Posts

Showing posts from March, 2013

සැබෑ ජාතිද්‍රෝහියෝ, බෙදුම්වාදියෝ කවුරුද?

Image
ලංකාවේ ආණ්ඩුව හා සිංහල බෞද්ධයන්ගේ නායකයන් බව කියන පිරිසක් මේ වන වි‍ට එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, ඉන්දියාවට, තමිල්නාඩුවට ‍එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. 

ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝක ප්‍රජාවන් ප්‍රශ්න කිරීම වැරදි බව ඔවුන්ගේ මූලික තර්කයයි. ඇමරිකන් ආණ්ඩුවට ‍ඇෆ්ගනිස්තානයට, පකිස්තානයට පවා ඇතුල් වී තම විදේශික සතුරන් මරන්නට අයිතියක් තිබේනම් අපේ ආණ්ඩුව අපේ රටේ මිනිසුන් තමන්ට ඕනෑ විධියට මරා ගත්තාම කාටවත් අමාරුද යන්න මෙතන තිබෙන තර්කයයි. ‍ලෝකය කළ යුතුව තිබෙන්නේ ලංකා‍වේ ආණ්ඩු‍වට සිය වංචා, දූෂණ හා සංවර්ධනය ලෙස හඳුන්වනු ලබන කටයුතු රිසි සේ කරගෙන යාමට ණය, ආධාර, ආයෝජන සැපයීම, සංචාරකයන් මෙහි එවීම හා මේ රටේ දුප්පත් ගැහැනුන්ට හා පිරිමින්ට ඒ රටවල රැකියා අවස්ථා සපයාදීම පමණකැයි යන්න ආණ්ඩුවේ හා එයට සහාය දෙන ජාතිවාදී බලවේගවල චින්තනය බව පෙනේ. එසේම, ලෝකෙන් උතුම් රට යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන 'ශ්‍රී' ලංකාව විනාශ කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ ලෝකය කුමන්ත්‍රණය කරමින් සිටින බව ඔවුහු මේ රටේ ජනතාවට උගන්වති. චීනය, ඉරානය වැනි ර‍ටවල් කීපයක් හැර ලෝකයේම සියලු දෙනා සිංහලයන්ට විරුද්ධ…

ජාතිවාදී මකබාස්ලාගේ යෝජනා හා රාජපක්ෂ අටුව කඩා යූඇන්පී පුටුව හැදීම

ලංකාවේ ජාතිවාදී මකබාස්ලා දැන් කදිම යෝජනා කරමින් සිටිති. තමිල්නාඩුවේ සිට ලංකාවට එන සංචාරකයන්ට තහනමක් පැනවිය යුතු බවට හා දැනට පැමිණ සිටින තමිල්නාඩු වැසියන් පිටමං කළ යුතු බවට ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත භික්ෂුව යෝජනා කරයි.

මේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට නම් සමස්ත ඉන්දියාවෙන්ම එන සංචාරකයන්‍ට තහනමක් පැනවීමට සිදු වේ. මන්ද, තමිල්නාඩුව වෙනම පාස්පෝට් නිකුත් නොකරන බැවිනි. එහි තේරුම සියලු ඉන්දියානුවන් ලංකාවෙන් පිටමං කළ යුතු බවයි. ඔන්න විදේශ ප්‍රතිපත්ති වි‍ශේෂඥ හිමියනි, ක්‍රියාත්මක කර වදාරනු මැන.

තමිල්නාඩුවේ සිටින ලාංකිකයන් ආපසු ගෙන්වා ගන්නා ලෙස කරන යෝජනාව නම් ක්‍රියාත්මක කරන්නට පුළුවන. එවිට එහි සිටින බව කියන ලංකාවෙන් පළා ගොස් ඇති බව කියන කොටින් ටිකද මෙරටට ගෙන්වා ගන්නට පුළුවන. .  ‍‍‍‍‍

ගුනදාස අමරසේකර යෝජනා කරන්නේ උතුරේ පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා කියාය. ගෙන එන්නේ පරම්පරාවක් වල පල්ලට යැවූ 1988 - 89 කාලයේ සිටම මතුරන පැරණි තර්කයකි. ඒ පළාත් සභා ඊලමකට පාර කපන බවයි.

වසන්ත බංඩාර යෝජනා කරන්නේ දෙමළ චිත්‍රපට බැලීමෙන් වළකින්නටයි. අපි දෙමළ චිත්‍රපට නොබලා හිටියාම තමිල්නාඩුව සෙත…

සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම

Image
ජාතිවාදය කියන්නේඉතාම පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් වගේ දෙයක්. ඕනෑම කෙනෙකුට මහගන්න පුළුවන් ඇඳුමක් වගේ දෙයක්. ඕනෑම පහත‍් මිනිහෙකුට වීරයෙක් වන්න පුළුවන් දැක්මක්. 

මේක හරි සරළයි. අපි අතර ඕනැ තරම් ඉන්නේ තමන් අනෙක් අයට වඩා මාර ශ්‍රේෂ්ඨ පොරක්ය කියා සිතාගෙන ඉන්න අය. පවුල්වල මේ වගේ අය ඉන්නවා. උන් අනෙක් අයගේ අවස්ථා පැහැර ගන්නවා. සැමියා බිරිඳට වඩා උසස් යයි කියා තත්වයක් ඇති කරගෙන බිරිඳව සූරා කනවා. සහෝදරයෝ තමන් උසස් යයි කියලා තත්වයක් නිර්මානය කරගෙන එක බඩවැල කඩාගෙන උපන් සහෝදරියන්ගෙන් පවුලේ දේපල ටික පැහැර ගන්නවා.

පොදු සමාජයේ ඉන්න මේ වගේ අය අනෙක් මිනිසුන්ව පාගනවා. ‍දේශපාලනයට යනවා. අනෙක් මිනිසුන්ව පමණක් නොවෙයි රටත් සූරා කනවා.

රජයේ ආයතනවල, පෞද්ගලික ආයතනවල සේවය කරන මෙවැනි අය තමන්ගෙන් සේවය ලබාගන්න එන අයට හරි සේවාවක් සපයන්නේ නැහැ. සගයන්ව කපාගෙන යන්න උත්සාහ කරනවා.

නිතරම තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරමින්, අනුන්ගේ නුගුණ ගැන කියමින් තමන්ට නිසි තැන නොලැබෙන බව කියමින් කෙඳිරිගාමින්, හරි හැටි වැඩක් පලක් නොකර ඉන්න මිනිසුන් සමාජයේදී ඔබ ඕනෑ තරම් දැක ඇති.

ඉතින් අපි සමාජ කණ්ඩායම් විධියටත් පෙළඹෙනවා, අනෙක් කණ්ඩායම්වලට වඩා…

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය. 

ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ.

විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත.

ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවුල්වාදී පාලනයක් ගො…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසු ලංකාව

Image
ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 32ක් විසින් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කින් 46ක් ඡන්ද විමසීමට සහභාගි වූ අතර එයින් 25ක් පක්ෂවද 13ක් විපක්ෂවද ඡන්දය දෙද්දී 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දුන්නද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සැර බාල කිරීමට ඉන්දියාව කටයුතු කළේය. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන රැල්ලකට උපකාර කරමින් සිටියදී පවා ලංකාවට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර මුස්ලිම් රටවල් රැසක් තිබීම කැපී පෙනෙන තත්වයකි.

රාජපක්ෂ ආණඩුව විසින් උත්තේජනය කර තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල ආපසු නොහැරවුවහොත් මීළඟ සැසිවාරය වන විට මේ සහයෝගය නැති වී යන්නට පුළුවන. මුස්ලිම් විරෝධී දේශපාලන රැල්ල මෙහෙයවන බොදු බල සේනාව හසුරුවන යතුරක් දැන් ආරක්ෂක ලේකම්වරයා අත ඇති නිසා අවශ්‍ය නම් එය පාලනය කරන්නට බැරිකමක්ද නැත. එහෙත්, පිස්සු බල්ලන් ලිහ…

හලාල් අවුලෙන් කූරගල ආක්‍රමණයට

Image
බොදු බල සේනාව හලාල් සහතික ඉවත් කිරීම ආරක්ෂක ලේකම්වරයා හරහා පොලිසියට භාර දී  දැන් අලුත් දිශාවකට යොමු වෙමින් සිටියි.
මාර්තු 17දා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා රැළියේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසූ පරිදි ඔවුන් මීළඟට අත ගසන්නට යන්නේ කූරගලින් මුස්ලිම් පල්ලියක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියකටයි. බලහත්කාරයෙන්, හිංසාවෙන් එය ඉවත් කර අවිහිංසාවාදී බුදු හිමියන්ගේ තෙමඟුල යෙදෙන දින කූරගල වන්දනාවේ යන්නට මෙම භික්ෂුව බෞද්ධයන්ට ආරාධනා කළේය. 

කූරගල වනාහි බලංගොඩ පැත්තේ වන මැද පිහිටි ගල්ලෙනක පිහිටුවන ලද පැරණි මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලිය බොහෝ ඈත කලක සිට පවතින එකක් බවට සාක්ෂි තිබේ. ඒ හා ආශ්‍රිත අභිචාර හා පුරාවෘත්ත රැසක් තිබේ. ශ්‍රීපාදය දක්වා ගමන් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇතැයි සිතිය හැකි මෙම ස්ථානයට වසර දහසකට පමණ පෙර ඉස්ලාම් ශාන්තුවරයකු වන ජයිලානි පැමිණි බවට ඇති විශ්වාසය මත මෙම පල්ලිය ඔහුගේ නමින් නම් කර තිබේ. එසේම මුස්ලිම් වෙළෙන්දෝ ක්‍රිස්තු පූර්ව සමයේ සිටම මැණික් සොයා සබරගමුවට එන්නට ඇතැයි සිතිය හැකිය. ‍දහවන සියවසට අයත් මුස්ලිම් ජාතිකයකුගේ සෙහොන් ගලක් 1922දී මෙතැනින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මුස්ලිම…

ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

Image
DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා. 

2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා.

කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්. 

කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා. 

කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම. 

අප මෙන්ම ඔවුන්ද මේ අලුත් රැල්ල ත්‍රස්තවාදයක් ලෙසින් හඳුනාගන්නවා. ඔවුන් ඒ ත්‍රස්තවාදයට එරෙ…

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී මා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට මා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට මට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැතිනම් මෙම ස…

බීබීසී සංදේශය හා තවත් එවැනි මාධ්‍යවල තිබෙන ගැටලුව කුමක්ද?

පසුගිය දිනෙක බීබීසී සිංහල සේවයේ අධිපති ප්‍රියත් ලියනගේ සමග ඉතා කෙටි කතාබහක් කරන්නට ලැබිණි. ඔහු බ්ලොග්කරුවකු ලෙස හෝ මාධ්‍යකරුවකු ලෙස හෝ මෙම රචකයා පිළිබඳ කිසිවක් දැන සිටි බවක් නොපෙනිණි. බීබීසී සංදේශය ගැන  කළ අදහස් විමසීමකදී රචකයා පැවසූ කරුණක් වන්නේ එය සිංහල හැඟීම් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි. එය සිදුවිය යුත්තේ කෙසේදැයි ඔහු ඇසූ ප්‍රශ්නයට රචකයා ඒ අවස්ථාවේ වාචිකව ගොනු කළ පිළිතුර ව්‍යක්ත එකක් නොවීය. එය සංකීර්ණ ප්‍රශ්නයකි. කොහොමත්, ලියන තරම් 'හොඳින්' වාචිකව අදහස් පළ කරන්නට රචකයාට බැරිය. ඒ නිසා මේ කරුණ යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම සිතුවෙමි.

සංදේශය වාර්තාකරණයේදී සිංහල හැඟීම් ගැන සංවේදී බව ප්‍රියත් අදහස් කළේය. බීබීසී වාර්තාවලදී ඔවුහු ඇත්තෙන්ම දෙපැත්තම වාර්තා කරති. එහෙත්, සමස්ථ ප්‍රකාශනය පොදු සිංහල සමාජයට ගම්‍ය වන්නේ සිංහල විරෝධී එකක් ලෙසයි. එය සිංහල සමාජයේ වරදක්ද? 

