අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා
ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා. මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි. මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා. මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා. යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි. මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උ...