Posts

මෙවැනි ඊමේල් පණිවුඩයක් ලැබී තිබේ නම් පරිස්සම් වන්න | Beware of this kind of email

(2010 මාර්තු 21- W3Lanka )   මේ අපට ලැබුණු ඊමේල් ලිපියකි. ඔබටත් මෙවැනි ඊමේල් ලිපියක් ලැබී තිබේ නම් කිසි සේත්ම එයට පිළිතුරු සපයන්න එපා. අඩු තරමේ හිස් පිළිතුරක්වත් යවන්න එපා. ‍ මේ වනාහි ඔබේ ඊමේල් ලිපිනය සොරකම් කරන්නට දරන කූට උත්සාහයකි. මෙවැනි ලිපියකට කුමන අන්දමේ හෝ පිළිතුරක් ලිවීමෙන් ඔබ කරදරකාරී ඊමේල් පණිවුඩ හෙවත් ස්පෑම්වල ගොදුරක් වනු ඇත.  මෙම ඊමේල් පණිවුඩය එවන්නේ අඩු තරමේ ඉංග්‍රීසිවත් හරියට නොදන්නා එකෙකි. උගේ ඊමේල් ලිපිනය මෙසේය.supportsacounts@gmail.com එකවුන්ට්ස් යන වචනය නිවැරදිව ලිවිය නොහැකි අය ගූගල් සමාගමේ සිටිත් ද?  Due to the congestion in the Google database system we are currently working on fraud checks on all Gmail Accounts. Gmail would be shutting down all unused Accounts and accounts that is not registered with correct informations, you will have to confirm your E-mail by filling out your Login Information below after clicking the reply button or your account will be suspended within 24 hours for security reasons. Account: Password:...

ෆෙඩරල්වාදය මේසය උඩ; ෆෙඩරල්වාදියෝ මේසය යට | Federalism on the table in Sri Lanka while federalists gone to hiding

Image
අජිත් පැරකුම් ජයසිංහ -  '16වන සියවසේදී බටහිර බලවතුන් පැමිණෙන්නට පෙර, ලංකා දිවයිනේ රාජධානි තුනක් තිබිණි. උතුරේ පිහිටා තිබුණු ඉන් එකක් දෙමළ ජනයාට හිමි විය. කන්ද උඩරට රාජධානිය අවසානයට ම 1815දී බ්‍රිතාන්‍යයන් අතට පත් විය. 1833දී බ්‍රිතාන්‍යයන් පරිපාලන පහසුව තකා මෙම දේශයන් තුන එක් කළ අතර එයින් ලංකාව එක් භූමියක් බවට පත් විය. 1848දී යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් ලබා ගනිද්දී යටත් විජිත රජය සාමාන්‍ය බහුතර පාලනයක් සහිත ඒකීය ස්වරූපයේ ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළේය.' මේ දෙමළ ජාතික සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ වන ආකාරයයි. දෙමළ ජාතික සන්ධානයේ සිදු වී තිබෙන බෙදීම දේශපාලනික එකකි. එමෙන් ම එය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස ද දැකිය හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි. දෙමළ ජාතික සන්ධා...

'අපි වවමු - රට නගමු' නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන පොළොන්නරුවේ වී වෙළඳපොල | Paddy purchasing in Sri Lanka in jeopardy

Image
(2010 මාර්තු 20- W3Lanka )   පසුගිය කාලයේ මහා සද්දෙට කෙරුණු දේශීය ආහාර භෝග වගාව නැංවීමේ 'අප වවමු-රට නගමු' ප්‍රචාරක ව්‍යාපෘතියේ නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ. දේශීය කුකුළු කර්මාන්තය පවා බහුජාතික සමාගම්වල අණසකට යටත්ව තිබෙන අතර බිත්තරය අම්මා මුත්තා කාලේ නොතිබුණු රුපියල් 16ක 17ක මිළට ඉහළ ගොස් තිබේ. පොල් ගෙඩිය රු. 40ක් පමණ වේ. හාල් මිළ ද තවමත් අහසේ ය. දැන් අලුත් ම ප්‍රශ්නය අපි වවමු කළ වී ගොවියාගේය. රජය නාඩු වීවලට රු. 28ක හා සම්බා වීවලට රු. 30ක සහතික මිළක් ලකුණු කර තිබේ. ඒ මදිවාට ගොවීන්ගෙන් වී මිළ දී ගැනීම සඳහා අච්චර, මෙච්චර මුදල් වෙන් කර ඇතැයි දේශපාලකයෝ පම්පෝරි ගසති. එහෙත්, පොළොන්නරුවේ වී මෝල් අධිරාජ්‍යය හිමි කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා සිරිපාල ගම්ලත් යන අය‍ගේ පවුල්වලට හිමි මෝල් ඇතුළු කොයි කවුරුත් වී මිළ දී ගන්නේ කිලෝව රු. 22ට හා ඊටත් අඩුවෙනි. "අද වී කිලෝ එකක මිල රුපියල් 22.00 යි. ගොවියො කැමති නෑ තුට්‌ටු දෙකට වී දෙන්න. නමුත් කරන්න දෙයක්‌ නෑ. පෞද්ගලික අංශය විතරයි වී ගන්නේ. ආණ්‌ඩුවෙන් කොහේවත් වී ගන්නේ නෑ. නාඩු කිලෝ එක රුපියල් 22...

ජාතියට දියවැඩියාව | Sri Lanka; a diabetic nation

Image
(2010 මාර්තු 19- W3Lanka )   ලංකාවේ ජනහනයෙන් සියයට පනහක්‌ 2020 වසර වෙද්දී දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවදානමක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය විසින් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කළේය. මේ වන විට ජනගහනයෙන් සියයට විසිපහක පමණ පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවද පාසල් දරුවන්ගෙන් සියයට පහළොවක්‌ දියවැඩියා පූර්ව අවස්‌ථාවේ ද සියයට පහත්, දහයත් අතර ප්‍රමාණයක්‌ දියවැඩියා දෙවන කාණ්‌ඩ අවස්‌ථාවට ගොදුරුවී ඇතැයි ද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දේ. ජීවන රටාවේ හා ආහාර පරිභෝජන රටාවේ වෙනස්‌ වීම්, අධික ලෙස තෙල්. සීනි සහ ලුණු භාවිතය, කෘත්‍රිම ආහාර පානවලට ඇබ්බැහිවීම, විවේක කාලයේදී ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම සහ මත්පැන්, දුම්වැටි ඇබ්බැහිය මෙම රෝග ඉහළ යැමට හේතු බව වාර්තා වේ. තවමත් ලංකාවේ මිනිස්සු දියවැඩියාව දියුණුවේ අතුරු ඵලයක් ලෙස සලකති. විශේෂයෙන් ම ලංකාවේ මධ්‍යම පංතිය දරුණු ලෙස දියවැඩියාවෙන් පෙළෙති. ලංකාවේ සමාජ දේශපාලනික කාරණාවලදී මෙම මධ්‍යම පංතියට ඇති ආධිපත්‍යය හමුවේ ලංකාවේ සමස්ත සමාජ ආර්ථික දේහයට ම දියවැඩියාව හැදී ඇති බව අපේ විශ්වා...

21වන සියවසේ රාවනා දඬු මොනරා පිට | Sri Lanka Minister on a bicycle

Image
(2010 මාර්තු 18- W3Lanka )   මේ ඉන්නේ විසි එක්වන සියවසේ රාවණායි. 2010 ඡන්දය දිනූ පසුව මේ රාවණා පාර්ලිමේන්තු යන්නේත් බයිසිකලෙන් විය හැකිය.  බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ මහින්ද චින්තනයෙන් සුබ අනාගතය උදා වූ විට අපි නම් වැසිකිලි යන්නේත් ප්‍රාඩෝ එකෙනි.  ප්‍රභාකරන් නැති ලංකාවේ ඔබ පැතූ දුර ගමනේ ඉතිරි ටික යන්නට බයිසිකලය හෝ ඔබට පිහිට වේවා! 

ජනමාධ්‍යකරුවනි, මෙන්න තව කෑමක්! දෙබිඩි දරු උපතක්! | Another prey for Sri Lankan media vultures

Image
(2010 මාර්තු 18- W3Lanka )   මෙම සිද්ධියට අදාළව ඡායාරූප ගැනීමට මව දැඩිලෙස අකමැත්ත පළකළ නිසා පින්තූර ගැනීමට “දිනමිණ”ට නොහැකි විය. මේ යක්කලමුල්ලේ මවක විසින් බිහි කරන ලද දෙබිඩි දරුවන් පිළිබඳව දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකින් කොටසකි. මේ දරුවන් දෙදෙනා විකෘතිතාවක් සහිතව ඉපදීමට නියමිත බව මෙම මව දැනගෙන සිට ඇත. එවන් දරුවන් බිහි කරන බුද්ධිමත් මවක් පත් වන්නේ අතිශය පීඩිත තත්වයකටයි. දැන් ඇති ප්‍රශ්නය වන්නේ මේ දෙදරුවන් ආරක්ෂිතව වෙන් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කිරීමයි. එහෙත් මාධ්‍යකරුවන් මෙවැනි සිද්ධියක් දෙස බලන්නේ විකුණාගෙන කෑ හැකි නියම භාණ්ඩයක් ලෙසයි. විද්‍යුත් මාධ්‍යවලට නම් මෙය දවසින් දවස පුවත් මවමින් විකිණීමට පුළුවන. ‍එසේ කරන ආකාරය ගැන හොඳම උදාහරණය මේ දිනවල ස්වර්ණවාහිනිය කලුතරදී ගඟට විසි කරන ලද බිළිඳාගේ සිහිසුන් සිරුර විකුණාගෙන කන ආකාරයයි. ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනියෙන් පෙන්වූයේ ඒ දරුවා බේරා ගත් බව කියන හිත හොඳ, එහෙත් ජීවිතාරක්ෂක පිහිනුම් උපක්‍රම ගැන අබ මල් රේණුවක අවබෝධයක් නැති ලොරි රියදුරා ගැනයි. එම පුද්ගලයාට කළ හැකි හොඳම ගෞරවය වන්නේ ඔහු දරුවා බේරා ගන්නා වැරදි ආකාරය පුන පුනා නොපෙන්...

සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble

Image
(2010 මාර්තු 17- W3Lanka )   රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා ‍දෙයි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ." පාලක එක්ස...

මෙන්න එජාපෙ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවන්න යන හැටි | This is how United National Front will reinstate democracy

(2010 මාර්තු 17- W3Lanka )   එක්සත් ජාතික පෙරමුණේ ‘ඔබට සහනයක් - රටට දියුණුවක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වී තිබේ. පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම පිළීබඳ හඬ නඟා කතා කළ එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණීයහොත් ඒ වෙනුවෙන් කෙසේ කටයුතු කරයි ද යන්න ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන සාධක කීපයක් එමම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැකිය හැකිය. පසුගිය ජනාධිපතිවරණ සමයේ එජාපය කියා සිටියේ බලයට පැමිණ මාස හයක් ඇතුළත විධායක ජනාධීපති ක්‍රමය වෙනස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ‍පවසන්නේ විධායක ජනාධීපති ක්‍රමය වෙනස් කරන බවයි. ඇත්තෙන්ම ගතහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන පක්ෂ අතරින් අතිබහුතරය විධායක ජනාධීපති ක්‍රමයට විරුද්ධ ය. එසේ නම්, එජාපය බලයට පැමිණියහොත් මෙම ක්‍රමය වෙනස් කිරීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. එහෙත් දැන් එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය. "මුල් මාස 6 තුළ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන ජනමත විචාරණයක් අපි පවත්වනවා." ජනමතවිචාරණයක් පැවැත්වීම යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකි. එහෙත්, මෙහි ඇති අඩුපාඩුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ එජාපෙ ස්ථාව...

බඹරුන්ට මැලතියන් ගසා සීගිරිය පස්ස නොහෝදන සුද්දන්ට පෙන්නමු | Drive away the wasps and display Sigiriya to whites that do not wash their anus

Image
(2010 මාර්තු 16- W3Lanka )   සුද්‍දන් පස්ස නොසෝදන බව මෑතදී අගමැති රත්නසිරි වික්‍රමනායක සොයා ගත්තේය. සීතල රටවල සිටින සුද්දන් අප මෙන් පස්ස සීතල වනවාට අකැමැති බැවින් පස්ස හෝදන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු පස්ස පිස දමති. පිස දමන පස්ස හෝදන පස්සට වඩා ගඳ ද දන්නේ ඒවා ඉඹ බැලූ අයයි.  සුද්දන් පස්ස නොසේදුවාට සීගිරිය බලන්නට යති. උන් ඒ සඳහා ආ විට ලංකාවට විදේශ විනිමය ලැබේ. කොටින්ම කීවොත් උන් පස්ස පිස දමන කොළයෙන් ද අපට සල්ලි ලැබේ. උන්ට බඹරු ඇන්නොත් ඒ විත අපේ පස්සටත් ඇනේ.  බඹරුන් සීගිරියේ කොයි කාලයේ සිට සිටියාද යන්න වැදගත් නැත. බඹරුන් ඈත අතීතයේ සිට සීගිරියේ සිටි බැවින් උන්ට සීගිරියේ ජීවත් වීමට හිමිකමක් ඇතැයි කියන පරිසරවාදියෝ කොටි හිතවාදීහු වෙති. මන්ද, කොටින් ද තර්ක කරන්නේ දෙමළ ජනයා අතීතයේ සිට මෙහි සිටි බැවින් ඔවුන්ට නිජ බිම් හිමිකම ඇතැයි කියා ය.  සීගිරිය තියෙන්නේ සුද්දන්ට පෙන්නා සල්ලි හම්බ කර ගැනීමට මිස බඹරුන්ට වද බඳින්නට නොවේ. සිගිරිය භාර ඇමති පියසිරි විජේනායකගේ නායකයා වූ විමල් වීරවංශ සීගිරිය බලන්නටවත් ගොස් නැත. කොහොමත් එවැනි දේශප්‍රේමී සිංහලයන් ඔය තන් එළියේ දාගෙන සිටින වල් ගෑනුන...

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ වගකීම හමුදාවට පවරා ආණ්ඩුව අත සෝදා ගනී | Government vest in the responsibility of Fonseka arrest to Army and washes hands

Image
(2010 මාර්තු 16- W3Lanka )   සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව යුද්ධාධිකරණයේ පවරා ඇති නඩුව අද වභාගයට ගැනේ. දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට හා රජය පෙරළීමට කුමන්ත්‍රණ කළ බව කියමිනි. තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනවාරි 28දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් ප...

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ | The story of Manel Pushpalatha and her child Amila Sandaruwan thrown to the River Kalu near Kaluthara Bodhiya

Image
(2010 මාර්තු 15- W3Lanka )  ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2000 ඉක්මවා ඇතැයි පාලකයෝ උදම් අනති. සමාජය ශික්ෂාවන්ගෙන් සුපේශල යයි ආගමික නායකයෝ උදම් අනති. තමන් ජීවත් වන්නේ ලෝකෙන් ම උතුම් රටේ යයි ස්වයං මෝහනයට පත්ව සිටින ජනතාව උඩ පැන පැන ගොස් දූෂිත පාලකයන්ට ඡන්දය දෙති. බඩු මිළ අභ්‍යවකාශයේය. වැටුප් වැඩි වීම් කියා දෙයක් නැත. තරුණයන්ට රැකියා නැත. මිනිසුන්ට ආදායම් නැත. මව්පියන්ට දරුවන්ට කන්නට දෙන්නට දේ නැත. දරුවෝ හාමතේ ය. පිං කැටවලට කෝටි ගණන් මුදල් රැස් වන, නිතිපතා කිරෙන් නැහැවෙන බෝධියක් අසල ඇති කලුතර පාලම අසල කලු ග‍ඟේ පා‍වුණ තුන් හැවිරිදි වියටවත් නොඑළඹුණු දරුවා ගඟට වීසි කරන්නට ඔහුගේ මව පොළඹවනු ලැබූ සමාජ අසාධාරණයේ කතාව ස්වර්ණවාහිනී තිරයේ ඊසි ටීවී දැන්වීම්වලින් වැසී නොපෙනී යද්දී කලු ග‍ඟේ පාලම් ඇන්ද පවා සිය වංක සිනාවෙන් සපිරි මූණත්තහඩු ඇඳි කොළ කෑලි අලවා හැඩි කළ දේශපාලකයෝ එක් පෝස්ටරයක් වෙනුවෙන් මෙවැනි දරුවන් ලක්ෂ ගණනකගේ කුස පුරවන්න ආහාර මිළ දී ගත හැකි තරම් ධනය වැය කරති. දරුවා ගඟට විසි කළ මව තිස් හැවිරිදිය. ඒ වයසට එළඹෙන විට දරුවන් පස්දෙනෙකු ජනිත කරන්නට ඇයට සිදු වූයේ මන...