රචකයා කී කරුණ සංදේශය වැඩසටහනට පමණක් නොව, රචකයා කලක් සේවය කළ හිරු, රාවය වැනි පුවත්පත්වලටත් අදාළය. ‍මෙම මාධ්‍යවලට එරෙහිව ඇති ඒවා දෙමළ ජාතිවාදය කෙරෙහි හිතවාදීය යන ලේබල්කරණය තනිකරම සිංහල ජාතිවාදීන්ගේ ප්‍රචාරයක්ද? නැත…

මුසල්මානයන් දනගැස්වීම හා ප්‍රජාතන්ත්‍රවාදය

Image
හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීම හෝ මුස්ලිම් ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. වෙළඳපොළේ ඇති භාණ්ඩ හලාල්ද නැද්ද යන්න විමසීමේ අයිතියක් මුස්ලිම් ජනයාට තිබේ. හලාල් අධීක්ෂණය සඳහා ලංකාවේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තිබිණි. එහි යම් ගැටලු තිබිණි. හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීම හේතුවෙන් හලාල් සහතිකය අවශ්‍ය නොවන අයටත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවීම මෙහිදී ප්‍රශ්න කෙරිණි.

මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති මූලධර්මය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත්, මුස්ලිම් ජනතාවට තමන් පරිභෝජනය කරන භාණ්ඩ හලාල්ද නැද්ද යන්න දැනගැනීමට ඇති අයිතිය ද ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසකි. බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් කියනවානම් නිර්මාංශාහාර පමණක් පරිභෝජනය කරන අයට තමන් පරිභෝජනය කරන කෑමවල සත්ව කොටස් අඩංගුද නැද්ද යන්න දැනගැනීමට තිබෙන අයිතියද මෙවැනි එකකි.

දැන් ජමියතුල් උලමා සංවිධානය ලංකාවේ භාවිතා කරන නිෂ්පාදනවලින් හලාල් ලකුණ ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගැනීමේදී හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිම් ජනතාවට තිබෙන අයිතියට ඔවුන් කෙතරම් ගරු කර තිබේද යන්න අපට සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයේ අභිප්‍රායන් පිළිබඳ අප මුල සිටම මතු කළ සැක සංකා මේ …

බොදුබල සේනා නායකත්ව විද්‍යායතනය විවෘත වූ දවසේ බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියේ සිසුවකුව

Image
බොහෝ කලකට පෙර අහිමි වූ හා අතහැර දමන ලද ශාස්ත්‍රෘලයීය අධ්‍යාපනයේ හිස්තැන පුරවා ගන්නට බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියට බැඳුනෙමි.

දැනට රෝගාතුරව සිටින මහැදුරු සුචරිත ගම්ලත් වියතාණන්ගේ උදාර සංකල්පයක් අනුව ආරම්භ වූ බෘහස්පතියේ අරමුණ සාහිත්‍ය, කලා ක්ෂේත්‍රයන්හි නියුතුව සිටින ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සැබැවින්ම අවශ්‍යව සිටින ක්‍රියාධරයනට සම්ප්‍රදායික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ඉක්මවා ගිය පුළුල් ශාස්ත්‍ර ගවේශනයක් සඳහා දොරටු විවර කරදීම ලෙස මම තේරුම් ගනිමි.

මෙම සත්කාර්යය අප විසින් සුහද සිතින් පිළිගත යුතු, දිරිදිය යුතු, රැකගත යුතු දෙයකි. බොදු බල සේනාව වැනි ජාතිවාදී, ආගම්වාදී සංවිධානයක් විදේශාධාර හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරක්ෂක ලේකම්ගේ අතින් නායකත්ව පුහුණු ආයතනයක නමින් අධ්‍යාපන ආයතනයක් විවෘත කළ දිනම බෘහස්පති සරසවියේද කටයුතු ආරම්භ වීම සුවිශේෂ සමපාත වීමකි.

බොදු බල සේනා බෞද්ධ නායකත්ව විද්‍යායතනය හෙවත් Bodu Bala Sena Buddhist Leadership Academy පිළිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය: "මෙම විද්‍යායතනයෙන් රටට ජාතියට, තම දහමට ආදරය සහ ගෞරවය දක්වන සිරිත් මල්දම, බුද්ධ ගජ්ජය, සකස්කඩෙන් පටන්ගෙන ජාතක ප…

සිංහලයන් යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටීම

කොළඹදී පැවැත්වුණු ජනමාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි, ලංකාවට නවදිල්ලියට වඩා වැදගත් තමිල්නාඩුවය කියන එක. 

තමිල්නාඩුව හොඳින් තියාගන්න ඕනැනම් 'ශ්‍රී' ලංකාව හෙවත් සිංහල මූලික රාජ්‍යය දෙමළ ජනයාට සාධාරණව සලකන්න ඕනැ. ඒක වෙන්න නම් රාජ්‍යයේ සිංහල මූලිකත්වය වෙනස් වෙන්න ඕනැ. සියලු ජාතීන්ගේ සමානත්වය තහවුරු වෙන්න ඕනැ. දෙමළ කතා කරන ජනයා ඇතුළු සුළුජාතීන් ලංකා රාජ්‍යයේ සැබෑ පාර්ශ්වකරුවන් පිරිසක් බවට පත් කරගන්න ඕනැ.

හොඳයි, 'ශ්‍රී' ලංකාව එසේ කරගන්න අසමත් වුණොත් කුමක් වේවිද? සිංහල නායකයෝ බලාපොරොත්තු වන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හැමදාමත් තමිල්නාඩුව එක්ක කරන සෙල්ලම මෙහෙමම පවතියි කියලා. තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් තමන්ගේ ජනතාවත් සමග කරන සෙල්ලමත් හැමදාම මෙහෙමම පවතියි කියලා. ඒත්, දැන් මේක එක්තරා උච්ච ස්ථානයකට ඇවිත් තිබෙන්නේ. තමිල්නාඩුවේ බලපෑම තවදුරටත් නොතකා හරින්න බැරි තැනකට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එන්න කිට්ටුයි දැන්. ඒ තත්වය තුළ ලංකාවටත් එක්සත් ජාතීන් සමග කරන සෙල්ලම හැමදාම මෙහෙම කරගෙන යන්න පුළුවන්ද යන ප්‍රශ්නය එනවා. පිටින් හිරවෙනකොට ආණ්ඩ…

Reading a picture

Image
The man in front Clad in white Seamed simplistic  Strides unwavering Ringed in superstitious nine gems in finger An oriental Non-westerner Militant
Side by side Or lagging a feet behind The counterpart Locally localized westerner Or the man in oriental's underachieved dream
Walks The future behind the camera Seems to be of one of them Or perhaps Of none of them
-Ajith Perakum Jayasinghe

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

අතුරුදහන් වූවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි කියා ආණ්ඩුව කොළඹ උද්ඝෝෂණ කරවීම

Image
ලංකාවේ ආණ්ඩුව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසිවාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අතහැර දමා ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. 

ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සභාවේ ක්‍රියාවලිය පිළිබඳවද අධ්‍යයනය කරනැති බව ඔප්පු වුණේ සැසිවාරයට ආණ්ඩුවේ නියෝජිතයකු සහභාගි නොකිරීමට ගෙන තිබූ තීරණයෙනි. නිලධාරීන් පිරිසක් පමණක් යවන්නට මුලින් අදහස් කරගෙන සිටිමුත්, එසේ කළහොත් සැසිය අමතන්නට ලැබෙන කාලය අඩු බව දැනගැනීමෙන් පසු ඇමති මහින්ද සමරසිංහව ලහිලහියේ එහි පිටත් කර හැරියේය. ඔහු විසින් පවත්වන ලද කතාවද දේශීය සිංහල ජාතිකයන් සතුටු කරන්නට කළ එකක් මිස ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාර්ථක එකක් නොවේ. 

කලින් මානව හිමිකම් සැසිවාරයේදී ඉටු කරන බව කී දේද කරන්නට ලංකාවේ ආණ්ඩුව අසමත් වී ඇති බව ආණ්ඩුවම දනී. දෙමළුන්ට කිසි දෙයක් දෙන්නේ නැත යන අප්‍රසිද්ධියේ ප්‍රකාශිත ස්ථාවරයේ සිටින ආණ්ඩුව යුද්ධයෙන් පසු මුළු ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් සීමා කිරීමට කටයුතු කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් වන වගවීමේ ක්‍රියා…

ලසිත් මාලිංගගේ ගොන්පාට් හා ජනමාධ්‍ය ටිරිකිස්

Image
ලසිත් මාලිංග ජනමාධ්‍යවලට පාට් දමන වීඩියෝ දර්ශන ඔබ දකින්නට ඇතැයි සිතමි. මේවා අන්තර්ජාලයේ ප්‍රකට නිසා හා අප මෙවැනි අඥානයන් අගය නොකරන නිසා එය මෙහි නැවත පළ නොකරමි.

ඇත්තෙන්ම මෙම සිද්ධිය මාධ්‍ය හැසිරීම හා මාධ්‍ය ඉදිරියේ ක්ෂණිකව ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳ සාකච්ඡා නිමිත්තක් සපයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් ලබන ලක්ෂ හතළිහකට අධික මාසික වැටුපට අමතරව ඔවුන්ට පිරිනැමෙන දීමනා හා වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ඉදිරි වර්ෂය සඳහා ගිවිසුමට අත්සන් නොකර තෙපරබාමින් සිටියහ. එහෙත්, ඇමති මහින්දානන්ද අලුත්ග‍මගේ දැම්මේ එක සැල් එකකි. මේ ක්‍රිකට් වීරයෝ පිත්ත කඩුල්ලේ දැවටී දැවීගිය පිතිකරුවන් පිරිසක් සේ පෝලිමේ පැමිණ ගිවිසුම අත්සන් කළහ.

ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කී දේ සරළව මෙසේය. 'උන්ට බැරිනම් යන්න කියපල්ලා. වෙන එවුන් ටිකක් ගනිල්ලා.'

ඇත්තම කීවොත්, පළපුරුදු ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ හැර අන් අයගේ හිස්තැන් පුරවන්නට හැකි ක්‍රීඩකයෝ ඕනෑතරම් එළියේ සිටිති. ස්පර්ශ නොවූ කුසලතා පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෝ ද දිවයිනේ තව බොහෝ සිටිති.

Nobody is indispensable කිසිවෙකු නැතිවම බැරි නැත යන්න ක්‍රිකට් ක…

මස්මඩු ජාතිවාදය මැදින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම

රාජපක්ෂ පවුල් පාලනය විසින් ලංකාව ලෝකයෙන් හුදකලා කරමින් තිබේ. එසේම රට අභ්‍යන්තරය ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පුරුෂෝත්තමවාදය ආදී සකලවිධ පසුගාමිත්වයන් තුළ කුණු වන තත්වයට පත් කරමින් තිබේ.

ජාතිවාදය හැමදාමත් බලයට කෑදර අවස්ථාවාදීන් අත සුරුවමකි. විශේෂයෙන්ම පහළ පංතික උන්නතිකාමීන් බලය සඳහා කෙටි මගක් ලෙස මහත් අභිරුචියෙන් යුතුව ජාතිවාදය වපුරති. ජාතික හෙළ උරුමය හා ජවිපෙ මේ සඳහා කදිම නිදසුන් වේ. එහෙත්, ඔවුන් කපන ජාතිවාදී ළිංවලින් නාන්නේ ප්‍රභූ අවස්ථාවාදීහුය. රාජපක්ෂ පවුල මේ සඳහා නිදසුනකි. ජාතිවාදයේදී ප්‍රභූ පංතික කොටස් පහළ පංතිකයන් තරම් එඩිතර නැති වුණත්, ආන්තික ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට පසුබට වන්නේ නැත. නිදසුනක් ලෙස ප්‍රභූ පංතිකයෝ මස්මඩු පරීක්ෂාකිරීම වැනි ගොන් වැඩ නොකරති. එහෙත් වැඩේ නැගලා ගියොත් එයින් වාසි ගනිති.

සුළුතර ජාතිවාදීහුද මහ ජාතියේ පීඩනයට සුළුතර ජාතිවාදයෙන් පිළිතුරු සොයන්නට යති. එහිදීද වඩාත් ජාතිවාදී වන්නේ පහළ පංතික කොටස්ය. කොටි සංවිධානය නිදසුනකි.

මහ ජාතිවාදයත්, සුළුතර ජාතිවාදයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. මේ දෙක නිරතුරු එකිනෙකාගෙන් පෝෂණය වෙති. මතුපිටින් උග්‍ර ලෙසඑකිනෙකාට විරුද්ධ …

ක්‍රීඩාශීලී ආණ්ඩුවට ක්‍රීඩාශීලී සැලියුට් එකක්

Image
අද අපි ආණ්ඩුවේ හොඳක් කියන්නෙමු. අපි නරකම දකින්නේ ඇයිද යන්න සමහරු අසති. ගුණ වයන්නට මෙතරම් ජනමාධ්‍ය තිබියදී අපද එය කරන්නට අවශ්‍ය නැත. අනෙක් පැත්තෙන් කියන්නට හොඳක් ඇත්තේත් නැත.

සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කෙ‍රෙන කැබිනට් සංදේශයකට ඇමැති මණ්ඩල අනුමැතිය දී ඇත.

එමෙන්ම සියලු වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ද මෙය අනිවාර්ය වන අතර ඔවුන්ට කිසියම් වු ක්‍රීඩාවක නිරතවීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, සහතික හා ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයයක් ලෙස ක්‍රීඩාව හැදැරීමටද මේ සමග අවස්ථාව සැලසේ. මේ වසරේ සිට සෑම පාසල් දරුවෙකුටම ක්‍රීඩා විෂයයට අදාල ශාරීරික යෝග්‍යතා ප්‍රගති වාර්තා පොතක්ද නිකුත් කරන බව කියැවේ. එමගින් සෑම පාසල් සිසුවෙකුගේම ශාරීරික යෝග්‍යතාව වසරකට වරක් ඇගැයීමට ලක් කිරීමට කටයුතුකරන බවද කියනු ලැබේ.

විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කාලයකදී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලියකට සුදානම්වීම පිණිස ජාතික ක්‍රීඩා සංචිතයක පුහුණුව ලබන්නේ නම් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට, ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්…

මං ආගම් නොඅදහන්නේ ඇයි?

බෞද්ධ මූලධර්මවාදී බොදු බල සේනාව කොළඹට ගවමස් බෙදාහරින දෙමටගොඩ ගව ඝාතනාගාරය නීති විරෝධී අන්දමින් වැටලුවේය. 

එහෙත්, ඔවුන් බලාපොරොත්තු වූ කිසියම් දෙයක් සොයාගන්නට බැරි වූයෙන් මස් කුණු වන බව කියමින් ආපසු ගියහ. මස් කියන්නේ ලාංකීය සමාජය මෙන්ම කුණු වෙමින්පවතින දෙයක් තමාය.

කොළඹ නගර සීමාව තුළ දැන් හරකුන් මරන්නේ නැති බව හා දෙම‍ටගොඩදී සිදුවන්නේ මරා ගෙන එනු ලබන මස් කොළඹට බෙදීම බවද කොළඹ නගර සභාව පවසයි. එතකොට මේ ඝාතනගාර තිබෙන්නේ කොහිද? 

ඝාතනාගාර කොහි තිබුණත්, ඒවාට හරකුන් ලැබෙන්නේ කොහෙන්ද? අප දන්නා තරමින් ලංකාවේ වැඩියෙන්ම හරකුන් ඇති කරන්නේ සිංහල බෞද්ධයෝය. හරකුන්ය කියා මෙහි කියන්නේ ඇත්තම කකුල් හතරේ සතුන්ටය. මේ හරක් වයසට ගොස් මරණයට පත් වී භූමදානය කරන අවස්ථානම් අති විරලය. එහෙම අවස්ථා තිබෙනවානම් පත්තරවලට පුවත් වන තරම් සුවිශේෂය. 

මේ ළඟදී දිනෙක මට හමු වූ සමෘද්ධි ආධාරවලින් කුඩා ගොවිපළක් පවත්වාගෙන යන එක් සිංහල බෞද්ධ දිරිය ගොවි මහතෙකු සමග කතා කරද්දී ඔහු සිය ගොවිපළේ කළුකුමන් සිටින බවටද අවශ්‍යනම් කිලෝව රු 500 ගණනේ දෙන බවද කීවේය. "හැබැයි මහත්තයෝ මරලානම් දෙන්න බැහැ. අපේ දුව කැමති නැහැ. ගෙදර ඇති කරන සත්තුනේ."…