Posts

ලංකාවේ ‘‘තෙවන ලොව මිතුරෝ’’ බුරුමයේ කහ සිවුරේ අරගලය සමරති | Sri Lankans commemorate Saffron Struggle of Burma

Image
( 2010 සැප්තැම්බර් 25,  W3Lanka )  1990 මැයි 27 වනදා බුරුමයේ පැවති මහ මැතිවරණයෙන් අවුන්  සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික  ලීගය 90‍% කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් දිනාගනිමින් ජය හිමි  කර ගත්ත ද බුරුම හමුදා ජුන්ටා පාලනය විසින් සුකී ඇතුලු ඡන්දයෙන්  තේරී පත්වූ ආණ්ඩුව සිරගත කරමින් මේ දක්වා විසි වසකට ආසන්න  කාලයක් ඉතාමත් කෲරතර පාලනයක් ගෙන යමින් සිටිති. විවිධ අවස්ථාවලදී හමුදා පාලනයට එරෙහිව මතුව ආ ජනතා  විරෝධයන් අති නිහින ලෙස මර්ධන කළ ජුන්ටාව 2007 සැප්තැම්බර් ම ස එරට භික්ෂුන් විසින් ආරම්භ කරන ලද අවිහිංසාවාදී ප‍්‍රබල  විරෝධතාව ද මැඩපවත්වන ලද්දේ සියගණනක් ඝාතනය කරමින් සහ  සිර අඩස්සියට පත්කරමිනි. විශේෂයෙන්ම මෑත භාගය තුළ බුරුම හමුදා පාලනය සහ ශී‍්‍ර ලංකා  රජයත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගී ඇති අයුරු අපි  දකිමු.  මේ පාලකයෝ එහි යති එති. වෙනත් අසැල්වැසි රටවලට පවා නොයන බුරුම හමුදා නිලධාරීන්ට ද සංචාර සඳහා ඇරයුම් ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි. සිය ගණනක් භික්ෂුන් ඝාතනය කළ බුරුම හමුදා නායකයා 2009...

ජනාධිපති එක්සත් ජාතීන් අමතා කළ කතාව ගැන කතාවක් | A story on Sri Lanka President's speech to 65th UN general assembly

Image
( 2010 සැප්තැම්බර් 24,  W3Lanka )  එක්සත් ජාතීන්ගේ 65වන සමුළුව අමතමින් ලංකාවේ ජනාධිපතිවරයා කළ කතාවේ මෙම ප්‍රකාශය අඩංගු විය. "අන්තර් ජාතික මානුෂිය නීති නූතන අවශ්‍යතාවන්ට කොතරම් අනුකූලද යන්න අප හැදෑරිය යුතුය. එම නීති සම්පාදනය කළේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොව නීත්‍යානුකූලව බිහිවූ රාජ්‍යයන් අතර වූ සටන් පසුබිමක් තුළය." 'අන්තර් ජාතික මානුෂිය නීති' යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ යුද නීති, යුද චාරිත්‍ර හා සන්නද්ධ ගැටුම් සම්බන්ධ නීති ය. ජිනීවා සම්මුති, හේග් සම්මුති හා ඒවා පදනම් කරගෙන බිහි වූ ජාත්‍යන්තර නීති හා ගිවිසුම් ආදිය ද පිළි ගත් යුද සම්ප්‍රදායන් ද අන්තර් ජාතික මානුෂිය නීති ලෙස සැලකිය හැකි ය. එම නීති සකස් කරනු ලැබුවේ දබරකාරී රාජ්‍යයන් හා කණ්ඩායම්වලට මැදි වන ජනතාවගේ ජීවත් වීමේ නිදහස ඇතුළු වෙනත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි.  මෙම නීති සකසනු ලැබුවේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොවේ යයි ජනාධිපතිවරයා පවසයි. එහෙත්, මෙම නීති බිහි වූයේ වනාහි ත්‍රස්තවාදය ලෙස නුතන ලෝකයේ අර්ථ දැක්වෙන ප්‍රපංචයට වඩා බෙහෙවින් කෲර වූ, රාජ්‍ය බලය යොදවා මිනි...

වසරේ ඡායාරූපය: එක වල්ලෙ පොල්

Image
එකසිය තිහක්  නිව්යෝක් පොල් කෝටි දාහතරක් ගනිති ආතල් එක වල්ලෙ පොල් එක වගේ පොල් අප දකින පොල් වේ එලොව පොල් මේ හුඟක් පොල් උඩින් වැනි ඇපල් යටින් උන් පැපොල් ගහපියව් පොල් (වේදනාවට කැටපත් පවුරකි  ඔබටත් කවියක් ලියා යන්නට) Bookmark, remember easily and come again   www.w3lanka.com

කැටයේ හැමදාම වැටෙන්නේ 18: අපි සන්තෝසෙන් ඉන්නේ - අයියා මල්ලී වාගේ

Image
"අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී" ( 2010 සැප්තැම්බර් 23,  W3Lanka )  අද සැප්තැම්බර් 23දා වැදගත් දිනයකි. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුවට නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීම සඳහා අගමැති හා විපක්ෂ නායකට ලැබී තිබුණු සතියක කාලය අදින් අවසන් වේ.  ඒ අනුව, කතානායකවරයා විසින් මෙම කමිටුවට දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත ය.  මීට පෙර, විපක්ෂ නායකවරයා දෙමළ නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත් කරන ලදී. එහෙත්, ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කළේ ය. තමන්ගේ උපාය වන්නේ මෙම තනතුරට එය භාර නො ගන්නා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කිරීම බව විපක්ෂ නායකවරයා පැවසී ය. එහෙත්, ඔහුට ඇති ප්‍රශ්නය වන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලු දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීන් ආණ්ඩුවට එක් වි සිටීමයි. ඉතිරි වී සිටින කවුරු හෝ වේ නම්, ඔවුන් ද මෙම කමිටුවට පත් කළ පසු ආණ්ඩුවට එක් වනු ඇති බව සිදු වන දේ අනුව පහසු‍වෙන් අනුමාන කළ හැකි ය.  දෙමළ ජාතික සන්ධානය 18වන ආණ්ඩු ...

ජයවර්ධනපුර කන්‍යා පරීක්ෂකගේ මානසික තත්වය පරීක්ෂා කරනු | Mental test needed for the Vice Chancellor of Sri Jayawardhanapura university

Image
( 2010 සැප්තැම්බර් 23,  W3Lanka )  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්නට අමුතු ම ලෙඩක් හැදී ඇත. එය සන්ඩේ ලීඩර් පුවත්පත විසින් හඳුන්වා ඇත්තේ ආදරභීතිකාව ලෙසයි. පුවත්පත කියන පරිදි කෙල්ලන්, කොල්ලන් ආදරය කරන නිසා මෙම උගතා 'සමර් හට්" හා බංකු කුඩු කර ඇත. අප සිතන්නේ මනෝ විද්‍යාඥයන් විසින් වහා පරීක්ෂාවට ලක් කළ යුතු වෙනත් මනෝ ලිංගික ප්‍රශ්නයක් මෙතැන ඇති බවයි. එවැනි පරීක්ෂාවක් අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාලයක් යනු තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඉගෙන ගන්නා තැනක් වීම නිසායි. එවැනි තැනක් පාලනය කරන ලොක්කන් අනිවාර්යයෙන් ම හොඳ මානසික තත්වයක සිටිය යුතු ය. මේ උගතා විසින් පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාල භූමිය තුළ සවස 6.30ට පමණ පෙම්කළ බව කියන ජෝඩු 20ක්‌ අල්ලාගෙන ඉන් ශිෂ්‍යාවන් සයදෙනකු විශ්වවිද්‍යාල ගිලන් රථයෙන් කළුබෝවිල රෝහලට ගෙනගොස්‌ එම ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසා යවා ඇති බව ද අනතුරුව එම ශිෂ්‍යාවන්ගේ නිවෙස්‌වලට දුරකථනයෙන් කථාකර මෙම ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගැනීමක්‌ නො කරන බවත් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරන ලෙසත් දෙමාපියන්ට පවසා ඇත...

ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය | Buddhist Samanera (child monks) and child rights

Image
( 2010 සැප්තැම්බර් 23,  W3Lanka )   පහත සිද්ධිය උපුටා ‍ගනු ලැබුවේ රජයට අයත් දිනමිණ පුවත්පතෙනි.  තම පන්සලේ සිටි 13 හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ නගරයේ සිට කි. මී. 8ක් පමණ ඈතින් පිහිටි ජනපදයක විහාරස්ථාන භාරකාර හිමිනමක් හා එම සාමනේර හිමිනමගේ මවගේ පියා (සීයා) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (20) නියෝග කළේය. සාමනේර හිමිනම තඹලගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව හිමිනමගේ සීයා අත්අඩංගුවට පත්වුවද චීවරධාරියා සිද්ධියෙන් පසු කට්ටි පනිමින් සිටියදී තඹලගමුව පොලිසිය මගින් ත්‍රිකුණාමලය කෝඩ්බේ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. පන්සල්වල බාල අපචාර සිදු වන බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ.  විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති.  ...

වළංකාරයාගේ කොළඹ නගර සභාව හා පොලුකාරයාගේ අධිකාරිය | The death toll of Colombo Municipal Council and the Authority of the authoritarians

Image
කණ්ණාඩි ඉමිටියාස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් මොහොත ( 2010 සැප්තැම්බර් 21,  W3Lanka )  එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මාර ඇත්තක් කියා තිබේ. එනම්, ආණ්ඩුව ළඟදී ම පාර්ලිමේන්තුව වෙනුවට ද අධිකාරියක් ඇති කරන්නට ඉඩ තිබෙන බවයි. මෙසේ කියන්නට හේතු වී තිබෙන්නේ කොළඹ නගර සභාව විසුරුවා හැර අධිකාරියක් පිහිටුවීමට යන බව ආණ්ඩුව නිවේදනය කිරීම නිසා ය. මේ අධිකාරිය ජනාධිපති සහෝදර ආරක්ෂක ලේකම්තුමාගේ අධිකාරයට යටත් ය. කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවේ 1865දී ය. එනම් අවුරුදු 145කට පෙරදී ය. සුද්දා එය පිහිටවූයේ ස්වයං පාලනය ගැන ලාංකිකයන්ට පුහුණුවක් දෙන්නට බව කොළඹ නගර සභාවේ වෙබ් අඩවියේ ම සඳහන් වේ. ඒ.ඊ. ගුණසිංහ, ඇන්.ඇම්. පෙරේරා වැනි කීර්තිමත්, ඉතිහාසගත පුද්ගලයෝ කොළඹ නගරාධිපති පදවිය දැරූ හ. පනස් වසරක් කොළඹ නගර සභාවේ බලය ඉසිලූ එක්සත් ජාතික පක්ෂයට 2006දී එම නගර සභාව වෙනුවෙන් පිළිගත හැකි නාම යෝජනා පත්‍රයක් සකසා ගත නො හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස එය ප්‍රතික්ෂේප විය. අනතුරුව, එජාපය කණ්ණාඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමකට උදව් කළ අතර, ආණ්ඩුව පසුගියදා සිය විධායක ...

"සත දෙකට මොකට ද අතන ඉරා ගන්නෙ!" කිකිළියෝ ඇමති ජොන්සටන්ගෙන් අසති

Image
( 2010 සැප්තැම්බර් 20,  W3Lanka ) අභ්‍යන්තර වෙළඳ  ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙවර පටලැවිල්ලක් ඇති කරගෙන ඇත්තේ කිකිළියන් සමගයි.  මෙතැන මිලියන් ගණනක කතාවක් කියැවෙන්නේ නැත. කියැවෙන්නේ රු. තුනක් ගැනයි. බිත්තර මිළ රු. තුනකින් අඩු කළේ නැතිනම් එතුමා බිත්තර පිටරටින් ආනයනය කරන බවට තර්ජනය කර තිබේ.  බ්‍රසිලයෙන් කුකුළු මස් ගෙනැවිත් මෙරට කුකුළන්ගේ ගණන් බස්සන බව ජොනී කියා දැන් බොහෝ කල් ය. පෞද්ගලික අංශය විසින් ගෙන්වන ලද කුකුළු මස් තොගයක් ප්‍රමිතියෙන් බාල ය කියා ගිනි තබා විනාශ කර විශාල පරිසර දූෂණයක් ද කරන ලදී.  ඇමති ජොන්ස්ටන් කියන පරිදි බිත්තර මිළ වැඩි කරන්නේකුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා ය. කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයාට එක කිකිළියෙක්වත් නොමැති බවත් එතුමාට ඉන්නේ ගෙදර කිකිළි පමණක් බවත් ඇමති කියයි. එහෙනම් ඇමතිට ද ගෙදර කිකිළියක් ඉන්නවා ඇත. එයට පිළිතුරු දෙමින් සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ඩී.ඩී.වනසිංහ පවසන්නේ කිකිළියන් නොමැති වුවත් තමා ප්‍රවීණ පශු වෛද්‍යවරයෙක් බවත් කුකුළු ව්‍යාපාරය පිළිබදව හසල දැනුමක් තිබෙන බවත් ය. හෙදියන්ගේ ...

මොළකාරයා ඇන්.ඇම්. මාමා ද? විතාරණ බෑණා ද?

Image
( 2010 සැප්තැම්බර් 20,  W3Lanka )  ලංකා ඊ නිව්ස් කියන පරිදි ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විද්‍ය හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණ හා වයි.ජී. පද්මසිරි සමසමාජ දේශපාලන මණ්ඩලයේදී සමාව ඉල්ලා ඇත.  එම වෙබ් අඩවිය කියන පරිදි, පක්ෂ තීරණයට එරෙහිව යමින් 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමෙන් තමන් බරපතල වරදක් කර ඇති බව ඔවුන් පිළි ගෙන තිබේ.  දැන් වැඩේ රෙපෝරු ය. මහින්දත් ගොඩ ය.  විතාරණලාත් ගොඩ ය. සමසමාජ දේශපාලන මණ්ඩලයේ සිටින අනෙක් අප්පොච්චිලාත් ගොඩ ය. විතාරණලා දහඅටට විරුද්ධ වී ද නැත. සමසමාජය දහඅටට පක්ෂ වී ද නැත.  ඇමතිකමට තට්ටු වී ද නැත. වැරදි කිරීම මිනිස් ගතියක් හා සමාව දීම දේව ගතියක් නිසා දැන් කවුරු කවුරුත් දෙවිවරු වී ඇත. වරදට සමාව දීම නිසා මාක්ස්වාදී කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය මතු වන්නේ ද නැත.  ඇන්. ඇම්. පෙරේරා ආචාර්ය උපාධි දෙකක් තිබුණු සිරා මොළකාරයකු බව ඇතැමෙක් කියති. එහෙත්, ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන තිස්ස විතාරණ බෑණා ඔහුට ද වඩා මොළකාරයකු බව මෙම සිද්ධිය විසින් ඔප්පු කර තිබේ.  ඇන්. ඇම්. සිය මොළය මෙහෙයවූයේ රටට වැ...

දෙයියො දනී! අපි නො දනී!

Image
( 2010 සැප්තැම්බර් 19,  W3Lanka )  ලංකාවේ දේශප්‍රේමී ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ නිමක් නැත. අලුත් ම කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය, කන්දාවලි ප්‍රාදේශීය ලේකම් එන්. සත්‍යසීලන් හා දිවයින පුවත්පත හවුලේ ය. ලංකාවේ ඕනෑ ම පොඩි ළමයෙකු දන්නා කරුණක් වන්නේ කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී හෙවත් මානුෂික මෙහෙයුමේදී සිවිල් වැසියන්ට නියපොත්තකින් කොනහන තරමේ හානියක් සිදු වුණේ නැති බවයි. එහෙත්, දිවයින පුවත්පත කියන පරිදි කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ කන්දාවලී ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ යළි පදිංචි කරන ලද යුද්ධයේදී අවතැන් වූ පවුල් 6957කින් පවුල් 697ක්ම යුද්ධයේදී ස්‌වාමිපුරුෂයා අහිමි වී ඇති වැන්දඹූ ස්ත්‍රීන් සහිත ඒවා ය. ඒ අනුව එම ප්‍රදේශයේ පමණක් 10% පවුල්වල තාත්තලා මිය ගොසිනි. දිවයින ම කියන පරිදි මව්පියන් දෙදෙනාම අහිමි වූ පවුල් 150ක්‌ ඇත. පියා හෝ මව අහිමි වූ ළමයින් සිටින පවුල් 456 ක්‌ ඇත. පවුල් 340ක පමණ භෞතික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයකු බැගින් ඇත. මෙම ප්‍රදේශයේ පවුල් අතරින් 90% කට ආසන්න පිරිසකගේ නිවාස යුද්ධය හේතුවෙන් අහිමි වූ බව ද පවසන්නේ දිවයින පු...

සර්පයා (කේ.කේ. සමන් කුමාර) ගැන දුක ය

Image
( 2010 සැප්තැම්බර් 19,  W3Lanka )  මේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍යය කන්නදැයි රාජ්‍ය නායකයන් විසින් අසා තිබෙන, පොත පත නො කියවන, ලියුමක් හැර අන් යමක් ලියා නැති ලොකු ලොක්කන්ට සාහිත්‍යශූරී සම්මාන පිරිනැමෙන මේ රටේ සාහිත්‍යකරුවන් ජීවත් වන්නේ කෙසේදැයි සොයා බලන්නට කවුරුවත් නැත. ජීවත් වීම අතිශය දුෂ්කර ය. කෙතරම් දුෂ්කර ද යන්න කේ.කේ. සමන් කුමාර (සර්පයා) හොඳින් දන්නවා ඇත. සාහිත්‍යය ලියා ජීවත් වන්නට බැරි ය. දැන්වීම්, ටෙලි නාට්‍ය කතා වැනි විකිණිය හැකි යමක් ලිවිය යුතු ය. පහත පළ වන්නේ අද සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ පළ වූ පුවතකි. මෙහි නම් සඳහන් වන අන් අය ගැන අපට කිසිදු හැඟීමක් නැත. එහෙත්, සර්පයා ගැන දුක ය.  චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මේ දිනවල අලුත් ව්‍යාපෘතියකට අත ගහල. ඒක අපේ රටට හඳුන්වාදෙන අලුත්ම අලුත් වැඩක්. මේ කාර්යය තමයි ඇය නිෂ්පාදනය කළ සියලු චිත්‍රපට ඇසුරින් නවකතා රැසක් නිර්මාණය කිරීම. ඇත්තටම විදේශ රටවලට නම් මේ ක්‍රමය අලුත් අත්දැකීමක් වෙන්නේ නෑ. ඒ රටවල ඕනතරම් චිත්‍රපට ඇසුරින් නවකතා බිහිවෙනවා. ඒත් අපේ රටට මේක අලුත් අත්දැකීමක්. මම තීරණය කළා අපේ නිෂ්පාදන ස...