පේමක්කා කවුන්සලේට
මේ පසුගිය දිනවල මා ලියූ කෙටි නාට්‍ය පිටපතකි. ඉංග්‍රීසි නාට්‍ය කරන පිරිසක් විසින් මෙය නිෂ්පාදනය කර දර්ශන තුනක් පමණ පෙන්වන ලදී. ඒ නිෂ්පාදනය ගැන මම කොහෙත්ම සතුටු නැත.
කියවා රස විඳින්න.
චරිත:
චන්දදාස - මැදි වියේ පිරිමියෙකි
පේමා - මැදි වියේ කාන්තාවකි.
චන්දදාස ජංගම දුරකථනයක් අතින් ගෙන වේදිකාවට පිවිසෙයි.
චන්දදාස: මේ මළ හත්තිලව්වෙන් කොහොමද මන්ද ඊමේල් එකක් යවන්නෙ? (සභාවට) ඔය ඊමේල් යවන්නෙ ටෙලිපෝන් අංකෙ වගේ අංකෙකටද හැබෑට? ලොකු කොලුව නං අනිවාර්යයෙන්ම දන්නවා ඇති. (හඬ නගා) පුතේ! පුතේ! ආ, මට අමතක වුණා, ඌ ඉස්කෝලෙ ගියානේ. හිටිය නං උගෙන් අහගන්න තිබුණා. ඉතින් මොකේදැයි දං වළඳන්නේ? ඊමේල්! ඊමේල්!
පේමා පිවිසේ
පේමා: ආ, චන්දදාස මල්ලී!
චන්දදාස: (දුරකථනය දෙස බලාගෙන ම) ආ! පේමක්කා! මං බැලුව මේ කවුද කියලා.
පේමා: බැලුව කිව්වට උඹ ඉතින් ඔලුවවත් ඉස්සුව එකක්යැ. උඹත් හරියට අපේ පොඩි කෙලී වගේ නෙ. පෝන් එකේමනෙ ජීවිතේ.
චන්දදාස: වැඩ බං.
පේමා: පෝන් එකෙන්ද වැඩ?
චන්දදාස: නැතුව. දැන් මේකෙන් කොරන්න බැරි දෙයක් නෑ. අපේ පවුලගෙ එකෙන් රෙදි මදින්නත් පුළුවන් ඕපාදූප දොඩලාම ඒක රත් වෙච්ච වෙලාවට. ඒක නෙමෙයි පේමක්කෙ, උඹ දන්නවද ඊමේල් එකක් යවන්න.
පේමා: මොකක්?
චන්දදාස: ඊමේල් එකක්. ලියුං ජාතියක් බං.
පේමා: ලියුං කරදහියක් නං ඉතිං කවරෙක දාල පෙට්ටියට දාලා උඹට ඕනැ නං හූවක් කියහන්.
චන්දදාස: හැබෑට! හූවක් කිව්වට කමක් නැද්ද? (හිස ඔසවා) අම්මට සිරි! පේමක්කා! මොකෝ බං මේ ජැන්ඩි පහට ඇඳල. (වටේ ගොස් බලයි) අප්පද බොල, මේකපුත් දාලා. කොහෙ යන ගමන් ද බං? ඇස්ටෝං ගෙයක්වත් ද?
පේමා: නෑ මල්ලියේ.
චන්දදාස: එහෙනං මොකෝ බං? කවුන්සලේටවත් යන්න ද?
පේමා: ඒක තමයි බං.
ච: ඒ කිව්වෙ?
පේ: කවුන්සලේ යන්න තමයි.
ච: උඹ?
පේ: ඇයි අපි කළු ද?
ච: නැතුව ඉතිං උඹ සුදුයැ. ඒක නෙමෙයි බං. කොලොප්පං නොකර කියහන්කො. මොකෝ මේ උඹට වෙලා තියෙන්නෙ?
පේ: (ලැජ්ජාවෙන්) මාත් චන්දෙ ඉල්ලනව මල්ලියෙ.
ච: උඹ?
පේ: ඔව් මල්ලියේ. (ඇඹරෙයි)
ච: ඔච්චර ඇඹරෙන්න එපා බං. මටත් ලැජ්ජයි.
පේ: මං මේ සැරේ යනව කවුන්සලේට.
ච: (නවත්වා ගත නො හැකි ලෙස හිනා වෙයි)
පේ: ඇයි බං හිනා වෙන්නෙ?
ච: නෑ ඉතින්. උඹ කවුන්සලේට යනවා ය කියපු හින්ද මට හිනා ගියේ.
පේ: ඒක හිනා වෙන්න දෙයක් ද?
ච: නෑ බං අක්කේ. මීට කලිනුත් උඹේ නම ඔය ලැයිස්තුවෙ අග්ගිස්සෙ තිබුණනේ බං. උඹත් ඉතින් ඡන්දෙ ඉල්ලුවා තමයි. ඒ වුණාට උඹට මනාප කීයද ලැබුණෙ? ගෑනුන්ට කවුන්සලේ යන්න බැහැ බං. ඒව තියෙන්නෙ පිරිමින්ට.
පේ: ඒ ඉස්සර. උඹ දන්නවද දැන් අපට නගර සබාවෙ ආසනවලින් සීයට විසිපහක් වෙන් කරලා.
ච: හරි හරි බං. ඔය වගේ ජිමික් කොයි කාලෙද නැත්තෙ? දැන් බලපංකො ඉස්සර අර තරුණ කොල්ලන්ටත් ඔය වගේ සීයට කීයක්ද මන්දා තිබුණනෙ. උනුත් ඔය පුක කඩා ගත්ත කඩි වගේ ඡන්දෙ ඉල්ලුවෙ. ඒ වුණාට කවුද කවුන්සලේ ගියෙ? මන්ත්‍රීතුමාගෙ පුතා විතරයි නේ. කවුන්සලේ ගිය අනෙක් එවුන් ඔක්කොම ඔය උඹල අපි වගේ නාකි ඩයල් නේ.
පේ: මේ සැරේ එහෙම නෙමෙයි බං. ගෑනු සීයට විසිපහ අනිවාර්යයෙන් ම කවුන්සලේ යනවා.
ච: (නවත්වා ගත නො හැකිව සිනාසෙයි)
පේ: මොකද උඹ ඔච්චර හිනා වෙන්නෙ?
ච: හරි! දැන් උඹ ගණන් පාස් නේ. උඹ කියහන්කෝ මෙහේ ගෑනු ආසන කීයක් තියෙනවද කියලා.
පේ: හතරක් තියෙනව කියල මන්ත්‍රීතුමා කිව්වෙ.
ච: ඒකනෙ මං කිව්වෙ.
පේ: ඇයි?
ච: ඇයි යකෝ, මන්ත්‍රීතුමාට මෙහෙ ඕකට යවන්න ගෑනු හතරද ඉන්නෙ? මන්ත්‍රීතුමාගෙ නෝන ඉන්නවා, එතකොට අර මහවත්තෙ ඩල්සි ඉන්නවා. එතකොට කොස්වත්තෙ රූපිකා ඉන්නවා. දළුවත්තෙ සෝම ඉන්නවා. පොල්වත්තෙ චාලට් ඉන්නවා. කෝපිවත්තෙ................යකෝ තව කොච්චර ඉන්නව ද? දැන් සීයට විසිපහ පැනලනේ. උඹ කොහොමද කවුන්සලේ යන්නෙ?
පේ: එහෙම නෙමෙයි මල්ලියෙ කෙරෙන්න ඕනැ. මන්ත්‍රීතුමාගෙ කට්ටිය කියලා නෙමෙයි කවුන්සලේ යවන්න ඕනැ. වැඩක් කරන්න පුළුවන් මං වගේ ගෑනුන්වනේ යවන්න ඕනැ.
ච: ඒක නම් මං පිළිගන්නවා අක්කෙ. උඹ ඉතින් මේ ගමේ කොයි වැඩේ ද නැත්තෙ? පන්සලේ පිංකමෙත් උඹ ඉස්සරහින් ම. මරණයක් මගුලක් දානයක් වුණත් උඹ එතන. උඹ නැති සමිති හරියට පරිප්පු නැති හෝටල් වගේ බං. ඔය ළිඳ ළඟ සංගංවල වුණත් ඉතින් උඹ නැතුවම නෙමෙයි නේ.
පේ: ඒකනේ මං කියන්නෙ. (ආයුබෝවන් කියමින්) මට ඡන්දයක් දියන් මල්ලියේ.
ච: මං දෙඤ්ඤං. මගෙ ගෑනිටත් කියඤ්ඤං උඹට දෙන්න කියලා. ඒ වුණාට...................
පේ: ඇයි ඒ වුණාට කිව්වෙ?
ච: පොඩි පරහක් තියෙනවා.
පේ: ඒ මොකක්ද? මොනවද මට කවුන්සලේට යන්න බැරි හේතු?
ච: නැහැ බං. උඹේ කවුරුවත් කවුන්සලේ ඉඳල මළේ නැහැ නේ.
පේ: ඒ කිව්වෙ?
ච: මෙහෙමනේ. ගෑනුන්ට චන්දෙ ඉල්ලන්න නම් ඉතින් මිනිහ කවුන්සලේ ඉඳල මැරෙන්න එපායැ. එහෙම මැරිල සුදු ඇඳල අඬ අඬ හොටු පිහදදා ආවොත් විතරයි නේ බං අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.
පේ: අපේ මිනිස්සු කිව්වෙ කවුද?
ච: වෙන කවුරුවත් නෙමෙයි ඉතින් අපි ම තමයි.
පේ: ඒකනෙ බං. ඉතින් කවුද වැරදි? උඹලමනේ වැරදි. එහෙම කරන්න එපා. දේශපාලනය කරන්න පුළුවන්, ක්‍රියාකාරී, බුද්ධිමත්, ඒ වගේ ම මේ මං වගේ විනයක් තියෙන............
ච: දූෂණයෙන් තොර කියන එකත් දාගනින්. නැත්තං උඹට එහෙ ගියාට පස්සෙ ඒක අමතක වෙයි.
පේ: අනිවාර්යයෙන් ම. ගෑනු දූෂණේ කරන්නෙ නැහැ බං. ඒව කරන්නෙ පිරිමි.
ච: පේමක්කෙ?
පේ: ඇයි මල්ලියෙ?
ච: මං බඩ්ඩක් අහන්න උඹ තරහ වෙන්නෙ නෑ නේද?
පේ: පිස්සුද මල්ලියෙ? යක්කුන්ට බයේ කවුද සොහොනෙ ගෙවල් හදන්නෙ? හිත රිදවගන්න බැරිනම් මං ඡන්දෙ ඉල්ලනවයැ.
ච: නෑ බං මං අහන්නෙ උඹට පුළුවන්ද ඔය ඡන්ද රැස්සීංඔල කියන කුණුහරුප දරාගන්න. ඔව්වයෙ හිටගෙන බඩ වෙන ඒවනෙ බං පිරිමි මැති ඇමතිගොල්ල දෙසාබාන්නෙ.
පේ: උන් ඒව කියන්නෙ උඹල ඒව අහගෙන බඩ අල්ලං හිනා වෙන හින්දනෙ. ඇයි ඉතිං උඹල ගෑනුන්ට ඒ වගේ ඒව කියනකොට හිනා වෙන්නෙ? මොකද උඹලට ගෑනු නැද්ද? දූලා නැද්ද? අක්කලා නැද්ද? උඹල උපන්නෙ අම්මලගෙ බඩෙන් නෙමෙයිද? ගෑනුන්ට අපහාස කරන්නෙ නැහැ බං හරි හමන් පිරිමි.
ච: ඒ වුණාට දැන් ඉස්සර වගේ නෙමෙයි නේ. ඔය අර ෆේස්බුක් ද මොකක්ද එකකුත් තියෙනවා නේ. ඒවයින්නෙ දෙනවයි කියන්නෙ පොරි හැලෙන්න.
පේ: අනේ බං මේ මගෙන් මුකුත් නාහා ඉඳපන්. ෆේස්බුක් නෙමෙයි බං වැරැද්ද. වැරදි උඹල. ඔව්වයෙ යන අවලං කතා උඩ දාගෙන බල බලා එක එකාට ෂෙයා ද මොනවද කරන්නෙ උඹලමනේ.
ච: (ඇඹරෙමින්) නෑ ඉතින් මං කිව්වෙ මේ මේ.................
පේ: ඔච්චර ඇඹරෙන්න එපා බං. මටත් ලැජ්ජයි.
ච: චික්! මේවට තමයි ඌරගෙ මාළු ඌරගෙ ම ඇඟේ තියල කපනව කියන්නෙ.
පේ: එහෙනං මල්ලියෙ. ඕං මෙදා පාර මටත් මනාපයක් දියන්. මට දෙන්නැත්තං හොඳට හිතල මතල මට වඩා හොඳ කෙනෙකුට දීපන් හරිද? අනෙක, මහජන නියෝජනය සඳහා ගැහැනුන්ට තියෙන අයිතියට ගරු කරන්නට අපි දැන්වත් පුරුදු වෙමු. එහෙනං මං ගියා ජයවේවා!
ච: අපේ පේමක්කට ජයවේවා! //// (පසුපසින් යමින් පිට වෙති.)
© Ajith Perakum Jayasinghe
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ච:ඔන්න බං පේමක්කෙ උඹ කවුන්සිලේට ගියාම මං තමයි උඹේ සිකුරිටි ගාඩ්.
ReplyDeleteපේ:එහෙම කොහොමද? කියහන් බලන්න උඹට තියෙන සුදුසුකම්.
ච:ඇයි බං අර ගම්පහින් ගිය කමලක්කට සිකුරිටි දුන්නෙත් මං නෙව.
පේ: අපෝ බෑ. තෝ දන්නේ පොල් ලෙලි ගහන්නයි. කඩේ යන්නයි විතරයි බොල.
චැහ්, පේ සහ ච අතර අනියම් සම්බන්ධතාවයක්වත් එකතු කලා නං.......
ReplyDeleteකැත සිත . බලු නැට්ට කෙලින් කල නොහැකි බව පෙන්වා ඇත හොදම දේ අගින්ම කපා දැමීමයි
DeleteNice piece of drama. Its addressing the point nicely and humorously. However, as i feel this is better for radio than a the stage. Send this to Sudarshana Gunawardana.
ReplyDelete++++++
ReplyDeleteපැරාගේ ශාස්තෘ කියවා ඇති නිසා මට නම් හැඟෙන්නේ පැරාගේ තරමින් බලන කල නාට්‍ය පිටපත තරමක් දුර්වල බවකි
ReplyDeleteෆේස්බුක් ද මොකක්ද/ ෂෙයා ද මොනවද නැතුව කෙලින්ම ෆේස්බුක්/ ෂෙයා කියල ලියුවානම් තාත්විකයි.. ඒ හැර.. එළ!
ReplyDelete