සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?
ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධයන්ගේ නායකයන් බව කියන පිරිසක් මේ වන විට එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට, තමිල්නාඩුවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝක ප්‍රජාවන් ප්‍රශ්න කිරීම වැරදි බව ඔවුන්ගේ මූලික තර්කයයි. ඇමරිකන් ආණ්ඩුවට ඇෆ්ගනිස්තානයට, පකිස්තානයට පව ා ඇතුල් වී තම විදේශික සතුරන් මරන්නට අයිතියක් තිබේනම් අපේ ආණ්ඩුව අපේ රටේ මිනිසුන් තමන් ට ඕ නෑ විධියට මරා ගත්තාම කාටවත් අමාරුද යන්න මෙතන තිබෙන තර්කයයි. ලෝකය කළ යුතුව තිබෙන්නේ ලංකාවේ ආණ්ඩුවට සිය වංචා, දූෂණ හා සංවර්ධනය ලෙස හඳුන්වනු ලබන කටයුතු රිසි සේ කරගෙන යාමට ණය, ආධාර, ආයෝජන සැපයීම, සංචාරකයන් මෙහි එවීම හා මේ රටේ දුප්පත් ගැහැනුන්ට හා පිරිමින්ට ඒ රටවල රැකියා අවස්ථා සපයාදීම පමණකැයි යන්න ආණ්ඩුවේ හා එයට සහාය දෙන ජාතිවාදී බලවේගවල චින්තනය බව පෙනේ. එසේම, ලෝකෙන් උතුම් රට යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන 'ශ්‍රී' ලංකාව විනාශ කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ලෝකය කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු මේ රටේ ජනතාවට උගන්වති. චීනය, ඉරානය වැනි රටවල් කීපයක් හැර ලෝකයේම සියලු දෙනා සිංහලයන්ට ...