Posts

ආණ්ඩුවේ අ‍ඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා

Image
ලෝකයේ එක්, එක් යුගයන්හි පවතින පිළිගත් දේශපාලන බල අවකාශයන්ට අභියෝගාත්මක අන්දමින් කටයුතු කරන පාලකයන් මෙල්ල කිරීම සඳහා යොදා ගනු ලබන අවි අතර මානව හිමිකම් ප්‍රශ්න එකකි. යම් රාජ්‍යයකට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කළ හැක්කේ එකී රාජ්‍යය මානව හිමිකම් කැඩීමේ හා එසේ කැඩූ අය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය සිටින විට ය. යම් තීරණාත්මක දේශපාලන විපර්යාස සිදු වූ ස්ථානයන්හි මානව හිමිකම් කඩ වී තිබීම නිරීක්ෂණය කළ හැකි ය. එවැනි අවස්ථාවන්හිදී සිදු වූ දේශපාලනික විපර්යාසයෙන් පරාජයට පත් වූ පාර්ශ්වයන් ද මානව හිමිකම් ප්‍රශ්න මත එල්ලීම සාමාන්‍ය තත්වයකි. ලංකාව සම්බන්ධයෙන් නිශ්චිතව කතා කළහොත් ලංකාව සිය මානව හිමිකම් වාර්තාව හොඳ අතට හරවා ගැනීම, ජාතීන් අතර සංහිඳියාව ගොඩ නඟා ගැනීම හා ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සාමය ස්ථාවර කර ගැනීම කළ යුතු දේ ය. ඒවා කළ යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා නො ව ලංකාව එසේ කළ යුතු නිසා ය. දැන් සිදු වී තිබෙන්නේ ලංකාවේ පාලකයන්ට රට තුළ ස්ථාවරත්වය හෝ ජාත්‍යන්තර දේශපාලන පිළිගැනීම හෝ ඇති කර ගන්නට නො හැකි වීමයි. මේ අල්ල පනල්ලේ අයහපත් ආර්ථික කළමනාකරණය හා සීමාන්තික දූෂණ ...

ජිනීවාහි වැදගත් කිසිවක් සිදු වන්නේ නැත.

Image
අද සිට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් අරඹයි. මෙම උද්ඝෝෂණ පිටුපස ඇත්තෙන් ම තිබෙන්නේ අන් කිසිවක් නො ව, රටේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වී තිබෙන ජීවන වියදම ඉහළ යාමේ තත්වයට එරෙහිව ජනතාව වීදි බැසීම වැළැක්වීමේ හා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ අවශ්‍යතාවයි. මේ අවශ්‍යතාව ආණ්ඩුවේ නොම්මර එකේ හෙංචයියකු වූ එස්.එල්. ගුණසේකර අද දිවයිනේ මෙසේ අමු අමුවේ උච්චාරණය කරයි. "ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කර බටහිර ගැති පාලනයක්‌ රට තුළ ස්‌ථාපිත කිරීමේ අනතුරක්‌ ඇතිවී ඇති බැවින් බොරු උද්ඝෝෂණ නවතා බටහිර රටවල් ගන්නා උත්සාහය පරාජය කිරීමට ක්‍රමවත් ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා පැවසීය." මෙහි බොරු උද්ඝෝෂණ යයි කියන්නේ ජීවන වියදම ඉදිරියේ සහන ඉල්ලා කරන උද්ඝෝෂණවලට ය.ජනතාවට බර පටවන ආණ්ඩුවේ දූෂණවලට හා නාස්තියට එරෙහිව කරන උද්ඝෝෂණවලට ය. බඩගින්නට කන්න ඉල්ලා වීදියට එන මිනිසුන්ට වෙඩි තැබීමට එරෙහිව කරන උද්ඝෝසණවලට ය. මේ ආණ්ඩුවෙන් දේශපාලන වාසි රැසක් ලබ...

ජිනීවා යන්න දේශප්‍රේමීන්ට ආරාධනා

මහජන සම්බන්ධතා ඇමතිකම මර්වින් සිල්වාට දුන් දිනවල ම අපි මහජනතාවෙන් ඉල්ලා අස් වුණෙමු. (කියවන්න  මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය ) ඔබ තවම ඉල්ලා අස් වී නැතිනම් දැන් ඔන්න ඔබට වැඩක් තිබෙනවා ය. ඒ ආණ්ඩුව බේරා ගැනීම ය. කියන විධියට නම් ආණ්ඩුව බේරා ගත යුත්තේ ජිනීවාහි සිටින යකෙකුගෙනි.  මේ යකා මොන විධියේ යකෙකු‍දැයි අපට තේරෙන්නේ නැත. එය කියා දෙන්නේ ආන්ඩුවේ මාධ්‍ය විසිනි. ආණ්ඩුවේ මාධ්‍ය විසින් පෙන්වා දෙන පරිද නම් මුළු ලෝකය ම එකතු වී ලංකාවට කෙළවන්නට ලෑස්ති වෙමින් සිටියි.  මේ වෙලාවේ ආණ්ඩුව බේරා ගැනීම සඳහා උද්ඝෝෂණය කිරීමට මහජනතාව වීදි බැසිය යුතු බව කියනු අසන්නට ලැබේ. එහෙත් වීදි බසින ජනතාවට ඩෙි නො තබන බවට නම් තවම සහතිකයක් නිකුත් කර ඇති බවක් දැන ගන්නට නැත. මේ අවස්ථාවේ ආණ්ඩුවට අපි මෙසේ යෝජනා කරමු. මේ උද්ඝෝෂණය කල යුතුව ඇත්තේ මෙහි නො ව, ජිනීවාහි ය. ඒ සඳහා නැව් සීයක්වත් චාටර් කර මේ රටේ ඔය කියන මහජනතාව ගෙනියනවා නම් දේශප්‍රේමී ජනතාව වඩාත් සතුටු වනු ඇත.  මේ දේශප්‍රේමී වැඩෙන් යුද අපරාධ චෝදනාවලට ලක් වෙනවා ය කියන අපේ නායයන්ට තවත් ගානක් හොයා ගන්නට වුණත් පුළුවන. මන්ද,‍ සවිට්සර...

මැත්වරණයට වැය වූ මුදල් සොයන්න සොරකමේ යන ජනතා නියෝජිතයෝ

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාවට තරග කර පරාජය වූ ව්‍යාපාරික අපේක්ෂකයකු තමා එම මැතිවරණය වෙනුවෙන් වැය කළ රුපියල් ලක්‍ෂ හතලිහක මුදල සොයාගැනීම සඳහා රාත්‍රී කාලයන්හිදී වෙළෙඳ සල්වලට ඇතුළු වී භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. එම පුද්ගලයා කුමන පක්ෂයක අපේක්ෂකයකු ද යන්න පුවතේ සඳහන් ව නැති අතර, ලංකාවේ වැඩි හරියක් දේශපාලන පක්ෂවල මැතිවරණ අපේක්ෂකයන් එක ම ආකාරයේ අය නිසා එහි වැදගත්කමක් ද නැත. මේ පුද්ගලයා මැතිවරණයට වියදම් කළ මුදල සොයා ගන්නට ඍජුව ම දොරකමේ යෙදුණේ ය. මැතිවරණවලින් දිනූ අනෙක් අය කරන්නේ ද අන් යමක් නො වේ. ඔවුන් කරන්නේ කොන්ත්‍රාත් හා වෙනත් ජාවාරම් ඔස්සේ මහජන මුදල් සොරකම් කිරීම ය. වෙනස කුමක් ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බොරු සහනාධාර එපා තෙල් මිල අඩු කරනු

Image
ඉන්ධන මිල සංශෝධනයට එරෙහිව මීගමු ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ වුවමනාවට නොව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක වුවමනාවට බව ද “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යනුවෙන් එහි වූ එක් සටන් පාඨයක සඳහන් වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව ද ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවස යි. තෙල් මිල සංශෝධනය නිසා ජනතාවට යම් අසාධාරණයක් වුණා නම් ජනතාව මුලින්ම කළ යුතු වන්නේ තමන්ට වූ අපහසුව පියවා ගැනීමට අවශ්‍ය තරම් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව හිටපු මාක්ස්වාදියකු වන මේ ඇමතිවරයා පෙන්වා දෙයි. මේ ඇමතිවරයා වනාහි කලකට ඉහතදී ලෝක වෙළඳපොළේ මිළ ගණන් ඉහළ යන විට රටේ ද මිළ ඉහළ නංවන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ අයෙකි. “සහනාධාර එපා තෙල් මිල අඩු කරනු” යන සටන් පාඨය වැරදි ද? ඔන්න මේ දිනවල මහා සද්දයක් දමමින් භූමිතෙල් සහනාධාර කූපන් වගයක් බෙදා දෙමින් තිබේ. ඒවා දෙන්නේ විදුලිය නැති නිවාසවල ජීවත් වන පවුල්වලට ය. එක පවුලකට මසකට රු. 200ක් ම වටිනා කූපන් දෙනු ලැබේ. කඩුවෙලදී විමල් වීරවංශ ඇමතිතුමා සහභාගි වූ උත්සවයේදී 150කට මෙසේ භූමිතෙල් කූපන් දුන් බව වාර්තා වේ. ඒ අනුව රු. 30,000ක් ම වටිනා භූමිතෙල් ...

ආණ්ඩුව රැක ගැනීම සඳහා වූ ඇමරිකන් කුමන්ත්‍රණ හඳුනා ගනිමු

Image
මහින්ද රාජපක්ෂ පාලනයට ආවැඩූ ලංකාවේ ජනතාව මේ වන විට තමන් වැපිරූ බෝගවල අස්වනු  නෙළන සමය උදා වී තිබේ.  රට හාරා තැනූ වලවල වතුර පුරවා පසුව වතුරට යට වූ ගල් කඩා ඉවත් කිරීම වැනි වැඩවලට හා චීනය සමග කළ නොරොච්චෝලේ ගල් අඟුරු ලදරම වැනි කොමිස් ජාවාරම් වෙනුවෙන් ගිනි පොලියට ගත් ණය ගෙවන්නට සිදු වීමත් සමග රටේ ජනතාවට අමාරු කාලයක් උදා වෙමින් තිබේ.   දැන් පාලකයන්ට කරන්නට පුළුවන් එක ම දේ වන්නේ පොලිසිය, හමුදාව ලවා සාගින්න නිසා ‍වීදි බසින ජනතාවට වෙඩි තැබ්බවීමයි.  ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වන විට මෙහි ද තෙල් මිළ වැඩි කරන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ මිනිසුන්ගේ ආණ්ඩුව දැන් එම බයිලාව ම කියමින් සිටියි.  එතැනින් නො නැවතී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට රුපියල ද පා කර හරිමින් ඔවුන්ගේ ණය ලබා ගනු පිණිස පාත්තරය දිගු කරගෙන සිටියි.  මේ සියලු පාපී පියවරවල විපාක ජනතාව පිටින් යවමින් තිබේ.  වීදි බසින ජනතාව නො මඟ යවා සිය පාලනය රැක ගැනීම පිණිස ආණ්ඩුවට නැවතත් මහා බිල්ලෙක් ඕනෑ කර ඇත. එම කාර්යය ඉටු කරමින්, ‍අධිරාජ්‍ය ගැති, ඇමරිකන් පුරවැසියන්ගේ මේ ආණ්ඩුවට උපකාර පිණිස, මෙතෙක් ...

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් වහා වැඩි කරනු!

Image
රුපියල් 50,000 ක පමණ වැටුපක්‌ද, ඉන්ධන දීමනා ලෙස රුපියල් 18000 ක්‌ ද, රුපියල් 3000 ක දුරකතන දීමනාවක්‌ සහ විනෝදාස්‌වාදය වෙනුවෙන් දීමනාවක්‌ ද ආදී වයෙන් රු. 80,000ක පමණ වැටුපක් හිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ජීවත් වීමට එය ප්‍රමාණවත් නො වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න "පාර්ලිමේන්තුවේ විශිෂ්ට සම්ප්‍රදායන් පිළිබඳ ජාතික හමුව 2012" නම් සමුළුවකදී පවසා තිබේ. පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකුට හොඳ වාහනයක්‌ සමග රුපියල් ලක්‍ෂයක, ලක්‍ෂ දෙකක පමණ වන වැටුපක්‌ හිමි වේ. ඇත්ත ය. එහෙත්, ඒ වෘත්තිකයාට එකී පෞද්ගලික ආයතනය හිමි සේවායෝජකයා එකී වැටුප ගෙවන්නේ ඔහු එම ආයතනයට ඵලදායී සේවාවක් සපයන නිසා ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවායෝජකයා මහජනතාවයි. මහජනතාව මොවුන්ට ගෙවන මේ වැටුප ද වැඩි ය. හේතුව ‍මන්ත්‍රීවරුන්ගෙන් සිදු වන ඵලදායී සේවාවක් නැති බැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් පිළිවෙලකට පාර්ලිමේන්තු රැස්වීම්වලට හෝ සහභාගි නො වෙති. ඔවුහු සාමාන්‍යයෙන් පාර්ලිමේනුතවේදී හෝ හරවත් කතාවක් කො කරති. මහජන මතය නියෝජනය නො කරති. ඔවුහු එක පැත්තකින් ඡන්දය දිනා වාසිය...

ආසියාවේ ආශ්චර්යයේ ඇමිබියුලන්ස් එකේ රෝද දෙකයි

Image
මේ ආසියාවේ ආශ්චර්යයේ ඇම්බියුලන්ස් එකකි. එහි පිටුපස ගෙන යන හිසට වෙඩි වැදුණු මිනිසා ආශ්චර්යයේ ධීවරයෙකි. ඔහු උද්ඝෝෂනයට පොළඹවා ඇත්තේ කොටි සංවිධානය බව ආණ්ඩුවේ දිනමිණ කියයි. එහෙම නැතිව තෙල් මිළ වැඩි කිරීම නිසා ධීවර රැකියාව කර ගැනීම‍ට නො හැකි වීමෙන් ජීවනෝපාය අහිමි වූ නිසා නො වේ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ

අපේ පාඨකයකු පෙන්වා දී ඇති පරිදි ඩීසල් මිළ වැඩි කර ඇත්තේ 37%කිනි. එහෙත් විදුලි බිල 40%කින් වැඩි කර තිබේ.  විදුලි බල මණ්ඩලය එතැන ම 3%ක ලාභයක් ලබන බව ඔහු පෙන්වා දෙයි.  මේ අප ගෙවන්නේ චීනයෙන් ආනයනය කළ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය නම් ලදරම වෙනුවෙන් චීනයෙන් ණයට ගත් ඩොලර් මිලියන 450 පොලියත් සමග ය.  ජනවාරි 21 සිට ඒ ලදරම කැඩිලා ය. නැවත පණ ගන්වන දිනයක් තවමත් නැත. මීට පෙර ද එය සතියක් දිව්වේ නැත.  රුපියල් හතරට විදුලි ඒකකයක් දෙන බවට පාරම් බාමින් මේ ගල් අඟුරු බලාගාරය හැදූ අය දැන් කියන්නේ එය කැඩුණු විට පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට දිනකට රු. මිලියන 80ක් වැය වන බවකි.  විදුලි බල මණ්ඩල‍යට විදුලි ඒකකයක් ජනනය කිරීමට රු. 18ක් යන බව හා ඒකකයක් විකුණන්නේ රු. 13 ගණනේ බව ද මහජන උපයෝගිතා කොමිසම පසුගිය දිනවල පැවසී ය.  මේවා මෙහෙම වුණේ පාලකයන්ගේ වැරදි තීරණ නිසා ය. අසීමිත දූෂණය නිසා ය.  දැන් ඉතින් ආශ්චර්යය බැලූ යුගය අහවර ය.  ඔන්න ඩොලරයත් නගිනවා ය. කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ ඉතින් අපි ගෙවමු උන් කළ පව්! මේ ලිපියට...

විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කරමු

Image
ම සකට ඒකක හැටකට වඩා විදුලිය පරිහරණය කරන ලංකාවේ අති බහුතරයක් විදුලි පාරිභෝගිකයන්ට අද සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් 40% ඉන්ධන ගැලපුම් ගාස්තුවක් හිමි වේ.  විදුලි බිල වැඩි නො වන්නේ විදුලිය නැති අයට පමණි.  අද සිට ගෙදර විදුලිය පරිහරණය නො කර රෑ කළුවරේ සිටීමෙන් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේ මහාන්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යායාමයට ඔබටත් උදව් කළ හැකි ය. මේ ජාතික ආර්ථිකයක් සෑදීම සඳහා ඇති අවසාන අවස්ථාව බව දී කිරට සාක්කි කියන ගුණදාස අමරසේකර පවසයි.  මෙන්න විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කිරීම පිණිස අපෙන් පුංචි ටිප්ස් කීපයක්. ඉර බහින්නට පෙර සියලු කටයුතු නිමවා වේලාපහින් නිදා ගන්න. රෑ මිද අවදි වුණොත් බිරිඳ සමග සංසර්ගයේ යෙදෙන්න. බිරින්දෑවරු නැතිනම් ස්වයං වින්දනයේ යෙදෙන්න. එවිට නැවත නින්ද යනු ඇත.  ඉර උදා වූ පසු අවදි වන්න. ළිප් බැඳ ගිනි මොළවා උයා කන්න. රෙදි පෙරෙදි ගඟට ගොස් සෝදා ගන්න. හැබැයි නො වරදවා ම ජාතික හා ස්වාධීන රූපවාහිනී නම් බලන්න. ආසියාවේ ආශ්චර්යය ඔබ දෑස් ඉදිරිපිට මැවෙනු ඇත.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මළ මිනී මහ මග දැවෙන නව යුගයකට ආසිරි

Image
අපේ වීරයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු ආදියට බිය නැති පිරිසක් බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් තිබේ.  එසේ කරන්නේ මහ දවාලේ දහස් ගණනක් ඇස් ඉදිරිපිට ලංකාවේ ප්‍රධාන ම අධිකරණ භූමියේදී, අධිකරණයට ඉදිරිපත් කරන්නට ගෙන ආ මත්ද්‍රව්‍ය සැකකරුවන් පැහැර ගෙන යාමෙන් හා කොළඹ නගර මධ්‍යයේ මග දෙපස මහ දවල් මිනිසුන් මරා පිළිස්සීමෙනි.    අප දන්නා හොඳ ම ජන ඝාතකයකු වන ප්‍රේමදාස හෝ කොළඹදී මේ අන්දමින් හැසිරුණ බවක් මතක නැත.  ප්‍රේමදාස පන්නයේ එඩිතරකමක් දැන් අපේ වීරයන්ට ද අවශ්‍ය ය. මක් නිසා ද යත්, ඉදිරියෙන් ඇත්තේ කුම්බලා මාළු කෑ බළලුන් හා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මූණට මූණ බලාගෙන එකට රිඹ දමන සමයකි. වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන පිළි‍වෙත් පල දෙමින් තිබේ.  අපේ වීරයන්ට හා ඔවුන් වීරයන් කළ අපට ජය වේවා!  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න