Posts

අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා

Image
ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය  මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා.  මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි.  මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා.  මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා.  යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි.  මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උ...

සමාජය විනයගත කිරීම පාරෙන් අරඹමු. පොලිසිය දුටු විට ලයිට් ගැසීම නවත්වමු

Image
මාර්ග අනතුරු ත්‍රස්තවාදයට වඩා බිහිසුණු උවදුරකි. 2015 වසරේ මාර්ග අනතුරු 35,000කට වඩා සිදු වූ බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එයින් මාර්ග අනතුරු 6500කට වඩා බරපතල ඒවා ය. මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2389කි. සැප්තැම්බර් 10 දින ජනාධිපති ආරක්ෂක අංශයේ සේවකයන් සිව්දෙනෙකුට මරු කැඳවමින් හා සයදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මිනුවන්ගොඩදී සිදු වී රිය අනතුරේ වීඩියෝ දර්ශන අසල සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එම රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය හා බස් රිය දෙක යන වාහන තුන ම ධාවනය කරන්නේ වෘත්තීය රියදුරන් විසිනි. ඩිෆෙන්ඩර් රියදුරා මාර්ග නීති තඹයකට මායිම් නො කර අධි වේගයෙන් ධාවනය කරන අතර, ඔහු විසින් ඉස්සර කරනු ලබන බසයේ රියදුරා මඳක් වේගය බාල කළා නම් හෝ ඉදිරියෙන් ආ බසයේ රියදුරා මඳක් රිය අයින් කර ගත්තා නම් මෙම අනතුර වළක්වා ගන්නට තිබිණි. බස්, ට්‍රක් රථ, ත්‍රිරෝද රිය, ආරක්ෂක අංශයට සම්බන්ධ වාහන ආදිය පදවන වෘත්තීය රියදුරන් පවා මාර්ග නීති අනුගමනය නො කරන ආකාරය සුලබ දසුනකි. ජංගම දුරකථන කණ තබාගෙන වැලමිටෙන් බස් රිය පදවන්නන් නිතර දකින්නට ලැබේ. තමන් ගමන් කරන රථයේ රියදුරාට මාර...

ඇමති මණ්ඩලය ගැන කතා යට කතා

Image
මේ දිනවල රටේ කතාබහට පත් වන ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. ඇමති තනතුරු බෙදා දී තිබෙන ආකාරය අනුව යහපාලන බලාපොරොත්තු සුන් වී තිබෙන බව ඇතැමෙක් පවසති. මතුපිටින් බැලූ කල එහි ඇත්තක් ද තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණ ව්‍යාපාරයේදී කුඩු, එතනෝල්, ව්‍යාපාරිකයන්, මැරවරයන් මහජන නියෝජිතයන් බවට පත් වීමට එරෙහිව දැවැන්ත ප්‍රචාරණයක් සිදු විය. එහෙත්, මෙවර ද ජනතාව එවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කළ අතර ඇමති මණ්ඩලය පත් කිරීමේදී ද එවැනි පුද්ගලයන්ට තනතුරු ලබා දී තිබේ. එමෙන්ම, පසුගිය මැතිවරණවලදී යහපාලන විරෝධී මහින්ද රාජපක්ෂ සමග ඉදිරියෙන්ම සිටි පිරිසකට ද මෙවර ඇමති තනතුරු හිමි වී තිබේ. ශ්‍රීලනිපයෙන් ඇමති තනතුරු සඳහා පත් කරන ලද පිරිස කෙරෙහි සමාජයේ බලවත් විරෝධයක් දැකිය හැකි ය. එම ඇමතිවරුන් දෙස බලද්දී කිව හැකි දෙයක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ කඳවුර දුර්වල කර තම බලය තහවුරු කර ගැනීම බවයි. තවත් කැබිනට් ඇමති තනතුරු දෙකක් විවෘතව තබා තිබෙන්නේ මහින්ද කඳවුරේ තවත් ප්‍රබලයන් දෙදෙනෙකු වෙනුවෙන් විය හැකි ය. ...

වෙනස සැප ද?

Image
මේ පසුගිය මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ සමග සිටි වෘත්තීයවේදීන් විසින් පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවක තේමාවයි. ඔවුන්ට කියන්නට අවශ්‍ය වුණේ ජනවාරි 08 වෙනසින් රට හා විශේෂයෙන් ම සිංහල ජාතිය විනාශ වෙමින් ඇති බවයි. එසේම, ජනවාරි 08ට පෙර පැවති පාලනය හා එහි නායකත්වය වත්මන් පාලනයට සාපේක්ෂව විශිෂ්ට එකක් බවයි. ඉතිහාසයේ කිසිදු කලෙක, කිසිදු දේශපාලන විපර්යාසයක් ඉතා පහසුවෙන් සිදු වී නැත. සෑම විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ දුෂ්කරතා හා බාධක රැසක් මධ්‍යයේ ය. ජනවාරි 08 වෙනස සම්බන්ධයෙන් ද මෙය වලංගු ය. මේ වන විට රට බරපතල ගෙවුම් ශේෂ අර්බුදයක් ඉදිරියේ ය. අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාම මෙයට හේතුවයි. මේ වනාහි වත්මන් ආණ්ඩුවේ වරදක් නො වේ. පසුගිය කාලයක් මුළුල්ලේ මේ රටේ සිදු වුණේ ණයට ගත් මුදලින් සැප විඳීමයි. පසුගිය මාස අටක කාලයක් මුළුල්ලේ මෙම තත්වයන් වෙනස් කිරීමට තීරණාත්මක පියවර ගැනීමට ආණ්ඩුව එඩිතර වූයේ නැත. හේතුව, මහ මැතිවරණයයි. ජනප්‍රිය නොවන තීරණ ගත්තා නම් මහ මැතිවරණය පහසුවෙන් පරාජය වන්නට ආණ්ඩුවට අවස්ථාව තිබුණු බව අගෝස්තු 17 ප්‍රතිඵලයෙන් පෙනේ. එහෙත්, තව දුරටත් කල් අල්ලන්නට බැරි තරමට තත්වය බරපතල ය...

ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතන

Image
හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන කේ. එච්. ප්‍රියන්ත රත්නායක මහතා (46) මින්නේරිය සමගිපුරදී වල් අලි ප්‍රහාරයකට ලක්‌ව මිය යාම අතිශය කණගාටුදායක පුවතකි. ගමකට ඇතුළු වී මිනිස් කලබල මැද වල්මත් වී බියෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන වන අලියකු ඉස්සරහින්, පස්සෙන් වීඩියෝ කරන්නට ගිය මාධ්‍යකරුවන් දෙදෙනෙක් අතරින් එක් අයෙක් මෙම ශෝචනීය ඉරණමට ගොදුරු වී තිබේ. ස්ථිර නිවසක් හෝ නැති, කුලී නිවසක ජීවත් වන තිදරු පියකු වන මෙම මාධ්‍යකරුවා මෙවැනි අනතුරුදායක ක්‍රියාවකට යොමු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ සේවය ලබා ගන්නා මාධ්‍ය ආයතන වගකිව යුතු ය. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ විවිධ ආකාරයෙන් මාධ්‍ය ආයතන ගණනාවකට එක වර සේවය සපයති. සපයනු ලබන ප්‍රවෘත්තිවලට පමණක් සුළු ගෙවීමක් ලබන ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ එවිට ය. අඩු තරමේ ඔවුන්ගේ නම හෝ ප්‍රචාරය වන්නේ දේශපාලකයකුගෙන් ගුටි කෑම වැනි අනතුරුදායක කටයුත්තකදී පමණි.  ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය ආයතනවල සූරාකෑමට දරුණු ලෙස ගොදුරු වන පිරිසකි. ඔවුන්ට සාමාන්‍යයෙන් ගත් කල කිසිදු පුහුණුවක් නැත. මාධ්‍යකරුවන්ට ලබා දෙන විධිමත් ආරක්ෂක පුහුණුවකදී නම් වාර්තාකරණයේදී ආත්මාරක්ෂාව...

වෑත්තෑවේ කුසුම්රුවන් (සාහිත්‍ය මාසය වෙනුවෙනි)

Image
කුසුමරත්න, එන්නෙල්ඩී වෑත්තෑවේ කුසුම් රුවන් කවියා විය ලංකාවේ කවිමල් නිතර පූදිනවා සිත් යායේ ඒ මල් නෙළා අමුණනවා පත්තරයේ ඔහොම කාලයක් යනකොට කුසුම් රුවන් පොරක් වුණා කවි පිටුවල අමාරුවෙන් මොනව වුණත් ලියවෙන කවි එයා අතින් පත්තරවල පළ වෙනවා මදැයි ඉතින් කවි පිටු සකසනා හැම ඔහුගේ මිතුරෝ නිතර දුරකතන ඇමතුම් ඔහු දෙනවෝ අරක හොඳයි මේක නරකයි ඒත් ඉතින් ඔබෙ කවි පිටුව මල් මසුරන් සහසුද්දෙන් තැන්කියු මචං උඹගේ අදහස් අපට උපකාරයකි සේවය කරගෙන යන්ට පෘථිවිය කැරකෙන්නෙ මේ ලෙස තමා වට මගෙ කවි පිටුව හින්දයි අද වගේ හෙට කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කුසුම් රුවන් කවි ලියනව කුසුම් රුවන් කන්නෙත් කවියක් ය හවසට කවි බොනවා වැනි වැනි ඇවිත් කවියක් වී සැතපෙනවා කවි බර නිසා උදේට හිස කැරකෙනවා ජීවිතය ම කවි වී වමනය වෙනවා අනේ මගේ ඇඹනිය නුඹ කවියක් ය පුතේ දුවේ උඹලත් මට කවි පද ය අම්මේ බුදු අම්මෙ කවියේ මුල උඹ ය බැලු බැලු හැම තැන ම පීදෙන කවි මල් ය හිතට දුකයි ලලනී නුඹ දුටුවා ම ඇදිල ගිහින් තිබු සුන්දර වත බොහොම සරසවියෙදි පෑය...

ආදරණීය ද වික්ටෝරියා?

Image
මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා නවකතාව කියවූයෙමි. මා එයින් වින්ද රසය හා ඒ ගැන මට සිතුණු කරුණු කීපයක් ලියා තැබිය යුතු යයි සිතිණි. මොහාන්ගේ නවකතාව කියවා අවසන් කළ රාත්‍රියට පෙර සන්ධ්‍යාවේ මම මේ දිනවල නැවත විකාශය වන තිලක් ජයරත්න ලියූ, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල ටෙලි වෘත්තාන්තය මහත් අභිරුචියෙන් බැලුවෙමි. කී වරක් බැලුවත්, නැවත නැවත අලුත් රසයන් හා දැනුම පාදා ගත හැකි ඓතිහාසික වෘත්තාන්තයක් එහි තිබේ. ලාංකීය ධනපති පන්තිය ගොඩනැගෙනුයේ බ්‍රිතාන්‍යයින් විසින් අවධානයට ලක්නොකළ රබර්, මිනිරන්, අරක්කු රේන්ද යන ත්‍රිත්ව ව්‍යාපාරවල හිමිකාරීත්වය දේශීය පන්තිය ලබාගැනීමෙන් බව බූන්දි වෙබ් අඩවියට මාලක දේවප්‍රිය පවසයි.  කුමාරි ජයවර්ධන විසින් ලංකාවේ ධනේශ්වර පංතියේ නැගීම පිළිබඳ කරන ලද අධ්‍යයනය පාදක කර ගත් Nobodies to Somebodies කෘතියමත පදනම් වන අතිශය ජනප්‍රිය ඉතිහාස ප්‍රවාදයක් ඇත. තිලක් ජයරත්න මෙන් ම මොහාන් රාජ් මඩවල ද එහි කොටස්කරුවෝ වෙති. ඉතිහාසය නම් කැන්වසය මත සියුම් විස්තර සහිත චිත්‍රයක් නිර්මානය කිරීමේ දුෂ්කර ව්‍යයාමයක තිලක් ජයරත්න යෙදෙන අතර මොහාන් රාජ් මඩවල එම කැන්වසය මත ම විකාර...

අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් ද?

Image
ලංකාවේ ඇත්තේ නව ලිබරල් ආර්ථිකයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිතර පවසනවා. ඒ පිළිබඳ පසුගිය දිනෙක පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් පුවරුවේ තබා තිබූ සටහනක නව ලිබරල්වාදය හා ලංකාවේ ආර්ථිකය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස සංක්ෂිප්තව දක්වනවා. ඔහු පවසන්නේ මෙසේයි: “ධනවාදය(ඉංග්‍රීසියෙන් Capitalism) කියන්නේ එහි වචනාර්ථයෙන්ම හැඟෙන ආකාරයට ප්‍රාග්ධනය(Capital) වෙනුවෙන්, එය ලාභ ඉපයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජයක්. එහිදී සිතන්නේ හැම දෙයක්ම තියෙන්නේ විකුණා සමාගම්වලට ලාභ ගන්න කියලා. නමුත් ධනවාදයේ මුල් යුගයේදී "ආර්ථික භාණ්ඩ" (විකිණිය හැකි සහ මිලදී ගත හැකි දේවල්) සහ "අනාර්ථික භාණ්ඩ" (විකිණිය නොහැකි සහ මිලදී ගත නොහැකි දේවල්) ලෙස වර්ග දෙකක් තිබුනා. උදාහරණයක් ලෙස ස්වභාවික පරිසරය, මානව සංස්කෘතිය, මිනිස් ශරීරය ආදී ක්ෂේත්‍ර ප්‍රාග්ධනයට ඇතුළු විය නොහැකි ක්ෂේත්‍ර ලෙස පැවතුනා. "නව ලිබරල් ධනවාදය" කියන්නේ එහි වචනාර්ථයෙන්ම හැඟෙන ආකාරයට ධනවාදයට "අලුත් නිදහසක්" ලබා දීමක්. එනම් මෙතෙක් "අනාර්ථික භාණ්ඩ" ලෙස, එනම් විකිණිය නොහැකි සහ මිලදී ගත නොහැකි දේවල් ලෙස සැලකුණු සෑම ක...

විමල් දැන් ලොකු ළමයෙක් ද?

Image
විමල් වීරවංශ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසාන රැළිවලදී පැවැත්වූ “සිරිසේන................ කෝ මේ සිරිසේන............." කතාව මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ වන විට ඔහුත්, ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂත් පරාජයක් අපේක්ෂා කළ බවක් නො පෙනිණි. විමල්ගේ මුවින් මෙවැනි ම විසකුරු ද්වේෂයක් 2010ජනාධිපතිවරණයේ අවසන් සමයේදී ද පළ වූ අතර, මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට පන්න පන්නා දෂ්ට කළේ ය. ජනාධිපතිවරණයෙන් තමන් පැරදුණා නම් තමන්ට සිදු වන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබේ. මැතිවරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දාසහගත අන්දමින් කතා කිරීම පිළිබඳ විමල් වීරවංශ ඔහුගෙන් සමාව අයැද තිබේ. ඒ පසුගිය සතියේ ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ය. විමල් ජනාධිපතිවරයාට කතා කළ අන්දම අනුව, ඔහුට ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමු වීමට ඝට තිබීම ද පුදුමයකි. එහෙත්, විමල්ගේ පක්ෂය ජනාධිපතිවරයා හමු වීමට දැක්වූ උනන්දුවෙන් පෙනෙන්නේ සාමාන්‍ය සමාව ගැනීමක් පමණක් නොව ජනක බණ්ඩාර ස්ටයිල් එකේ සමාව ගැනීමක...

සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා එක්ක දාපු සිරා චැටක්

Image
මේ චැට දැම්මෙ මට මතක විධියට ජනාධිපතිවරණෙටත් කලින්. මම ඒ වෙලාවෙ කිව්වා මම ඒ අදහස් ටික පළ කරනවා කියලා. ඒත් ඒක සංස්කරණය කරලා පළ කරන්න බැරි වුණා. ඡන්ද කලබල නිසා. මෙතන අපි කතා කළ ඇතැම් දේ විතරයි කපලා දැම්මෙ. සිරාගෙ කාමරේට මෙතනින් පාර >>>> ලොකු අයියා Hello සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා ඔව් මල්ලි ඔයාගෙ ලිපි මම කියවනවා නිතර. කමෙන්ට් කරන්නෙ නම් කලාතුරකින් ස්තුතියි නමුත් ඉස්සර තිබුන සුන්දරත්වය බ්ල‍ොග් වල දැන් නෑ. වල් පල් තමයි වැඩි කොයි දේ වුණත් කලක් යනකොට එළිය අඩු වෙනවා. ඒක ඇත්ත තමන්ගේ දේ ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක තමයි හොඳ ඔව් රැළිවලට අහු නොවී මම මගේ ගමනක් හැමදාම ගියෙ. ඒක තමයි වෙන්න ඕනැ. මම අද ගොඩාක් ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්කෝලෙ යාලුවො නෙමෙයි. බ්ලොග් එකෙන් සෙට් වෙච්ච අය ඔයා ඉන්නෙ කොහේද? මැලේසියා මං හිතුවා ඒ මොකෝ ලියූ දේවලින් හා ෆොටෝවලින් මේ රට ගැන ගොඩාක් දේ ලියන්න තියෙනවා. මම තවම ලියලා නෑ. අපි මෙහෙ විදින පහසුකම් ඇයි අපේ මිනිස්සුන්ට දෙන්න බැරි කියලා දහස් වර හිතෙනවා. කිසිම තැනක දුම්රිය කාලසටහන් නෑ. විනාඩි 5 න් 5 ට කෝච්චි. පොදු ප්...

සංගක්කාර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාර ගනීවි ද?

Image
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුමාර් සංගක්කාරට බිතාන්‍ය මහ කොමසාරිස් ධුරය භාර ගන්නට ආරාධනා කිරීම ගැන මේ වෙන විට විවිධ මත පළ වෙමින් තිබේ. විදේශ සේවයේ ඉහළ තනතුරු හිමි විය යුත්තේ විදේශ සේවයේ පුහුණුව ලත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට ය. එහෙත්, බොහෝ රටවල් සිය රටවල් නියෝජනය කිරීම සඳහා සම්මානනීය පුරවැසියන් තානාපති තනතුරුවලට පත් කළ අවස්ථා තිබේ. ලංකාවේ නම් පසුගිය කාලයේ රාජපක්ෂ පවුලේ ඥාති ගොබ්බයන් පමණක් නොව රාජපක්ෂ පුතාලාගේ සුරතලියන් ද විදේශ සේවයට පත් කරන ලදී. එහෙව් ගොන් හැත්ත පවා දැරූ ආකාරයේ තනතුරක් කුමාර් සංගක්කාරට දරන්නට බැරි ය කියා තර්ක කිරීම කුහකකමකි. දැන් විදේශ සේවයේ පිරිසිදුකම ගැන කතා කරන කට්ටිය පසුගිය කාලයේ හිටියේ මුඛයත්, අධෝමුඛයත් දෙකම වසාගෙන ය. රැජිනගේ ඉංගිරිස් කතා කරන්නට පුළුවන්කම නිසා මහින්ද රාජපක්ෂගෙන් බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්කම හිඟා ගත් ක්‍රිස් නෝනිස්, රාජපක්ෂ ළඟ දාසකම් කළ සජින් වාස් ගුණවර්ධන නම් කොලුවකුගෙන් ගුටි කා හොටු පෙරුවේ වැඩි කාලයකට පෙර නො වේ. ඒ නිසා ඔය තනතුර මහ ලොකු ගරුත්වයක් ඇති එකක් නම් නොවේ.   ඔය මහ කොමසාරිස්කම ඇතත්, නැතත්, කුමාර් සංගක්කාර දැනටත් ශ්‍රී ලංකාව ලෝකයට ...