ඔසරිපොටින් අදින්නෙපා සරං පොටයි ඉරෙන්නේ (රෙද්ද උස්සා තැබූ වාර්තාව ගැන වැඩිදුරටත්)

මහනුවර කුප්‍රකට ඔසරි පොටේ නාඩගම හෙවත් මහනුවර ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා මීටර් 3200ක් වූ ලොව දිගම රෙද්ද යයි ඔසරි පොටෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමේත්, ඒ වෙනුවෙන් පාසල් දැරියන් 250ක් පමණ අවභාවිතා කිරීමේත් තකතීරු ක්‍රියාව සිදු වී දැන් මාස තුනකට ආසන්න ය.

සතියේ දිනක, රජයේ පාසලක මහජන මුදලින් ලබා දෙන අධ්‍යාපනය කඩාකප්පල් කරමින්, මහජන මුදලින් වැටුප් ලබා ගන්නා ගුරුන්, විදුහල්පතීන්, මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමති, රාජ්‍ය නිලධාරීන් සහ පොලිසිය යොදා ගනිමින්, අනවශ්‍ය මාර්ග තදබදයක් ද නිර්මානය කරමින් සිදු කළ මෙම ආත්මාර්ථකාමී පෞද්ගලික රූපලාවණ්‍ය ප්‍ර‍චාරණ වැඩසටහන ඉතා පැහැදිලිව ම පොදු දේපල අවභාවිතා කිරීමකි.

අනෙක් පැත්තෙන් එය ඉතා දරුණු අන්දමින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මෙවැනි තකතීරු වැඩකට ළමුන් යොමු කිරීමට මව්පියන්ටවත් අයිතියක් නැති බව කිව යුතු ය.

තවමත් මෙම අවකල්ක්‍රියාව පිළිබඳ පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මෙයට ඍජුවම වගකිව යුතු කීපදෙනෙක් සිටිති. ඒ අතර මධ්‍යම පළාතේ ප්‍ර‍ධාන ඇමතිවරයා ද වන අධ්‍යාපන ඇමතිවරයා, අදාළ පාසලේ විදුහල්පති හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍ර‍ධාන ය.

මෙවැනි සිදුවීම් කාලයේ වැලිතලාවලින් යට වී යාමට ඉඩ නො දී නැවත නැවත ඉස්මතු කර දැක්වීම වැදගත් ය.

බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන විසින් මෙම සිදුවීම පසුපස හඹා යමින් කරන ලද පහත සම්බන්ධ කර තිබෙන වාර්තාකරණය අගය කළ යුත්තේ මෙම සංදර්භය තුළයි. සමාජය එය පිළිබඳ කතා කළ යුතු ය. මේ පිළිබඳ විමර්ශන ඉදිරියට ගත යුතු ය. මෙහිදී සිදු වී තිබෙන පොදු දේපල අපහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. මෙවැනි සිදුවීම් නැවත නැවත සිදු නො විය යුතු ය. 

http://www.lankadeepa.lk/features/ළමා-අයිතිවාසිකම්-වසා-දැමු-ඔසරි-පොටට-මොකද-වුණේ/2-521214


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මාධ්‍යකින් කටයුතු වෙන්න ඕනේ මේ විදියට තමයි බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධනගේ මේ සම්බන්ධ කැපවීම අනගියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙහෙවින්ම....

      Delete
  2. නැට්ට තියෙන අලි මැරෙද්දි කූඹි ගුල් ගැන කතා කරන්නේ ඇයි

    ReplyDelete
  3. පැරා ඔබතුමා හිතනවද මේ සිදුවීම නිසා යම්කිසි දෙයක් ඔවුනට සිදුවෙයි කියා ? කෙස් තියන උන්ට යමක් කරලා පෙන්වන්න බැරි කාලෙක මේවත් කෙස් ද ?

    ReplyDelete
    Replies
    1. අපි ප්‍රශ්න කළ යුතු දේ ප්‍රශ්න කළ යුතුයි, වෙනසක් වුණත් නැතත්.

      Delete
  4. සොහොන්කොතේ ගනුදෙනුවෙන්
    ගෝඨාභය හිරේ ගියා
    ඔසරිපොටේ ගනුදෙනුවට
    හරක් ඒකනායක තැන
    දිවි ඇති තුරු සපිරිගෙයක

    අපට මේව නොපෙනෙන්නේ
    "මඩුවල්ගෙන්" දෙන දඬුවම්
    යහපාලන මරාලයට
    චන්දෙ දීපු රට්ටුන් හට
    කිසිදා නොපෙනෙන හන්දා

    පුතේ ඉතින් නුඹ නාඬන්
    නුඹට මේව හොඳ පාඩම්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා