කැච් මිස් වෙන්නෙ ඇයි?

 

ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච් එක ගන්නත් බැරි, අමාරු තත්වයකදී හරියට ඇහැ රඳවාගෙන බෝලෙත් එක්ක චලනය වෙනවා නම් පස්සෙන් පස්සට නොගිහින් ආපහු හැරිලා ඉදිරියට යමින් කැච් එක ගන්න පුළුවන්.

කැච් එක හරියටම අල්ලගත්තට පස්සෙ තමයි බෝලෙ උඩදාන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා තමයි කැච් එක ගත්ත බව පෙන්නන්න බෝලෙ උඩදාන්නෙ.

බෝලෙට අමතරව බවුන්ඩරි ලයින් එකටත් ඇහැගහගන්න පුළුවන් ඒක්ස්ට්‍රා ස්පෙෂල් කට්ටියට තමයි. මොක වුණත්, බේසික්ස් එහෙමම තමයි.

කැචස් වින් මැචස් කියලා කියමනකුත් තියෙනවා. ඒ කියන්නෙ කැච් නිසා තමයි මැච් දිනන්නෙ. ඔය ඔක්කොම අස්සෙ ක්‍රිකට් බයි චාන්ස් කියල එකකුත් තියෙනවා. ඒ කියන්නෙ වාසනාව ඉතා වැදගත්. හැබැයි මැච් ෆික්සිං හෙවත් තරග පාවාදීම් කියලා ජාතියකුත් ක්‍රිකට් ව්‍යාපාරයේ තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙදි නම් ඒවා නොට් ක්‍රිකට්.

දේශපාලනේදි බෝලෙ තමයි රාජ්‍ය බලය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා