PDF ප්‍රශ්නය

 

කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය.

චිත්‍රය නිදසුනකට ගතහොත්, එය රස විඳීම සඳහා මිලදීගැනීම අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් වැය කළ යුත්තේ අවම මිලකි.

චිත්‍රපටය හොර කොපි හා ටොරන්ට් ගැටලුව විසඳාගන්නේ නෙට්ෆ්ලික්ස් වැනි උසස් ඩිජිටල් වේදිකා මගිනි.

නාට්‍යයට ගැටලුව ඇත්තේ රංගශාලාවට ප්‍රේක්ෂකයන් කැඳවාගැනීම සම්බන්ධයෙනි.

පොත් පීඩීඑෆ් වීම හා ෂෙයා වීම මහලොකු ගැටලුවක් නොවේ. පුස්තකාලවලින් සිදුවන්නේ ද ඒ හා සමාන දෙයකි. ඒ ගැටලුව සම්බන්ධයෙන් ද ඩිජිටල් වේදිකාවල පිහිට ලබාගත හැකිය. නොමිලේ පොත් බෙදීම නැවැත්වීම ද අවශ්‍යය. මාධ්‍යකරුවන් මෙසේ නොමිලේ පොත් ලබාගැනීමට ලොල් පිරිසකි. පුවත්පතේ නොමිලේ දෙන ප්‍රචාරයක් වෙනුවෙන් පොතක් දෙනවා නම් එය දිය යුත්තේ මාධ්‍ය ආයතනයටයි.

කලා කෘති වෙනුවෙන් අදාළ මිල ගෙවීම උසස් පුරවැසිකමක ලක්ෂණයකි. එය ප්‍රවර්ධනය කළ යුතුය. ⁣මිල නොගෙවා කලාකෘති රසවිඳීම ප්‍රවර්ධනය නොකළ යුතු දෙයකි.

චිත්‍රපටවල මාධ්‍ය දර්ශන සෙනග උතුරා යයි. මාධ්‍යකරුවන් නමින් චිත්‍රපට බැලීමට එන මේ පිරිස අතරින් චිත්‍රපටය ගැන සටහනක් තබන්නේ ඉතා දුරාවාරයේ කෙනෙකි. එම චිත්‍රපටම ශාලාවල පෙන්වන විට බලන්නට සෙනග නැති හෙයින් දර්ශන අවලංගු වේ.

සෑම අංශයකම නිකං කෑම පිටුදැකිය යුත්තේ ඒ වෙනුවෙනි. නිකං කෑම ‘අරගලයේ’ පවා ප්‍රධානම ගැටලුවක් විය.

වාමාංශික දේශපාලකයෝ නිකං කෑමේ පිකාසෝලාය.

ලංකාවේ පොත් නොවටිනා දෙයක් බවට හැඟීමක් ඇතිකරන්නට රජය පාසල් පෙළපොත් නොමිලේ දීම හේතු වූ අතර පසුව රාජ්‍ය නොවන සංවිධාන කලාවට බැස එය මඩ වලක්ම බවට පත් කළහ. නාට්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය නොවන සංවිධාන විසින් අල කරන ලද ප්‍රධානම කලා ක්ෂේත්‍රයයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු