ගල් අඟුරු දේශපාලනයෙන් රාජ්‍ය විරෝධීන් පරාදයි; ආණ්ඩුව විදුලි කප්පාදුව මගහරවාගනියි


 ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය සාර්ථක ලෙස මගහරවාගැනීමට සමත්වී තිබේ.

ආණ්ඩු විරෝධී දේශපාලන අරමුණු සහිතව කටයුතු කරන බව පෙනෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන පරිදි ගල් අඟුරු සංචිත සම්බන්ධයෙන් දිවයින දැන් වාසිදායක ස්ථානයක සිටියි. මේ වසර සඳහා ගල් අඟුරු නැව්ගත කිරීම් 25 ක් පමණ සුරක්ෂිත කරගෙන ඇති බවත්, තවත් නැව්ගත කිරීම් 7 – 8 ක් කළමනාකරණය කරගතහොත් අගෝස්තු දක්වා විදුලි බලාගාර අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි බවත් ඔහු පැවසීය.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් රැගත් නැව් හතක් ජනවාරි 6, 7, 13, 20, 23, 27 සහ 31 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම ගල් අඟුරු නෞකා පුත්තලම වරායට ගොඩබෑමට නියමිතය. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හිඟයකින් තොරව සැපයිය හැකි බවත්, ඒ අනුව එම බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

දැනට ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටලුවක් රට තුළ පවතින බැවින් ගල් අඟුරු නැවට පටවන විට මුළු මුදලින් සියයට 30ක් ගෙවීමටත් ඉතිරි සියයට 70 ගල් අඟුරු ගොඩබාන විට ගෙවීමටත් සැපයුම්කරු සමඟ එකඟ වී ඇත. ඉදිරියේදී පැමිණෙන සියලුම ගල් අඟුරු නැව් සඳහා අවශ්‍ය සියයට 30 ක මුදල ගෙවා අවසන් බවද සභාපතිවරයා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය විදුලියෙන් සියයට 40ක් පමණ නිපදවන්නේ ගල් අඟුරු දහනයෙනි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා