකෙන් ම මේ වන විට ලංකාව 100%කට ආසන්න ආවරණයක් සපයා හමාරයි. හැබැයි, සේවාවන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා. විදුලිබල හා

වැඩ වර්ජන මන රංජන

Image
දුම්රිය වර්ජනය නිසා මගී ජනතාව අපහසුවට පත් ව තිබේ. කෙටි කලකට ඉහතදී සමන් රත්නප්‍රියගේ නායකත්වයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කළ වර්ජනයට ද දුම්රිය සමග සම්බන්ධයක් තිබිණි. රජයේ සේවකයන්ට තමන් වැඩ කරන ආයතනය හා ඒ අනුව තමන්ට ලැබෙන වැටුප පමණක් නොව සෙසු ආයතනවල සේවක වැටුප් ද අදාළ ය. ඒ වනාහි තරාතිරම පිළිබඳ ප්‍රශ්නයකි. රාජ්‍ය සේවා වෙන වෙන ම ගෙන, ඒ ඒ සේවාවන්ගේ සුවිශේෂ තත්වයන් අනුව වැටුප් මට්ටම් සැලකිල්ලට ගත යුතුව තිබේ. එහෙත් සිදු වන්නේ කුමක් ද? දැඩි හිඟයකින් යුතු ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි ගුරුවරයකුට වැඩි වැටුපක් ගෙව්වොත් කාලසටහනක්වත් ලබා ගත නො හැකිව පාසල්වල කාලය හා මහජන මුදල් කා දමන අය ද ඇතුළත් කලා උපාධ් ගුරුවරු රෙදි කරට ගනිති. ⁣එය එතනින් නවතින්නේ නැත ගුරුවරුන් සමග මෙතෙක් පැවති පරතරය අඩු වුණා ය කියා හෙදියෝ හෝ දුම්රිය රියදුරෝ පවා සටනට එති. මෙය හරියට දේශීය වෙදුන් MBBS වෛද්‍යවරුන්ගේ වැටුප් බලාපොරොත්තු වීම වැනි ය. දොස්තර සංගමය ද එසේ මෙසේ හීනමාන සහිත එකක් නො වේ. අවුරුදු 30කට වැඩි සේවා කාලයක් ඇති පවුල් සෞඛ්‍ය⁣ සේවිකාවගේ පවා වැටුප අද සේවය⁣ට බැඳුණු දොස්තරගේ ආරම්භක වැටුප⁣ට වඩා අඩු වීම ඔවුක්

තනියෙන් කනවුන්ට විසඳුම හවුලේ කනවුන් ආපසු බලයට ගෙන ඒම ද?

Image
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වඩවනු පිණිස ය කියා පිංපොං, අර්ජුන් කමලනාත්, ගයේෂා පෙරේරා, සේනානායක වේරලියද්ද වැනි කලාකරුවන් පිරිසකට ඉහළ වැටුප්, දීමනා, වාහන ආදිය දුන් හැටි දැන් හෙළිදරව් වී හමාර ය. මෙහි ඇති දූෂණය ගැන අපි එතරම් සැකිලිමත් වන්නේ නැත. හේතුව, දූෂිත ජනතාවක් හා දූෂිත ම දූෂිත රජයක් හමුවේ දූෂිත රාජ්‍ය නොවන සංවිධාන හා දූෂිත මාධ්‍ය කෑගැසුවාට ලොකු දෙයක් වෙන්නේ නැති බව දැන් පැහැදිලි ය. මෙහි ඇති දේශපාලන උපායමාර්ගය අධ්‍යයනය කළ යුතු ය. රාජපක්ෂලාගේ ජනප්‍රියත්වය පදනම් වූයේ මේ අල්ලස් දීම් මත ය. ඔවුන් වෙනුවෙන් මත සම්පාදනය කරමින් රට පුරා සැරිසැරූ මෙවැනි පුද්ගලයන් පසුපස තිබුණේ වෙන මොනවාවත් නොව සල්ලි ය. දැන් ඉන්න අය පසුපස ද ඇත්තේ සල්ලි හා සල්ලි පිළිබඳ බලාපොරොත්තු ම තමා ය. මහජන මුදලින් මෙසේ අල්ලස් දීම සීමාවකින් තොර විය. දේශපාලකයන්ට ජාවාරම්, රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන, පිටරට චාරිකා, ව්‍යාපාරිකයන්ට වංචාවන්ට ඉඩ, උපාධිධාරීන්ට පිංපඩි රැකියා, ගොවීන්ට නොමිළේ පෝර, ගොවි සංවිධාන නායකයන්ට කොන්ත්‍රාත්, ප්‍රාදේශීය දේශපාලකයන්ට අනවසර ඉඩම්, සම්බන්ධීකරණ නිලධාරි හා උපද

ඔසරිපොටින් අදින්නෙපා සරං පොටයි ඉරෙන්නේ (රෙද්ද උස්සා තැබූ වාර්තාව ගැන වැඩිදුරටත්)

Image
මහනුවර කුප්‍රකට ඔසරි පොටේ නාඩගම හෙවත් මහනුවර ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා මීටර් 3200ක් වූ ලොව දිගම රෙද්ද යයි ඔසරි පොටෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමේත්, ඒ වෙනුවෙන් පාසල් දැරියන් 250ක් පමණ අවභාවිතා කිරීමේත් තකතීරු ක්‍රියාව සිදු වී දැන් මාස තුනකට ආසන්න ය. සතියේ දිනක, රජයේ පාසලක මහජන මුදලින් ලබා දෙන අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, මහජන මුදලින් වැටුප් ලබා ගන්නා ගුරුන්, විදුහල්පතීන්, මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමති, රාජ්‍ය නිලධාරීන් සහ පොලිසිය යොදා ගනිමින්, අනවශ්‍ය මාර්ග තදබදයක් ද නිර්මානය කරමින් සිදු කළ මෙම ආත්මාර්ථකාමී පෞද්ගලික රූපලාවණ්‍ය ප්‍ර‍චාරණ වැඩසටහන ඉතා පැහැදිලිව ම පොදු දේපල අවභාවිතා කිරීමකි. අනෙක් පැත්තෙන් එය ඉතා දරුණු අන්දමින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මෙවැනි තකතීරු වැඩකට ළමුන් යොමු කිරීමට මව්පියන්ටවත් අයිතියක් නැති බව කිව යුතු ය. තවමත් මෙම අවකල්ක්‍රියාව පිළිබඳ පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙයට ඍජුවම වගකිව යුතු කීපදෙනෙක් සිටිති. ඒ අතර මධ්‍යම පළාතේ ප්‍ර‍ධාන ඇමතිවරයා ද වන අධ්‍යාපන ඇමතිවරයා, අදාළ පාසලේ විදුහල්පති හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍ර‍ධාන ය. මෙවැනි

පියකු දුවට ලියූ ලියුම්

සිරගතව සිටි ජවහර්ලාල් නේරු මහතා විසින් 1928දී සිය 10 හැවිරිදි දියණියට ලියන ලද ලිපි එකතුව ලංකාවේ පාසල් දරුවන්ට පමණක් නොව බොහෝ වැඩිහිටියන්ට ද නිර්දිෂ්ට ග්‍රන්ථයක් වැනි විය යුතු පොතකි. දරුවන් වෙනුවෙන් මිළ දී ගත් මෙම පොත කියවන අතර මෙම කොටස උපුටා දක්වන්නට සිතිණි. අවුරුදු 90කට පමණ පසු ලංකාවේ තත්වය පැහැදිලි කිරීම⁣ට මෙය කෙතරම් අගනේ ද? ඉන්දියාවේ දැනුදු බොහෝ රාජාවරුන්, මහරාජාවරුන් සහ නවාබ්වරුන් දැක ගත හැකි ය. ඔවුන් මාහැඟි ඇඳුම් ලාගෙන, සුඛෝපභෝගී මෝටර් රථවල ගමන් කරමින්, මහත් ධනස්කන්ධයක් වැය කරමින් ජීවත් වන බව ඔබ දැක ඇති. මේ අයට මේ මුදල් හිමි වූයේ කෙසේ ද? ඔවුහු රටවැසියාගෙන් අයබදු ලෙස මුදල් ලබා ගනිති. අයබදු වශයෙන් එක් රැස් කර ගන්නා මුදල් පාසල්, ආරෝග්‍යශාලා, පුස්තකාල, කෞතුකාගාර, මහාමාර්ග තැනීමට සහ මහජන හිතසුව පිණිස වූ වෙනත් දෑ සඳහා වැය කළ යුතු වෙයි. එහෙත් අපේ රාජාවරු, මහරාජාවරු මහජන මුදල් නිකරුණේ හුදු විනෝදාස්වාදය සඳහා වැය කරති. ඔවුන් ප්‍රංශයේ රජවරු මෙන් රාජ්‍යය තමන්ගේ පෞද්ගලික බූදලයක් කොට සිතති. ඔවුන් සුඛෝපභෝගීව ජීවත්වන විට, ඔවුන් උදෙසා මෙහෙ කරන, ඔවුන්⁣ට ධනය උපයා-සපයා දෙන රටවැසියා කුසගින්⁣නේ

ඕවිටිගල කුඹුක් ගහ සහ වර්තමාන ආණ්ඩුව

Image
ඔන්න පෙරළුණා, මෙන්න පෙරළුණා කීවාට ආණ්ඩුව තවම තියෙන බව දැනගන්නට ලැබිණි. මේ ආණ්ඩුව ගැන විස්තර කරන්නට මා මීට මාස දෙකකට පමණ පෙර ගත් ඡායාරූපයක් යොදා ගනිමි. අලුතෙන් සංවර්ධනය කරමින් තිබෙන මතුගම අලුත්ගම පාරේ ඕවිටිගල, කඩිත්තමංකඩ නම් ස්ථානයේ මේ ගස පිහිටා තිබේ. මෙම ස්ථානය දැන් මීට වඩා වෙනස් වී තිබේ. මේ පාර සංවර්ධනය කරගෙන යමින් තිබෙන අතර දැන් මේ ගස කැපිය යුතුව තිබේ. මේ ගස අසබඩ පසුගිය සමයේ තිබුණේ අනවසර හෝටලයකි. ඒ හැරෙන්නට මේ ගසේ වෙනත් කිසිදු විශේෂත්වයක් නො තිබිණි. පාර වෙනුවෙන් එම අනවසර හෝටලය ඉවත් කිරීමට සිදු විය. පාර අයිනේ තිබෙන මේ කුඹුක් ගස හැර තව බොහෝ කුඹුක් ගස් මෙම ප්‍රදේශයේ තිබිණි. පසුගිය සමයේ ඒ කුඹුක් ගස් බොහොමයක් ප්‍රදේශයේ නිවෙස්වල තරප්පු පේලිවලට සවි විය. ඒ ගැන කාටවත් අවුලක් තිබුණේ නැත. එහෙත්, මේ ගස කපනවාට පරිසරවේදීන්, සංවර්ධන විරෝධීන්, ජාතිවාදීන්, ආගම්වාදීන් හා මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විරුද්ධ ය. ඔවුන් සංඛ්‍යාවෙන් අතළොස්සක් වන මුත්, ලොකු සද්දයක් දැමීමේ හැකියාව ඇති අය වෙති. ප්‍රදේශයේ අති බහුතරයක් ජනතාවට මේ ගසෙහි කිසිදු විශේෂත්වයක් නැත. ගස කැපීමේ වගකීම තිබෙන්නේ ප්‍රාදේශීය ලේක

බදුලු බස්සෙකෙන් පොදු ප්‍රවාහනයට

Image
ඡායාරූපය sltbbus.blogspot.com බ්ලොගයෙනි ඊයෙ බදුල්ල ටවුමට රු. 10ක දුරක් යන්න හාලිඇල සිට පැමිණි ලංගම තනි දොරේ බස්සෙකකට නැග්ගා. බස්ටෑන්ඩ් එකට මෙහා හෝල්ට් එක කිට්ටුවදි පන්ති යන ගෑනු ළමයෙකු ඇතුළු කීපදෙනෙක් දොරටුව ගාවට ආවෙ බහින්න. ඔවුන් කොන්දොස්තරට බහිනවා ය කියලත් කිව්වා. ඒත් බස්සෙක නවත්තන්නෙ නැතුව ම ගියා. මගීන් සීනුව ගැහුවෙ එතකොට. රියදුරා බසය පදවන ගමන් ම පසුපස හැරී බැන්නා. "දැන් බෙල් ගහන්න එපා. හෝල්ටෙකට කලින් බෙල් ගහන්න ඕනැ," මිනිහා ගෝරනාඩුවක් දැම්මා. රියදුරාට වුණත් කණ්ණාඩියෙන් ඇස් කොණෙන් බැලුවත් පේනවා මිනිසුන් බහින්නට දොරටුව ළඟට ආපු බව. කොන්දොස්තරට තිබුණා 'බහිනවා' කියන වචනෙ කියන්න. "බහිනවා නම් බෙල් ගහන්න ඕනැ." කොන්දොස්තර නීති තර්කයක් දැම්මා. "ඔයාට මං කිව්වනෙ බහිනවා ය කියලා." මගියෙක් කිව්වා. "මට කියල වැඩක් නැහැ. බෙල් එක ගහන්න ඕනැ." කොන්දොස්තර කියනවා. තනි දොරේ බස් එකේ කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ඉන්න තැන් අතර දුර අඩි පහක්වත් නැහැ. "ඉතින් ඔයා මේ මිනිස්සුන්ව බස්සලා යන්න ඕනැනෙ. ඒක ඔයාගෙ රස්සාවනේ." මං කිව්වා. "ඒක මගෙ

කැස්සට හෙම්බිරිස්සාවට ආණ්ඩු පෙරළීම

Image
හචිං!  මේ රටේ දේශපාලන ක්‍රමය ඉතා පසුගාමී, දූෂිත එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් බිහි වන්නේ අඳබාල නායකයන් බව නො දන්නා කෙනෙකු නැත. මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ හෝ අනාගතයේ පෙනෙන කිසිම දුරක සිටින කිසිම දක්ෂිණාංශික හෝ මධ්‍යස්ථ හෝ වාමාංශික හෝ නායකයකු සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීම තේරුමක් නැත. අප දේශපාලකයන් රාජ්‍ය නායකත්වයට පත් කර ගන්නේ ඔවුන් හොඳ නායකයන් නිසා නො වේ. අපට ඔවුන් තෝරා ගන්නේ අපට සිටින අය අතුරිනි. ඔවුන් ඉතා බොළඳ, පහත්, කෘර අයුරින් හැසිරීමට ඉඩ ඇති අය බව අප දැන සිටිය යුතු ය. පුරවැසියන් ලෙස අපගේ වගකීම වන්නේ ඔවුන්ට ඉදිරියෙන් සිටීම මිස ඔවුන් පසුපසින් වැටී කලකිරීම නො වේ. වර්තමාන මොහොත තේරුම් ගත යුත්තේ එසේ ය. කලකිරීමට පත් ජනයා වෙත බල ව්‍යාපෘති තල්ලු කිරීම දේශපාලනයේ කොටසකි. එහෙත්, හෙම්බිරිස්සාවට, කැස්සට පවා ආණ්ඩු පෙරළිය යුතු යයි කියන බලලෝභීන්ගෙන් ජනතාව පරිස්සම් විය යුතු ය. මේ මොහොතේ ද නැවතත් දකින්නට ලැබෙන්නේ මේ ආණ්ඩුව පෙරළා රාජපක්ෂ පවුල බලයට එන්නට දත කන ස්වභාවයකි. ඔවුන්ට බලය ඉතා හදිසි වී තිබෙන්නේ ඔවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට බව

බලය බෙදා ගැනීම හා පළාත් සභා ගැන රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් බෙදා ගනිමු

Image
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ සමග සුභාරතී වැඩසටහනක් කරන්නට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු ආරාධනය පිළි ගත්තෙ ඉතාම සතුටින්. කළුතර සිට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා පමා වුණ නිසා අපි දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගෙන වැඩසටහන පටන් ගත්තා. බලය බෙදාගැනීමට පක්ෂ පුද්ගලයෙකු විදියට රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් උකහා ගැනීම හා සමාජයට සන්නිවේදනය කිරීම ඉතා වැදගත් යයි මා සිතනවා. ඔහු විජය කුමාරතුංග නායකත්වය දැරූ මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස 1987දී මහත් අවදානමක් දරා ගනිමින් පළාත් සභාවලට පක්ෂව කටයුතු කළා. ඔහු පළමු බස්නාහිර පළාත් සභාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වුණා. 1994දී පාර්ලිමේන්තුවට පත් වී ප්‍රධාන ඇමති තනතුරු ද හෙබවූ ඔහු 2000 වසරේ සිට 2009 දක්වා ම බස්නාහිර ප්‍රධාන ඇමතිවරයා වුණා. 2016 වසරේ සිට ඔහු උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයායි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදා ගැනීම යෝජනා කරන පුද්ගලයන්ට පළාත් සභා සම්බන්ධයෙන් රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් වැදගත්. ඒ නිසා විනාඩි 45ක කාලයක් අරගෙන මේ වැඩසටහනට සවන් දෙන්න. එය ඔබට ප්‍රයෝජනවත් වේවි. බලය බෙදා ගැනීම, පළා

රනිල් ඉල්ලා අස් විය යුතු ද?

Image
රනිල් ඉවත් කරන්නට මහා ව්‍යාපෘතියක් මහරාජාගේ මාධ්‍ය ව්‍යාපාරය විසින් දැන් වසර ගණනාවක සිට කරගෙන යනු ලැබේ. ඇත්තෙන් ම එයින් සිදු වුණේ රනිල්ට ඉන්නට අමතර හයියක් ලැබීම ය. දැනුත් එය එසේ ම ය.  මහරාජා රූපවාහිනී චැනල විසින් පාළු ගෙයක මයික් ටිකක් ඉදිරියෙන් තබා පවත්වන සෙනග නැති මාධ්‍ය සංදර්ශන ඔස්සේ පුම්බනු ලබන පෞරුෂයන්ගේ හිස්කම එසේ වීමට ප්‍රධාන හේතුවයි. සිරසට අහු වී තිබෙන කට්ටිය ඔක්කොම එක ම ජාතියේ අදක්ෂයන් පිරිසකි. සිරසට දක්ෂයන් අවශ්‍ය නැති බව එයින් පෙනේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික හා බල උවමනාවන් වෙනුවෙන් නැටවෙන ඉත්තන් පිරිසක් පමණක් විය හැකි ය. ඔවුන් හමුවේ රනිල්ට ගේමක් තිබුණේ නැත. සිරස ඇත්තෙන් ම කිව්වොත් නන්නත්තාර ය. ඔච්චර නටලාත් සිරසට රනිල් පන්නන්නට බැරි විය.  රනිල්ට බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටින්නට සිදු වීම නිසා දැන් මේ ඉල්ලා අස් වෙන්නට බල කිරීම තීව්‍ර කර තිබේ. රනිල් ඉල්ලා අස් විය යුතු ද? පිළිතුර නැත යන්නයි. 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් ඡන්දය දුන් 62 ලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත්, වික්‍රමසිංහ අගමැතිවරයාටත් පවරන ලද වගකීම් සම්භාරයක් තිබේ. ඔවුන් එ්වා ඉටු කළ යුතු ය. ඒ වෙනු

රනිල් බැඳුම්කර කොමිසම ඉදිරියේ ඇඹරීම දෙවෙනි වන්නේ මහින්ද ජනෙල් පඩි උඩ නැගීමට පමණි

Image
අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට සාක්කි දෙන්නට කැඳවීම අවාසනාවන්ත තත්වයකි. හේතුව ඔහු මේ රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් යම් දැක්මක් තිබුණු නායකයකු වීමයි. ඔහු මෙවැනි මතභේදකාරී ගනුදෙනුවක පැටලීම මහින්ද රාජපක්ෂට වූ දෙය ම වැනි එකකි. යුද්ධය කුමන හෝ මාර්ගයකින් අවසන් කිරීමට සමත් වූ, දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු කළ නායකයකු වූ මහින්ද රාජපක්ෂ ඔහු ඉදිරියේ රට ගොඩනැගීමට තිබුණු අවස්ථාව අහිමි කර ගත්තේ යම් සේ ද, රනිල් වික්‍රමසිංහ ද මෙම සිද්ධිය නිසා සිය අනාගත විභවයන් අහිමි කර ගත්තේ ය. එය රටේ අවාසනාව වන්නේ යම් හෝ ආර්ථික දැක්මක් ඇති වෙනත් නායකයකු රටෙහි නැති වීම නිසායි. කෙසේ වෙතත්, මෙම ගොඩනැගීම එක්තරා ආකාරයකට වැදගත් ය. වත්මන් පාලනය බලයට ගෙනෙන විට ම අප බලාපොරොත්තු වූ දෙයක් වූයේ නායකත්වය වෙනුවට ආයතන ශක්තිමත් වීමයි. එහෙත් නායකත්වය මෙතරම් දුර්වල වනු ඇතැයි ද, ආයතන මාෆියා ලෙස වර්ධනය වනු ඇතැයි ද අප බලාපොරොත්තු වූයේ නැත. අද වන විට රාජ්‍ය ආයතනවල ස්වභාවය තේරුම් ගත හැකි කදිම නිදර්ශනයකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. පසුගියදා ඇති වුණ තෙල් අර්බුදය තනිකර ම ඔවුන්ගේ නිර්මාණයකි. ඒ පිළිබඳව ඇති