සෞම්‍ය ලියනගේ හා THE වැඩේ


 April 22, 2022 Politics

සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ.

මෙහෙම දේ කියන හේතුව හරි සරලයි. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ අපි කරන වැඩේ හරියටම හරි කියලායි. අපට යුගයේ කාර්යභාරය තේරෙනවා කියල අපි හිතනවා. අපි කරන වැඩේ තමයි වැඩේ. අනෙක් වැඩ ඔක්කොම බිස්නස්.

බිස්නස් ගැන කතාකරන්න මං කැමතියි. ජැක්සන් ඇඩ්‍රස් කරන්නෙ ලොකු මාකට් එකකට. රාජපක්ෂලා සෙල්ලං කරන්නෙත් ඒ මාකට් එකේ. ජාජබ ඒකට සාපේක්ෂව පොඩි හා වෙනස් මාකට් එකක්. Niche මාකට් එකක් කියලත් කියන්න පුළුවන්. හැබැයි ඒ මාකට් එකේ අලෙවි වන බ්‍රෑන්ඩ්ස්වල මිල වැඩිවෙන්නත් පුළුවන්.

මේ ප්‍රකාශය ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි, දැනට නම් ජාජබ හෝ ජවිපෙ බලය ගැනීමේ සූදානමක ඉන්න බවක් පෙනෙන්නෙ නැහැ. ඒ නිසා මේ මොහොතෙ වෙන යන්න පාරක් නැති නිසා රට නිවැරදි දිශාවට යොමුකරන වැඩේ කරන්නට රට නොමග යවපු රාජපක්ෂලාටම සිද්ධවෙන්නත් පුළුවන්.

හැබැයි ඉතින්, ඔය නොමග කියන එකේ 2005 හැරවුම ගන්නකොට ජවිපෙ හිටියෙ මහින්දත් එක්ක ඒ හැරවුමට ආසිරි පතමින්.

හරිමග කියන්නෙ ඇත්තටම කුමක්ද? 2005දී ගත්ත හැරවුමේ හරය ආරක්ෂා කරන එකද? නැතිනම් ආපහු හරවන එකද?

මට අනුව නම්, ආපහු හරවන එක. ඒක මගෙ අදහස. මං හිතාගෙන ඉන්නෙ ඒක තමයි The වැඩේ කියලා. “අපි හැමෝම හිතාගෙන ඉන්නෙ අපි කරන වැඩේ හරියටම හරි කියලායි. අපට යුගයේ කාර්යභාරය තේරෙනවා කියල අපි හිතනවා. අපි කරන වැඩේ තමයි වැඩේ. අනෙක් වැඩ ඔක්කොම බිස්නස්. “

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා