වැඩ වර්ජන මන රංජන

දුම්රිය වර්ජනය නිසා මගී ජනතාව අපහසුවට පත් ව තිබේ. කෙටි කලකට ඉහතදී සමන් රත්නප්‍රියගේ නායකත්වයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කළ වර්ජනයට ද දුම්රිය සමග සම්බන්ධයක් තිබිණි.

රජයේ සේවකයන්ට තමන් වැඩ කරන ආයතනය හා ඒ අනුව තමන්ට ලැබෙන වැටුප පමණක් නොව සෙසු ආයතනවල සේවක වැටුප් ද අදාළ ය. ඒ වනාහි තරාතිරම පිළිබඳ ප්‍රශ්නයකි.

රාජ්‍ය සේවා වෙන වෙන ම ගෙන, ඒ ඒ සේවාවන්ගේ සුවිශේෂ තත්වයන් අනුව වැටුප් මට්ටම් සැලකිල්ලට ගත යුතුව තිබේ. එහෙත් සිදු වන්නේ කුමක් ද?

දැඩි හිඟයකින් යුතු ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා උපාධි ගුරුවරයකුට වැඩි වැටුපක් ගෙව්වොත් කාලසටහනක්වත් ලබා ගත නො හැකිව පාසල්වල කාලය හා මහජන මුදල් කා දමන අය ද ඇතුළත් කලා උපාධ් ගුරුවරු රෙදි කරට ගනිති.

⁣එය එතනින් නවතින්නේ නැත ගුරුවරුන් සමග මෙතෙක් පැවති පරතරය අඩු වුණා ය කියා හෙදියෝ හෝ දුම්රිය රියදුරෝ පවා සටනට එති.

මෙය හරියට දේශීය වෙදුන් MBBS වෛද්‍යවරුන්ගේ වැටුප් බලාපොරොත්තු වීම වැනි ය. දොස්තර සංගමය ද එසේ මෙසේ හීනමාන සහිත එකක් නො වේ. අවුරුදු 30කට වැඩි සේවා කාලයක් ඇති පවුල් සෞඛ්‍ය⁣ සේවිකාවගේ පවා වැටුප අද සේවය⁣ට බැඳුණු දොස්තරගේ ආරම්භක වැටුප⁣ට වඩා අඩු වීම ඔවුක්ට අවශ්‍ය ය.

රජයේ සේවයේ පවතින වැටුප් ව්ෂමතා යනු මෙවැනි ගැටලු සමුදායකි. මේවා ඒ ඒ සේවාවන්ගේ කාර්යක්ෂමතාව සමග එතරම් සම්බන්ධයක් නැත.

මේ වැටුප් විෂමතා ගැටලු යනු කිසි සේත් ම විසඳිය හැකි ප්‍රශ්න ජාතියක් නො වේ. දුම්රිය සේවකයන් සතුටු කරන ව්සඳුම හෙද නිලධාරීන් අසතුටු කරන්කක් විය හැකි ය.

ලංකාවේ රජයේ සේවය කිසිදා ගොඩ ගත නො හැකි එකක් වන්නේ එබැවිනි.

මෙහි ඇත්තෙන් ම තිබෙන්නේ මධ්‍යම පංතියේ පංති ස්වභාවයක් බව මම සිතම්. මෙයට එක ම විසඳුම වෘත්තීය සමිති එක් වී රජයේ සහය ද ලබාගෙන සාකච්ඡා කර හැකි ඉක්මණින් කවුරුත් පිළිගන්නා වැටුප් ව්‍යූහයක් යෝජනා කිරීමයි.

එය නො කර එකිනෙකාට එරෙහිව අසාධාරණ වර්ජන කිරීම රජයේ සේවකයන් මහජනතාවට කරන බලවත් අසාධාරණයකි.

ආණ්ඩුව පැත්තෙන් මහජනතාව වෙනුවෙන් කළ හැකි දෙයක් වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් හැම එකක ම රාජ්‍ය හෝ පෞද්ගලික ඒකාධිකාරයන් අහෝසි කර දැමීමයි. එතනින් නො නැවතී අත්‍යවශ්‍ය සේවා සැපයීමෙහි ධාරිතා හමුදා තුළ ගොඩනැගිය යුතු ය. රජයේ සේවකයන් විසින් වැඩවර්ජනවල යුක්තියුක්තභාවය අහෝසි කර දමා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Here is a starting point: http://www.federaljobs.net/salarybase.htm#Locality_Payments

    ReplyDelete
  2. අතිකාල දීමනා සහිතව දුම්රිය රියදුරෙකු මසකට රුපියල් ලක්ෂ දෙකක පමන වැටුපක් ගන්නවා.
    -ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අබේසිංහ-

    ReplyDelete
  3. තමන්ගේ වැටුප වැඩි කරන්න විනා අනුන්ගේ වැටුප හා තමන්ගේ වැටුපට අතර පරතරය වැඩි කරන්න කියා උද්ගෝශනය කරන කාලකන්නි ලෝකෙ වෙන කොහේවත් නෑ..

    ReplyDelete
  4. මුලු දුම් රිය සේවයම ජපානයේ Japan railways වගේ එකකට විකිනිය යුතුයි.. ටෙලිකොම් එක හැදුනේ එහෙමයි... ශ්‍රී ලංකන් ගුවන්සේවය පවා එමිරේට්ස් එක්ක තිබුනු කාලෙ දූශන අඩුයි

    ReplyDelete
  5. වර්තමානයේ දී වෘත්තීන් කිහිපයක් හැරුන කොට රජයේ සේවයේ යෙදෙන බහුතරය මධ්‍ය ප්‍රාන්තික අය නොවේ ද? මධ්‍යම ප්‍රාන්තිකයින් ගේ ලොකුම සිහිනය වන්නේ ,හොඳට ඉගෙන ගෙන රජයේ රැකියාවකට යාමය. තවත් කියන්නේ නම් රජයේ රැකියා හිමියෙකු කසාද බැදීමය. නමුත් දැන් දැන් තත්ත්වය තේරුම් ගන්නා ඇතැමෙකු වැඩි වැඩියෙන් පුද්ගලික අංශයට යොමු වෙයි. නමුත් පහුගිය කාලයේ තොග පිටින් රජයේ රැකියාවලට උපාධිධාරීන් බදවා ගැනීමේ දී පුද්ගලික අංශයේ රැකියාව වල නිරත වී සිටි බහුතරයක් උපාධිදාරින් ඒවායින් ඉවත්ව (සමහරු නම් නොකියා ම ) රජයේ සේවයට බැදුනි. මේ බව දන්නා ඇතැම් ආයතන දැන් දැන් කලා උපාධිදාරින් තම ආයතන වල රැකියාවට බදවා ගැනීමට මැලි වේ.
    කොයි කොතන රැකියාව කරත් හැකි උපරිමයෙන් රැකියාවේ නිරත වීමත් , හැකි විට හැකි සෑම දෙයක්ම කිරීමත් කල යුතු බැව් මට සිතේ. නමුත් රජයේ රැකියා වලදි එසේ කටයුතු කිරීම ගැටළු රැසකට මුල පුරන අතර පුද්ගලික අංශයේ එසේ රැකියාව කිරීම උසස් වීම් රැසකට මඟ පෙන්වයි...........

    ( වොරන්ට් එකෙන් වැඩක් වෙයි ද මන්දා මේ සැරේ නම්............)

    ReplyDelete
  6. https://www.facebook.com/lankaenews/?hc_ref=ARQARImz4Y4Hh4P2p6PUO1wQt7d01d1Z-NfUybVWWQjwC6EAw0g3Ha53GW4aYDXUDMI&fref=nf

    ReplyDelete
  7. සුදර්ශන එළියට
    මොහොමඩ් ඇතුළට
    ඒ මංගලට ඕන විදියට
    එතකොට "සුභාරතී"
    ඔබ කොතැනටද

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා